වාහනයක වේගය සහ බ්‍රේක් නැවතුම් දුර

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වාහනයක වේගය සහ බ්‍රේක් නැවතුම් දුර



    වාහනයක වේගය සහ බ්‍රේක් නැවතුම් දුර

    වාහහන භවිතාකරන නොකරන හැමෝම වෙනුවෙන් අද කියන්න යන්නේ වාහනයක වේගය සහ ඊට අනුරෑපව බ්‍රේක් කිරීමේ දී වාහනය සම්පූර්ණයෙන්ම නවතින්න යන දුර සහ කාලය ගැනයි.

    වාහනයක බ්‍රේක් නැනතුම් දුර වාහනය නතර කිරීමට පෙර වාහනය ධාවනය වූ ආකාරය සහ වේගය සහ වාහනයේ බර කියන සාධක මත රඳා පවතිනවා.ඒ‌ කියන්නේ වේගයට සමානුපාතිකව නැවතුම් දුර වැඩි වෙනවා කියන එකයි.ඒ‌ වගේම තෙත් හෝ අයිස්/හිම වගේ තත්ත්වන් අනුව ද මේ කියන බ්‍රේක් නැවතුම් දුර තව වැඩිවෙනවා.

    වාහනයක ඇ‌න්ටිලොක් බ්‍රේක් සිස්ටම්(ABS)සහ ස්ටැබිලිටි ක්‍රොන්ට්‍රෝල් වගේ තාක්ෂණික පද්ධති වාහනය පාලනය කිරීම සහ හැසිරවීම් හැකියාව වැඩි කරන්න නිර්මාණය කරලා තයෙන දෙයක්.මේ පද්ධති වාහනය කෙටි දුර කින් නතර කරන්න නිර්මාණය කරලා නැහැ.හැබැයි මේ නවීන තාක්ෂණය බ්‍රේක් නැවතුම් දුර ඉතා කුඩා මට්ටමකින් අඩු කිරීමට උදව් කරන එක ඇ‌ත්ත ඒ‌ත් එක සම්පූර්ණ බ්‍රේක් නැවතුම් දුර සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

    වාහනයේ මොන තාක්ෂණය තිබුණත් මේ කෙන් පැහැදිල් වෙන එක මූලික කාරණයක් තමයි වාහනය වේගයෙන් යන තරමටම වාහනයේ නැවතම් දුර ද වැඩි වෙනවා.ඒ‌ කියන්නේ හදිසි අවස්ථාවක නිවැරදි වෙලාවේ(in time)නැවැත්වීමට තියෙන අවස්ථාව ඉතාමත් අඩුයි කියන එකයි.

    ගැටීම් වේගය

    වේගයෙන් ධාවනය කිරීමේ දී නිමිත කාලය තුලදී වාහනය නතර කර ගැනීමට,කවුරැ හරි හෝ මොකක හරි හැප්පීමෙන් වලක්වා ගැනීමට ඇ‌ති ඉඩ කඩ ඉතාම අඩු නිසා වැඩි බලයක් එක්ක හැප්පෙන්න පුලුවන්.වැඩි බලයකින් හැප්පෙනවා ඒ‌ කියන්නේ එක්කෝ බරපතල හානි ඇ‌තිකරන්න පුලුවන් එහෙම නැත්නම් මිය යන්න පුලුවන්.

    උදාහරණයක් විදිහට පැ.කි.මී 32 ක වේගයෙන් යන වාහනයක් ඒ‌ වාහනයේ දිග වගේ තුන්ගුණයක දුරක දී තියෙන දේක හැප්පීමෙන් වලක්වගන්න පුලුවන්.වාහනයේ දිග වගේ තුන් ගුණයක දුර ප්‍රමාණයක් ඉදිරියෙන් ළමයෙක් ගමන් කරනවා කියලා හිතුවොත් ඒ‌ ළමයා හැප්පෙන එකෙන වලක්ව ගන්නන පුලුවන්. ඒ‌ වාහනයම පැ.කි.මී 40 ක වේගයෙන් ගමන් කරනවා කියලා හිතුවොත් වාහනය නිමිත කාලය තුළ නවත්තගන්න බැරි වෙලා පැ.කි.මී 29 වේගයකින් ඉදිරියේ ඇ‌ති වස්තුවක හරි පුද්ගලයෙකුගේ හැප්පෙනවා.ඒ‌ක දළ වශයෙන් බැලුවොත් කවුරැහරි ගොඩනැගිල්යක උඩ තට්ටුවකින් පහතට වැටිලා ඇ‌තිවන බලපෑමට සමානයි.වැඩි වේගය නිසා පදික මරණ ඇ‌ති වීමේ අවස්ථාව වැඩියි.පැ.කි.මී 50 ක වේගයෙන් හැප්පෙන පදිකයන් 5 දෙනෙකුගෙන් එක්කෙනෙක් මියාමට තියෙන අවස්ථාව වැඩියි.තව විදිහකින් කිව්වොත් පැ.කි.මී 60 ක වේගයෙන් යන වාහනයක හැප්ප්පෙන තුන්දෙනෙකුගෙන් එක් අයෙකු මිය යාමේ අවස්ථාව ඩැඩියි.ඒ‌ කියන්නේ කවුරැ හරි තට්ටු හතරක් උස ගොඩනැග්ල්ලකින්.
    පහළට වැටීමෙන් ඇ‌තවෙන හානියට සමානයි.

    වාහනයක වේගය හා ස්කන්ධය චාලක ශක්තිය ස්වරූපයෙන් මාර්ග අනතුරකින් ශක්තිය හුවමාරැ වීමේ දී ගැටීමේ බරපතලකම අනුව සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා.ඒ‌ කියන්නේ ශක්ති හුවමාරුව වාහනයේ වේගය වර්ගයට(වේගය වගේ දෙගුණයක්)වාහනයේ ස්කන්ධයෙන් භාගයකින් වැඩි කරලා ගණනයකරන්න පුලුවන්.(KE=1/2mv2)ඒ‌ කියනිනේ ඉතා සුලු වේග වැඩිකිරීමකින් හැප්පෙන එකේ බරපතලකම වැඩිවෙනවා කියන එකයි.

    උදාහරණයක්ලෙස KE=1/2mv2 සූත්‍රයට අනුව රාත්තල් 3200 ක් බර වාහනයක් පැ.සැ 30 ක වේගයෙන් ගමන්කරලා තාප්පයක හැපිලා අඩියක් දුරකින් නතරවුණා කියලා හිතුවොත්.ඒ‌ කියන්නේ පැ.සැ 30 වාහනයේ චාලක ශක්තිය ශූන්‍ය කරන්න තාප්යටකට/ගහකට හැප්පිලා හරි එහෙම නැත්නම් රියදුරාට වාහනය නවත්තගන්න දල වශයෙන් වර්ග අඩියකට ටොන් 48 ක් බලයක් අවශ්‍යවෙනවා කිය එකයි.

    ඉහත උදාහරණයම අරගෙන එකින් එකට ප්‍රතිවිරැද්ධ දිශා දෙකකින් එන වාහන දෙකක් එකින් එකට හැප්පුනොත්.බර රාත්තල් 3200 ක වාහනයක් පැ.සැ 60 ක වේගයෙන් ගමන් කරනවා කියලා හිතුවොත් වාහන දෙක එකිනෙකට හැප්ලිලා නතර වීමේ දී වර්ග අඩියකට ටොන් 96 බලයක් ඇ‌ති කරවා.

    ඒ‌ අනුව හිතාගන්න පුලුවන් නේද වාහනයේ වේගය සහ බර අනුව හැප්පුනහාම අනෙක් වාහනවලට,වස්තූන් වලට හානි ඇ‌ති කරන්නේ සහ මිනිස්සු මැරෙන්නේ ඇ‌යි කියලා?

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    03/02/2017
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    stopping-distances.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ලංකාවේ drive කරන ගොඩක් උන් මේක දන්නේ නැතුව තමා එලවන්නේ. ඒකනේ speed limit ගණන් ගන්නේ නැත්තේ. උන් හිතන් ඉන්නේ 150 ආවත් තප්පරෙන් නවතිනවා කියල. වාහනේක full beam එකයි dipped beam එකයි අදුරන්නේ නැති බත් කන හරක්ට මොන stopping distance ද බන්. විහිලු නොකර ඉඳපන් :D
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    "වාහනයක ඇ‌න්ටිලොක් බ්‍රේක් සිස්ටම්(ABS)සහ ස්ටැබිලිටි ක්‍රොන්ට්‍රෝල් වගේ තාක්ෂණික පද්ධති වාහනය පාලනය කිරීම සහ හැසිරවීම් හැකියාව වැඩි කරන්න නිර්මාණය කරලා තයෙන දෙයක්."
    ඇත්තටම ABS තියන්නේ වහනය නතර කරගැනීමේ දුර අඩු කරන්න තමයි. වහනය පාලනය කරගැනීමට හැකි වීම අතුරු ප්‍රතිපලයක්. ගතික ඝර්ෂණය සහ ස්ථිතික ඝර්ෂණය ගැන දන්නවා නම් මේක තේරුම් කරන්න පුළුවන්.