ඔන්න ඉතින් අද ලිපියෙන් අරන් ආවේ වාහන පදවන හැමෝටම ඉතා වටිනා කියන දෙයක්. ඉතින් ඔයාලා වාහනේ පදවගෙන යනකොට brake නැතිවුනොත් මොකද කරන්නෙ?? ආරක්ෂාකාරීව වාහනයේ වේගය අඩු කරගෙන නවත්වගන්නෙ කොහොමද?? ඉතින් අද අපි ඒ ගැන කතා කරන්න හිතුවා...
අපේ Main Brake එක අක්‍රීය වුනොත් අපිට Brake අවස්ථා තව දෙකක් තියෙනවා. ඒ Engine Brake සහ Hand Brake නැතිනම් Foot Brake.
ඔයා වාහනයේ ලොකු පල්ලමක වගේ යනකොට Brake නැතිවුනොත් මුලින්ම කරන්න ඕනෙ කලබල නොවීමයි. ඉන්පසු ඔයාලා ඇක්සලරේටර් පැටල් එකෙන් කකුල ඉවත් කරගන්න. එවිට වාහනය විසින් Engine Brake apply කරන්න පටන් ගන්නවා. එවිට වාහනයෙ යම්තාක් දුරට slow වීමක් සිදුවෙනවා. ඊටපස්සෙ Downshift method එකට අපිට යන්න වෙනවා. Downshift කිරීමේදී සිදු වෙන්නෙ එන්ජින් එකේ Braking power එක සම්පූර්ණයෙන්ම ගැනීමයි. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති ඔය කියන Downshift method එක කරන්නෙ කොහොමද කියලා. ඒක කරන්නෙ මෙහෙමයි. ඔබ පදවන වාහනය Manual එකක් නම් ක්‍රමක් ක්‍රමයෙන් 5th , 4th, 3rd ලෙස ක්‍රමයෙන් gear මාරු කිරීමයි. එතකොට Auto gear වාහනයක් නම් lower gear , 2nd , 1st ලෙස මාරු කරගත යුතුයි. CVT වාහනයක් නම් S අවස්ථාව සහ B අවස්ථාවට gear මාරු කර ගැනීමක් සිදු කර ගත හැකි. Secrecy gear shift කරන්න තියෙන වාහනයක් නම් manul විදියට වෙනස් කරගෙන ඍණ පැත්තට gear අඩු කර ගත හැකි. මීට අමතරව ඔබේ වාහනය padlshift තියෙන වාහනයක් නම් එහිද ඍණ පැත්තට ඔබා Downshift කරගත හැකි.
සරලවම කිව්වොත් වාහනයේ Brake නැති වුනොත් මුලින්ම කලබල නොවන්න.දෙවනුව Accelerator එකෙන් කකුල ගන්න. තෙවනුව downshift කරන්න. අවසානෙට වාහනේ slow වෙනකන් ඉදලා Hand / Foot Brake යොදා වාහනය නවත්වන්න.
ඔබ මේ අවස්ථාවේදී නොකළ යුත්තේ මොනවාද???
Off කරොත් වාහනයේ control එක ඔබ අතින් ගිලිහී යනවා. එමගින් ද අනතුර දරුණු වීමට ඉඩ ඇත.
ඉතින් හැමෝම මේ දෙවල් කල්පනාකාරීව සිදු කරගන්න. මෙවන් අනතුරු කාටවත් නොවේවායි Car Doctor අපි ප්‍රාර්ථනා කරන්නෙමු.