වාස්ගේ පිළිම හොරකම

waligamaya

Well-known member
  • වාස්ගේ පිළිම හොරකම

    12313881_10204744370960288_1241864316873708813_n.jpg



    11225735_10204744368640230_655992347009553624_n.jpg


    12342584_10204744368920237_8508042601573897763_n.jpg


    - වාස්ගේ පිළිම හොරකමට මෙන්න සාක්ෂි -

    ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඩුවම නියම කළ මුල්ම අවස්ථාව සනිටුහන් කරමින් ඉකුත් මස 27 වැනිදා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුලු වරදකරුවන් හය දෙනෙකුට මරණ දඬුවම නියම කරන ලදී.2013 වසරේ අප්‍රේල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේ දී කොළඔදී මෙහොමඩ් ෆවුස්ඩීන් සහ ක්‍රිෂාන්ත කෝරළගේ සමඟ එක්ව මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරන කරන ලදැයි සියලු විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මඟින් මෙලෙස මරණ දඬුවම නියම කැරිණි.

    පිටු 802කින් සැදුම්ලත් නඩු තීන්දුව කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය සහ අමේන්ද්‍ර සෙනෙවිරන්න මහාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලලිත් ජයසුරිය මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.එහිදී වාස් ගුණවර්ධනට මරණ දඬුවමට අමතරව වසර 10ක වැඩ සහිත බරපතල සිර දඬුවමක්ද රුපියල් 10,000ක දඩයක්ද නියම කැරිණි. රවිඳු වාස් ගුණවර්ධන ඇතුළු සෙසු වරදකරුවන්ට එක් අවුරුදු බරපතල වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 5000 බැගින් දඩ ද නියම කැරිණි.එහිදී හිටපු උප පොලිස් පරිකෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ, හිටපු කොස්තාපල්වරුන් වන (51799) ගාමිණී අතපත්තු සනත්චනද්‍ර,(68656) ආනන්ද පතිරගේ ප්‍රියන්ත සංජීව,(61816) කැලූම් රංගන දිසානායක සෙසු වැරදිකරුවෝ වූහ.2014 වසරේ මාර්තු මස 31 වැනිදා සැකකරුවනට අධි චෝදනා භාර දුන් අතර එතැන් සිට
    135 දෙනකු නඩුවේ සාක්කි දුන්හ.
    අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පැමිණිල්ලේ දේශනය දින දහයක දී පැය 57ක් ඉදිරිපත් කළාය.

    - සභාපති විනිසුරු ප්‍රකාශය සහ පිළිම -

    මෙම නඩුවේ තීන්දුව ලබා දෙන අවස්ථාවේ දී සභාපති විනිසුරු ලලිත් ජයසූරිය මහතා විසින් වාස් ගුණවර්ධන විසින් සිදුකළායැයි කියන ඝාතනයට අමතර තවත් වැදගත් යමක් කීවේය.

    "මෙම නඩුවේ පළමු විත්තිකරු 1981 වර්ෂයේ ආධුනික පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් සේවයට බැඳී ක්‍රමයෙන් උසස් වී ඇති අතර,රැකියාවේ දී විරුද්ධවාදීන් ලෙස අනුර සේනානායක මහතා සමඟ ගැටුමක් ඇතිකරගත් බව පැවසෙනවා.වැලිකඩ පොලීසියේ ඝාතනයක් සම්බන්ධයෙන් අනුර සේනානායක මහතා ඔහු සමඟ අමනාපයෙන් පසුවන බවට සඳහන් කර තිබෙනවා.නොපනාකම් කළත් පළමු විත්තිකරු නියෝජ්‍ය පොලිස්පතිවරයා තෙක් උසස්වීම් ලබාගෙන ඔහු දක්ෂ ලෙස සිටියා.ඔහුට එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් තර්ජන තිබ්බා කිව්වා.ඒ වගේම ඔහු වටිනා පිළිම අටක් සොයා ගත්තා.ආයුද සොයා ගත්තා කියලා කිව්වා.ඒත් ඒවා බාර දුන්න තැනක් නෑ.ආයතන සංග්‍රහය උල්ලංඝනය කරලා.මෙම නිලධාරියා උසස් නිලධාරියෙකු ලෙස කුරුනෑගල දී සොයා ගත් රුපියල් ලක්ෂ අටසීයක් පමණ වටිනා පිළිම දළදා මාළිගාවට තෑගි දෙන්න උත්සාහ කළා කියලා කියනවා.ඔහු කොහොමද එහෙම කරන්නේ.ඔහු කොහොමද ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන අභිබවා යන්නේ.මේ විත්තිකරු යම් යම් අවස්ථා වලදී ඔහුට අවශ්‍ය රාජ්‍යයක් හදාගෙන කටයුතු කර තිබෙනවා.ඒ අනුව මෙම විත්තිකරු ඉදිරිපත් කරන ලද විත්ති වාචකය ප්‍රතික්ෂේප කරනවා"යැයි ප්‍රකාශ කළේය.වාස් ගුණවර්ධන ඇතුලු පිරිස මේ වන විට පුද්ගල ඝාතනයකට වරදකරුවන් වී හමාරය.මෙකී නඩු තීන්දුවේදී සභාපති විනිසුරු ලලිත් ජයසූරිය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා ජනරජයට අයත් විය යුතු,වාස් ගුණවර්ධනයන් විසින් අස්ථාන ගත කළ මිළ කළ නොහැකි පුරාවස්තු වලට සිදු වූයේ කුමක්ද?ඒවා උසාවියක හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොමැති නම් ඒවාට කුමක් සිදු වීද?

    - කුරුණෑගල පිළිමය ගැන අතීත කතාවක් -

    ලියුම්කරු විසින් 2013 වසරේ අගෝස්තු 18 වැනිදා රාවය පුවත්පතට " වාස් මේ පෙන්වන්නේ ඒ පිළිමෙද?" මැයෙන් ලියූ ලිපියකට අනුව වාස් ගුණවර්ධන 2012 වසරේ දී කුරුණෑගල බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටිය දී පිළිමයක් විකුණන මුවාවෙන් සිදු කළ කප්පම් ගැනීමක් සහ එම පිළිමය සමඟ ඔහු හිටපු ජනාධිපතිවරයා සමඟ අරලියගහ මන්දිරයේ සිටින ජායාරූපයක් පිළිබඳව හෙලිකිරීමක් සිදු කළේය.ෂියාම් ඝාතනයට සැකපිට වාස් ගුණවර්ධන අත්අඩංගුවට පත් වූ පසු දිනෙක පුරාවිද්‍යා වටිනාකම් සහිත භාන්ඩ එකතු කරන ව්‍යාපාරිකයකු ලියුම්කරුට හමු වන අතර ඔහු විසින් කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක විකිණීමට තිබූ පිළිමයක් පිළිබඳව පාපොච්චාරණයක් කරනු ලබයි.එම පාපොච්චාරණයට අනුව ඔහු කෝටියක මුදලකට එම පිළිමය මිළ දී ගැනීමට ගොකරැල්ලට යන අතර, එහිදී ඔහුට ආරංචි වන්නේ මීට ප්‍රථම එය මිළ දී ගත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට අත් වූ ඉරණම පිළිබඳ කතාවකි. එකී ව්‍යාපාරිකයා ගේ පාපොච්චාරණය සැකවින් මෙ සේය.

    "මේ සිද්ධිය වුණේ ගුණරත්න වීර කෝන් ජාතික උරුමයන් පිළිබඳ ඇමති වෙලා ඉන්න කාලේ. හරියටම කිව්වොත් 2012 ජනවාරි. එතකොට වාස් ගුණවර්ධන තමයි කුරුණෑගල භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. මට ආරංචියක් ආවා ගොකරැල්ලේ පන්සලක වටිනා පිළිමයක් තියෙනවා කියලා. ඒක ගන්න කුරුණෑගලට යන්න කලින් මම පිළිමේ ගැන හොයලා බැලූවා. මට මුලින් ආරංචි වුණේ ඒක මැණික් ඔබ්බපු මහා ලක්ෂ්මී පිළිමයක් කියලා. මේ වගේ දේවල් ඞීල් කරද්දී පරිස්සම වැදගත්. පිළිම ගැන, නිධාන ගැන දන්න කියන හාමුදුරුවරු, බ්‍රෝකර්ලා මගේ ළඟ ඉන්නවා. ඒ වගේම මේ ඞීල්වල ඉන්න මුදලාලිලාත් මගේ හොඳ යාළුවෝ. දකුණට කැරකුණු හක්ගෙඩි හතරක් ඒ පිළිමේ හතරවටේ තියලා දිනපතාම පිච්ච මල් පූජා කළාම හිතූ පැතූ දේ ලැබෙනවා කියලා තමයි මට ආරංචිය ආවේ. ඉතිං මටත් ඕනෑ වුණා ඒ පිළිමේ ගන්න.ලකී කියලා බ්‍රෝකර් කෙනෙක්ට කියලා තමයි ඔය කියන පිළිමේ තියෙන පන්සලේ හාමුදුරුවෝ ළඟට උපුල් කියන බ්‍රෝකර් මාව එක්කන් ගියේ. මෙතනදී මම ටිකක් කපටි වුණා. ගනුදෙනුව බ්‍රෝකර්ලා දෙන්නෙක් හරහා වුණොත් මට පාඩුයි. ඒක නිසා හාමුදුරුවෝ මට පිළිමේ ගන්න එන්න කිව්ව දවසට දවස් දෙකකට කලින් මම ගියා ඩිමෝ බට්ටා වාහනේකින්. ඒක පන්සලක් නෙමෙයි හෝටලයක් වගේ. මට මතක විදියට ඒක ඇතුළේ පිරිවෙණකුත් තිබුණා. ලොකු හාමුදුරුවෝ තමයි මේ ඞීල් එක කළේ. එයා තමයි එහේ අධිකරණ සංඝනායක. මම ඩිමෝ බට්ටා එකෙන් ගිය නිසා එදා ලොකු හාමුදුරුවෝ නෑ කිව්වා. පන්සලේ වටාපිටාව ගැන සැකයක් මගේ හිතට ආවා. ඔත්තු බලන්න වගේ කීපදෙනෙක්ම පන්සලේ හිටියා."

    "මම එදා එතැනින් ඇවිත් මේවා ගන්න තවත් යාලුවෙකුගෙන් මේ පිළිමේ ගැන ඇහුවා. එයා මට ඒ පිළිමේ ගන්න එපා කිව්වා. ඇයි කියලා ඇහුවම මිනිහා කිව්වා ඒ පිළිමේ ගන්න ගිහින් මිනිහට වුණු සිද්ධිය. ලක්ෂ 70කට ඒ පිළිමේ අරන් එද්දී ගොකරැල්ල පොලිසියෙන් මිනිහව අල්ලලා. ඊට පස්සේ ගොකරැල්ල පොලිසියේදී මිනිහට කියලා මේවා එක්ක අහුවුණාම බේරෙන්න බෑ, දන්නවානේ පුරාවිද්‍යා බඩු එක්ක අහුවුණාම වෙන දේ, මේක දුරදිග යන කේස් එකක් කියලා. පස්සේ මිනිහා ළඟට ඇවිත් පොලිස් කාරයෙක් කියලා තියෙනවා වාස් මහත්තයට කියලා ගොඩදාගන්න පුළුවන් ලක්ෂ 20ක් ඕනෑ කියලා. පස්සේ මිනිහා ඒ ලක්ෂ 20 දීලා ඇවිල්ලා. මට කිව්වා ඒ පිළිමේ ගන්න එපා, එයාට ලක්ෂ 90ක් පාඩුවුණා කියලා. දැන් කියන්න කරන්න දෙයක් නැතුවයි ඉන්නේ කිව්වා. ඒත් මට මිනිහාව විශ්වාස නැති නිසා බණ්ඩාර කියලා පොළොන්නරුවේ මුදලාලි කෙනෙකුට මම කතා කළා. මිනිහා මහනුවර තමයි බිස්නස් කරන්නේ. එයා කිව්වෙත් ඒ කතාවම තමයි. බණ්ඩාර මේ පිළිමේ අරන් තියෙන්නේ කෝටියකට. ලක්ෂ 25ක් දීලා තමයි මිනිහා බේරිලා තියෙන්නේ. බණ්ඩාරට කෝටියයි ලක්ෂ විසිපහයි දෙකම නෑ. තව දඹුල්ලේ මුදලාලි කෙනෙකුත් කෝටියකට පිළිමේ අරගෙන ලක්ෂ 25ක් පොලිසියට දීලා ඇවිත් කියලා ආරංචි වුණා. මුලින් ගොඩක් අය මේ ඞීල් එක ගැන දැනගෙන හිටියේ නෑ. සමහරු බයට කිව්වේ නෑ. තව සමහරු ලැජ්ජාවට කිව්වේ නැහැ. පිළිමේ විකුණුවට පස්සේ පන්සලෙන්ම පොලිසියට කෝල් එක දෙනවා. මගදි අල්ලනවා. පොලිසියෙන් සල්ලි ගන්නවා. ඊට පස්සේ නිදහස් කරනවා. හැමදේම දන්න වාස් මේක නොදැන ඉන්න බෑ. අනික වාස් නොදැන වාස්ගේ නම විකුණලා කුරුණෑගල පොලිසිවල ඒ කාලේ කාටවත් සෙල්ලම් දාන්නත් බෑ. මේක ගැන දැනගෙනත් මට ඒ පිළිමේ බලන්න ආසාවක් ආවා.පස්සේ මම පිළිමෙ ගන්න වගේ ගියා.ලොකු හාමුදුරුවෝ ඇවිත් ඇහුවා ගන්නවාද කියලා. පිළිමේ බලන්න ඕනෑ කිව්වාම ගන්න කෙනාට විතරක් එන්න කිව්වා.ඒක අඩි දහයයි දහය වගේ කළුවර කාමරයක්. ඒකෙ ඇන්ටික් ලොකු කබඞ් එකක් තිබුණා. හාමුදුරුවෝ කබඞ් එක ඉස්සරහ මට වාඩිවෙන්න කියලා දොර ඇරලා පෙන්නුවා. කබඞ් එකේ තට්ටු 4ක් තිබුණා. පහළම තට්ටුවේ පිළිමේ තිබුණා . පිළිමේ අඩි එකහමාරක් විතර දිගයි. උස අඟල් 8ක් 10ක් වගේ. ඒකේ මැණික් ගල් ඔබ්බලා තිබුණා. ඒක කිරිගරුඬ පිළිමයක්. පිළිමෙට ලක්ෂ 150ක් කිව්වා . අන්තිමට කිව්වා ලක්ෂ 120කට දෙන්නම් කියලා. මම ඒ වෙලාවේ කිව්වා මම ගන්නම්. ඒත් එළියේ අයට පෙන්වන්න ඕන කියලා. එළියට ගෙනියන්න දෙන්න බෑ කිව්වා. මගේ කැමරාව අරගෙනයි මම ඇතුළට ගියේ. ඒක ෆෝන් එකක් වගේ නිසා මම කිව්වා මේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරන් එළියේ අයට පෙන්වලා ගන්නම් කියලා. ඒත් ඒකටත් බෑ කියලා පස්සේ කිව්වා එකක් ගන්න කියලා. ඒ පින්තූරය තමයි මේ."

    ඔහු සතුව ඇති එම පිළිමයේ ජායාරූපය ලියුම්කරුට පෙන් වූ අතර එය එවකදී පෙර සඳහන් ලිපිය සමඟ රාවය පුවත්පතේ එය පළ විය.

    ඔහු එම පිංතූරය සමග එදා පන්සලෙන් එළියට එන්නේ තමා බැංකුවෙන් මුදල් රැගෙන නැවත පැමිණෙන බව කියමිනි. පන්සල් වත්තෙන් ජීප් රථයෙන් නික්මුණද ඔහු එතැන් පටන් යන්නේ ඩිමෝ බට්ටා වාහනයකිනි. පිළිමය මිලදී නොගත්තද ඒ මතු ආරක්ෂාව පිණිසය. තම එකතුවට ගොකරැල්ලේ එම පිළිමය නැතත් ඔහු සතුව පිළිමයේ විශාල කළ ඡායාරූපයක් ඇත. ජායාරූපයට අනුව එය මැණික් ඔබ්බවා ඇති කිරිගරුඬ බෝසත් ප‍්‍රතිමාවකි.
    ‘‘වාස් ගුණවර්ධනයි පන්සලේ හාමුදුරුවොයි එකතුවෙලා මේ වැඩේ කළා කියලා තමයි ඒ කාලේ මේ බිස්නස් කරන අය අතරේ කතාව පැතිරුණේ. පිළිමේ ගන්න ගිය ගොඩක් අයට දෙපැත්තකින්ම සල්ලි නැතිවුණා. ඒ පිළිමේ මතක් වෙන්න අදටත් මම මේ පින්තූරේ ලොකු කරලා තියන් ඉන්නවා.’’

    - අරලිය මැදුරේ පිංතූර -

    "ෂියාම් ඝාතනයට අත්අඩංගුවට පත්වන්නට පෙර වාස් ගුණවර්ධනගේ ෆේස්බුක් පිටුවේ අපූරු ඡායාරූප ගොන්නක් තිබිණි. ඒ අතර වැඩිපුර ම තිබුණේ රටේ ඉහළම පෙළේ උදවිය සමග ගත් ඡායාරූප ය. වාස් ගුණවර්ධන අත්අඩංගුවට පත්වෙද්දී එහි තිබූ පින්තූර ගොන්නෙන් අද වනවිට බොහොමයක් ඉන් ඉවත් කරගෙන තිබුණ ද අදටත් කවර පිටුවට ඇත්තේ වාස් ගුණවර්ධන පවුල අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමන් සමග ගත් ඡායාරූපකි. එම ඡායාරූපය ඔහුගේ ෆේස්බුක් පිටුවට එක්කර තිබුණේ 2012 වසරේ මැයි 6 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ය. වාස්ගේ අරලියගහ මැදුරේ පින්තූර අතර අපූරු පින්තූරයක් විය. එහි වාස් ගුණවර්ධන තරු පටි සහිත පොලිස් නිල ඇඳුමෙන් සැරසී යමක් දෙසට අත දිගුකර පෙන්වයි. වාස්ගේ එක පැත්තක සිටින්නේ මහජන බැංකුවේ වත්මන් සභාපති ධුරය හොබවන ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සේදර සෙනරත්ය. වාස්ගේ අනෙක් පැත්තේ සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂය. රටේ අදෘශ්‍යමාන ලෙස මූල්‍ය කටයුතු හොබවන සේදර සෙනරත්ටත්, ජනාධිපති වරයාටත් මැදිව වාස් අත දිගුකර පෙන්වන්නේ එදා ගොකරැල්ලේදී විකුණන්න තිබූ පිළිමය වීම අපූරුය. කතාව පැහැදිලිය. ඒ පිළිමය අරලියගහ මැදුරට ගියේ කෙසේද, අදටත් එය අරලියගහ මැදුරේද, නැතිනම් අත්අඩංගුවට පත් කෞතුක වස්තූන් ලෙස ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදුන්නාද දන්නේ වාස්ය."මේ එදා ලියුම්කරු විසින් රාවයේ තැබූ සටහනේ අවසන් කොටසය.

    අද වන විට ඉන් වසර දෙකකට පසු අධිකරණය විසින් බොහෝ දෑ සනාථ කර හමාරය.ඉකුත් 27වැනිදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා විසින් කුරුණෑගල පිළිමය ගැන ද තවත් පිළිම අටක් ගැන ද ප්‍රකාශ කළේ ය.

    - වාස් ගුණවර්ධනගේ අවසන් ප්‍රකාශය -

    තම අවසන් ප්‍රකාශය සිදුකරමින් වාස් ගුණවර්ධනයන් ඊට අපහැදිලි පිළිතුරක් දුන්නේ ය.

    "මේ නඩුව ගෙතුවේ සී.අයි.ඩී එක.මේකට ප්‍රකාශ සටහන් කරන්න සී.අයි.ඩී එක ෆවුස්ඩීන්ව අත්අඩංගුවට ගත්ත වෙලාවේ ඉඳලා ප්‍රකාශ ලබාගෙන අපරාධ ෂීට් එකේ දින දාලා තමයි මේ දේවල් කළේ.මට මින් එර කිසිම චෝදනාවක් නෑ.මේ මිනීමැරීමට මගේ හෝ මගේ නිලධාරීන් සම්බන්ධ නෑ. සී.අයි.ඩී එක කළේ මාව සැකකාරයෙක් කරලා ක්‍රිශාන්තව සාක්ෂකාරයෙක් කළ එක.මේ සාක්ෂි ඔක්කොම හදපුවා.මම දළදා මාළිගාවට පිළිම අට දුන්නේ අධිකරණ නියෝග අරගෙන.ඒක නීත්‍යානුකූලව කළා.ඒ වගේම එල්.ටී.ටී.ඊ එකෙන් ගත්ත ආයුධ මං නීත්‍යානුකූලවම භාර දුන්නා. "

    - ජායාරූප සාක්ෂි සහ බහිරවයෝ -

    වාස් ගුණවර්ධනයන් එවැන්නක් ප්‍රකාශ කළ ද කෞතුක භාන්ඩ කිසිවක් තම පුද්ගලික හිතුමනාපයට දළදා මාලිගාවට හෝ වෙනයම් ආයතනයකට හෝ පුද්ගලයකු ට ලබා දිය නොහැකිය.යම් කෞතුක භාන්ඩයක් සාමාන්‍ය පුරවැසියෙකුට හමු වුවහොත් අදාල ප්‍රදේශයේ පොලීසියට හෝ ප්‍ර ග්‍රාමසේවක නිලධාරියාට බාර දිය යුතුය.එතැන් පටන් එය අධිකරණ ක්‍රියාදාමයකට යටත් ය.රස පරීක්ෂණ වාර්තා ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරීක්ෂණය වලින් ද අනතුරුව ඒවා කෞතුකාගාරයට හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාර දිය යුතුය.ඒ අතර එම භාන්ඩ හමු වීම සහ ඒවා ජාවාරම් කිරීම පිළිබඳව හෝ සොරකම් කර ඇත්නම් ඒ පිළිබඳව පොලීසිය නීතිය ක්‍රියාතමක කළ යුතුය. පුරාවිද්‍යා සම්බන්ධව පොලීසියේ වෙනම ඒකකයක් ද ඇත.පොලීසිය ට ආයතන සංග්‍රහයක් ඇත.එවැනි දෑ නඩු භාන්ඩ වනවා සේම ඒවා ආරක්ෂිතව තැබීමට අධිකරණ තුළ වෙනම ඇති නඩු භාන්ඩ කාමරයක් ද ඇත.ඒවා ඒ තුළ මුද්‍රා කර තැබිය යුතුය. ලලිත් ජයසූරිය විනිසුරුට අනුව වාස් ගුණවර්ධනට හමු වූ කෞතුක පිළිම ආ ගිය අතක් නැත.එහෙත් වාස් ගුණවර්ධනගේ ජායාරූප ගොන්න තුළ ඇති ජායාරූප ඒවා ඇති තැන පිළිබඳව කදිම සාක්ෂි නොසපයනු ඇත් ද? අධිකරණයේ ප්‍රකාශිත ආකාරයට පිළිම අටක් සහ කුරුණෑගල ගොකරැල්ල පොලිස් වසමේ පිළිම ජාවාරමට මැදි වූ පිළිමය පවා අරලියගහ මැදුරට ආ බවට ජායාරූප සාක්ෂ්‍ය සපයයි.මීට වසර දෙකක පමණ පටන් පුවත්පත් වල පළ වූ වාර්තා ද තිබේ.අධිකරණ ක්‍රියාදාමයකින් තොරව හිටපු ජනාධිපතිවරයාට කෞතුක පිළිම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හරහා ලබා ගත හැකිද ?

    කෞතුක භාන්ඩ කිසිවක් තම පුද්ගලික හිතුමනාපයට දළදා මාලිගාවට හෝ වෙනයම් ආයතනයකට හෝ පුද්ගලයකු ට ලබා දිය නොහැකිය.වර්ථමානයේ අරලියගහ මැදුර භාවිතා කරන්නේ වත්මන් අගමැතිවරයා ය.ඒ නිසා අගමැතිවරයා ඉහත සඳහන් ජාතික වස්තූන් අරලියගහ මැදුරේ ඇති ද යන්න සොයා බැලිය යුතුය.ඒවා එහි නොමැති නම් හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානයන් පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග දැන්වත් ගත යුතුය.අතීත අභිමානය,බුද්ධාලම්බන අතිශෝක්තියට නගන රටක රටේ ප්‍රධාන කෞතුකාගාරය ද රාජපක්ෂ පාලන කාළයේ සොරා කෑවේය.කෞතුක බෞද්ධ පිළිම ද අතුරුදහන් වූ රටේ සාක්ෂි ඇති දෑ ගැන දැන්වත් සොයා බැලිය යුතු නොවේ ද?

    පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට අනුව ද වාස් ගුණවර්ධනයන් එවැනි කෞතුක පිළිම කිසිවක් තම දෙපාර්තමේන්තුවට බාර දී නොමැත.ඔහුට අනුව ද පොලීසියේ කිසිවෙකුට කෞතුක භාන්ඩ හිතුමනාපයට කිසිම ආයතනයකට බාර දිය නොහැකිය.එසේ නම් වාස් හිටපු ජනාධිපතිවරයා ට අරලියගහ මැදුරේ දී පිළිම අටක් පෙන්වීම සාමාන්‍ය කාරණාවක් ද?

    හිටපු ජනාධිපතිවරයා මේ ඡායාරූප පිළිබඳ ව පිළිතුරු සැපයිය යුතු නොවේ ද ?

    05/12/2015
    ඉරුදින
    කසුන් පුස්සෙවෙල




    පසුව ලියමි

    ජන තව වශයෙන් අප දන ගත යුතු අනෙක් කරුණ නම් කිසි දිනෙක මෙම පලන ක්‍රමය තුල මෙහි අනෙක් බලගතු අයවලුන් සදහා දඩුවම් හෝ හෙළි කිරීම් කිසිවිටක බලා පොරොත්තු නොවන්න. කීමේද මෙම සියලු පාලකයන් උන් උන් වෙනුවෙන් මෙම ක්‍රමය සදා අරක්ශා කරනු ඇත. ඔවුන් කිවි විටල ඔවු නොවුනට ඇති සම්බන්ද කම් හෙළි නොකරනු ඇත.
     

    waligamaya

    Well-known member
  • යහ පාලකයන් ගෙන් මේවා සදහා සත්ත්‍ය හෙළි කිරීම හෝ. නිසි නීතිමය පරීක්ෂණ දඩුවන් කිසිදිනෙක මේවට සම්බන්ද දේශපාලුවන්ට නොලැබේ. එක අපේ ටෝයියොත් තේරුම් ගත්තොත් හොදයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක ගැන මිට ඉසේල්ලත් දාල තිබුන..

    ඉතින් බන් හොරු කව්ද කියල දැන දැනත් ඇය මේවා හොයන්නේ නැත්තේ..
     

    waligamaya

    Well-known member
  • මේක ගැන මිට ඉසේල්ලත් දාල තිබුන..

    ඉතින් බන් හොරු කව්ද කියල දැන දැනත් ඇය මේවා හොයන්නේ නැත්තේ..

    නැත්තේ දෙගොලෝම කැමති මේක මෙහෙම යනවට. එකම කටියනේ එකිනෙකා රැකගෙන චන්දෙ කාලෙට විතරක් චන්දෙ හරවා ගන්න එකිනෙකාගේ වැරදි කියනවා විතරයි. චන්දෙන් පස්සේ සද්ද නැ. දැන් බලන්න මහින්ද අයවැයේදී කරපු දේ.