basic outline tikawath dapanko methana passe hoda thread ekak dapan
මේක එක අව්රුද්දෙන් කරන්න බැ . මේකට අවරුදු 3 ක 4 ක විතර ඉදන් රේඩි වෙලා ඉන්න ඕනේ. ලොකු කැපවීමක් තියෙන්න ඕනේ.
1. මුලින් උබ හොයාගන්න ඕනේ ලංකාවේ ඉඩම් වල ගණන් යන ෆැක්ටර් එක. ඒ කියන්නේ අව්රුද්දට ලක්ෂේකින් ගණන යනවා කියන එක. (මේ ඉන්ෆ්ලේෂන් එක නිසා ගණන් වැඩි වීමේ පිස්සු ස්පයික් එකක් ගියා. එක දැනට මේක කරන උන්ට පට්ට ලාබයි. මම මේ කියන්නේ එහෙම අස්වබවික නැතුව සාමන්යෙන් ඉඩම් ගණන් යන ෆැක්ටර් එක මචං )
2. උබට ඕනේ කරනවා ලංකාවේ හැම දිස්ත්රිකෙකම ඉඩම් වල per perch අගය. මේක දල අගයක් වශයෙන් දාගන්න ඕනේ. එක්සෙල් තමා උබේ මිතුරා. මේක ඉන්ටර්නෙට් එකෙ තියනවා දැක්ක. එත් එක හරියන්නේ නැ. ලෝකල් පොරවල් අල්ලාගන්න ඕනේ බ්‍රෝකර් වැඩ කරන. උන් කියන ගානෙන් 10% -15% (මේක මම හොයාගත්ත දෙයක්) අඩු කරලා දාපන් එක තමා හරි ගාන. උබේ හොද බ්‍රෝකර් නෙට්වර්ක් එකක් තියෙන්නම ඕනේ මේ වැඩේට. හැබැයි ඉතා වැදගත් දෙයක් උබ ඉඩම් විකුණන එකෙක් කියල කිසිම වෙලාවක උන්ට නම් කියන්න එපා. කෙලින්ම උබ අතේ සල්ලි තියාගෙන ගන්න ගානට තමා ටෝක් කරන්න ඕනේ. උන් රට කාල වතුර බීපු උන්. උබේ ටොන් එකෙන් උන් දන්නවා උබ කව්ද කියල. එක නිසා බ්‍රෝකර් ලාට ටෝක් කරන ආට් එක මාස්ටර් කරන්න වෙනවා .
3. ඊළගට රටේ වෙන සන්වර්දන් ප්‍රොජෙක්ට් , මාර්ග සංවර්ධන. අලුත් ෆැක්ටරි දාන ඒවා හොද ට්‍රැක් එකක ඉන්න ඕනේ. අලුතෙන් පාර කාපට් එලපු ගමන් ඉඩම් ගණන් යනවා.
4. මේක තමා අමාරුම. උබ උඩින් කිව්ව එක වගේ ඉඩම් ගණන් යන සාදක ටික හොයාගන්න වෙනවා. මේකේ ඔක්කොම මාත් තාම හොයන දෙයක්. මේ ඔක්කොම ඉදිරියේදී කියන වචනේ දාන්න ඕනේ. මෙන්න මේ හේතුව නිසා තව අවරුදු 2 කින් ඉඩම් ගණන් යනවා . පාස්ට් එකේ උන දේවල් විශ්ලේෂණයෙන් මේකට ලොකු උදව්වක් ගන්න පුළුවන්. ඒ වගේම මේක ප්‍රදෙශියයි. උදා කොලබ ඉඩම් ගණන් යන විදිහට නෙමේ පුත්තලමේ ඉඩම් යන්නේ. තනිකර අතරපු ලුණු ලේවයන් තියෙන්නේ.
5. දැන් කරන්න ඕනේ උබ එක්සෙල් එකේම හදපන් තව අවරුද්දකින් ස්ටෑන්ඩර්ඩ් වැඩි වෙන එකෙන් වෙනස් වෙලා ඊට වඩා ලොකු ගානකින් ඉඩම් වැඩි වෙන ප්‍රදෙශේ හොයාගන්න විදිහ. එක කරන්න ඉඩම් ගණන් යන සාදක ටික එක්සෙල් එකේ තියන්න ඕනේ. ඒ වගේම එක එක ප්‍රදේශ වල හෝ තෝරාගත් ප්‍රදේශ වල අගයන් වගුවක් විදිහට දාල තියෙන්න ඕනේ .
උදා: මාතලේ රත්තොට කියන පැත්තේ සාමන්යෙන් අව්රුද්දට ලක්ෂේකින් ඉඩම් ගණන් යනවා කියල හිතපන්.
දැන් ඒ ප්‍රදෙශේ උබේ ඉඩම් ගණන් යන සාදක ටිකේ අගයන් තියනවා. ඒ ටිකෙන් බලන්න ඕනේ ලක්ස්හෙට වඩා වැඩියෙන් ඉස්සරහ අවරුදු දෙක තුනේදී ගණන් යන ඉඩමක් ඔය පැත්තේ තියේද? ඔන්න ඕක හොයාගන්න තමා උඩ වැඩ ඔක්කොම කරන්නේ.
හිතපන් රත්තොට එක ගමක් කාපට් කරන්න සෙට් වෙනවා කියල ආරංචියක් යනවා තව අවරුද්දකින්. නැත්නම් ෆැක්ටරි එකක් දාන්න යනවා. නැත්නම් සුළු අපනයන බෝග වවන ඩයල් එකක් ඉඩන් විකුනන්න යනවා වගේ ආරංචියක් යනවා(මෙහෙම එකක් උනා 2014 දී. ඕක දැනගත්ත ගමන් බ්‍රෝකර් ලා වටේ පිටේ ඉඩන් ගණන් උස්සනවා අර ඉඩම ටාගට් කරගෙන ඉතින් මොකුත් දන්නේ නැති එකා අහු වෙනවා. අපි ඊට කලින් ඕක දැනන් ඉන්නවා කියන්නේ ඉඩමට සෙට් වෙන්න අපිට ලොකු චාන්ස් එකක් තියනවා ). මේක උබ දැනගත්ත ගමන්. ඒ කියන්නේ උබ වැඩේ වෙන්න අවරුද්දකට කලින් මේක දනනවා (බ්‍රෝකර් ලා දන්නේ නැ ). උබ අරුට ටෝක් කරලා උට පුලුවන්නම් ඇඩ්වාන්ස් එකක් හරි දීලා නිකන් බුක් කරගන්නවා වගේ වැඩක් කරන්න ඕනේ. ඊට පස්සේ අද දවසේ ඕක බ්‍රෝකර් ලා දැනගත්තට වැඩක් නැ උබ ගේම ගහලා ඉවරයි.
හුගක් ලෑන්ඩ් සෙල් කාරයෝ ඕක රහසිගතව කරන වැඩක්. මේ අනල්ය්සිස් එක උන්ගේ යනවා මම කිව්වට වඩා තදට. එකේ ලොක්කා ගේ නෙට්වර්ක් එක පට්ට. ඌ දානවා ඔය මහා kaleka ඉඩමක් තව 2 years විතර යනකොට විකුනන්න සෙට් වෙනවා කියන එක . උබ මේක කරනවා නම් උබෙම විදිහක් හදාගන්න ඕනේ. බේසික් තියරිය මේක තමා. එත් කරන විදි හුගක් තියේ මේකේ.