ela wistharayak +++
haridhu mamata rep denna belu
Thanks malli
Thanks broතාම හරියට කියවන්න වෙලාවක් ලැබුණේ නෑ ටොමයියේ..
විවේක වෙලාවට හිමින් බලන්න මල්ලි. 
thanks macho rep+++++++
Thanks machanවිවේක වෙඅලවට කියවන්නම්
ඇත්තටම වැදගත් මට නම්
මෙලෝ දෙයක් දන්නේ නැ ඕව ගැන වාහන පද්දට
Thanks malli wiweka welawata balannaදෙන්නටම ස්තූතී.
+6 ගානේ දෙන්නටම
Very Gud thread macho...... Thax.....
Thanks machan

කියවන්න ඕනි හිමිට උබේ ත්‍රෙඩ් එතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ වැදගත් දෙයක් තියනවා කියල
Thanks machan 

BUMP
10+
Thanksfatta++
ThanksThanks machanela machan. watina thread ekak.
You must spread some Reputation around before giving it to Mr.Tom again.

Thanks pute...එල ටොම් මාමේ වටිනා ත්‍රෙඩ් එකක්

Thanks machanpatta macho elakiri wage watina thread ekak![]()

වාහන තියන අපි කාර් බැටරිය ගැන මොනවද දැනගන තියෙන්න ඕනේ?
රේඩියේටර් එකට වගේ බැටරියටත් ඇහැ ගහගන ඉන්න ඕනිද?
එන්න දැනගනිමු, කතා කරමු අද අපි බැටරි ගැන.
මේ ත්‍රෙඩ් එක මම තනියම නිර්මාණය කරපු එකක් නෙවෙයි. අපේ හරිදු මල්ලි මේ ත්‍රෙඩ් එක සාරවත් කරන්න අවශ්‍ය බොහෝ කරුණු එකතු කරා. ඉතිං මේ ත්‍රෙඩ් එක අපි දෙන්නගෙම උත්සාහයේ ප්‍රතිඵලයක්.
මේක සාර්ථක කර ගන්න තමන්ගේ කාළය, දැනුම, ශ්‍රමය දායක කළ හරිදු මල්ලිට මාගේ හද පිරි ස්තූතිය.
![]()
harindugamlath
![]()
මේකෙදි වැඩි අවධානයක් යොමු කරන්නේ කාර්බැටරි නඩත්තුව වගේම ඒ ගැන අවධානයෙන් ඉන්න හැටි තමයි. මම මේ කතා කරන්න යන්නේ හයිබ්‍රිඩ් වාහනවල එන බැටරිය ගැන නම් නෙවෙයි ඕං. සාමාන්‍යයෙන් මෝටර්රථවල භාවිතා කරන බැටරි ගැන.
![]()
පැට්‍රල් හෝ ඩීසල් වාහනයකට අත්‍යවශ්‍යම අංග වලින් එකක් තමයි බැටරිය කියන එක. ඒක ඉතිං අමුතුවෙන් මෙතන උඹ කියන්න ඕනෙ නෑනේ අපි ඒවා දන්නවා.. කියන එක උඹලගේ හිත් කියනවා ඇති.
අහිංසක විදිහට බොනට් එක ඇතුලේ ඉදගන හිටියත් මේ බැටරියට ඕනි නම් පුලුවන් අපිට මල වදයක් වෙන්න. එහෙමත් නැත්තං පරිපථ වලට යම් යම් හානි කරන්න. එහෙමත් නැත්තං සියදිවි හානි කර ගන්න.ඉතිං මේ යකාව අවශ්‍ය ගානට මෙල්ල කරගෙන සියදිවි හානි කරගන්න දෙන්නේ නැතුව රැක බලාගන්න එක වාහන හිමියෙකුගේ පොකට් එකට හොදයි. ඒ වගේම වාහනේටත් හොදයි. වැඩි බයිලා එව්වා මෙව්වා වැඩක් නෑ අපි කෙලින්ම මාතෘකාවට බහිමු.
මූලිකව කාර් බැටරියක කෝෂ 6 ක් තියනවා. මේ එක කෝෂයක වෝල්ටීයතාවය ආසන්නවශයෙන් 2.2 ක්. එතකොට සම්පූර්ණ බැටරියේ වොල්ටීයතාව ආසන්නවශයෙන් වොල්ට් 13 කට කිට්ටුයි. වොල්ට් අගයට අමතරව බැටරියක ඇම්පියර් ධාරිතාවක් තියනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මේ බැටරිය ආරෝපනය වෙන්නේ මෝටර් ඕල්ටනේටරය, ඩයෝඩ් ප්ලේට් , කටවුට් එක, ඕල්ටනේටර් බෙල්ට් එක, කන්ට්‍රෝල් අයි.සී එක වගේ කොටස් කීපයක උදව්වෙන්. වාහනේ පණගන්වලා තියන හැම වෙලාවකම බැටරිය ආරෝපණය වෙනවා.
![]()
ඉතිං මොනවද අපි මේ බැටරියට කරන්න ඕනේ නඩත්තු කටයුතු.
ඒක තමයි වැඩේ. ඒක මම පියවර කීපයක් යටතේ ලියන්නම්කෝ.
1) බැටරියේ ජල මට්ටම පරීක්ෂාව.
නඩත්තු කරන්න ඕනේ බැටරියක් නම් හැම මාසෙකටම සැරයක්ම බැටරියේ ජල මට්ටම නිවැරදිව තියනවද කියලා බලන්න. මූඩි ඇරලා බලන්න min ලෙවල් එකට උඩින් වතුර තියනවද කියලා. අඩු නම් බැටරි වතුර දාන්න. මේ බැටරි වතුර max ලෙවල් එක ඉක්මවනකන් දාන්න එපා. (උඩින් අගල් භාගයක් විතර පහල මට්ටම හෝ ෆිල් හෝල් එකට පහලින් වතුර තියන මට්ටම.) බැටරියේ වතුර මට්ටම ගොඩක් අඩු උනොත් ශෙල් පුපුරන්න හෝ සව්ත්තු වෙන්න හෝ පුලුවන්. ඒ වගේම බැටරියේ විද්‍යුත් ධාරිතාව අඩු වෙන්න පුලුවන්.
(බැටරි ඇසිඩ් අත්වල ගෑවිලා වැඩි වොලා තියෙන්න දෙන්න එපා. අත් හම යනවා. ඒ නිසා බැටරි ඇසිඩ් අත්වල ගෑවුනොත් ඉක්මනින් හෝදන්න. නැත්තං අත්ආවරණ පාවිච්චි කරන්න. බැටරි ඇසිඩ් ඇදුම් වල ගෑවුනොත් නම් සොරි තමයි.)
2) ලෝවර් චාර්ජ් දෝශය
බැටරිය චාර්ජ් වෙනවා මදි නම් මීටර් බෝඩ් එකේ තියන බැටරි චාර්ජින් ලයිට් එක පත්තු වෙනවා. මූලිකව මේක දැනගන්න පුලුවන් හෙඩ්ලයිට් දැම්මම, චාර්ජින් ලයිට් එක පත්තු වෙනවා.
3) ඕවර් චාර්ජ් දෝශය
මේ ගැන නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද බැටරිය ඕවචාජ් වෙනවා කියන්නේ වාහනේ සර්කිට් වලට හොද දෙයක් නෙවෙයි. බැටරිය ඕවචාජ් වෙනවා කියලා මූලිකව දැන ගන්න පුලුවන් දෙයක් තමයි ශෙල් ඉක්මනින් වියලීම, ශෙල් මතු පිට පින්න වගේ ඇසිඩ් තැන්පත් වීම, ඒ වගේම නිතර නිතර බැටරි අග්‍රවල ලුණු තැන්පත් වීම. නමුත් බැටරිය ඕවර්චාජ් වෙනවද කියලා දැන ගන්න මේ රෝඝ ලක්ෂණ එනකම්ම ඉන්න ඕනෙ නෑ. මල්ටිමීටර් එකක් තියනව නම් මේ වැඩේ කරන්න.
අ) වාහනේ ස්ටාට් කරලා idle එකේ තියන්න.
ආ) හෙඩ් ලයිට් දල්වන්න.
ඇ) මල්ටිමීටරේ වෝල්ට් 20 ට කරකවලා බැටරියේ + හා - ටර්මිනල් දෙකට තියන්න. මෙතනදි වෝල්ටේජ් එක 13.8 ත් 14.2 ත් අතර තියෙන්න ඕනේ. මේ ප්‍රමාණයට වඩා ටිකක් වැඩි උනත් ලොකු අව්ලක් නෑ. නමුත් වෝල්ට් 14.5 සීමාව ඉක්මවන්න බෑ.
ඈ) දැන් වාහනය 1500 RPM වගේ වෙනකල් ඇක්සලරේට් කරන්න මෙතනදි වෝල්ටේජ් එක 14.2 ත් 14.6 අතර තියෙන්න ඕනේ. ඔතනදි 14.2 ට වඩා වෝල්ටේජ් එක අඩු නම් ඕල්ටනේටරය පරීක්ෂා කර ගන්න ඕනේ.
ඉ) දැන් ඒ RPM එක තියද්දි හෙඩ් ලයිට් ඔෆ් කරන්න. එතකොට බැටරියේ වෝල්ටේජ් එක 14.8 සීමාව ඉක්ම වන්න බෑ. .
4) අපිරිසිදු බැටරි අග්‍ර
බැටරි අග්‍රවල ඔක්සයිඩ් බැදෙන්න පුලුවන්. ඒ වගේම ලුනු තැන්පත් වෙන්න පුලුවන්. ලුනු තැන්පත් වෙන්න කලින් කියපු ඕවර්චාජ් වෙන ලෙඩේට බැට්‍රියේ වැඩිපුර වතුර පුරවලා තිබීම, ඇසිඩ් සාන්ද්‍රනයේ අඩු හෝ වැඩි හෝ වීම, බැටරියේ ශෙල් සව්ත්තු වීම වගේ හේතු බලපානවා. තාවකාලික පිලියමක් විදිහට උණු වතුර දාලා බැටරියේ ටර්මිනල් සුද්ධ කරන්න. ඔක්සයිඩ් බැදිලනම් කම්බි බ්‍රශ් එකකින් අග්‍ර සුද්ධ කරන්න. කොහොම උනත් මාස 4 කට 5 කට සැරයක් ලුණු, ඔක්සයිඩ් බැදෙන එක නම් ගොඩක් වෙලාවට වෙන දෙයක්. නිතර නිතර මෙහෙම වෙනව නම් බැටරි කඩේකින් බැටරිය පරීක්ෂෘ කර ගන්න එක හොදයි.
5) බැටරියේ ටර්මිනල් ඇම තිස්සෙම වියලි තත්වයෙන් තියාගන්න ඕනේ.
6) ටික කාලයක් වාහනේ එක තැන නතර කරලා තියනව නම් බැටරි වයර් (- අග්‍රය) ගලවලා තියන්න.
7) බැට්‍රියෙ ධාරිතාව අඩුවීම
තව වෙන වැඩක් තමා බැට්‍රිය වයසට ගිහින් හෝ වෙන වෙන හේතු නිසා සවුත්තුවෙලා බැට්‍රියෙ ධාරිතාව අඩුවෙන එක. එතකොට ඉතින් කොච්චර චාර්ජ් කලත් වැඩක් නෑ චාජ් අල්ලන්නෙ නෑ. බැට්‍රියෙ එහෙම දෝෂයක් තියනවනම් ඉතින් මාරුකරන එක තමා කරන්න වෙන්නෙ. බැට්‍රිය අවුරුදු දෙකහමාරකට තුනකට වඩා වැඩිනම් මේගැන අවදානෙන් ඉන්න එක හොඳයි.
බැට්‍රියෙ තත්වෙ ගැන හරියටම දැනගන්න ඕනෙනම් බැට්‍රියෙ ලෝඩ් ටෙස්ට් එකක් කරන්න වෙනව. නැත්නම් ගොඩක් වෙලාවට හරියට කියන්න අමාරුයි. මොකද බැට්‍රි කියන්නෙ මහ කුප්ප යක්කු. චාජ් වුනාම ඔන්න හොඳට වෝල්ටේජ් පෙන්නනව අපි ගිහින් කරන්ට් එක ටිකක් ඉල්ලුවම දෙන්න බෑ කියනව.
ඒ හින්ද තමන්ගෙ වාහනේ මෝටරේ වදින්නෙ අමාරුවෙන් වගේනම්. ටික දවසක් තියල ආයි ස්ටාර්ට් කරනකොට අමාරුයි වගේනම් (බැට්‍රි ටර්මිනල් වල එහෙම ලෙඩක් නැත්නම්) බැට්‍රිය ලෝඩ් ටෙස්ට් එකක් කරල බලන එක හොඳයි.
ඒ වැඩේට තියනව මේ වගේ උපකරණයක්.
![]()
මේකෙන් කෙරෙන්නෙ බැට්‍රියට තරමක් ලොකු ලෝඩ් එකක් දීල.(එන්ජිම ස්ටාර්ට් නොකර හෙඩ්ලයිට් දැම්ම වගේ කියල හිතන්නකො) බැට්‍රියෙ වෝල්ටේජ් එක මනිනව. බැට්‍රියෙ අදාල රේටින් එකට කොයිරේන්ජ් එකේද ලෝඩ් වුනාම වෝල්ටේජ් තියෙන්න ඕනෙ කියල ගේජ් එකෙන් බලාහන්න පුලුවන්.
![]()
බැට්‍රියෙ වෝල්ටේජ් ඕනවට වඩා අඩුවෙනවනම් ඉතින් ෂුවර් එකටම දැනගන්න පුලුවන් තත්වෙ හොඳ නෑ කියල.
(ඕකෙ CCA (cold cranking amps) කියල කියන්නෙ බැට්‍රියට ස්ටාර්ට් කරන වෙලාවට කොච්චර ඇම්පියර් ගානක් දෙන්න පුලුවන්ද කියල එක.)
හරි දැන් ඉතින් ඕව මොකුත් නැත්නම් ලෙඩක් හොයාගන්න පොඩ්ඩක් ඔලුව කල්පනාකරල අපිට දල අවබෝධයක් ගන්න පුලුවන් බැට්‍රිය ගැන. මේ වැඩ 100% සාර්ථම නෑ ඒත් තල්ලු ස්ටාර්ට් වලින් බේරෙන්න පුලුවන් වෙයි.
අංක එක බැට්‍රිය බැහැලද කියල බලන්න හෙඩ්ලයිට් දාල බලන්න.(engine off) ලයිට් ඩිම් වගේනම් ඉතින් දන්නවනෙ වැඩේ.
බැට්‍රියෙ ලෝඩ් ටෙස්ට් එකකුත් යන්තම් වගේ කරන්න පුලුවන් මෙහෙම. හෙඩ්ලයිට් දාල තියන්න විනාඩි 5ක් විතර. ඊට පස්සෙ ලයිට් ඕෆ් කරල මෝටරේ ගලහ බලන්න ස්ටාර්ට් වෙනකොට පොඩ්ඩක් ඇදල ස්ටාර්ට් වෙන ගතියක් එනවද කියල. එහෙම එනවනම් බැරියෙ ධාරිතාව අඩුවෙලා වෙන්න පුලුවන්. එහෙමනම් කලබල වෙන්න ඕනෙනම් අවධානෙන් ඉන්න බැට්‍රිය ගැන.
8) මේ ගැනත් සිතන්න.
තව පොඩි දෙයක් තියනව. වාහනේ නිකම් තියල බැට්‍රි බහිනවනම් බැට්‍රියෙ දෝශයක් නොවී වාහනේ ලෙඩක් වෙන්න පුලුවන්. (අලුත් වාහනවලනම් තරමක කාලයක් එකතැන තිබ්බොත් බැට්‍රි බහින්න පුලුවන් ඒ නිසා ලෙඩ හොයන්න කලින් ඒගැන බලල ඉන්න)
ඒ වගේම ඔය වැඩේ වෙනව බැට්‍රිය උඩ ගොඩක් ඔක්සයිඩ් බැඳිල තියනවනම්. මොකද ඒ හැදෙන ඒවට සමහරවෙලාවට කරන්ට් එක කන්ඩක්ට් කරන්න පුලුවන්. එතකොට කාලයක් යනකොට ඔක්සයිඩ් ලේයර් දිගේම බැට්‍රියෙ අග්‍ර දෙක එකට කනෙක්ට් වෙලා කරන්ට් එක ගිහිල්ල බැට්‍රි බහිනව. ඒ නිසා බැට්‍රි ටර්මිනල් පිරිසිඳුවට හොඳට කනෙක්ට් වෙලා තියෙන්න ඕනෙ.
![]()
ඔක්සයිඩ් වීම වලක්වන්න බැට්‍රි ටර්මිනල් වලට ගහල තියන්න ඒව තියනව. (අපේ අයියලනම් ගහයි මේන් කියල)
![]()
තව දෙයක් කියන්න ඕනෙ. ගොඩක් වෙලාවල පරණ වාහන වල බැට්‍රි අවුල් චාර්ජ් වෙන්නෙ නෑ ස්ටාර්ට් වෙන්නෙ නෑ කිව්වට අවුල තියෙන්නෙ බැට්‍රි ටර්මිනල් වල. ඒ නිසා නැතිලෙඩ හොයනව සමහර බාස්ල. ඔක්කොමට කලින් බැට්‍රි ටර්මිනල් සුද්දකරල තදවෙලා තියනව නෙද කියල බලල ඉන්න.
අන්තිමට කියන්න තියෙන්නෙ බැට්‍රි මරණ මංචකේ තියාගෙන වාහන දුවන්න එපා. අන්තිමට ECU පවා දාන්න වෙන්න පුලුවන්. ඒවගේම රීකන්ඩිෂන් බැට්‍රි දාන්න යන්න එපා දානවනම් අලුත් බැට්‍රියක් දාගන්න.
කවදා හරි වාහනයක් ජම්ප් ස්ටාට් කරන්න උනොත් මේ පහල තියන පිළිවෙලත් වැදගත් වෙයි.
![]()
මේ ත්‍රෙඩ් එකට මහේෂ් මල්ලිගේ විස්තර එකතු කිරීම බලන්න මේ ලිංක් එක ක්ලික් කරන්න.
http://www.elakiri.com/forum/showpost.php?p=21268931&postcount=16
කලින් වාහන ගැන දාපු ත්‍රෙඩ්.
ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
එහෙනම් හැමෝටම ආයුබෝවන්!
තෙරුවන්සරණයි!
වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට
කාර් එක සුමටව ධාවනය කරමු
බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
වාහනවල දෝශ සෙවීමේ සටහන්
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
රොටරි මෝලේ තරම
ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
කාබන් ෆයිබර් කාර්