වාස් ගුණවර්ධන ජාතික රෝහලේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වාස් ගුණවර්ධන ජාතික රෝහලේ

    කොල්ලුපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රඳවාගෙන සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතාට දැනුම් දුන්නේය.

    නියෝජ්‍ය පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා පැවසුවේ ඔහු දියවැඩියාව, අධිකර රුධිර පීඩනය හා හදවත් අසනීපයකින් පෙළෙන බවයි.

    ඔහු විසින් කැරුණු පරීක්ෂණ අනුව අත්අඩංගුවට ගත් අපරාධකරුවන් රැසක් බන්ධනාගාරයේ සිටින බවත්, ඔහු රිමාන්ඩ් කරන්නේ නම් බන්ධනාගාර රෝහලේ රිමාන්ඩ් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

    අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු ඊට විරෝධය නොදැක්වූහ.

    මහේස්ත්‍රාත් රෝහලට ගොස් නියෝජ්‍ය පොලිස්පතිගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට නියමිතය.


    :P:P:P:P

    ඔන්න බලන්ඩ හසන්ත රටේ ආශ්චර්ය. අපිටත් පුළුවන් මිනිහෙක් මරලා රෝහලට ඇතුල් වෙන්ඩ. අපි පින් කරලා තියනවා හසන්ත මේ රටේ ඉපදෙන්ඩ
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු ඊට විරෝධය නොදැක්වූහ.

    lol
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    vaas1.gif
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු ඊට විරෝධය නොදැක්වූහ.

    ආශ්චර්යමත් රටවල මෙය සුලභ ලක්ෂණයක්. . . . . .
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    (ලංකා ඊ නිව්ස් -2013.ජුනි.13, ප.ව.3.30) නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ සහචරයන් සිදු කර ඇති අපරාධ ජාලය ගැන පරීක‍ෂණ සිදු කිරීම වහාම නවතා දැනට සිදුකර ඇති ව්‍යපාරික සියාම් ඝාතනයට අදාල වාර්තා පමණක් දින 3 ක් තුල නීතිපති දෙපාර්තමේන්තුවට යවන ලෙසත් තව දුරටත් වාස් ගුණවර්ධන රඳවා ගැනීම වහාම අත් හිටුවන ලෙසත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පොලිසියට අද උදෑසන නියෝග කර තිබේ.

    ආරක්ෂක ලේකම්ගේ මෙම නීති විරෝධී නියෝගයට යටත් වූ පොලිසිය වාස් ගුණවර්ධන තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කළ යුතු වුවද ඊට අදාල රඳවා ගැනීමේ නියෝග අධිකරණයෙන් ඉල්ලීම පසෙක ලා වාස් අධිකරණයට ඉදිරිපත් කළ අතර අධිකරණය විසින් වාස් ගුණවර්ධන මේ මස 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙළේය. රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් වෙත පරීක්ෂණයේ ප්‍රගතිය සහ සාක්ෂි සම්පිණ්ඩනය ඇතුලත් වාර්තාවක් ඉදිරිපත් කෙළේය.

    රක්ෂිත බන්ධනාගාර ගත වන සෑම වරප්‍රසාදික රැඳවියෙකු සේම වාස්ටද 'හදිසි අසනීප තත්ත්වයක්' සෑදුනු අතර කොළඹ ජාතික රෝහලේ 42 වන වාට්ටුවට ඇතුලත් කෙළේය.

    වාස් ගුණවර්ධන සහ සහචරයන් රෑන විසින් සිදුකළ අපරාධ සැකකරුවන්ගේ පාපෝච්චාරණ වලට අමතරව පරිවේශණීය සාක්කි මගින් ද තහවුරු වී තිබේ. මේවා එකිනෙක හෙළි වී ගෙන යද්දී වාස් ගුණවර්ධන ලවා බොහෝ අපරාධ සිදුකළ ආරක්ෂක ලේකම් ගෝඨාභයද හෙළි වන බැවින් ඉදිරි සියළු පරීක‍ෂණ නවතා දැමීමට ගෝඨා තීරණය කළ බව නොදන්නේ ඊයේ ඉපැදුණු නොදරුවෙක් පමණි.

    සියාම් ඝාතනයට අමතරව කප්පම් ගැනීම්, පැහැර ගැනීම් සහ ඝාතනය කිරීම් 13 ක සියළු තොරතුරු හෙළි වී ඇති අතර වාස් ගුණවර්ධනගේ බිරිඳ පුතා සහ ඔහුට සහාය දුන් පොලිස් අධිකාරී වෙදිසිංහ ද අද අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටියේය. ගෝඨාගේ නියෝග මත දැන් පරීක‍ෂණ නවතා නීතිපති වෙත පරීක‍ෂණ වාර්තා යැවිය යුතු වන අතර රාජපක්ෂ සට්ටැඹියෙකු වන නීතිපති විසින් වාස්ට චෝදනා කිරීමට තරම් සාක්කි නැතැයි කියා ඔහු නිදහස් කිරීමද සිදුවිය හැකිය. මිනීමරනවා ඇසින් දුටු සාක්කියක් තිබූ කැස්බෑවේ චන්දන කත්‍රිආරච්චි නම් මිනීමරුවාට සාක්කි නැතැයි කියා නිදොස් කොට නිදහස් කළ නීතිපති දෙපාර්තමේන්තුව වාස්ට සාක්කි නැතැයි නොකීවොත් පුදුමයකි.

    බයගෝතා යුද හමුදාවෙන් විශ්‍රාම ගෙන රට ගියේ මොළයේ අමාරුවක් ඇතැයි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර 'මෙඩිකල් කන්ඩෙම්' කරගනිමිනි. වසර 15 ක් පුරා ඇමරිකාවේ සුළු රැකියාවක් කරමින් සිට ලංකාවට පැමිණි එවන් පිස්සෙක් අයියා රජවීමෙන් පසු නීතිය අතට ගෙන අවනීතිය සක්විති රජ කරවමින් මීනීමරමින් පිස්සු කෙළිමින් සිටී. නීති විරෝධී නියෝග නිකුත් කරන මිනීමරුවන්ට කිසිදා ගැලවීමක් නොලැබිය යුතුය. මෙවන් මිනීමරුවන්ට රජ කාලයේ දුන් දඩුවම නම් සිරුර හතරට ඉරා හතර වාහල්කඩ එල්ලීමයි.