තවත් කොටසක් මෙතන තියනවා. බෝරිං නැත්තං කියවන්න.
ඊට පස්සේ මට නිකං මතක් උනා අර ගිය බස් එක කෑගල්ල ඩිපෝවේ එකක් නේද කියලා. මම අන්කල් ගෙන් ඒක ඇහුවාම එයාත් කිව්වා ඔව්, ඒක කෑගල්ලේ ඩිපෝ එකේ තමයි කියලා. එතකොටම මට ආයෙමත් මතක් උනා, කෑගල්ලේ ඉඳලා (ඒ කාලේ) බස් යන්නේ අවිස්ස්සාවේල්ලට විතරක් නිසාත්, අපි කරවනැල්ල පහු කරපු නිසාත් අපිට කොහොමද කෑගල්ල ඩිපෝ එකේ බස් එකක් හම්බ උනේ කියලා. මේ යකා එලවන්න දන්නේ නැති උනාට ලංකාව පුරාම සේවය කරලා රට තොට ගැන, පාරවල් ගැන හොඳ දැනුමක් තියන කෙනෙක් නිසා පාර වැරදුනා කියලා මම හිතුවේ නැහැ. ඒ මදිවාට මගේ වයස වගේ තුන් ගුණයක් විතර වයසක කෙනෙකු පාර නොදන්නවා වෙන්නත් බැහැනේ. දැන් ඉර බැහැගෙන යන වෙලාව. නමුත් ඉර බහින්නේ අපේ ඉදිරියෙන් වගේ. ඒ කියන්නේ අපි යන්නේ බස්නාහිර පැත්තට බරවයි. පාරේ කඩේක බෝඩ් ලෑල්ලක් වත් දකින්න නැහැ. බැරිම තැන, මම ඇහුවා, "අංකල් අපි කරවනැල්ලෙන් හැරෙව්වා නේද ? කියලා. එතකොට මෑන් කියාපි, නැහැ පුතා මම හැරෙවේ නැහැ, අපි යන්න ඕනෑ ප්‍රධාන පාරේනේ, මම ආවේ කෙලින් කියලා. දැන් වැඩේ හරි. මම ඇහැ පියාගත්තු විනාඩියට මේ යකා යටියන්තොට පැත්තට හරවන්නේ නැතිව දැන් යන්නේ කෑගල්ල පැත්තට බව ෂුවර්. ඊට පස්සේ පාරේ යන මිනිහෙක් ලඟින් නවත්තන්න කියලා මම පාර ඇහුවා. හොඳ වෙලාවට අපි වැඩි දුරක් ඒ පාරේ ගිහින් තිබුනේ නැහැ. ඉතිං වාහනේ ආපහු හරවන්න තැනක් බලමින් යනකොට විසාල මිදුලක් තිබුන ගෙයක් තිබුනා. මම ඒ මිදුල පෙන්නලා එතනට හරවමු කිව්වාම, අපෝ පුතා, අනුන්ගේ ඉඩම් වලට අපි වාහනේ දාන එක හරි නැහැ කිව්වා. ඊට පස්සේ පොඩි ගුරු පාරක් පෙන්නුවාම, අපෝ ඒක හුඟක් පටුයි කියලා තවත් ඉස්සරහට ගියා. තවත් තැනක් පල්ලමක් කිව්වා. එයාට නොකිව්වට මං හිතෙන කිව්වා, ගලිගමුවට ගියා නම් හොඳ පළල පාරක්(නුවර පාර) තියනවා එතෙන්ටම යමු කියලා. මෙන්න එක පාරටම කොල්ලෝ වොලිබෝල් ගහන වොලිබෝල් කෝට් එකක් වටේ පින්න ගස්, වගේ පොඩි පොඩි ගස් සමතලා කරගෙන මෙයා නියම ජංගල් සෆාරි ටයිප් යූ ටර්න් එකක් ගැහුවා. (මේ කතාවේ අවසානයේදී මේ යූ ටර්න් ගැසීමේ හේතුව කියවේවි) මේකට පිසුද, නැත්තම් හැටිද කියලා මට හිතා ගන්න බැරි උනත්, අපි ආපහු ඇවිල්ලා කරවනැල්ලෙන් හරවලා යටියන්තොට පැත්තට යන්න පටන් ගත්තා.
දැන් නම් රෑ උනා හෙට තව ටිකක් දාන්නම්.
Moar Please.
ඡේද වෙන් කළා නම් කියවන්න ලේසියි
Eg:
මේක උනේ 1985 වසරේ විය යුතුයි. මේ කතාවේ පසුබිම සහ ඊට සම්බන්ධ දේවල් නොකිව්වොත් කතාවේ තේරුමක් නැහැ.
මේ කාලයේ මගේ තාත්තා විශ්‍රාම ගිහිල්ලා, අප සතුව නුවර එළියේ තිබුන කුඩා නිවස ටිකක් වැඩි දියුණු කර හදා ගැනීමේ යෙදී සිටියා. මමත් මට හැකි පමණින් එහි ගොස් ඒ කටයුතු වලට උදව් උනා. එහි, අපේ නිවසට ඉදිරි නිවසේ හිටියේ වල්පොල මහතා (සැබෑ නම නොවේ) නම්වූ විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක්. මිනිහත් විශ්‍රාම දිවිය නුවර එළියේ ගත කරන කෙනෙක්. මට මේ මෑන්ව එච්චර දිරවන්නේ නැහැ. හේතුව එයාගේ ඉංගිරිස් කතාවයි. හැම මගුලම ඉංගිරිසියෙන් කියනවා මිසක් සිංහලෙන් වචනයක් වත් කතා කරන්නේ නැහැ. මටත් යන්තම් යර්ස් නෝ කියාගන්න පුළුවන් උනාට මිනිහා එනකොට මම මග ඇරලා යනවා. එයාගේ ස්ථිර පදිංචියත් අපේ පදිංචියත් 174 (කොට්ටාව බොරැල්ල) පාරේ එකිනෙකට සැතපුම් එකහමාරක දෙකක දුරකිනුයි. මේ හේතුව නිසාත්, තාත්තාත්, එයාත් දෙන්නාම ආසන්නව එක වයසේ නිසාත්, මෑන් හැම වෙලාවෙම අපේ ගෙදරට ඇවිල්ලා තාත්තා එක්ක කඩු හරඹ කරනවා.
මට, තාත්තාට වාගේ නුවර එළියේ දිගටම නැවතී ඉන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. සති අන්තයත් සමග දිනක් දෙකක් එහි ගතකර ආපසු කොළඹ පැමිණ දිනක් දෙකක් රැකියාවට ගොස් ආපසු එහි යාමටයි මට සිදු වී තිබුනේ.
මේ කියන දිනයේදීත් මම අඟහරුවාදා රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ පැමිණ, බදාදා වැඩට ගොස් බදාදා රාත්‍රී දුම්රියෙන් නැවත නුවර එලි යාමට සිදු උනේ මට ඒ වනවිට ඉතිරි වී තිබුනේ අසනීප නිවාඩු පමණක් නිසායි (එකල අසනීප නිවාඩු දින දෙකකට වැඩිනම් රජයේ වෛද්‍ය සහතිකයක් දිය යුතු උනා). එදා වැඩට ගිහිල්ලාත්, ෂෝර්ට් ලීව් දාලා, ඊටත් කලින් පැනලා, ගෙදරට ආවේ හත විතර වෙනකම් නිදාගෙන එකල රැ 8.15 ට තිබුන නයිට් මේල් එකට යන්නයි.
මම ගෙදර එනකොට මම කලින් දැකලා නැති ජීප් එකක් අපේ ගෙදර ගේට්ටුව හරහට නවත්තලා තියනවා. මගේ බයික් එක කාණුවට දාලා තමයි මට වත්තට ඇතුල් වෙන්න උනේ. මම බයිසිකලේ කුස්සිය පැත්තෙන් ගෙට දාන ගමන් අම්මගෙන් ඇහුවා මොකාද අර ගේට්ටුව හරස් කරලා ජීප් එකක් නවත්තලා තියෙන්නේ? කියලා. එතකොට අම්මා කිව්වා, පුතා Mr වල්පොල අද නුවරඑළි යනවා කියලා, පුතාටත් එයා එක්ක යන්න පුළුවන් කියලා, පුතා එනකම් බලා ඉන්නවා , කියලා. මට මේක අහපු ගමන් හිතට ආවේ බොහොම සැක සහිත සිතුවිල්ලක්. මේ යකා ඊට කලින් දවසෙත් අපේ (නුවරඑළියේ) ගෙදර ඇවිත් තාත්තා එක්ක බයිලා කියා කියා ඉඳලා ගියා උනාට, එයා කොළඹ යන බවක් කොහොමවත්ම කිව්වේ නැහැ. නමුත් මට නිවාඩු නැති නිසා මම අඟහරුවාදා රෑ කොළඹ ගිහින් බදාදා රෑ ආපහු එනබව තාත්තා එයාට කිව්වා කියලා නම් මට මතකයි.
මෙතන මොකක් හරි මට නොතේරෙන රහසක් තියනවා කියලා නම් මට ෂුවර්. දැන් ඉතින් කරන්න දෙයක් නැති කමටම මම සාලෙට ගිහිල්ල මිනිහාට කතා කළා. කවදාවත්ම නැතිව මේ යකා මට කට පුරාම "පුතා" කියලා කතා කළා(මම අංකල් කිව්වට මෑන් මට කතා කරන්නේ හරියට වැඩ කාරයෙකුට කතා කරනවා වගේ ආමන්ත්‍රණයක් නැතුවයි) විතරක් නොවෙයි, හොඳ සිංහලෙනුත් කතා කරලා විස්තර අහලා ඉක්මනට පිටත් උනොත් හොඳයි නේද කියලත් කිව්වා. කලින් දවසේ මුළු රෑම නයිට් මේල් එකේ හිටගෙන ආපු මට දැන් තත්පරයක්වත් ඇහැ පියාගන්න අවස්තාවක් නැති වෙන්නයි යන්නේ. අම්මා අපි තුන්දෙනාටම (තාත්තාටත් එක්කම) රෑට කන්න බත් මුල් තුනකුත් හදලා දුන්නා. මම ඇඳුම් මාරු කරන්නේවත්, නාන්නේවත් නැතුවම මෙයාත් එක්ක ගමන පිටත් උනා. පිටත් වෙන්න ඉස්සෙල්ලා අම්මා මට කිව්වේ ඔයා එලවන්න යන්න එපා, එයාගේ වාහනේ එයා එලවපුවාවේ කියලයි.
මේ ජාතියේම ජීප් එකක් (වර්ගය නොකියා ඉන්නම්) මටත් (ඒක තාත්තාගේ උනාට මගේ වගේ තමයි) තියනවා. අපි ඒකෙන් නුවර එලි ගියාම මෙයා ඇවිත් එයාටත් ඒ වගේම එකක් තියන බවත්, ඒක හිටපු දිසාපති කෙනෙකුගේ නිල වාහනය බවත්, ඒ වගේ හොඳ කන්ඩිෂන් එකේ තියන ජීප් ලංකාවේ නැති බවත් වගේ නයි දුවවනවා. ඒ උනාට මම වාහනේ දැක්කේ එදාමයි. ඒක පිට පෙනුමෙන් නම් මගේ එකට වඩා හොඳට තිබුනා.
කොහොම උනත් හවස හතර, හතරහමාර වෙනකොට ගෙදරින් පිටත් වෙලා, අපි පරණ පාර දිගේ කොට්ටාව පැත්තට ආවා. ඒ කාලේ 174 පාර, මාර්ගයක් නොවෙයි, වාරිමාර්ගයක්. එක රෝදයක් වලකින් බේරණ කොට අනික් තුනම වලවල් වල වැටෙනවා. මෙයා සෙකන්ඩ් ගියර් එකේ දාගෙන, වලක් කිට්ටු වෙනකොට ක්ලච් එක පාගනවා, ඊට පස්සේ හයියෙන් රේස් කරලා විකාර කරනවා. වලහා කේතලේ බදා ගත්තා වගේ ස්ටියරිං එක අත් දෙකෙන්ම තද කරලා අල්ලාගෙන මූන වින්ඩ්ස්ක්රින් එකට කිට්ටු කරගෙන හුස්ම ගන්නේවත් නැතුව බොහොම අපහසුවෙන් එලවන බවක් තමයි මට තේරුනේ. මේ වාහනයේ ෂොක් ඇබ්සෝබර් නම් ඇත්තේම නැති තරමට වාහනේ උඩ විසිවෙනවා. හරියට අස්ස කරත්තයක් වගෙයි. කොට්ටාවෙන් හයි ලෙවල් එකට දාල දැන් අපි හෝමාගම පැත්තට යනවා.හැබැයි, මෙයා යන්නේ තර්ඩ් එකේ. අපරාදේ නිකං එන්ජිම රේස් වෙනවා, ඩිසල් පිච්චෙනවා, ඒ උනාට මං මට නොවයි වාගේ ඔහේ ඉන්නවා. මම නිදි මරලා ඉන්න බව දන්නා නිසා මෑන් මට පුතා පොඩ්ඩක් නිදා ගන්න කියලා තුන් හතර වතාවක්ම කිව්වාට මේ අස්ස කරත්තේ නිදා ගන්නවා තියා ඉඳගෙන ඉන්නවත් බැහැ.
දැන් අපි වේගෙන් හයි ලෙවල් පාර දිගේ අවිස්සාවේල්ල පැත්තට යනවා. කොච්චර වේගෙන් යනවද කියනවානම් පුෂ් බයිසිකල් කාරයොත් අපිට ඉස්සර කරලා යනවා. බැරිම තැන මම කිව්වා ''අන්කල්, අපරාදෙනේ තර්ඩ් එකේ යන්නේ '' කියලා. එතකොට මෑන් කියාපි, පුතා ටොප් එකේ යනකොට මේක knock කරනවා, ඒකයි තර්ඩ් එකේ යන්නේ කියලා. හැබෑ නේන්නම්. ටොප් එකේ 15kmph විතර යන්න බැහැනේ. මම ලංකාවේ ඉද්දී ආසාවෙන්ම වේගයෙන් එලවපු හයි ලෙවල් පාරේ දික් හැතක්මේ හරියත් මෙයා ෂෝක් එකට තර්ඩ් එකේම යනවා. ඒ අතරේදී මෙයා මේ වාහනේ වරුණේ කියවනවා.
නුවරඑළි යන්න ඕනෑ නිසා එදා උදේ වාහනේ සර්විස් කරපු බවත්, හැම දෙයක්ම චෙක් කරලා ඩීසල් ෆුල් ටෑන්ක් ගහලා තියන බවත් කියලා කැබි හෝල් එකේ තියන සර්විස් ස්ටේෂන් එකෙන් දීපු කොලේ මට පෙන්නුවා. මමත් කරන්න දෙයක් නැති කමට ඒක අරන් බලපුවාම බ්රේක් ඔයිල් අවුන්ස තුනක්ද කොහෙදත් මේකට දැම්මා කියලා ලියලා තියනවා. මම ඒක කිව්වාම මෑන් කියනවා, ඔව්, පුතා මම හැම එකක්ම චෙක් කරලා අඩු පුරවා ගත්තා කියලා. එතකොට මම කිව්වා, අන්කල්, බ්රේක් ඔයිල් අවුන්ස තුනක් දාන්න උනා කියන්නේ කොහෙන් හරි ඔයිල් ලීක් වෙනවා ඇති නේ කියලා. එයාගේ හිතේ ඩිසල් ගහනවා, ඔයිල් දානවා, වතුර දානවා, බ්රේක් ඔයිල් දානවා කියන්නේ හැම විටම කලයුතු දෙයක් කියලයි. ඊට පස්සේ මම එයාට මේවා ගැන පැහැදිලි කිරීමක් කළා. එතකොට මෑන් මට කිව්වා, එයා රස්සාව කරන කාලේ වාහන ගැන දැනගන්න අවශ්‍යතාවයක් තිබුනේ නැති බවත්, නිලවාහනයක්, රියදුරෙක් හිටපු නිසා ඩ්‍රයිවින් ඉගෙනගත්තෙත් පැන්ෂන් ගියාට පස්සේ බවත්, ලයිසන් එකත් එයා යටතේ ගුරුවරයෙක් හැටියට සේවය කල, පසුව RMV එකේ examiner කෙනෙක් වුන කෙනෙක් ගෙදරටම ගෙනත් දීලා ගියා මිසක් එයා හරියකට වාහන එලවන්න ඉගෙන ගත්තේ නැති බවත් කිව්වා. තරුණ වයසින්ම වාහන එලවන්න ලැබීම මගේ වාසනාව බවත්, එයාට මගේ වයසේදී බයිසිකලයක්වත් පදින්න නොලැබුන බවත් කිව්වා.
එයාට තනියෙන් එලවාගෙන නුවර එළි යන්න තරම් විශ්වාසයක් නැති බවත්, මම එදා රැ ආපහු යන බව දන්නා නිසා මාත් සමග යාමට එයා කටයුතු සුදානම් කල බවත් කිව්වා. ඒ හැර, මේ වාහනයෙන් මාසයකට වරක් (විශ්‍රාම වැටුප ගැනීමට ගෙදර ආ පසු) ළඟ පාත කොහාට හරි යනවා මිස දුර ගමනක් ගොස් නැති බවත් කිව්වා. අවිස්සාවේල්ල දෙහිඕවිට පහු වෙලා කරවනැල්ල හරියට එනකොට මට ඔලුව උස්සාගෙන ඉන්න බැරි තරම් නිදිමතයි. නින්ද යන්නේ නැති උනත් මම ඇස් පියාගෙන දොරේ කණුවට ඔලුව තියා ගත්තේ කරවනැල්ල roundabout එක පේන තෙක්මානේදීයි. ඊළඟ මොහොතේ මාව උඩ විසිවෙලා ඇහැරුනේ අලි එලවන තරම් හෝන් සද්දෙකුයි, ඒත් එක්කම අම්මට xxxx ද මහත්තයා කියලා කියාපු මිහිරි කට හඬකුයි එක්කයි. ඒත් සමගම පාරේ අපේ දකුණු පැත්තේ වැටේ තිබුන ගස් අතු හූරාගෙන ලංගම බස් එකක් විරුද්ධ පැත්තට ගියා. මම මුලින්ම බැලුවේ මගේ ඇඟේ කෑලි බෑලි ඔක්කොම හොඳින් තියනවාද කියලයි. ඊළඟට අංකල් දිහා බලපුවාම මිනිහාත් ඇස් දෙක කරත්ත රෝද දෙකක් තරමට ලොකු කරගෙන බය වෙලා බලා ඉන්නවා. අපේ ඇන්ජිම නැවතිලා, වාහනයත් හරියටම පාර මැද්දේ තමයි නැවතිලා තිබුනේ. එතකොට මෑන් මට කියනවා ''බලන්න පුතා, නැහැදිච්ච මිනිස්සු, මම බස් එක දැකපු ගමන් වාහනේ නැවැත්තුවා, ඒ උනාට දැක්කද ඒ මිනිහා මට නරක වචනෙන් බැනපු හැටි" කියලා. මම ඉතින් කියන්න ගියේ නැහැ අංකල් නවත්තලා තියෙන්නේ පාර මැද්දේ කියලා.
මේ සිද්දියෙන් පස්සේ මම හිතා ගත්තා කොච්චර නිදිමත උනත් මම ඇස් පියාගන්නේ නැහැයි කියලා.