වාස්තු විද්‍යාව ගෙදරට බලපෑම සම්බන්ධව උපද

powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    මචං ඔය කියන විදියට විද්‍යාත්මක පසු බිමක් තියනවා ගෙයක් හදද්දී.එක අපේ මිනිස්සු නිර්වචනය කරන විදියේ තමයි වෙනස තියෙන්නේ.ගෙයක් හදන්න කලින් බලන්න ඕනි කරුණු කරණා විශාල ප්‍රමාණයක් තියනවා.මොකද අපි ගෙයක් හදද්දී එක හදන්නේ අපිට බොහෝ විට ජීවිත කාලයම ජීවත් වෙන්න.

    ඉඩම තියන තැන ඉදලා වටේ පිටේ ඉන්න මිනිස්සු, ඒ සමාජ පසුබිම,ජල බැස්ම,විදුලිය,පසේ ස්වභාවය,ඉතින් ගෙය හදද්දී ගෙදර ජීවත් වෙන මිනිස්සු ප්‍රමාණය සහ ඒ අයගේ අවශ්‍යතාවය ( අපි හිතමු වයසක දෙමව්පියෝ ඉන්නවනම් පඩි පෙළ සහිත තට්ටු නිවාසද,නැත්නම් තනි තට්ටුවේ නිවාසද,නාන කාමර ටයිල් කරනවද නැද්ද කියන වගේ දේවල්)

    තව බොහෝ දේවල් තියනවා
    මේ දේවල් පිළිබඳව විදිමත්ව කරන එක තමයි මේ වස්තු විද්‍යාව කියල කියන්නේ.ඉතින් ඒක වවාගෙන කන උන් ඉන්නවා.ඉතින් පොඩ්ඩක් පරිස්සම් වෙයන්.හදපු ගේ සැලැස්මක් නැතුව හැදුව එකනම් කොහෙත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි,ඒ කියන්නේ බොහෝ දුරට ගෙදර දෝෂ ඇති.
    බිත්තියක් උනත් අපිට ඕන විදියට බදින්න බෑ.ඒකෙ බර දරාගැනීමේ හැකියාව පාදමත් එක්ක වෙනස් වෙනවා.බල බෙදීමක් උනත් වෙනස් වෙන්න පුළුවන්.

    දන්නා විදියට සමහර ගෙවල් තියනවා කිසි දියුණුවක් නෑ.හැමදාම ලෙඩ.ගෙවල් වල වලි,සතුටක් නෑ.මේ කියන දේවල් වක්‍ර ආකාරයෙන් ජීවිත වලට බලපෑම් කරනවා.

    මේ මම මට හිතෙන දේ කිව්වේ.මමනම් ඒවා පිලිගන්නවා.හැබැයි බොරු පදනමේ ඉදල නෙමෙයි.මම අධ්‍යනය කරලා.

    :yes:
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    මගේ reply එකේ තියන ලිපි ටික කියවලා බලපන් මචන්. පොඩි පොඩි පොත් කියවන එක නම් බොරු වැඩක්. වැඩිපුර දැනුමට කියලා කියෙවුවට ගොඩක් පොත් වල මුලික සිද්දාන්ත වත් නැහැ. කියවනවා නම් ලොකු පොතක් තියනවා. "වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය" කියලා එත් එක කියවන්න සාහිත්‍ය දැනුම ඕනේ. ලංකාවේ පොත් ලියන හැමෝම ඔය පොතේ තියන මුලධර්ම කෑලි කෑලි තමා දාන්නේ. ඉස්සර හොඳ පොත් තිබ්බ දැන් ගොඩක් අඩුයි.

    මම මෙච්චර කාලෙකට පැහැදිලිව විස්තර කරලා තියන ලිපි ටිකක් තමා දැම්මේ. වැදගත් වෙයි කියලා හිතනවා.

    Uba oya kiyanne Y.A Harmanis Appuhami ge book eka gena ne :rolleyes: oka thamai machan godak wasthu karana un kiyawana book eka man danna tharamin
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Uba oya kiyanne Y.A Harmanis Appuhami ge book eka gena ne :rolleyes: oka thamai machan godak wasthu karana un kiyawana book eka man danna tharamin

    අන්න හරි. බහිරව රුපයක් පිට කවරේ තියන තඩි පොත. :D. එක කියවන්න පුළුවන් නම් පට්ට දැනුමක් ගන්න පුළුවන් බන්. මන් ගාව තියනවා. එත් එක කියවන එක කසාය බොනවා වගේ. එපා වෙනවා සාහිත්‍ය බෂාවෙන් කියවන්න ගිහාම. අනික ඒ දැනුම නැත්තම් තේරුම ගන්න විදිහත් වෙනස් වෙනවා. මනස්ගාත නැතුව හොඳ පැහැදිලි කිරීම් එක්ක තියන ලිපි ටිකක් තමා ඉස්සල්ල දැම්මේ. වස්තු වල දැනගන්න ඕනේ අත්‍යවශ්‍ය මුලධර්ම ඔක්කොම තියනවා.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උබ ඔය මොනවත් විස්වාස කරන්න එපා ....ජෝතිෂ කාරයෝ පට්ට බොරු කරන්නේ ....එක එක ඒවා කියල මිනිස්සු බය කරලා plan අදින එවුන්ගෙන් job එක කඩල උන් අරගෙන ආයෙම plan අදින්න පුළුවන් ආධුනිකයන්ට කියල අන්දලා දෙනවා බලන ජෝතිශයක් නෑ ...මොකෝ ජෝතිෂ කාරයෝ plan අදින්න දන්නවද බන් ....අන්තිමේ බලපු දෝෂයකුත් නෑ ( දෝෂ තියෙන්නේ බිත්ති හතරේ නෙවෙයි තමන්ගේම හිතේ ) උසස් මට්ටමේ අලංකාරවත් නිවාස සැලසුමකුත් නෑ ...ඒවාට තමයි architect ල ඉන්නේ ...අදාල දේ අදාල එවුන්ට කියල කරගෙන හිතේ දෝසෙ අයින් කරගනින් බන් ........යකෝ පාරේ ඉන්න හිගන්න තමයි වාසනාවන්තම මනුස්සය ජෝතිෂ කාරයොන්ට අනුව බැලුවම ...මොකෝ දෝස එන්න ගෙයක් තියනවා යැයි ...
     
    තමන්ට ලෙඩක් හැදෙන්නම ඕනේ තව කෙනෙක් විදවන හැටි බලන්න. :D
    ඔය කියලා තියන දේ හරි. එත් උබ කියන අදහස නෙමෙයි. තමන් අල්ල ගත්ත දෙයක් ඇත්තටම අත්හරිනවා (හරියට මහණදම් පුරනවා වගේ) නම් කිසි දෝෂයක් එන්නේ නැහැ.

    ලංකාවේ architect ලට තියෙන්නේ සුද්දගේ විෂය පථය. නමුත් මම දැකලා තියනවා ලංකාවේ පරණ වටිනා වාස්තු පොත් ඒ අයගේ course එකට recommend කරලා තියනවා. නමුත් අත්දැකීම් එක්ක ගත්තම ප්‍රසිද්ද කියල කියන ගොඩක් අය තමන් කරපු එක design එකක් පොඩි පොඩි වෙනස්කම් කරලා promote කරන එක කරන්නේ. මම කියන්නේ නැහැ හැමෝම නරකයි කියලා. එත් මෙතෙක් හම්බෙලා තියන අය.

    මෙතනින් කියන්නේ නැහැ හැමෝම අත් හරින්න කියලා. අලුතින් ගෙයක් හදනවා නම් ඉංජගේ දැනුමත් ඕනේ වෙනවා. ආකියගේ දැනුමත් ඕනේ වෙනවා. plan එක අදින කෙනාගේ දැනුමත් ඕනේ වෙනවා. වාස්තු බලන කෙනාගේ දැනුමත් ඕනේ වෙනවා. ඔය ඔක්කොම එකා කරන්න ගිහාම වැඩේ සාර්ථකව කරගන්න අමාරුයි.

    ජය!
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    bumping.
    kokatath thawa kenek gennala balanda dennama kiyanawanam oka gana poddak hithala balanda.

    Goodluck!!!
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    අන්න හරි. බහිරව රුපයක් පිට කවරේ තියන තඩි පොත. :D. එක කියවන්න පුළුවන් නම් පට්ට දැනුමක් ගන්න පුළුවන් බන්. මන් ගාව තියනවා. එත් එක කියවන එක කසාය බොනවා වගේ. එපා වෙනවා සාහිත්‍ය බෂාවෙන් කියවන්න ගිහාම. අනික ඒ දැනුම නැත්තම් තේරුම ගන්න විදිහත් වෙනස් වෙනවා. මනස්ගාත නැතුව හොඳ පැහැදිලි කිරීම් එක්ක තියන ලිපි ටිකක් තමා ඉස්සල්ල දැම්මේ. වස්තු වල දැනගන්න ඕනේ අත්‍යවශ්‍ය මුලධර්ම ඔක්කොම තියනවා.

    Ape gedarath thiyenawa machan ekak,mata nam eke thiyena ewa therum ganna poddak amarui,But ape Dad kiyawanawa,ape dad gawa oya wage book godak thiyenawa,aya poddak dan A subject eka gena study karanawa nikan inna welawata.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මචං ඔය කියන විදියට විද්‍යාත්මක පසු බිමක් තියනවා ගෙයක් හදද්දී.එක අපේ මිනිස්සු නිර්වචනය කරන විදියේ තමයි වෙනස තියෙන්නේ.ගෙයක් හදන්න කලින් බලන්න ඕනි කරුණු කරණා විශාල ප්‍රමාණයක් තියනවා.මොකද අපි ගෙයක් හදද්දී එක හදන්නේ අපිට බොහෝ විට ජීවිත කාලයම ජීවත් වෙන්න.

    ඉඩම තියන තැන ඉදලා වටේ පිටේ ඉන්න මිනිස්සු, ඒ සමාජ පසුබිම,ජල බැස්ම,විදුලිය,පසේ ස්වභාවය,ඉතින් ගෙය හදද්දී ගෙදර ජීවත් වෙන මිනිස්සු ප්‍රමාණය සහ ඒ අයගේ අවශ්‍යතාවය ( අපි හිතමු වයසක දෙමව්පියෝ ඉන්නවනම් පඩි පෙළ සහිත තට්ටු නිවාසද,නැත්නම් තනි තට්ටුවේ නිවාසද,නාන කාමර ටයිල් කරනවද නැද්ද කියන වගේ දේවල්)

    තව බොහෝ දේවල් තියනවා
    මේ දේවල් පිළිබඳව විදිමත්ව කරන එක තමයි මේ වස්තු විද්‍යාව කියල කියන්නේ.ඉතින් ඒක වවාගෙන කන උන් ඉන්නවා.ඉතින් පොඩ්ඩක් පරිස්සම් වෙයන්.හදපු ගේ සැලැස්මක් නැතුව හැදුව එකනම් කොහෙත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි,ඒ කියන්නේ බොහෝ දුරට ගෙදර දෝෂ ඇති.
    බිත්තියක් උනත් අපිට ඕන විදියට බදින්න බෑ.ඒකෙ බර දරාගැනීමේ හැකියාව පාදමත් එක්ක වෙනස් වෙනවා.බල බෙදීමක් උනත් වෙනස් වෙන්න පුළුවන්.

    දන්නා විදියට සමහර ගෙවල් තියනවා කිසි දියුණුවක් නෑ.හැමදාම ලෙඩ.ගෙවල් වල වලි,සතුටක් නෑ.මේ කියන දේවල් වක්‍ර ආකාරයෙන් ජීවිත වලට බලපෑම් කරනවා.

    මේ මම මට හිතෙන දේ කිව්වේ.මමනම් ඒවා පිලිගන්නවා.හැබැයි බොරු පදනමේ ඉදල නෙමෙයි.මම අධ්‍යනය කරලා.

    :yes:

    හරියටම හරි මචන් මම ගොඩක් බලල බලල හොඳට තෙරුම් අරගෙන තමා මේ කිවුවෙත්.වෙච්ච දේවල් එක්ක බලනකොට මොකක් හරිම තියෙනව කියල හිතෙනව
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    හින්දු ආගමත් එක්ක බුදුදහම සම්බන්ද කරන්න එපා. .
    ජෝතිශයත් එක්ක බුදුදහම සම්බන්ද කරන්න එපා. .
    වාස්තු විද්යාවත් එක්ක බුදුදහම සම්බන්ද කරන්න එපා. .

    මොකද දන්නවද එහෙම කියන්නේ . . බුදු දහමේ ඔය තුනෙක් කිසි එකකට මූලිකත්වයක් හෝ කිසියම් වූ තැනක් දීලා නෑ. .
    උබලා හැම දේම පටලවන් ඉන්නේ. .

    කැමති විශයක් විශ්වාස කරන්න, කැමති දෙවියෙක් අදහන්න. .
    නමුත් නොදැන බුදුදහමේ මේ දේ තිබුනාය කියන්න එපා. .
    අපේ සන්ස්කෘතියක්, චාරිත්‍ර ඇති බව ඇත්ත. . නමුත් ඒ අතරත් බැහැරකල යුතුදේ බොහොමයක් තිබේ. .

    බුදු දහමනම් බුදු දහම කතාකරමු. .
    වෙනත් විශයක් නම් ඒ විශය කතාකරමු. .
    ඔය දෙක පටලවාගැනීමෙන් ඔබට යහපතක් වෙන්නේ නෑ. .
    සර්පයා ඇල්ලිය යුත්තේ ඔලුවෙන් මිස වලිගයෙන් නොවේ. .
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    උඹ ඔය කියන්නේ මම කියන තැන කෙනාද දන්නෑ.නම මොකක්ද බන් උම කියන කෙනාගෙ.පොඩ්ඩක් විස්තර කියපන්

    නමෙ අග කැල්ල ගුනවර්දන මුල කැල්ල දන්නෙ නැ. engineer කෙනෙක්. එයගෙ තාත්ත ඉස්කොලෙ මහත්ත්යෙක් ඇල්පිටියෙ පොරොවගම.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    නමෙ අග කැල්ල ගුනවර්දන මුල කැල්ල දන්නෙ නැ. engineer කෙනෙක්. එයගෙ තාත්ත ඉස්කොලෙ මහත්ත්යෙක් ඇල්පිටියෙ පොරොවගම.

    පුතා ගැන නම් දන්නෑ මචන්.එත් මම දන්නව මචන් ඒ පොරවගම කෙනාත් කෙන්දර බලන කෙනෙක් නේද.කෙන්දර සම්බන්ධව නැකැත් සම්බන්ධව නම් එයා ගොඩක් හොඳයි.මගේ මස්සිනා අලුතින් ගෙයක් හැදුව මෑතකදි.එයා එතනින් තමයි නැකැත් බැලුවේ.මස්සිනා අතේ ලක්ෂ 6 කින් වගේ ගේ හදන්න ගත්තේ.අවු 1 මාස 8 ක් වගේ යනකොට ඔක්කොම හදලා ඉවරවෙලා පදිංචිත් වුනා බන්.ගෙදරට දැනට ලක්ෂ 34ක් විතර ගියා.කොහෙන් කොහොම හරි සල්ලි ලැබුනා.මස්සිනාට කියල මහ ලොකු සල්ලියක් නෑ.ලැබිල මුලු ගේම හැදුන බන්. මම අපේ ගෙදර ගැනත් බලන්න හිතුනෙ ඔන්න ඔය නිසයි.මම කලින් කිවා වගේ අපිට අපේ ගෙදර හදන්න අවු 18ක් විතර ගියා.සැලකියි යුතු ආදමක් තිබිලත් අපිට එහෙම වුනේ ඇයි කියන ප්‍රශ්නේ මට තිබුනා.ඒකයි මේ ගැන් සොයන්න හිතුවෙ.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    හින්දු ආගමත් එක්ක බුදුදහම සම්බන්ද කරන්න එපා. .
    ජෝතිශයත් එක්ක බුදුදහම සම්බන්ද කරන්න එපා. .
    වාස්තු විද්යාවත් එක්ක බුදුදහම සම්බන්ද කරන්න එපා. .

    මොකද දන්නවද එහෙම කියන්නේ . . බුදු දහමේ ඔය තුනෙක් කිසි එකකට මූලිකත්වයක් හෝ කිසියම් වූ තැනක් දීලා නෑ. .
    උබලා හැම දේම පටලවන් ඉන්නේ. .

    කැමති විශයක් විශ්වාස කරන්න, කැමති දෙවියෙක් අදහන්න. .
    නමුත් නොදැන බුදුදහමේ මේ දේ තිබුනාය කියන්න එපා. .
    අපේ සන්ස්කෘතියක්, චාරිත්‍ර ඇති බව ඇත්ත. . නමුත් ඒ අතරත් බැහැරකල යුතුදේ බොහොමයක් තිබේ. .

    බුදු දහමනම් බුදු දහම කතාකරමු. .
    වෙනත් විශයක් නම් ඒ විශය කතාකරමු. .
    ඔය දෙක පටලවාගැනීමෙන් ඔබට යහපතක් වෙන්නේ නෑ. .
    සර්පයා ඇල්ලිය යුත්තේ ඔලුවෙන් මිස වලිගයෙන් නොවේ. .

    ඔබ නිවැරදි සහෝ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට මම කිව්වොත් වාස්තු කියන්නෙ බොරුවක් කියල හේතු සාධක එක්ක පිලිගන්නවද? නෑනෙ. උඹට ඕනෙ කොහොමහරි ඕක ඇත්ත කියල අහගන්න.

    බුදුහාමුදුරුවොත් දැනගෙන හිටිය ඒ දවස් වල තමන්ගෙන්ම බන අහන හැම කෙනාම නිවන් දකින්නෙ නෑ කියල.
     
    thari_on

    Junior member
  • Dec 9, 2011
    103
    2
    18
    ඔබ නොදන්නවාට චීනය ලංකාව ඉන්දියාව ජපානය කොරියාව ඇතුලු පෙරදිග රටවල බහුතරය නිවාස තැනීමේදී වාස්තු විද්‍යා සිද්ධාන්ත වලට මුල් තැන දෙමිනුයි කටයුතු කරන්නේ ඒ වගේම ඒ රටවල තමයි පවුල කියන බැඳීමෙන් යුතු ඒකකය උපතේ සිට මරණය තෙක් බැඳීමකින් ජීවත් වෙන්නේ
    ඔබ ඔය දියුණුයි කියල මවාගනිපු රටවල තියෙන්නේ ස්වාදීන ජීවිත විවාහය දරුවන් දෙමාපියන් ආදිය බොහොම සරල වගේම අවම බැඳීමකින් යුතු තත්වයක පවතින දේ ලෙසයි ඔබ දකින ඔය දියුණු රටවල වැසියන්ගේ ආකල්පය
    හිතන්න ............
    අපි ඒ මට්ටමේ ද .....

    අපිට දෙමාපිය සහෝදර ස්වාමි භාර්යා දු දරු බැඳීම මරණය දක්වා නෙමෙයි ඉන් පසුවත් පවතිනවා නේද ? අන්න ඒ සඳහා තමයි මේ වාස්තු විද්‍යා සිද්ධාන්ත උපයෝගී කර ගනිමින් තම නිවස හදාගන්න අපේ කලාපයේ වෙසෙන ජනතාව කටයුතු කරන්නේ .

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    ඉඩමක් කොච්චර ලොකු වෙන්න ඔනද වාස්තු බලපාන්න ? පර්චස් - 40
     
    thari_on

    Junior member
  • Dec 9, 2011
    103
    2
    18
    වාස්තු විද්‍යාවේ දෝස අරින්න බිත්ති කඩන්න බිදින්නම ඕනේ නැහැ මම දන්නා විදිහට නම්.
    ඔය බිත්ති කඩන එකේ මුලධර්මය මෙහෙමයි එන්නේ. බිත්තියක් තියනවා නම් ඔකේ සමාන කොටස් වලට බෙදනවා පාද බෙදනවා කියලා. නන්දා රික්ටා ජයා පුර්ණා.... ඔය වගේ. මට හරියටම මතක නැහැ පිළිවෙල. එහෙම බෙදුවහම ඕකෙන් පාද දෙකක් විස පාද අනික්වා හොඳ පාද. ඔහොම තමා වැටෙන්නේ. ඉතින් බිත්තියක් පටන් ගන්න තැනක් විස අනික් බිත්තියේ විස පාදෙකින් පටන් ගන්න බැහැ. ඒ වගේම උලුඅහු එහෙම බිත්තියේ විස පාද වල තියෙන්න බැහැ. හරියට කරනවා නම් බිත්තිය තමා අයින් කරන්න ඕනේ විස පාද වල තියනවා නම්. එත් ටිකක් මොලේ ඇති මිනිස්සු වියදමකින් කරගන්න පුළුවන් වෙනස්කම් කියනවා. ඒ කියන්නේ අර වගේ විස පාද වලට අහු වෙච්ච බිත්ති වලට අහුවෙන්න ගෙට පිටින් අත්තිවාම් කෑලි දාල අර විස පාද තියන බිත්ති සුබ පාද වලට ගන්නවා.

    ඒ වගේම ගෙදර ප්‍රදාන දෝස එන තැනක් කියන්නේ ගෙදර වහලය. ගෙදර වහලය හරියට නැත්තම් බොහොම නරක විදිහට ගෙදර අයට බලපානවා කියලා තම අහලා තියෙන්නේ. එක නිසා ටිකක් වදිපුර එක බලා ගන්න.

    මම පහලින් දාන්නම් උඹට වස්තු කරන කෙනා එක්ක කතා කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් උබටත් අදහසක් පොරට දාන්න පුළුවන් වෙන විදිහට දැනුම ගන්න පුළුවන් ලිපි ටිකක්. ඒ වගේම මේ දේවල් මෙච්චර කාලෙකට කියවපු පොතකින්වත් හම්බෙලා නැහැ. ලිපි ටික සඟරාවේ අන්තිම හරියේ තියෙන්නේ. කියවලා අවභෝධ කර ගනින්. හොඳට වැඩේ කරගන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්. ජය!

    බහිරව දෝශ තියනවා කියනවා නම් රුපියල් 50,000 විතර යියදම් කරලා කට්ටඩින්ට බොන්න දීලා කරන්න ඕනේ නැහැ. මම රුපියල් 1000 කට වඩා අඩුවෙන් කරගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ පිලියමක් කියන්නම්. කැමති නම් P.M එකක් දාපන්.

    මෙච්චර දිගට දැම්මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන වංචාකාරයෝ වැහි වහලා නිසා.

    http://www.youblisher.com/p/1044401-hbp-38/
    http://www.youblisher.com/p/1092462-hbp-41/
    http://www.youblisher.com/p/1111677-hbp-42/
    http://www.youblisher.com/p/1134432-hbp-43/
    http://www.youblisher.com/p/1158345-hbp-44/
    http://www.youblisher.com/p/1172336-hbp-45/
    http://www.youblisher.com/p/1190344-hbp-46/
    http://www.youblisher.com/p/1220246-hbp-47/
    http://www.youblisher.com/p/1240500-hbp-48/
    http://www.youblisher.com/p/1280775-hbp-49/
    http://www.youblisher.com/p/1280803-hbp-50/
    http://www.youblisher.com/p/1344655-hbp-51/
    http://www.youblisher.com/p/1344664-hbp-52/

    http://www.helabodhupiyuma.net/mag

    ඉඩමක් කොච්චර ලොකු වෙන්න ඔනද වාස්තු බලපාන්න ? පර්චස් - 40