අද තාත්තත් එක්ක ගමනක් යනකොට එකෙක් බල්ලව නාවලා පාර අයිනේ තියාගෙන ඉන්නවා. හෙන තඩි කලු රොට්වයලර් බල්ලෙක්. අයිතිකාරයා උගේ බෙල්ට් එකෙන් අල්ලන් ඉන්නකොටම බල්ලා පැන්නානේ වාහනේ ඉස්සරහට. අරූ ට්රයි එක දුන්නා බෙල්ට් එකෙන් ඇදලා බේරගන්න. බල්ලගෙ ඉස්සරහ වැදුනා වම් පැත්තේ පොල් ගෙඩියක් ඇතුලට බැස්සා වගේ තහඩුව ඇතුලට ගියා. බල්ලා එතනම හාන්සි උනා කෙදිරි ගාගෙන. අයිතිකාරයා ටිකක් වෙලා බල්ලව අතගාලා අපිට බැනගෙන ආවා කුනුහර්පෙන්. ඌ බැන්නේ මොකටද කියලාත් තෙරුනේ නෑ.එක්කෝ ඌ බය උනා ඌට ගෙවන්න වෙයි කියලා. එතනම හිටියා ඉන්ශුරන්ස් එකෙන් එනකම් විනාඩි 20 විතර. හැප්පුනාට පස්සේ අරුයි බල්ලයි ආගිය අතක් නෑ. වැදුන ශොට් එකට අරූ ආයෙ ජීවිතෙට බල්ලෙක්ව වඩාගෙන පාර වත් පනින එකක් නෑ. බල්ලා ගැනන නන් ශුවර් නෑ මැරෙයිද දන්නෙත් නෑ. බයික් එකක් එහෙම ආවනන් ෆොර්ක් එකත් එක්ක කඩාගෙන වැටෙනවා ඌ පැන්න පාරට
Last edited:


