අතේ තියන ගාන 25යි උපරිම 30කට යන්න පුලුවන්.
මාසෙකට උපරිම 30000ක් වාහනේ වෙනුවෙන් වියදම් කරන්න පුලුවන්.
එක දිගට මාසෙකට 10000-15000ක් පෙට්රල් වලට වියදම් කරන්න පුලුවන්.
එදිනෙදා පදින්න අදහසක් නැහැ හැබැයි සතියකට දවස් දෙකක් විතර 20 - 40Km වගේ පදිනවා,
මාසෙකට(දෙකකට) සැරයක් ගෙදර ගිහින් එන්න 400km විතර පදිනවා.
SUV ටයිප් වලට ගොඩක් කැමතියි, හොයලා බලපු විදියට Honda CRV 2002-2003 RD5, Nissan X-Trail, Freelander 2000 වගේ ඒවා තියනවා.
කාර් වලටත් කැමතියි හැබැයි මගේ හිතට අල්ලපු මොඩ්ල් තියෙන්නෙ 2යි, Peugeot 407 මෙන්න මේ මොඩ්ල් එක
http://www.autolanka.com/ad.asp?ID=164517
Mazda 3 එකෙත් පෙනුමට නම් ආසයි ඒ වුනාට එලකිරි එකේම දාල තිබුනා ඒක කියන තරම්ම හොද කාර් එකක් නෙමයි කියලා.
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ගන්න තමයි ඉන්නේ (එලකිරි එකේ තිබුනු සියලුම වාහන සම්බන්ධ ත්රෙඩ් කියවලා ඉන්නෙ)
මේවායින් හොද එකක් හරි වෙන හොද වාහනයක් හරි කියන පුලුවන් නම් ලොකු උදවුවක්
දැනට මගේ අදහස
28ක් 30ක් දීලා 407 එකක් ගන්න එක
හෝ
24ක් 27ක් දීලා CRV එකක් ගන්න එක
අනිත් එක විශේශයෙන්ම මැනුවල් එකක්ම හොයනවා මම මැනුවල් ඩ්රයිව් කරන්න ගොඩක් කැමතියි,
අනිත් එක මගේ ගෙදර තියෙන්නෙ සෑහෙන්න කදු තියන පලාතක.පෙට්රල් කිරීම ගැන මහා ලොකුවට හිතන්නේත් නැහැ හැබැයි 7ක් වත් අවම කරන එකක් වෙනවානම් හොදයි.
407 එක 2.4 Engine එකක් නිසා ගොඩක් පෙට්රල් කරයි කියලා හිතන්නෙ නැහැ හැබැයි ඒකෙ තියන Options, YOM,Interior ගැන හිතුවම ඒකේ අවුලක් නැහැ කියල හිතෙනවා spec වල හැටියට හොද Driving Experince එකක් ඇති කියලා හිතනවා.