වාස්තු විද්‍ය රහස්...

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වාස්තු විද්‍ය රහස්...

    9788177272772.jpg



    ඉන්දියානු වාස්තුවිද්‍යාවරයෙකුවන ජය ප්‍රකාශ් ශර්මාගේ පොතක තමයි මේ උපදෙස්ටික තිබුනේ. කියවලා බලන්න. ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවා..






    1.නිවසක් සැදිමේදි ඉඩමක් ‍තෝරාගැනිමේදි සැම විටම හත‍රැස් ලෙස පිහිටවන්නා වු චතුරස්‍ර භුමිය වාසයට වඩා සුදුසු වේ. මෙම ඉඩම් ආර්ථිකය වර්ධනයට මෙන්ම ධන වසනාව වැඩි කිරිමටද උපකාරිවේ.


    2.උතුරු දිශාවට බැවුම් ඇති භුමිය ඉතා වසනාවන්ත එකකි.


    3.නිවසක දොර ජනේල දෙකෙහි එකතුව ඔත්තේ සංඛ්‍යාවක් විම ශුභය. උළුවහු ගනන ඔත්තේ ගනනක් විමද,ජනේල ගනන ඉරට්ටේ සංඛ්‍යාවක් විමද ශුභය.එහෙත් ඒ දෙකෙහි එකතුව 17ක් විම අශුභය.


    3.නැගෙනහිර,දකුණ,බටහිර යන දිශාවලට ප්‍රධාන දොර තබා සාදන නිවෙස් දිනෙන් දින දියුණුවට පත්වේ.


    4.උතුරට,දකුණට,නැගෙනහිරට,බටහිරට මෙම දිසා හතරටම පිවිසුම් දොර‍ටු නිර්මාණය කර ඇති "විජය" වර්ගයේ නිවාස තුල ධන සම්පත් නිරන්තරයෙන් ‍රැදෙන සෞභාග්‍යමත් නිවසක්වේ.


    5.නිවසක මුල්ගල තැබිමේදි මුල්ම මුල්ගල ඊශාන දිශාවෙන් තැබිම සුභය.


    6.නිවසේ උතුරේ හෝ ගිනිකොණ පෙදෙසේ වතුරමලක් පිහි‍ටුවාලිමෙන් ධන වාසනාව වැඩිවේ.


    7.නිවසක මැද කොටසේ ජලයට සම්බන්ද කිසිදු දෙයක් නොතැබිය යුතුය.(මාළු ටැංකි,වතුර මලක්,පොකුණක්)


    8.වයබ දිශාවේ දේවරුප තැබිමෙන් දෙවියන්ගේ ආශිර්වාදය වැඩිපුර ලැබේනු ඇත.


    9.නිදන කාමරය තුල කිසිවිටක දේවරුප ,බුදුපිළිම ආදිය තබා ගන්න එපා.


    10.නිවසේ කුණු රොඩු අතුගාන විට ඉදිරි දොරකඩ සිට ඇතුලට අතුගාගෙන යන්න.නිතරම අතුගාන්නේනම් එම නිවසේ මුදල් ඉතිරි කිරිම තරමක් අපහසු වනු ඇත.


    11.පිච්චිගිය බල්බ් කිසිවිටක ගේ ඇතුලේ තබා ගන්න එපා.


    12.ඔබගේ කුණු බාල්දිය සැම විටම(විශේසයෙන් රාත්‍රි කාලයේදි) නිවසින් පිටත තබන්න.නිතරම මුඩියක් සහිත කුණුබාල්දියක් බාවිතා කරන්න.


    13.නිවසේ ලිප යනු ධනයේ සංකේතයයි. එම නිසා නිතරම ලිප පිරිසිදුව තබන්න.


    14.නිවස තුල නිතරම රණ්ඩුසරුවල් ඇතිවේනම් ලෙමන් හෝ රොස්බෙරි සුවද විලවුන් ජලයට මිශ්‍රකර ස්ප්‍රේ කරන්න.


    15.නිවසේ කැඩුනු බිදුනු දේ ආදි කුණු කන්දල් විසිකර පුළුස්සා දමන්න. එවිට මුදල් ඉතුරුවද අඩදබරද නිතර රෝගාබාද ඇතිවිමද අඩුවි යනු ඇත.


    16.පවුලේ සමිපබව වැඩි කර ගැනිමට සාලයට කහ පාට ආලේප කරන්න.


    17.ඔබගේ විවාහය පමාවේ නම් සාලයේ නිරිතදිග කොටසේ ප්‍රේමාන්විතව වැළදගෙන සිටින යුවලකගේ කළාත්මක රුපයක් හෝ කුරුළු ජොඩුවකගේ රුපයක් එල්ලන්න.


    18.නිදන කාමරයේ ඇද පරාවර්ථනය වි පෙනෙන ආකාරයට කන්නාඩි මේසය නොතබන්න.


    19.ජලයට සම්බන්ද කිසි දෙයක් නිදන කාමරය තුල නොතබන්න.


    20.ඔබගේ දරුවා ඉතා දගකාරනම් එම දරුවාගේ කාමරයට ලා පාටක් ආලේප කරන්න.


    21.නිදන කාමරයේ රුපවාහිනි ආදිය තබා ඇත්නම් නින්දට යාමට පෙර එය රෙද්දකින් ආවරණය කරන්න.


    22.විවාහක යුවලක් නිදාගැනිම සදහා පාවිච්චි කල යුත්තේ එකම ඇදක එකම මෙට්ටයක් පමනි. මෙට්ට දෙකක් හෝ ඇදවල් දෙකක් එකට ලංකොට ඒ මත දෙදෙනා නිද ගැනිමෙන් වලකින්න. මේසේ කිරිම ඉතා අශුභ වේ.


    23.මකුළුදැල් යනු මුදල් ශක්තිය එකතැන පල්විමේ ක්‍රියාවලිය වනගන්වන්නකි. ඉම නිසා මකුළු දැල් තිබිම ඉතා අශුභය.


    24.වැසිකිළියේ කොමඩය නිතරම වසා තබන්න.ෆ්ලෂ් කරන විටදි පියන වසා ෆ්ලෂ් කරන්න.


    25.කුඩා මුට්ටියකට සම්පුරනයෙන් කාසි පුරවා නිවසේ බටහිර පෙදෙස පිරිසිදු කර එහි තබන්න. මෙම මුට්ටිය රතුපාටින් ආලේප කරතැබිම වඩාත් සුදුසුය. ධනය වර්ධනය වේ.


    26.ජල කරාම තුලින් ජලය කාන්දුවේනම් එය ඉක්මනින් පිලියෙල කරන්න. ජලය කාන්දුවිමක් යනු ධනය කාන්දුවිමකි.


    27.නිවසේ ඉදිරි ප්‍රදාන දොරට ගෙට්‍ටුව කෙලින්ම පිහිටා තිබිම අශුභය.


    28.නිවසේ සියළු ඔරලෝසු ක්‍රියාකාරි ඒවා විය යුතුය. අක්‍රිය ඔරලෝසු ඇත්නම් ඒවා පිලිසකර කරන්න. එසෙ කිරිමට නොහැකිනම් එව ඉවත් කරන්න. ඔරලොසුව ඔබගේ මුල්‍ය වර්ධනය පෙන්නුම් කරයි


    http://ekolama.blogspot.com/2011/03/blog-post_25.html
    --
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    විවාහක යුවලක් නිදාගැනිම සදහා පාවිච්චි කල යුත්තේ එකම ඇදක එකම මෙට්ටයක් පමනි. මෙට්ට දෙකක් හෝ ඇදවල් දෙකක් එකට ලංකොට ඒ මත දෙදෙනා නිද ගැනිමෙන් වලකින්න. මේසේ කිරිම ඉතා අශුභ වේ.


    :rolleyes::rolleyes:

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    විවාහක යුවලක් නිදාගැනිම සදහා පාවිච්චි කල යුත්තේ එකම ඇදක එකම මෙට්ටයක් පමනි. මෙට්ට දෙකක් හෝ ඇදවල් දෙකක් එකට ලංකොට ඒ මත දෙදෙනා නිද ගැනිමෙන් වලකින්න. මේසේ කිරිම ඉතා අශුභ වේ.


    :rolleyes::rolleyes:


    :yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔය ඔක්කොම ඔළුවල දාගත්තහම ගේ ඇතුලේ ඉඳං හැරෙන්නත් අමාරුනේ බං........
    හොඳ හිතිං කරනව නං මොන දේ වුනත් ශුභයි මම හිතන විදිහට.......
    මම මේ කිසි දෙයක් හෙලා දකින්නේ නැහැ........
    හැබැයි ඔය මත්තේම ඉන්න ගියොත් නං ලෝක ලෙඩක් වෙන්නේ..........
    ඊට වඩා හොඳයි හොඳ හිතිං සැහැල්ලුවෙං ඉන්න එක............
     

    ms-gadgect

    Member
    Feb 23, 2011
    116
    2
    0
    විවාහක යුවලක් නිදාගැනිම සදහා පාවිච්චි කල යුත්තේ එකම ඇදක එකම මෙට්ටයක් පමනි. මෙට්ට දෙකක් හෝ ඇදවල් දෙකක් එකට ලංකොට ඒ මත දෙදෙනා නිද ගැනිමෙන් වලකින්න. මේසේ කිරිම ඉතා අශුභ වේ.


    :rolleyes::rolleyes:


    ඇදවල් දෙක ඈත්වෙලා දෙන්නම ඇදවල් දෙක මැදින් වැටුනොත් :lol: