වාහනයක් ගන්න උදව්

Nikolos

Member
Jul 22, 2014
13
0
0
වාහනයක් ගන්න උදව්

මම අලුතින් වාහනයක් ගන්න ඉන්නේ. මෙච්චර කල් පාවිච්චි කලේ ලංකාවේ දුවලා තියපු වාහන නේ. දැන් මම කල්පනා කලේ 'වාසනා' වගේ වාහන සේල් එකකින් ජපානේ දුවපු,ලංකාවේ ලියාපදිංචි කරලා නැති හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න. ඉතිං ඒ වගේ වහනයක් ගන්න කොට අපි බලන්න ඕනි මොනාද?

(මම මේ වෙනකොට ටවුන්එස්,විට්ස්,ඇක්සියෝ වාහන පාවිච්චි කරලා තියෙනවා. ඒත් ලංකාවේ දුවලා නැති වාහනයක් ගන්නකොට ඒ වාහනේ බලන්න ඕනි මොනාද කියලා එච්චර දන්නේ නෑ. සමහරු කියනවා වාහනේ මීටරේ කරවන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා. අපි කොහොමද දැනගන්නේ වාහනේ හරියටම කොච්චර දුවලද කියලා. ඕනිනම් ටොයෝටා ලංකා එකට දාලා බලන්නත් පුළුවන් තමයි. ඒත් ඉතිං එකට වාහනේ සේල් ඒකෙන අරන් එන්න එපයි. එහෙම නැතිව සේල් එකේදී අපිට මොනාද බලන්න පුළුවන්? වාහනේ ටයර් වල තියෙන නොම්මර වලින් මොකක්ද එකක් බලනවා නේද? ඒක කොහොමද බලන්නේ? කවුරු හරි මට උදව් කරනවා නං ගොඩක් පිං. මේ ගැන කලින් දාලා තියෙන ත්‍රෙඩ් නැද්ද?)

ප.ලි-ටොයෝටා ලංකා එක ගැන නං මාගේ කිසිම විශ්වාසයක් නෑ. මොකද මගේ කලින් තිබුන ඇක්සියෝ එක පොඩ්ඩක් හිරිලා පේන්ට් කරන්න එතෙන්න්ට දැම්මම කාර් එක කෑවා. මම ආයේ ගිහිං සද්දේ දාලා තමයි නැවත පේන්ට් කර ගත්තේ, මගේ වෙලාවත් සැහෙන්න ඉවරයි ඒ වැඩෙන්.

හැමෝටම තෙරුවන් සරණයි.