කතාව තව ටිකක් ලියන්නම්.
දැන් අපි යටියන්තොට පහු කර ගෙන යනවා.මට ඉන්න බැරි තරම් මුත්රා බරක් තියනවා, ඒ උනාට මට මේක මිනිහට කියන්න ලැජ්ජයි වගේ. නමුත් අන්තිමට ඉන්න බැරිම තැන මම කිව්වා පාරේ අයිනේ ඉඩ තියන තැනක් පෙන්නලා ඔතන පොඩ්ඩක් නවත්තන්න, මට ටොයිලට් යන්න ඕනෑ යි කියලා. මේ වෙනකොට හොඳටම අඳුර වැටිලා ඒ මදිවට පොද වැස්සකුත් පටන් අරං තිබුනේ.
එයා වාහනේ නැවත්තුවාම මම එතනම තියන වැට අයිනට ගිහින් වැඩේ කරන කොට එයත් වාහනේ පිටිපස්ස පැත්තට ගිහිල්ලා බරෙන් නිදහස් වෙන්න යනවා කියලා මට තේරුනා. මේ අතරේ වාහනේ පාකින් ලයිට් දාලා තිබුන නිසා මට වැටේ හෙවනැල්ල පේනවා, ඒ විතරක් නොවෙයි හෙවනැල්ල ටික ටික පස්සට යනවාත් පේනවා . මේක දැකපු ගමන් මට කෑ ගැස්සුනා, අංකල් වාහනේ පල්ලමට යනවා, හෑන්ඩ් බ්රේක් ඇද්දේ නැද්ද කියලා.
මම හෑන්ඩ් බ්රේක් ඇද්දා පුතා, ඒ උනාට මේක ටික ටික පහලට යනවා කියලා මිනිහා බාගෙට ගලවපු කලිසම පිටින් වාහනේ අල්ලාගෙන ඉන්නවා. මමත් පුළුවන් ඉක්මනට වැඩේ ඉවර කරලා ඇවිත් ඉන්න අන්කල් මං ගලක් අඩේට තියන්නම් කියලා ගලක් හෙව්වා.
එයත් වැඩේ ඉවර කරලා ඇවිත්, පුතා, මට රෑට ඇස් පේනවා මදි, ඉතුරු ටික පුතාට එලවන්න පුලුවන්ද කියලා ඇහුවා. ඒ කාලේ මම වාහන එලවන්න හරිම ආසයි.(දැනටත් එහෙම තමයි) විශේෂයෙන් රෑට, මීදුම, වැස්ස අතරින් එලවන්න තවත් ආසයි. දැන් අපි පැය දෙකක් තිස්සේ ඇවිත් තියෙන්නේත් හැතැක්ම තිහක් තිස් පහක් විතර. තව ඒ වගේ දෙගුණයක් විතර යන්න තියනවා. මේ යන වේගෙන් ගියොත් එදා රෑටත් එළිවෙනකම මේ ගමන යන්න වෙන බව දන්නා නිසා මම කතාවක් නැතිවම ඩ්රයිවින් සීට් එකට නැග්ගා.
මෙච්චර වෙලා මොනවා කිව්වත්, "වාහන නිසා කාපු කටු" කියන එක ආරම්භ උනේ මෙතැනින්.
වාහනේ ස්ටාර්ට් කලාට මෝටරේ වදින්නේ නැහැ. එතකොට අංකල් කිව්වා එයාට නම් කවදාවත් මෙහෙම වෙලා නැහැ, නමුත් එයාගේ බෑනා ලංකාවට ආපු වෙලාවේ (මෙයාට ඉන්නේ දුවලා දෙන්නෙක්, දෙන්නාම ඉන්නේ එංගලන්තේ) එයා කොහෙද ගියාම ඇන්ජිම ස්ටාර්ට් නොවුන කතාවක් කිව්ව නමුත් ඊට පස්සේ ඒක ඉබේම හරිගිය බව.
අපි ඉන්නේ හොඳ පල්ලමක නිසා මම හිතා ගත්තා මේක පල්ලමට දාලා ස්ටාර්ට් කරගෙන නවත්තන්නේ නැතුව නුවරඑලියටම යනවා, කියලා. නමුත් ඒක කොච්චර වැරදි සිතුවිල්ලක්ද කියලා තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.
මම අඩේට තියාපු ගල් කෑල්ල ඇදලා දාලා වාහනේ ටික ටික පහලට යන්න ඇරලා ස්ටාර්ට් වෙන්න තරම් වේගයක් ආපුවාම ක්ලච් එක අත හරියාම වාහනේ ස්ටාර්ට් වෙනවා වෙනුවට පස්ස රෝද දෙකම පොද වැස්සට තෙමිච්ච පාරේ ලිස්සලා වාහනේ පැත්තට ඇදිලා ගියා. නමුත් ඒත් එක්කම වාහනේ ස්ටාර්ට් උනා. කලබලේට බ්රේක් ගැහුවාම පැඩල් එක අඩියටම ගියා. වාහනේ පල්ලමට පෙරලා ගන්නේ නැතිව පාර මැදට අරං ආයිත් පාරක් බ්රේක් ගහලා බැලුවා, කියන්නත් සන්තෝසයි, බ්රේක් පැඩල් එකක් තිබුනාට මේකේ බ්රේක් නැහැ. ඊට පස්සේ එහෙමම තියෙද්දී හැන්ඩ් බ්රේක් ඇදලා බැලුවා, හෑන්ඩ් බ්රේක් ලිවර් එකක් තිබුනාට හෑන්ඩ් බ්රේක් කියන්නෙත් අතීත කාලයේ තිබුන දෙයක් මිසක් වර්තමානයේ තියන දෙයක් නොවෙයි. ඒකනේ මෑන් හෑන්ඩ් බ්රේක් ඇදලා වාහනේ නවත්තපුවාම වාහනේ ටික ටික පල්ලමට ගියේ!
ඇයි පුතා, මොකක් හරි ප්රශ්නයක්ද කියලා මෑන් අහපුවාම මට හිතට ආවේ, ප්රශ්නයක් නොවෙයි අංකල් මේක ප්රශ්න පත්තරයක් කියලයි. ඒ උනාට මම එයාට කිව්වේ අංකල් මේකේ බ්රේක් වත්, හෑන්ඩ් බ්රේක් වත් නැහැනේ කියලයි. ''මට නම් එහෙම දෙයක් දැනුනේ නැහැ පුතා'' කියන එකයි එයාගේ උත්තර උනේ.පැයට කිලෝමීටර් පහක දහයක් වේගෙන් එලවනකොට බ්රේක් ඕනෑ වෙන්නේ නැහැ කියලා මම කියන්න ගියේ නැහැ. ඊළඟට වෙච්ච දේවල් ටිකක් අද රෑට දාන්නම්.

Last edited: