උඹ කියන එක ඇත්ත.
ඒත් ජපානෙන් බොඩ්ය් පර්ට්ස් ගෙන්න වාහන කෑලි කරද්දී ගාල්වලා නෙවෙයි ගේන්නේ දෙපැත්තෙන් කපලා.
ඒ නිසා ඇතුලේ ඔයිල් ඒ විදිහටම තියනවා. දාපු එකේ ඇතුලේ ඔයිල් තිබුණා, නැත්නම් ඩැමේජ් වෙනවා
මම ඕක දාලා තීරණය කළා අවුරුදු 3න් ට වගේ බ්‍රේක් හෝස් මාරු කරන්න ඕනේ කියලා
------ Post added on Nov 24, 2022 at 1:50 PM
ඔව් ඒත් පාවිච්චි කරපු එකක හෝස් එක කොච්චර උඩ පහළ නැවුණද කොච්චර structurally sound ද කියල දැනගන්න විදිහක් නෑනේ, හෝස් එකේ හදපු අවුරුද්දවත් ගහල තියෙනවනං අදහසක් ගන්න තිබ්බ, ඕක අවුරුදු 3 ක් පරණද අවුරුදු 10 ක් පරණද ගලවන්න කලින් කොච්චර කල් වාහනේ පාවිච්චි වුණාද හොයන්න විදිහක් නෑනෙ
මේක වෙන්න වාහනේ බ්‍රේක් ඔයිල් ලයින් එක ඇවිත් වාහනේ body එකට fix වෙනවා. එතන ඉඳන් රෝදෙට යනකම් රබර් හෝස් එක තියෙන්නේ...
ගැස්සෙද්දී රෝදේ උඩ පහළ යද්දී හෝස් එක අර fix වුන තැනින් හැම වෙලේම උඩ පහළ නැවෙනවා...
අවු 7-8ක් ඔහොම එක දිගට වුනාම තමා එතන fail වෙලා බ්‍රේක් හෝස් එක පුපුන්නේ...
මගේ හෝස් දෙකම ගියේ එතනින්. (එකම තැනින්)
ඔය ෆොටෝ එකේ පේනවා ඒක.