වාහන වලින් උගත් පාඩම්.

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    (කාට හරි වැදගත් වෙයි කියල හිතනවා)

    මේ කියන කතා අදාල වෙන්නෙ middle class or lower ඉන්න අමාරුවෙන් හම්බකරල වාහන ගන්න අයට. කැමති වෙලාවට වාහන මාරු කරන්න සල්ලි තියෙනම් හෝ ගරාජ් එකක් ගෙදර හරි family එකේ හරි තියෙනම් මේව අදාල නැතිවෙයි. මේ මම දන්න දේවල් විතරයි.

    පටන් ගන්න නම් ඉන්දියන් වාහන හොඳයි.

    තෙල් සහ අනිත් වියදම් අතින් ඉන්දියන් වාහන ලේසියි. හැබැයි brand new ගන්න එපා, පාඩුයි. පරිස්සමින් පාවිච්චි කරපු 1st owner වගේ එකක් පලවෙනි වාහනය විදියට රස්සාවට ගිය ගමන් හරි ටික කාලෙකින් හරි ගන්න හොදයි. ඔස්තාර්ල මොනව කිව්වත් පරන ජපන් වාහන අරන්, රස්සාවට ගියගමන් ගරාජ් ගානෙ වෙලා නාස්ති කරන්න අමාරුයි නෙ. වාහනේ හොදට බලාගත්තොත් වද දෙනව අඩුයි. ගොඩාක් කල් පාචිච්චියට හොද නෑ. ඒ නිසා දෙන්න ඔනෙ කියල මතක තියන් පාවිච්චි කරන්න. පවුලක් උනාම ජපන් හරි වෙන හරි safe වාහනයක් ඕනේ.

    ඊලග වාහනේ ගන්න ගිහින් budget පැනල ඇන ගන්න එපා.

    ලස්සනට performance වලට gadget වලට රැවටිල ලොකු/high maintenance වාහන ගන්න එපා. Use කරපු වාහන කොහෙ තිබ්බද කොහොම තිබ්බද දැන් කාලෙ sure නෑ. Service cost එක repair cost/availability එක බලන්න. ටික ටික උඩට යන්න පුලුවන් විදියෙ වාහන ගන්න. Toyota badge එක තියෙනම් ඕන එකක් වගෙ මෙහෙ market. Dream car එක ගන්නම් තමන්ගෙ අනිත් ප්‍රශ්න විසදිලා, income එක stable වෙන්න ඕනෙ. ලන්කාව කියන්නෙ ආස වාහන ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් රටක් නෙමෙ.

    ගරාජ් කාරයොන්ට රැවටෙන්න එපා.

    ගොඩක් ලොකු/පොඩි ගරාජ් පලවෙනි පාර ලෙවකන්නෙ නැතුව විතරයි. දෙවෙනි තුන්වෙනි පාර ගියාම වාහනේ කනවා. තමන්ගෙ වාහනේ ගැන ඉගෙන ගන්න. කරන්න ඔනෙදේ කොහොමද කවද්ද කරන්නේ කියල ඔලුවෙ තියෙන් small exclusive ගරාජ් එකක් සෙට් කරගන්න. උදේ වාහනේ දීල හවස ගන්න බලන් වෙන වැඩක් කරන්න ලන්කාව තාම matured නැහැ. වැඩ කරන්නෙ පොඩි උන්. responsibility එකක් නැහැ. නිවාඩු දාල එතන ඉන්න.

    වාහනේ ගැන ඉගෙන ගන්න.

    Turbo වාහනයක් නම් ගමනක් ගිහින් ආවම පොඩ්ඩක් cool වෙන්න අරින්න engine එක ඔන් එකේ තියල coolant ටික cycle වෙලා heat එක අඩු වෙනකම්. A/C එක ගොඩක් කල් හොඳට තියා ගන්න නම් ගමනක් ගිහින ආවම AC එක off කරල blower එක විතරක් දාල water vapor එක යනකම් ඉන්න. Cooler/evaporator coil එක ගියාම dashboard ඔක්කොම ගලවන්න ඕනෙ. ගලවන එකා careful/patience නැත්නම් pin කැඩිල dashboard එක විනාස වෙනව. වෙලාවට A/C Service කරන්න. Turbo වලට synthetic ඔයිල් 95 octane petrol හොඳයි. Suspension related දේවල් හැමෝටම හදන්න බෑ. Shocks/rack Repair කරන්න එපා. Replace කරන්න. Windscreen එක පොඩ්ඩක් හීරුනා කියල cut කරල polish කරන්න එපා. Protection layer එක යනවා. හැමදාම coating එක ගහ ගහ ඉන්න වෙන්නෙ. ටයර් වල ලාභ හොයන්න එපා.

    Preventive maintenance කරන්න.

    Drive belt / mounts / plugs / filters වගේ දේවල් නැත්තටම නැතිවෙන්න කලින් මාරු කරගන්න. Engine oil, ATF/gear oil, break oil, coolant වෙලාවට මාරු කරන්න. යට මාස 3-4 කට වතාවක් වත් හෝදන්න. දිරුම් දැක්කොත් පුලුවන් වෙලාවට හදල නවත්ත ගන්න. වාහනේ manual එක internet search කරල හරි හොයාගන්න. ඒකෙ ඕව තියෙනව. ලන්කාවෙ conditions නිසා ටිකක් කලින් කලාට කමක් නෑ. හැම වාහනේ ම එක වගේ නෑ. බබා වගේ බලා ගන්න ඕනෙ ඒවත් තියෙනව.

    Accident repair වගේ ඒව වැඩි අවදානයකින් බලන්න.

    සමර ලොකු ගරාජ් වලින් අටවල දෙනව හරි කියල. Bumpers හයි කරන්න කලින් පෙන්නන කියන්න. පුලුවන් නම් repair එකෙන් පස්සෙ වෙන තැනකට දාල report එකක් ගන්න. paint එක color code match කරල කලා කියල හරියටම හරියන්නෙ නෑ. අව්වට පිච්චිලා නම් වෙනස් වෙනව. වැඩ්ඩෙක් හොයාගන්න.

    වාහනේ කපන්න කොටන්න එපා.

    Modify කරන්න ආස උනත්. ආයෙ revert කරන්න පුලුවන් විදියෙ ඒව කරන්න. වයර් කපල හිල් විදල ලයිට් දැම්මම වාහනේ වටිනාකම අඩු වෙනව. වයර් අටෝන අයියල wiring හරියට කලේ නැත්තම් electrical issues එනව. අලුත් වාහන වල can bus එකට අත තියන්න එපා.

    ඕනවට වඩා වාහනේ එක්ක බැඳීම් තියාගන්න එපා.

    සියලු දේ අනිත්‍යයි. වාහන කැඩෙනව. කොච්චර ආස උනත් ලන්කාවෙ වාහන perfect condition එකේ තියාගන්න අමාරුයි. හිත හදා ගන්න ඕන තැන් එයි. සද්ද ඔක්කොම හදල ඉවර කරන්න අමාරුයි. සමහර සද්ද කරදරයක් නම් ලොකු අවුලකුත් නෙමේ නම් හය්යෙන් සින්දුවක් දාගෙන යන්න.

    -----------
    ආස වාහන ගන්න නම් මහන්සිවෙලා career එක හදා ගන්න. සල්ලි තියෙනම් වාහන ප්‍රශ්නයක් නෙමෙයි. කොලු කාලෙ ඉවර නම් දරුවෙක් ඉනන්ව නම් safe වාහනයක් අත්‍යාවශ්‍යයි. ගෙවල් දොරවල් නැත්තම් වාහන වලට වියදම් කරල නාස්ති වෙන්න එපා. වාහන වලට ආස උනත් priorities set කරගන්න. තිරිසන්නු වගේ පාරෙ drive කරන්න එපා. වාහ්නේටත් හොද නෑ. අපිටත් හොද නෑ. හයියෙන් යන්න පුලුවන්තැ න් අඳුරගෙන එහෙම තැන් වල fast drive කරන්න. ජිවිතේ scale down කරන්න වෙන තැන් ඒයි. වාහනේ downgrade කලා කියල life එක නතර වෙන්නේ නෑ. Electric වාහන හැමෝටම set නෑ. තමන්ගෙ ආසව ගැනත් consider කරන්න.

    ඊලග පාර brand new එකක් ගන්න ප්ලුවන් නම් දෙපාරක් හිතන්න එපා. Warranty එක තියෙනව කාලයක් හිත නිදහසෙන් පාවිව්වි කරන්න පුලුවන්. දැන් pure Japanese/European කියල එකක් නැහැ. Research එක හරියට කරල හොඳ එකක් ගන්න.
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    Aluth wahana ganna epa kiyanna thota track da mitto.. lankawe vehicle ekak adaren balaganna puluwan danumak thiyana un inne hena aduwen. 1st owners la godak inne modama moda huththala... man gaththu used vehicles godak pawichchi karala thiyenne vesiyo.. aduma samahra un basic maintenance wath karala nah..

    Gannawa nam hondata search karala reliable brandnew ganna.. jdm genalla sale pakayala happunu jarawal meter karakawala minisunta denawa... eeta wada hondai brandnew ganna eka..
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    Aluth wahana ganna epa kiyanna thota track da mitto.. lankawe vehicle ekak adaren balaganna puluwan danumak thiyana un inne hena aduwen. 1st owners la godak inne modama moda huththala... man gaththu used vehicles godak pawichchi karala thiyenne vesiyo.. aduma samahra un basic maintenance wath karala nah..

    Gannawa nam hondata search karala reliable brandnew ganna.. jdm genalla sale pakayala happunu jarawal meter karakawala minisunta denawa... eeta wada hondai brandnew ganna eka..
    පුතා යට ටික කියවන්න.
     
    • Like
    Reactions: libero

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    ඕනවට වඩා වාහනේ එක්ක බැඳීම් තියාගන්න එපා.

    සියලු දේ අනිත්‍යයි. වාහන කැඩෙනව. කොච්චර ආස උනත් ලන්කාවෙ වාහන perfect condition එකේ තියාගන්න අමාරුයි. හිත හදා ගන්න ඕන තැන් එයි. සද්ද ඔක්කොම හදල ඉවර කරන්න අමාරුයි. සමහර සද්ද කරදරයක් නම් ලොකු අවුලකුත් නෙමේ නම් හය්යෙන් සින්දුවක් දාගෙන යන්න

    😭😭😭😭😭😭😭

    Meka thamai dan thiyena prashne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Great list, some additions OTOMH:

    - Get a dash camera and a portable jump starter.

    - Keep your records safe. (maintenance and eco test)

    - Protect your vehicle from rodents. When parking in an unfamiliar area at night use a deterrent like LM Marten Spray. Avoid eating inside the vehicle. Clean up crumbs and debris at the first opportunity to keep rodents and ants away.

    - Stick to genuine spare parts. Almost all consumables (filters etc) found on Daraz are low quality Chinese imitations (the exception is the authorized agent's verified Daraz store)

    - Avoid parking under trees that drop heavy sap, Eg: Mango

    - Keep your drainage passages clear (Windscreen cowling, Doors, Wheel arches, Sunroof etc)

    - Keep your spare tire inflated, take it out whenever you wash the car and make sure the tire is pressurized and the spare wheel well is clean and free of liquid.

    - If you scratch your underbody get it protected with rubberized anti rust paint (available on Daraz)
     
    Nice. Thanks

    ඕනවට වඩා වාහනේ එක්ක බැඳීම් තියාගන්න එපා.

    සියලු දේ අනිත්‍යයි. වාහන කැඩෙනව. කොච්චර ආස උනත් ලන්කාවෙ වාහන perfect condition එකේ තියාගන්න අමාරුයි. හිත හදා ගන්න ඕන තැන් එයි. සද්ද ඔක්කොම හදල ඉවර කරන්න අමාරුයි. සමහර සද්ද කරදරයක් නම් ලොකු අවුලකුත් නෙමේ නම් හය්යෙන් සින්දුවක් දාගෙන යන්න

    😭😭😭😭😭😭😭

    Meka thamai dan thiyena prashne
    කිව්වට මටත් ඕක තමා.
    ------ Post added on Dec 24, 2025 at 1:32 AM
     
    • Like
    Reactions: fdk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113
    JDM vehicle එකක්ම ගන්න බලන්න. Spare parts සුලබයි. අනාගතේ Raize model එක අවුරුදු 15 ක්‌ ගියත් හොඳ මාකට් එකක් තියෙයි
     
    • Haha
    Reactions: bladeable

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    JDM vehicle එකක්ම ගන්න බලන්න. Spare parts සුලබයි. අනාගතේ Raize model එක අවුරුදු 15 ක්‌ ගියත් හොඳ මාකට් එකක් තියෙයි
    The Raize is good for Papa and Uncle's type of guys. Buy what you like with your budget and enjoy, not for the second owner. Money is not everything.
    Toyota and JDM mentality is in the Baby Boomers and some millennials. We cannot get good Japanese cars due to the tax system. What we have in the market is rebadged Daihatsu with the Toyota logo.
    |
    The Daihatsu is like a Suzuki. They produce low-budget, efficient. A-B cars and nothing more.

    Great list, some additions OTOMH:

    - Get a dash camera and a portable jump starter.

    - Keep your records safe. (maintenance and eco test)

    - Protect your vehicle from rodents. When parking in an unfamiliar area at night use a deterrent like LM Marten Spray. Avoid eating inside the vehicle. Clean up crumbs and debris at the first opportunity to keep rodents and ants away.

    - Stick to genuine spare parts. Almost all consumables (filters etc) found on Daraz are low quality Chinese imitations (the exception is the authorized agent's verified Daraz store)

    - Avoid parking under trees that drop heavy sap, Eg: Mango

    - Keep your drainage passages clear (Windscreen cowling, Doors, Wheel arches, Sunroof etc)

    - Keep your spare tire inflated, take it out whenever you wash the car and make sure the tire is pressurized and the spare wheel well is clean and free of liquid.

    - If you scratch your underbody get it protected with rubberized anti rust paint (available on Daraz)
    If you scratch your underbody get it protected with rubberized anti rust paint (available on Daraz)

    Can you suggest a good product? We want to apply it to our front gate. :D
    ------ Post added on Dec 24, 2025 at 7:28 AM
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,771
    113
    Bangkok
    - Stick to genuine spare parts. Almost all consumables (filters etc) found on Daraz are low quality Chinese imitations (the exception is the authorized agent's verified Daraz store)

    If you have to replace parts, might as well upgrade if you have the budget. (Genuine from manufacturer best quality)

    Also keep a tyre puncture repair kit / 12v air pump in the car together with duct tape and cable ties.
     
    • Like
    Reactions: TheRockSays

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    The Raize is good for Papa and Uncle's type of guys. Buy what you like with your budget and enjoy, not for the second owner. Money is not everything.
    Toyota and JDM mentality is in the Baby Boomers and some millennials. We cannot get good Japanese cars due to the tax system. What we have in the market is rebadged Daihatsu with the Toyota logo.
    |
    The Daihatsu is like a Suzuki. They produce low-budget, efficient. A-B cars and nothing more.

    Very true :yes:
     
    • Like
    Reactions: TheRockSays