වායු පා යානා-සංක්ෂිප්ත ඉතිහාසය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    වායු පා යානා-සංක්ෂිප්ත ඉතිහාසය

    ihModJZ.jpg

    වායු පා යානය නම් අපූර්ව යාත්‍රාව ගැන බොහෝදෙනා අසා ඇති.දිය ගොඩ දෙකෙහිම ගමන් කල හැකි යාත්‍රාවක් වන මෙහි සංක්ෂිප්ත ඉතිහාසය මෙම ලිපිය ඔස්සේ දිගහැරේ.​



    පළමුවරට වායු පා යානයක් සැලසුම් කරන්නේ එමැනුවෙල් ස්වීඩන්බොර්ග් නම් ස්වීඩන් ජාතිකයාය.1716 වසරේදී ඉදිරිපත් කරන මෙම සැලැස්ම යටිකුරු කල බෝට්ටුවකට සමානය.

    uhRDMbe.jpg




    වායු පා යානයකට සමාන පළමු ක්‍රියාකාරී යාත්‍රාව නිර්මාණය කරන්නේ 1916-17 කාලයේදී ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යයේ ඩැගොබෙර්ට් මුලර් වොන් තොමැමුල්ය.එය හැඳින්වූයේ Versuchsgleitboot System Thomamühl යන නමින්ය.​

    pEbnXsR.jpg


    rkxCBbV.jpg


    TkTtTqJ.jpg




    වායු කුෂනයක් සහිත වාහන(air cushion vehicles) වලට වැදගත්වන සෛද්ධාන්තික ක්‍රමවල ගණනය කිරීම් සහ ground effect සම්බන්ධව පළමුවරට විද්‍යාත්මක විස්තරයක් ඉදිරිපත් කරන්නේ සෝවියට් ජාතික කොන්ස්ටන්ටින් සිඕල්කොවොස්කි විසිනි. ඒ 1927 දී වායු ප්‍රතිරෝධය සහ සීඝ්‍රගාමී දුම්රිය(Air Resistance and the Express Train) සම්බන්ධව ඉදිරිපත් කල ලිපියකිනි.

    zONGbKH.jpg


    4AjRClq.jpg





    විලැඩ්මීර් ලෙව්කොව්ගේ වායු පා යානා. 1930 දශකයේදී.

    KTozdnA.jpg
    L-1, 1935​

    n3HbfLW.jpg
    L5, 1937​






    ෆින්ලන්ත ජාතික ටොයිවො ජේ.කාරිඕ නිර්මාණය කල මූලාකෘති.1930 දශකයේදී

    AiWPNbA.jpg



    Pintaliitäjä (Surface Soarer) නමින් හැඳින්වූ ඔහුගේ මූලාකෘතිය 1935 දී අයිස් මත අත්හදා බලන ලදි.

    7YgNS5z.jpg


    Patosiipi No. 2 නම් වූ ඔහුගේ දෙවන මූලාකෘතියට පොලොවෙන් ඉහලට එසවීමට හැකිවුවද එය ප්‍රමාණවත් තරමින් සිදුනොවීය.ඊළඟ වසරේදී ඔහු සිලින්ඩර් දෙකේ හාර්ලි-ඩේවිඩ්සන් එන්ජිමක් සහිත යාත්‍රාවක් නිර්මාණය කලේය.​

    gdl9HXo.jpg


    1939 දී Patosiipi No. 8 නමින් තවත් යාත්‍රාවක් නිර්මාණය කල අතර එය අශ්වබල 53ක Porsche එන්ජිමකින් සමන්විත විය.එය සම්පුර්ණයෙන්ම දෝෂ රහිත නොවුවද පුද්ගලයන් දෙදෙනෙක් සහිතව පැයට සැතපුම් 50ක වේගයෙන් ගමන් කල හැකිවිය.​

    mTMam8K.jpg





    චාල්ස් ජෝෂප් ෆ්‍රෙලෙචර් විසින් නිර්මාණය කල Glidemobile නම් යාත්‍රාව

    7PoFs4U.jpg


    sEhe2Vm.jpg


    Zna2Gz8.jpg




    සර් ක්‍රිස්ටෝපර් කොක්‍රෙල් විසින් සැලසුම් කල 1959 දී මහා බ්‍රිතාන්‍යයේ නිර්මාණය කල Saunders-Roe Nautical SR.N1 යාත්‍රාව​

    ihModJZ.jpg


    Louis Blériot ඉංග්‍රීසි ඕඩය ගුවනින් තරණය කිරීමේ 50 වන සංවත්සරය දා එය ඉංග්‍රීසි ඕඩය තරණය කලේය.පැය දෙකක් ඇතුලත Calais සිට Dover දක්වා ගමන් කරන්නට මෙම යාත්‍රාව සමත්විය.​

    0A5zZb3.jpg


    0k4wLfu.jpg


    ijU7C3E.jpg





    විලියම් ආර්.බර්ටල්සන්ගේ Aeromobile යාත්‍රාව .1959

    NDGUzJM.jpg


    18Btb4F.jpg


    ak9Qbes.jpg





    Princeton's Flying Saucer .1959

    D4dih51.jpg





    වෘත්තාකාර හැඩයක් සහිත මෙම යාත්‍රාව නිර්මාණය කලේ 1960දී ඩෙස්මන්ඩ් නෝර්මන් සහ ජෝන් බ්‍රිටන් විසිනි.එය දකුණු කැමරූනයේ කෙසෙල් වගාව වෙනුවෙන් යොදාගැනීමට සැලසුම් කර තිබිණි.

    y3f3fi3.jpg





    1960 දී ඇමෙරිකානු ඉංජිනේරුවෙක් වූ චාර්ල්ස් රොඩෙස් විසින් නිර්මාණය කල මෙම යාත්‍රාව Hover Scooter නමින් හැඳින්වූ අතර සිලින්ඩර් දෙකෙහි ද්විත්ව පහර එන්ජිමකින් මෙයට බලය ලබාදෙයි.

    OwHcl01.jpg





    ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය 1960 දී නිර්මාණය කල Princeton P-GEM යාත්‍රාව

    vkbUzvl.jpg


    q4xosto.jpg





    මගී ප්‍රවාහන වායු පා යානයක්(Vickers-Armstrong VA-3s) වන මෙය 1962 දී එක්සත් රාජධානිය-ප්‍රංශය අතර ප්‍රවාහන කටයුතු සඳහා යොදාගත්තේය.

    GoL2ovQ.jpg





    බ්‍රිතාන්‍යයේ නිර්මාණය කල Saunders-Roe SR.N5 වායු පා යානය.1964

    K9PoaHb.jpg


    hsXbcZA.jpg





    Hughes 300 හෙලිකොප්ටරයක නියමු කුටියේ ආවරණයක් සවි කල Princeton AgGem වායු පා යානය.මෙය ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කලේ 1960 දශකයේදීය.

    FCzZxMR.jpg





    ලොව විශාලතම මගී ප්‍රවාහන වායු පා යානය වන්නේ Saunders-Roe Nautical 4 (SR.N4)ය.එය Calais සහ Dover අතර මගීන් සහ කාර් රථ ප්‍රවාහනය 1968 ත් 2000 යන කාලය තුල සිදුකරන ලදි.

    jevFQ3m.jpg


    58fOUIA.jpg







    1973 දී ලන්ඩනයේ කිරි විකුණන පුද්ගලයෙක් ඒවා බෙදා හැරීමට වායු පා යානයක් යොදාගත් අයුරු

    xnuBGQp.jpg





    ප්‍රංශයේ වායු පා යානයක්.මෙය අඩි 164ක් දිගය.මෙවැනි යාත්‍රා දෙකක් 1976 දී සහ 1977 දී නිපදවා තිබේ.

    qAKfk2V.jpg


    Pft04l8.jpg


    rZ0Bs4O.jpg





    ටොන් 190ක් බර මෙම SR.N4 වායු පා යානය 1979 දී නිපදවීය.

    qejFlV8.jpg





    බ්‍රිතාන්‍ය H-class වායු පා යානයක් .2005

    H4WR1W8.jpg





    එක්සත් ජනපද නාවික හමුදාවේ Landing Craft Air Cushion (LCAC) යාත්‍රාව.2006

    2GYmGqB.jpg


    hnIgjAY.jpg


    iiUXwKR.jpg




    Zubr පන්තියේ රුසියානු යාත්‍රාව.ලොව විශාලතම වායු පා යානය ලෙස සැලකෙන්නේ මෙයයි.මෙම වායු පා යානය රුසියානු නාවික හමුදාව සතුවේ.​

    EE7tNQy.jpg


    7ICsnEN.jpg





    ජර්මනියේ ගිනි නිවන හමුදාව සතු වායු පා යානයක් .2009

    QxIedqo.jpg






    මතුසම්බන්ධයි!​



    Source:io9.gizmodo.com

    -HarshaLulzSec-
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,062
    113
    පට්ට බන්...උඹ එක ලඟ සුපිරිව දෙන හින්දා රෙප් දෙන්ඩ බෑලු....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොඩි කාලේ මම පට්ටම ආස කරපු වාහනයක් මේක.. හෙන ආසාවක් තිබ්බ මේකක් අරන් පදින්න... :lol: නියම ත්‍රෙඩ් එකක් මචං... :)
    රෙප් දෙන්න නම් බැහැල්ලු... :baffled:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    වැදගත් ත්‍රෙඩ් එකක් :)
    Thanks :)

    Thanks :)

    Thanks :)

    Y bung dan wadiya oowe netthe?
    ඉස්සර නම් වායු පා යානා කිව්වොත් මතක් වෙන්නේ සෝවියට් දේශය .උන්ට තමයි මේවගේ පට්ට වාහන හදන්න උනන්දුවක් තිබ්බේ.ඒත් පස්සේ රට කැඩුනානේ.

    තෙල් බොනවාලු ඕවා.

    යට තියෙන රබර් කොට්ටය මාරු කරන්න වෙනවලු හැමතිස්සෙම

    Thanks :)

    Thanks :)

    Thanks :)

    Thanks :)

    Thanks :)

    patta machan rep denna balu
    Thanks :)

    පොඩි කාලේ මම පට්ටම ආස කරපු වාහනයක් මේක.. හෙන ආසාවක් තිබ්බ මේකක් අරන් පදින්න... :lol: නියම ත්‍රෙඩ් එකක් මචං... :)
    රෙප් දෙන්න නම් බැහැල්ලු... :baffled:
    Thanks :)
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again


    sorry, not because I can't give rep, but because you deseve it.


    bump bro, as always superb thread.