වාහන මිළදී ගන්නන් වෙත 2

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    වාහන මිළදී ගන්නන් වෙත 2

    වාහන මිළදී ගන්නන් වෙත 2


    තට්ටයා හෙට අනිද්දා ගන්නට යන රථය

    අපිට වාගේම වාහන වලටද උප්පැන්නයක් ඇත .
    ඒකට කියන්නේ “පොත” කියලය.
    මුල්කලේ තිබුනේ ඇත්තටම පොතකි .
    ඊටපස්සේ කොම්පුටර් ලොකු කොලේය.

    ඉස්සර ලොකු කොලේ නම් දැන් තියෙන්නේ මොන කොලේද කියලා ඔනෑ එකෙකුට තේරුම් ගියත් “දැං තියෙන්නේ පොඩි කොලේ” කියා විහිළුවට වාගේ කියන්නේ හිතේ සතුටටය.

    පොතේ මගඩි වැඩි නිසා ලොකු කොලේත් , ඊටත් පහු වෙනකොට පොඩි කොම්පූටර් කොලයක්ද RMV එකෙන් දී ඇත.

    download%2B%25282%2529.jpg

    ශ්‍රී ලංකවේ සියළුම රථ වාහන වලට අධිගෘහිත දෙවියන්ගේ පූජා භූමිය හා දේවාලය

    motor-registration.jpg


    කොම්පූටර් පොඩි කොලේ

    දැං ඒහින්දා හොර මැරකං වෙන්නෙ නැතිව ඇති නේද ? කියලා කට තියාගෙන ඉන්න බැරි කමට අහන්න ඕනේ එකෙකුට හිතෙනවාය

    මට අහන්නට ඇත්තේ “ආයුබොවංඩ ලංකාවේ නොවේද? කියලාය !

    මේ උප්පැන්නේ
    කාරණා කරණා කිහිපයක් ඇත
    1 ලියා පදිංච් අංකය - ඔව් ඔව් වහනේ නොම්මරේ තමයිය!

    download%2B%25283%2529.jpg

    කාගෙ කාගෙ නොම්බර!

    වැඩේ පටන් ගන්න තියෙන්නේ ඔන්න ඔතනින්‍ය .
    තමන් වාහනයක් ගන්නට ගියතැන මේ වාහනේ ලංකාවට ආවේ කොයි කාලයේද කියන එක යාන්තමින් වත් දැන ගන්න ඕනෑය.

    හිතන්නකෝ මෙහෙම දැං ඔය අළුත් ප්‍රාඩෝ 150 ක් හරි වෙන මොකක් හරි අළුත්ම අළුත් කිරිකිරි වාහනයක් තියෙනවා 5 ශ්‍රී නොම්මරයක් ගහලා.
    download%2B%25281%2529.jpg


    ප්‍රාඩෝ 150 ය

    එතකොට එකෙන්ම දැනගන්න ඕනෙ මේ නම් මේකෙ පොත නොවනබව.

    ඒක හරියට ජුහී චවුලා වගේ කෑල්ලක් එනවා උප්පැන්න්‍යත් අරන් තමන්ව කසාද බඳින්න ; නම තියෙන්නෙ“ අංගො හාමි” කියලා .
    කියන්න දෙයක් නැ තේරෙනවානෙ වැඩේ අවුල් කියලා.
    images%2B%25285%2529.jpg

    අංගො හාමි!?

    අපේ රටේ පැට්‍රෝල් වලටයි ඩීසල් වලටයි වෙනවෙනම නොම්මර ඒකාලේ තිබුනා. ඉතින් තමන් ගන්න යන වාහනේ දුවන්න දාන තෙල් වලට අදාල නොම්මරයක් දැයි හොයා ගන්න පුළුවන්.

    images%2B%25286%2529.jpg

    පටලවා ගන්න එපා!

    ලොරි නොම්මර බස් නොම්මර ආදී වශයෙන් බොහෝ වෙනස් වෙනස් අංක ඇත. තමා මිළදී ගන්නට යන්නේ කුමක්දැයි අවබෝධයක් නැත්නම් ඒගැන සොයා බල සිටිය යුතුය.

    images%2B%25287%2529.jpg

    CAA මයිනරේ.

    සමහර වෙලාවට ඕකෙ අනිත් පැත්ත ද වෙන්න පුළුවන්‍ය .
    උදාහරණයක් ලෙසට හිතන්න කාෂ්‍යප බුදුන්ගේ කාලෙ මයිනර් එකක් එනවා CAA වගේ අළුත් නොම්මරයක් එක්ක.
    අපිට හිතන්න තියෙන්නේ මේකෙ මොකක් හරි කොස්සක් , ඉදලක් නැත්නම් අඩුම ගානෙ ඉළපතක් වත් ඇති බවය,චැසි නොම්මරේ මීටත් වඩා ලොකු කොස්සක් තිබිය හැක!
    images%2B%25288%2529.jpg


    මේවගේ සීන් වලදී බ්‍රෝකරයෝ නැතිනම් විකුණන කූඨකයෝ කියන කතා කිහිපයක් ඇත.

    1. මේක මෙච්චර දවස් පෝට් එකේ (වරායෙ ) හිරවෙලා තිබුනු එකක්!
    2. ඇම්බැසියකින් (තානාපති කාර්‍යාල) ගත්තු එකක්!
    3. හමුදාවෙන් ගත්තු එකක්

    මේ කතා වලින් කුමක් ඇත්තද නැත්ත ගැන අදාල ආයතන හෝ RMV එකෙන් සොයා බලා ගත යුතුය.

    download%2B%25282%2529.jpg

    සර්ව බල ධාරී දෙවියන්ට වඩා කපුවන් කට්ටඬියන් කොට්ටූරුවන් රජකරණ දෙවොල!


    අනෙක වාහනයක නොම්මරේ 325 , FZ හෝ EA ආදී E අක්ෂරයෙන් පටන් ගන්නා එකක් වේනම් ආයෙ හෝදන්න දෙයක් නැත .
    අනිවාර්‍යයෙන්ම RMV එකේ දෙපාරක් ලියාපදිංචිවී ඇතිබව ‘ලබ්බට රිටෙන් ඇන්නාසේ” කිවහැක.
    ඉතින් එකපාරක් ලියාපදිංචිය හොඳනම් දෙපාරක් උනාම මොකද්ද වෙන අවුල කියාලා කාට හරි කට කහනවට අහන්න හිතෙන්න පුළුවන
    . උන්නැහැට කියන්න ඇත්තේ ඕක “කසාද බැඳිල්ලට” උපමා කොට බලන්න කියලාය.

    ඒ පොත දැක්ක ගමන් මේකෙ ඇතුලේ මොකක් හරි “ අභ්‍යන්තරයක්” තිබෙන බව තේරුම් ගන්නවා හොඳය.

    download%2B%25284%2529.jpg

    ඇතුලේ ඇති අභ්යන්තරය!
    images%2B%25289%2529.jpg


    2. චැසි අංකය



    වාහනයේ උප්පැන්න්යේ ස්ත්‍රී පුරුෂ භාවය දැක්වෙන්නේ මෙයින්‍ය. ඉස්සර වාහන වල චැසි අංක තිබුනේ බස් රූට් වගේ ඔහේ ඉලක්කං කිහිපයකි.

    කාලයත් එක්ක මේ අංකයට කිසියම් වටිනාකමක් එකතුවෙන්නට විය.
    එය එසේ වූයේ එකම වාහනය මාදිලි එහෙමත් නැත්නම් දන්න සිංහලෙන් කියනවානම් මොඩල් වලින් එන්න පටන් ගත්තාමය .

    උදාහරණයක් විදියට මීට කාලෙකට පෙර පොලීසියට (කැම වෑන් වලට )දී තිබුනු TOYOTA ජීප් එක Land Cruiser BJ40 ය.

    (ඇත්තටම Jeep කියන්නේද Toyota වැනිම තවත් වර්ගයක් විනා මාදිලියක් නොවන්නේය. සෙරෙප්පු සියල්ලටම බාටා කියන අමුසිරිලාංකිකයෝ වැටකොළු මැස්සක් වන් ඕනෑම දඬු මැස්සකට කියන්නේ ජීප් කියලාය!)


    images%2B%25281%2529.jpg


    Land Cruiser BJ40 කියන්නේ මේන්න මේකටය.

    DSC06386.JPG

    Land Cruiser BJ40චැසි අංකය

    මෙම වාහනේ චැසි අංකය ඇරඹෙන්නේ BJ40-………….. යනුවෙනි.
    එවිට මෙම වාහනයට අදාල පොත ලෙස ඉදිරිපත් කලයුතු වන්නේ චැසි අංකය BJ40-………….. ලෙස දැක්වෙන එකක් විය යුතු මය !

    මීට වඩා රෝද අතර පරතරය එනම් ඉස්සරහ රෝදය හා පිටුපස රෝදය අතර දුර (Wheel Base ) මේන්න මෙච්චර විතර වැඩි
    නැතහොත් අරකට වඩා යාන්තමින් දිග එක ;Land Cruiser BJ40 නොවන්නෙය.
    එය BJ43 ය . මේකෙ චැසි අංකය ඇරඹිය යුත්තේ BJ43 යනුවෙනි.


    download.jpg

    Land Cruiser BJ43 කියන්නේ මේන්න මේකටය.

    (මේවා හඳුන්වන්නේ රැජිනගේ බාසාවෙන් මිසක හිංගලෙන් වත් දෙමලෙන් වත් නොවේ . බී ජේ ෆොර්ටි , බීජේ ෆොර්ටි ත්‍රී කියාය!)

    මේකෙ දිගම එක ට කටපුරා කියන්නේ BJ45 කියාය.
    මේකෙ චැසි නොම්මරේ එන විදිය ; මේක බලන කියෝන ඔබ තමුන්නාසෙලාට ඇස්පියාන කියන්න පුළුවන් බව මට විශ්වාසය.

    images.jpg


    Land Cruiser BJ45 කියන්නේ මේන්න මේකටය.


    මීට කාලෙකට පස්සේ පොලෝසියට දුන්නේ Land Cruiser BJ75 එකය.
    මේකට සාමාන්‍යයෙන් කියන්නේ පොලිස් මොඩල් කියලාමය.


    images%2B%25282%2529.jpg



    Land Cruiser BJ75


    මෙම වාහන ලංකාවට ආවේ 32- 3000 කාණ්ඩයෙන් උඩ බව මගේ මතකයයි. සමහර විට මෙවන් වාහනයක් 28 ශ්‍රී වාගේ තිබුනොත් එතන මොකක් හරි කොස්සක් තිබිය යුතුය!
    අප මෙවන් වාහයක් පිළිබඳව පෞද්ගලිකව සොයා බැලුවෙමු. එහි චැසි අංකය වූයේ

    download%2B%25285%2529.jpg


    BJ45-……………යනුවෙනි.
    මේ පෝස්ටුව ඔබට තේරුම් යන අයුරින් මට ලියාගන්නට හැකි වුනි නම් හෝ
    මා අමාරුවෙන් ලියපු දේ කියවපු උන්නැහැලට තේරුම් ගියානම්
    මේ වන විට තේරුම් ගොස් අවසාන වී ඇති වෙලා තියෙන අවුල !

    මේ Land Cruiser BJ75 එකට අතපුරා ගසා ඇත්තේ
    පරණ BJ45 එකක චැසි නොම්මරේ හා උප්පැන්නයය !
    ඔබට හිතෙන්න පුළුවන් එතකොට තිබුනු ඔරිජිනල් පොත
    අයිතිකාරයාගේ පවුල දොළ දුකට කාලද කියලා.

    images%2B%25283%2529.jpg

    Box Prado එකක්

    අනේ නෑ ! අපි සැක කරණ්නෙ ඒ පොත ගසගෙන Box Prado එකක්
    පාරේ දුවනු ඇත කියාය!
    එතකොට ඒ Box Prado එකේ පොතට මොකද වුනේ ?
    ඕනෑම එකෙකුට අහන්න හිතෙනවාය.
    ඒක හරියමන් ජම්මයක් නැතිව කන්ටේනරයක් තුල
    “පාවිච්චි කරණ ලද මෝටර් රථ අමතර කොටස් ” හෙවත් බොඩි පාට්ස් ලෙසට ; රේගුවේ කනෙන් රිංගා හෝ වලාපට නැතිනම් තිසර පට ඇතුලින්
    ලංකාවට ගොඩ බසින ලද එකක් විය යුතුය !

    එවිට ශරීරයක් තිබුනාට එයට ආත්මයක් නැත !
    කොටින්ම අප්පෙකු නැති අවජාතක එකෙකි !
    එයට Land Cruiser BJ75 පොලිස් මොඩල් රථයේ පොත තබා
    එහි චැසි අංකය Box Prado එකේ චැසියේ කොටා
    පරණ පොලිස් රියේ නොඉම්මරේ ගසාගත්තාම
    ජාමෙ බේරගෙන පාරේ දුවා ගන්නට පුලුවන.
    Box Prado එකේ වටිනාකම පොලිස් රථයක මෙන් දෙගුනයටත් වඩා වැඩිය.




    නමුත් ඇත්තටම Box Prado එකේ චැසි නොම්මරේ පටන් ගත යුත්තේ
    LJ යනුවෙනි !
    දැංන් මේක කියෝන උන්නැහැලට හිතෙන්න පුලුවන්
    “තට්ටයා අනා ගත්තා නේදෝ” කියලා.
    අනේ තරහ අවසර ඒවාට ඕනෑ තරම් ක්‍රම විධි සහ නිශ්පාදන අපේ රටේ ඇත.

    Custom එකේ උදව්වට RMV එක ඉදිරි පත්වන්නේ මෙන්න මේ බැරි අමාරුකම දුටුවාම මය !
    download%2B%25281%2529.png




    RMV එකෙන් Land Cruiser BJ75 පොතේ
    බඩ පිරෙන්න අත පය දිග ඇරලා Body Fitted කියා ගැසූ සැනින්
    සියළු දෝස භංගවේ!
    ඒවා ගැන RMV අසල ගැවසෙන දැන මුත්තන්ගෙන් ඇසූවිට උන් කියන්නේ “මොනාද ලොක්කා කරාන්න බැරි …..!? කියාය!

    images%2B%252813%2529.jpg

    RMVඑක අසල ගැවසෙන අයියා කෙනෙකු තමාගී පාභෝගිකයාගී අව්ශ්යතාවය ගැන විමසිලිමත් වන අයුරු!

    අවජාතක Box Prado එකට සුජාත භාවය ලැබෙන්නේ එසේය.
    බලන ඕනේම අයෙකු හට හිතෙන්නේ පැරණි Box Prado එකට අළුත් බොඩියක් තියා කියා හෝ පැරණි පොලිස් මොඩල් BJ75 එකේ බොඩිය දිරා ගිය පසු Box Prado බොඩියක් සවිකොට ඇත කියාය.


    images%2B%252814%2529.jpg

    Box Pradoචැසිය
    - පෙනේද කොයිල් ස්ප්‍රින්ග් හතරක් දිලිහි දිලිහි තියෙනා අයුරු

    මෙය නිවැරදිව සොයා ගැනීමටද ක්‍රම ඇත ! මන්ද Box Prado එකට ඇත්තේ ඉන්ඩිපෙන්ඩන් සස්පෙන්ශන් (Independent Suspension) ක්‍රමයකි. නොඑසේ නම් කියනවා නම් හතරම කොයිල් ස්ප්‍රින්ග් ය. BJ75 ඇත්තේ දුනු මිටි හතරකි !
    images%2B%252815%2529.jpg


    BJ75 ගොනා මොඩල් චැසිය - පෙනේද දුනු මිටි හතරෙ උජාරුව.

    මේවා ගැන ඇසූ විට මේවාකරණ අයියල දෙන උත්තරේ වන්නේ
    අපි දුනු මිටිහතර ගලෝලා කොයිල් ස්ප්‍රින්ග් කලා කියලාය.
    ඇත්තටම ගත්තත් එහෙම කරණ්නට පුළුවන් රජ වැඩ කාරයන්ද සිටිති!
    එහෙත් ඒ තරම් මහන්සි වන්නට ඔවුනට අමාරුවක් තිබේ යැයි සිතන්නට කිසිදු සාධකය අප දැක නොමැත

    Mitsubishi රථයක චැසි නොම්මරයට අකුරු හෝ ඉලක්කං 17 ක් ඇත ! පහත දක්වා අත්තේ එම Digits 17 න් කියැවෙන කරුණු කාරණාය.


    11111.jpg


    2222.jpg


    විමසිල්ලෙන් බලන්න තායි ලන්තයේ නිෂ්පාදිතMontero Sports රථයක ක හා ජපානයේ නිෂ්පාදිත Montero රථයක චැසි අංකයේ වෙනස!

    3.jpg





    4.jpg








    මෙවන් සැක සහිත රථයක් පොලිස් වෙනත් රජයේ ආයතනක් විසින්

    අතඩංගුවට ගත් පසු එය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත
    යොමු කරණු ලබයි.
    එහිදී විමර්ශණය කරණ්නේ එහි සඳහන් චැසි අංකය ;
    රථයේ නිශ්පාදකයා විසින් චැසිය මත කොටන ලද එකක්ද නැතිනම් අපේ අයියලාගේ වැඩක්ද කියලාය.
    අපේ අයියලා මුල් කාලයේ මෙන්
    කටුවෙන් මිටියෙන් චැසි නොම්ම්මර කොටන්නේ නැත.
    ඒවාට නවීනතම ක්‍රම ඇත.
    රස පරීක්ශකගේ අත් කාචය මෙම ක්‍රම සහ විධි වලට ඇඹරේ !


    රස බලන රස පරීක්ෂක!

    එහිදී චැසි නොම්මරයේ නිර්දෝශී බව ඔප්පු වුවහොත්
    ඊළඟට කරන්නේ එම රථයේ මෙරට වෙළෙඳ නියෝජිතයාගෙන්
    තාක්ෂණික වාර්ථාවක් කැඳවීමය.
    එහිදී මෙම චැසි අංකයට අදාල වන්නේ කුමන මාදිළියක රථයක් දැයි
    සොයා බැලීම කරණු ලබයි !
    අවසානයේ කියන්නට ඇත්තේ මේ සියළු දේවල් ඉෂ්ඨ ශිද්ධ කරණ්නේ මිනිසුන් කියාය.




    දාහට නොඇඹරෙන එකා පන්දාහට ඇඹරේ !
    පන්දාහට නොඇඹරෙන එකා දහ දාහට ඇඹරේ !!
    එහෙමත් නැති එකා පනස් දාහටද නැතිනම් ලක්ෂයට හෝ
    මිළදී ගැනීමට නොහැකි විය නොහැක යැයි කිසිවෙකු කිවහොත්
    එයට එකඟ වීම හෝ නොවීම ඔබසතු කාර්‍යයක් යැයි
    මා විශ්වාස කරණ බව පවසන්නේ
    කුමන සිතුවිල්ලක් හදේ දරා ගෙනදැයි සිතීම
    ඔබහට භාර බව මා මැදිහත් සිතින් මෙයින් පවසා
    නිහඬ වන්නට සිතුනද ;
    ඔබ විසින් මේ පිළිබඳව මා විසින් දරණ මතය පිළිබඳ
    වැරදි අවභෝදයකට ; එය තුලින් එළඹෙනු ඇතැයි සිතත්ම
    මාහට මුනිවත රකින්නට සිතෙන්නේ ;
    “කාගෙ මෝ කාගත්තත් මොටද අන්න්චි රාළගෙ පනං අට ලැබෙනවානම්” යනුවෙන් කියැවෙන
    පැරණි ආප්තෝපදේශය මතක්වීමෙන් නොව
    අපේ තාත්තා ජීවත්ව සිටින කල නිතර ඔහුගේ මුවෙන් පැවසෙන
    “ නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගන්නෙපා යකෝ ”
    යනුවෙන්
    ආදරයෙන්;
    සෙනෙහසින් ;
    මෘදු ලෙස කියන වගන්තිය මතක් වීමෙනි !

    (චැසි අංකවල කේස් බේර ගන්න එක ඔන්න ඔය වගන්තිය වගෙ අමුම අමු අච්චාරුවක් නොව වංබොටු මෝජුවක්‍ය !)

    චැසි අංකයට සැලකුවා මදි නේද ?


    චැසියට වඳින ගාථාව කියා චැසිය නමදින බැතිමතෙක්!

    නිකංද කපුගේ සිංඳුවකුත් කීවේ

    “චැසිය මගේ නුඹ - නෑ මා ඔබගේ චැසිය නොවේ …!!”

    කියලා

    download%2B%25288%2529.jpg



    කපුගේ

    Source http://thattayagekolama.blogspot.com/2017/08/2_30.html
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    සෑහෙන හොඳ පැහැදිලි විස්තරයක් මචෝ.

    ඔව් මමත් හොයා හොයා හිටපු දෙයක්
    මම ලිපෞ එකක් නම් නෙමයි
    ගෙඩිය පිටින් කොපිකලා
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    සිරාවටම ලියලා තියනවාය. නොදන්න අපි දැනුවත් කළාට බොහෝම ස්තූතිය...
    රෙප් දුන්නාය.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මේක තමයි හොදම කැල්ල

    //
    අවසානයේ කියන්නට ඇත්තේ මේ සියළු දේවල් ඉෂ්ඨ ශිද්ධ කරණ්නේ මිනිසුන් කියාය.


    දාහට නොඇඹරෙන එකා පන්දාහට ඇඹරේ !
    පන්දාහට නොඇඹරෙන එකා දහ දාහට ඇඹරේ !!
    එහෙමත් නැති එකා පනස් දාහටද නැතිනම් ලක්ෂයට හෝ
    මිළදී ගැනීමට නොහැකි විය නොහැක යැයි කිසිවෙකු කිවහොත්
    එයට එකඟ වීම හෝ නොවීම ඔබසතු කාර්‍යයක් යැයි

    //