වාස් ගුණවර්ධන ජාතික රෝහලේ
කොල්ලුපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රඳවාගෙන සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතාට දැනුම් දුන්නේය.
නියෝජ්‍ය පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා පැවසුවේ ඔහු දියවැඩියාව, අධිකර රුධිර පීඩනය හා හදවත් අසනීපයකින් පෙළෙන බවයි.
ඔහු විසින් කැරුණු පරීක්ෂණ අනුව අත්අඩංගුවට ගත් අපරාධකරුවන් රැසක් බන්ධනාගාරයේ සිටින බවත්, ඔහු රිමාන්ඩ් කරන්නේ නම් බන්ධනාගාර රෝහලේ රිමාන්ඩ් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු ඊට විරෝධය නොදැක්වූහ.
මහේස්ත්‍රාත් රෝහලට ගොස් නියෝජ්‍ය පොලිස්පතිගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට නියමිතය.

ඔන්න බලන්ඩ හසන්ත රටේ ආශ්චර්ය. අපිටත් පුළුවන් මිනිහෙක් මරලා රෝහලට ඇතුල් වෙන්ඩ. අපි පින් කරලා තියනවා හසන්ත මේ රටේ ඉපදෙන්ඩ