පරම්පරා 2ක් එකම වහලක් යට ප්‍රශනයක් නැතුව ඉන්නවා නම් එහෙම තැනක ඉන්න හම්බෙන එක ඔයාගේ කර්ම ශක්තිය. අද කාලයට ගැලපෙන්නේ නැහැ කියන්නේ පරණ නිසාද? එටකොට බුදු දහමත් ඒ ගොඩටම දාන්න පුළුවන්නේ? පින් පවු, පිරිත් වල බලේ එහෙම අද කාලේ මොන මානේටද අහු වෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙවිවරු තව නොපෙනෙන ජීවින් මොන මානේටද අහු වෙන්නේ? නවීන විද්‍යාව කියන්නේ තවමත් දිවුණු වෙමින් පවතින දෙයක්. 1900-2000 වෙනකම් කොයි තරම් වෙනස් කම් වෙලා ඇද්ද? එදා හිටපු මනුස්සයෙකුට අද තියන දේවල් හීනෙකින් වත් පෙනිලා ඇද්ද? තව අවුරුදු 100 කින් එහෙමම තියේවි. එත් දැන් තියන විද්‍යාව තවමත් මාන 4කින විතරයි නිගනනෙකට එන්නේ. එත් ඊට වඩා මානයන් තියෙන්න පුළුවන් කියලා විද්‍යානයොත් විස්වාස කරනවා. පුරාන ඉර්ශි වරුන්ට යම් තරමකට ගෝචර උනා. ඒ නිසා ඒ දේවල් පහදලා දුන්නා. ලෝකේ යහපතට. පුළුවන් කමක් තියනවා නම් ඔය උඩින් කිවුව ගණනය කිරීම කරලා බලන්න.
මම කාගෙවත් මතේට හෝ විශ්වාසයට විරුද්ධ වෙන්නේ නෑ. ඔහොම ඉදල ඔබට හරි ගියා නම් හරි. මගේ මේ ජිවිතේ ඔය මොන මගුලක් වත් නැතුව ජිවත් වෙනවා. එක මම අත් දකින දෙයක්. නිශ්චිතයක්. නිගමනයක් නෙමෙයි. ඔබ එක තැනක කියල තියනවා සමහර ගෙවල් වලට ගියාම ගෘහමුලිකයා මැරෙන කතාවක් ටික කලකින්. ඒ මැරෙන්නෙත් ඔහුට ඊට අදාළ අකුසල් විපාකයකට අනුව. එතකොට ඔය අදාල නිවසට යාමෙන් ඔහුගේ ශක්ති මට්ටම් මොකක් හෝ වෙනස් වීමක් තුල ඒ අකුසලය ඉක්මනට විපාක දෙනවා කියමුකෝ. එත් අංග සම්පුර්න නිවසක් තුලත් ඔහුගේ අකුසලය විපාක දෙන්න පුළුවන් නේද? නැත්තම් ඔය කර්ම විපාක වෙන අකාරය වැරදි වෙනවා. එහෙම පොඩි වෙනසකින් තමන්ගේ කුසල් අකුසල් වලින් පලා යන්න පුලුවන්නම්. ඔබම කරලා බලන්න එක අවුරුද්දක් ඔය මුකුත් නැතුව ඉන්න. බෞද්ධ විදිහට. ඔබම කරල බලන්න. හරි වැරැද්ද හොයන්න අපි ශ්‍රිෂි වරුන්ගේ මට්ටමට එන්නේ නැනේ. කරලම බලන්න. නිවසකට මේක අදාල නෑ එත් ඔබ පොඩ්ඩක් හොයල බලන්න ඔය කේන්දරේ බලල මාරක තියනවා කියල ඒවා අයින් කරගත්ත ය ඉන්නවා, එත් ඔවුන්ගේ ජිවිතේ අන්තිම කලේ බලන්න. හෙන වද විදලා මැරෙන්නේ. එහෙම දන්නා කෙනෙක් ඉන්නවා. අවුරුදු 16 තිබ්බ මාරකයක් ඔය මොනවද පුජා වගයක් කරලා අයින් කරගෙන එත් ඇය ඊට පස්සේ 35 අනතුරකින් මැරුණා. ඔබට උනත් මට උනත් ඒවායින් අයින් වෙන්න බෑ. ඔබ බෞද්ධ නම් අපිට කියල තියෙන්නේ දානයේ ශීලයේ හැසිරෙන්න. කුසල් කරන්න දැන් දෙන්න පරණ අකුසල් විපාක යටපත් වෙයි.
agree with u machan.






