වාහනේ හෙඩ් ගෑස්කට් ගිහින්ද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වාහනේ හෙඩ් ගෑස්කට් ගිහින්ද?

    ඔන්න අද කියන්න යන්නේ වාහනයක හෙඩ් ගෑස්කට් ගිහින්ද කියලා බලාගන්න ක්‍රමයක්. කිල්මර් මාමා තමා මට මේ ත්‍රෙඩ් එක දාන්න අදහස දුන්නේ. හෙඩ් ගෑස්කට් කියන්නේ අභ්‍යන්තර දහන ඇන්ජිමක එන්ජින් බ්ලොක් එකයි සිලින්ඩර් හෙඩ් එකයි අතර තියෙන එකට

    repair-head-gasket.jpg


    head-gasket-diagram-freecarsupport-com.gif


    Civic9-733080.JPG


    හෙඩ් ගෑස්කට් එකෙන් කරන්නේ ඇන්ජිමේ උපරිම කොම්ප්‍රෙශන් එකක් පවත්වා ගන්න එකත් කූලන්ට් (හෝ වතුර ) , ඇන්ජින් ඔයිල් සිලින්ඩර් වලර කාන්දු වෙන එකත් වලක්වන එක

    මේ වීඩියෝ එකේ සරලවම තියෙනවා. ලීක් ටෙස්ටර් එකක් පාවිච්චි කරලා කොහොමද සරලවම හෙඩ් ගෑස්කට් චෙක් කරගන්නේ කියලා




    හොද පලපුරුද්දක් තියෙන කෙනෙකුට මේ කිසිම දෙයක් නැතුව ඇන්ජින් ඔයිල් වල පාට බලලා කියන්න පුලුවන් ගෑස්කට් වල තත්වය. ඒ මොකද, ගෑස්කට් ගිහාම ඔයිල් වලටත් වාහනයේ සිලින්ඩරයෙන් ලීක් වෙන තෙල් හෝ සිසිලන පද්දතියෙන් ලීක් වෙන වතුර කවලම් වෙන්න ඉඩ තියෙනවා
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    මට මේ thread එක ගොඩක් වටිනව මචන් +4 :) මට වාහන නම් නෑ :lol: මන් A/L වලට කරන්නෙ අර අලුතෙන් ආව විෂය තාක්ෂණ විෂය කියන එක :yes: අපිට මචන් වාහන ගැන තමයි ගොඩක්ම තියෙන්නෙ :rolleyes: ඒත් අපිට එව්වා කියල දෙන්න පළපුරුදු ගුරුවරයෙක් තාම එස්කෝලෙට දාල නෑ :baffled: ඉස්සර හිටපු physic උගන්නපු sir මයි ඔව්වත් උගන්නන ඉන්නෙ :P ඒ යකා මෙලෝ හුයන්නක් දන්නෙ නෑ :baffled: මචෝ පුළුවන් නම් වාහන ගැන දාපු අනිත් thread වල ලින්ක් ටිකත් අලුතෙන් thread එකක් දාද්දි යටින් දාන්න :)
     
    Last edited:

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මාර වටිනවා,,,ඔහොමම පුලුවන් නම් දාන්නකො සී බ් ආර් බයික් වලත් ගෑස් කට් ගිගින්ද කියල බලන විදිහ,,,,,
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මම මේ නිකං කියන්නේ. ගෑස්කට් රුපියල් 2000 සිට ඉහලට ඇත. වාහනය අනුව මිල වෙනස් වේ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාර වටිනවා,,,ඔහොමම පුලුවන් නම් දාන්නකො සී බ් ආර් බයික් වලත් ගෑස් කට් ගිගින්ද කියල බලන විදිහ,,,,,

    oil suwada pata balapan.duwala awith oil cup eka arala balapan dumak danawada kiyala. radiator eke wathura wala swabhawaya balapan
     

    thilina_88

    Member
    Jul 3, 2009
    56
    2
    0
    රත්තරං;16270504 said:
    oil suwada pata balapan.duwala awith oil cup eka arala balapan dumak danawada kiyala. radiator eke wathura wala swabhawaya balapan


    Gasket ගිහින්ද කියල බලන්න මම දන්න ක්‍රම 2ක් තියනවා.

    1. Oil මාරු කරල අලුත් Oil දාලා දුවන කොට (අලුත්)Oil සුදු පාට/කිරි පාට වෙනව.
    2. Start කරල Radiator Cap 1 ඇරලා බලන්න බුබුලු දානවද කියල.