වාහන අනායනයේදි කිරීමේදි සැලකිය යුතු කරුණ
පවතින වාහන වෙළද පල අනුව මේ වන විට බොහෝ දෙනෙක් තම වාහනය කෙලින්ම ජපානයෙන් ආනයන කර ගැනීමට පෙළබි තිබෙනවා. නමුත් ඒ අතරත් වංචනිකයන්ට අසුවන පිරිස නම් ඉතාම වැඩි. නොතේරුම් කම, නොදැනුවත් කමටත් වඩා ඕනවට වඩා විශ්වාස කිරීම සහ අනවශ්‍ය පරිදි අඩු මිල ගණන් ඉදිරිපත් කිරීම කියන කාරණා වලට හසුවීම.
මේ වෙන කොටත් කිහිපදෙනෙක්ම ජපානයෙන් කෙලින්ම වාහන අනයනය සදහා සම්පූර්ණ මුදල ආනයන කරනු ලබන පුද්ගලයාට ලබාදි වාහනයත් මුදල්ත් දෙකම නොමැති වු පිරිසක් සිටනවා. වැඩේ කියන්නේ මෙකෙන් විශාල පිරිසක් සමාජයේ දැන උගත් අය වීම.
කිසිම වෙලාවක තමන් ගනන් වාහනය මෙන්න මේ ගානට ගෙනත් දෙනවා කිව්ව පිලියට විශ්වාස කරන්න එපා. කිහිප දෙනෙක්ගෙන්ම මිල ගනන් විමසලා තහවුරු කරගත්තාට වරදක් නෑ. මුළු ගාණ සෑම විටකම සංසන්දය කිරීම තමන්ට අවාසිදායකයි. හොදම දේ වාහන අානයනයේදි මුදල් වැයවන ආකරය පිළිවෙලකට ලබාගැනීම (Cost Breakdown). එහෙම නැතිව මෙන්න මේ ගානට ගෙනත් දෙනවා කිවවොත් අහුවෙලා ඉවරයි.
උදාහරණයක් විදියට පැහැදිලි කලොත්,
Honda GP-05 S Grade වාහනයක් ජපානයෙන් කෙලින්ම ගෙන්වා ගැනීමේදි යම් අයෙකු කියන්න පුළුවන් මම ලක්ෂ 44 කට ගෙනත් දෙන්නම් කියලා, තවත් කෙනෙක් කියන්න පුළුවන් 45 ක් කියලා. හැබැයි හිතන්න ඕක අවසාන මිල. ඔය දෙකම වැඩක් නෑ. ඔය මිල හැදුනේ කොහොමද කියලා පෙඩ්ඩක් බලන්න. ඒ කියන්නේ,
ජපානයට යා යුතු මිල
වාහනයේ රේගු බදු
බැංකු ගාස්තු
නිෂ්කාශන නියෝජිත ගාස්තු
කියන දේවල් පිළිබදව නම් අනිවාර්යෙන් දැන ගත යුතුයි.
අනිත් වැදගත්ම දෙය තමයි විනිමය අනුපාතය. ඕක තමයි හරියටම බලන්න ඕන. මේක දවසින් දවස වෙනස් නම් වෙනවා. නමුත් පවතින විනිමය අනුපාතයට ගණනය කිරීම කලයුතුයි. මොකද අඩුවීමක් උනොත් ඒක තමනට් ලැබෙනවා. වැඩිවීමක් උනොත් තමන් දරාගන්න වෙනවා.
අද දවසේ විනිමය අනුපාතය 1.40 ක් නම් ගොඩාාක් අය ගණනය කිරීම් වලට ගන්නේ 1.37 වගේ. LC Open කරලා ඒක Settle වෙන දවසට ඔය ගාන හරියන්න පුළුවන්, නමුත් ඒක අපිට කලින්ම තීරනය කරන්න බෑනේ.
සැකයේ වාසියට හැමවෙලෙම ගණනය කිරීම් කල යුතුයි.
මම මේ ගානට ගෙනත් දෙනවා කිව්වට තමන් ගේන වාහනය කීය උනත් වියදම දරන්න ඔනේ තමන්මයි. ඒක නිසා හරි අවාබෝධයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්.
පැහැදිලිව ඉදිරියට යමු. වැරදි ඇතොත් නිවැරදි කිරීමටත්, සියළුම දෙනාට Comment කිරීමටත් ඇරයුම්.......

ඇත්තටම ඔහොම එකක් තිබ්බ නම් මයිලේජ් වෙරිෆිකේෂන් සර්ටිෆිකට් දෙද්දී අහුවෙන්න එපැයි 