හැබැයි ඩොලර් ගෙන්වන අයට වාහන ගේන්න දෙනවා නම් උන්ඩියල් සීන් එක වෙනවා. දැන් වාහනයක් පිට රටක ඉඳල ගෙන්වල එහෙ ගණන් වගේ කීප ගුණයකට සෙල් කරලා, ඒ සල්ලි වලින් මෙහෙන් ජෙම් ගෝල්ඩ් අරගෙන ආපහු රට යනවා කියල හිතමු. එහෙම බැලුවොත් ඩොලර් ගේන අයට වාහන ගෙන්වන්න දීමෙන් ලංකාවේ වත්කම අඩු වෙනවා. වාහන ගෙන්වල බද්ද ඩොලර් වලින්ම ගෙවන්න කියල, වාහනේ අවුරුදු 5ක් යනකම් සෙල් කරන්න බෑ කිව්වොත් හානිය අඩුයි. නමුත් මෙහෙ උන් වංගු ගහනවා. ඉතින් කරන්න තියෙන්නේ මෙහෙ මොන ක්‍රමයකින් හරි උන්ඩියල් කඩල ආණ්ඩුවට එන ඩොලර් කෑෂ් ෆ්ලෝ එක හදාගෙන නෝමල් විදියට වාහන ආනයනය කරන්න දෙන එක.