වාහනේ දුර ගමන් යද්දී කෙල වෙයිද...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    වාහනේ දුර ගමන් යද්දී කෙල වෙයිද...

    මචන්..පොඩි උපදෙසක් ඕනි..ගොඩක් අයට වැදගත් වෙයි කියලත් හිතනවා..

    මේකයි කාරනාව..

    මගේ තියෙන්නේ 2000 නිසාන් fb15 ක්..දැනට අරන් අවුරුද්දක් වගේ වෙන්නේ.මේවා දැන් පරන වාහන නිසා ගොඩක් දුර ගමන් යන්න බයක් වගේ තියනවා..මොකද මොන ලෙඩක් එයිද කියන්න බැනේ..උදාහරණයක් විදියට..මම මාතලේ..මට ඕනිකම තියනවා යාල වගේ දුර ගමනක් යන්න.ඉතින් ලොකු කැලැ මැදින් යන්න තියෙන්නේ..අනික ගොඩාක් දුර ඔහොම ගිහින් මොකක් හරි ලෙඩක් ආවොත් අනාතයි.මොකද ඔය
    කැලැ පැතිවල දන්න කියන මිනිස්සු ඉන්නවා කියලයැ..මම මෙහෙම හිතුවේ හදිසියේ ගියර් බොක්ස් එකවත් ගියොත්..සදා අනාතයි..මේවා දැන් කිලෝමීටර් ලක්ශ දෙකක් විතර දුවපුවනේ..

    නමුත් මම මේ වාහනේ ගත්ත දවසේ ඉදම් තාම කවදාවත් වාහනේ කැඩිලා මග ඉදලනම් නැ.ලොකු ලෙඩක් වාහනේ පේන්නත් නැ.මම වෙලාවට ඔයිල් මාරු කරලා සර්විස් කරනවා.හෝන් එක විටින් විට වදින්න අරන් සීන් එකක් ගියා දවසක්.අනික් දවසේ එන්ජින් එක මිස් කරන්න අරන් බලද්දි ෆ්ල්ග් වලට ඔයිල් ගහනවා..පස්සේ හෙඩ් එක දැම්මා..ඒ ඇරුනම වෙන ලොකු ලෙඩක් ඇවිල්ලම නැ..

    මම අහලා තියනවා ..ඔය ගියර් බොක්ස් යන සීන්..ඊට පස්සේ රේඩියේටර් ෆැන් වැඩ නැතුව යන සීන් වගේ ඒවා වෙන්න පුලුවන් කියලා..මට දැනගන්න ඕනි අපි මේ වගේ පරන වාහනේක දුර ගමනක් යනවනම් මොනවද බලාගන්න ඕනි බාස් කෙනෙකුට කියලා.මග කැඩෙන්නේ නැති වෙන්නනම්.fan belt අනම් මනම් අලුතෙන් දැම්මා..වෙන ලොකු කේස් එයිද නැද්ද කියලා කලින් දැනගන්න විදියක් නැද්ද..ශුවර් කරලා දුවන්නනම් මොනවද හරියට තියෙන්න ඕනි කියලා කියමුද අපේ යාලුවෝ ටික..මොකද මේක පරන වාහන තියන ගොඩකට ප්‍රයෝජනවත් වෙයි..බම්පියක් වත් දෙමු අඩුම තරමේ..
     
    • Like
    Reactions: ChoraKolla

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Ehema hena gahanawa wage kadenne na ban .Uba use karankota terenwa ne monawada leda kiyala.garage ekekata aran giyama un kohomath kiyanawa ne .
     
    • Like
    Reactions: smith500

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Ohoma negative hithuwoth wahane gedara thamai thiyagena inna wenne...
    Welawata service karanawa nam bayawennepa , yanna kalin garage ekakata dala check karagenama palayan.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ වාහනේ තත්වේ ගැන මේකේ උන් දන්නේ කොහොමද බන් ..

    උඩත් අර එක එක සාස්තර කාරයෝ අර මෑණි ලගට ගිහින් පෙන අහනවා වගේ වැඩක් නේ මේ කරන්නේ ..

    හොදම දේ දුර ගමනක් යන්න කලින් හොද සර්විස් කරන තනකට දාල චෙක් අප් කරලා සර්විස් පාරක් දම්මගන්න එක ;)
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    FB 15 කියන්නෙ සුපිරි කාර් එකක්..හරියට ඔයිල් මාරු කරල,service කලානම් කිසි අවුලක් එන්නෙ නෑ.
    Engine oil 3000km or 6month
    auto oil 40000km
    Break system check and break oil check /chnage
    Coolant check/Change
    Tyre wear check
    Wheel alignment
    මේවා කරන්න...කිසිම අවුලක් නෑ
     
    • Like
    Reactions: smith500

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මරුසිරා;22701739 said:
    උබේ වාහනේ තත්වේ ගැන මේකේ උන් දන්නේ කොහොමද බන් ..

    උඩත් අර එක එක සාස්තර කාරයෝ අර මෑණි ලගට ගිහින් පෙන අහනවා වගේ වැඩක් නේ මේ කරන්නේ ..

    හොදම දේ දුර ගමනක් යන්න කලින් හොද සර්විස් කරන තනකට දාල චෙක් අප් කරලා සර්විස් පාරක් දම්මගන්න එක ;)

    හරි ඉතින් මොනවද බන් අපි එහෙම බලාගන්න ඕනි පාර්ට්ස්..උන් අපි කියන ඒවා විතරයි බලන්නේ ගොඩක් තැන්වල ..අනික ගියර් බොක්ස් එහෙම අවුල්ද කියලා බලන්නේ කොහොමද
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    FB 15 කියන්නෙ සුපිරි කාර් එකක්..හරියට ඔයිල් මාරු කරල,service කලානම් කිසි අවුලක් එන්නෙ නෑ.
    Engine oil 3000km or 6month
    auto oil 40000km
    Break system check and break oil check /chnage
    Coolant check/Change
    Tyre wear check
    Wheel alignment
    මේවා කරන්න...කිසිම අවුලක් නෑ

    ස්තුතියි මචන්..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හරි ඉතින් මොනවද බන් අපි එහෙම බලාගන්න ඕනි පාර්ට්ස්..උන් අපි කියන ඒවා විතරයි බලන්නේ ගොඩක් තැන්වල ..අනික ගියර් බොක්ස් එහෙම අවුල්ද කියලා බලන්නේ කොහොමද

    ගියර් බොක්ස් ගැන මේකේ ට්‍රේඩ් එකක් දාල තිබ්බ සැහෙන කාලෙකට ඉස්සර .කව්ද දැම්මේ කියල මතක නැ .
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔයික් ලීක් නෑත්නම්, රේඩියේටර් එක හොද නම්, දුර යන්න අවුලක් නෑ. වාහන කෑඩෙන වෙලාව කාටවත් කියන්න බෑ. ඒ වුනත් ගොඩක් වෙලාවට ප්‍රශ්න එන්නේ රේඩියේටර් එකෙන් තමා. හීට් එක නගිනවා වගේ කේස්. නෑත්නම් පෙට්‍රල් ෆිල්ටර් එක බ්ලොක් වෙනවා වගේ දේවල්. උබ ඔච්චර බය හින්දා කරන්න තියෙන්නේ ඕක විකුණලා බ්‍රෑන්ඩ් නිවි එකක් ගන්න එක
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    Cam sensor ekakui, MAF sensor ekakui, ignition coil ekakui, sanding papers wage tools kit ekakui dagena palayan lol. Mage nam car eke tiyenawa Extra spark plugs, sensors, throttle body tools okkoma.

    Old or new kedenna puluwan. Mata nam takketama sure ape van eka witarai. Start karotgattot aye nawatinne na kiyala sure. Petrol engines wage newe.


    මිස් කරන්න අරන් බලද්දි ෆ්ල්ග් වලට ඔයිල් ගහනවා..පස්සේ හෙඩ් එක දැම්මා..ඒ ඇරුනම වෙන ලොකු ලෙඩක් ඇවිල්ලම නැ..

    head eka denme moko ban? spark plug well eke seal ekada gihin tibbe?
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔයික් ලීක් නෑත්නම්, රේඩියේටර් එක හොද නම්, දුර යන්න අවුලක් නෑ. වාහන කෑඩෙන වෙලාව කාටවත් කියන්න බෑ. ඒ වුනත් ගොඩක් වෙලාවට ප්‍රශ්න එන්නේ රේඩියේටර් එකෙන් තමා. හීට් එක නගිනවා වගේ කේස්. නෑත්නම් පෙට්‍රල් ෆිල්ටර් එක බ්ලොක් වෙනවා වගේ දේවල්. උබ ඔච්චර බය හින්දා කරන්න තියෙන්නේ ඕක විකුණලා බ්‍රෑන්ඩ් නිවි එකක් ගන්න එක

    ඔව් මචන්..බොහොම ස්තුතියි ....මේක විකුනලා brandnew ගන්නනම් සල්ලි නැ. 2016 vitz වගේ එකක් සේල් එකකින් unregistered ගන්න තමයි හිතාන ඉන්නේ.hybrid නම් ආස නැ බන්..ඒවගේ වරදක් නිසා නෙමෙයි.නමුත් පෙට්‍රල් කාර් එකක් වගේ අවුරුදු 10ක්15ක් එක දිගට දුවන්න අමාරුයි නේහ්..ලොකු රෙපෙයාර් නැතුව