වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    mata mataka vidiyata chinese brand ekak ban gedara tyne, ekata set karaganna bari wei kiyla tama case eka. :(

    Damro eken wikunana innovex ekath chinese thamai ekata thiyenawa nam okata nathiwenna ba. Chinese un aluthin extension design kara kara inne na kohen hari copy karanawa misak :D
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Damro eken wikunana innovex ekath chinese thamai ekata thiyenawa nam okata nathiwenna ba. Chinese un aluthin extension design kara kara inne na kohen hari copy karanawa misak :D


    ow, habi e model eke gun eka kadila, aluth ekak hoyagatta. seller ta photo ekak yawala confirm karagatam hari wage.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    ow, habi e model eke gun eka kadila, aluth ekak hoyagatta. seller ta photo ekak yawala confirm karagatam hari wage.

    Seller photo dala thiyenawa eka balala confirm karaganna puluwan.

    r07kXf6.jpg


    https://www.ebay.com/itm/MJJC-Snow-...a781f430:m:mgsJox_3OHRRJozlYYCi6aQ:rk:28:pf:0
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බ්ලොග් එකට ලියපු එකක්.. ඒත් මේක අයිති හරිනම් මෙතනට..

    ආදරණීය ඇසංකොටේ




    ඇසංකොටේ ගැන බ්ලොග් පොස්ට් එකෙක් ලියන්න කාලෙක හිටං ඕනෑකමක් තිබ්බට ඒක කෙරුනේ නැහැ දවසින් දවස කල් ගියා කියමුකෝ. බ්ලොග් පොස්ට් එකේ මාර්තෘකාව දැක්ක ගමන් අන්දමන්ද වෙන බ්ලොග් පාඨකයින්ට ඇසංකොටේ කියන්නේ කව්ද කියල හරියටම දැනගන්න වෙන්නේ බ්ලොග් පෝස්ටුව පහලට කියවාගෙන ගියායින් පස්සේ තමයි. මොකද ඒක මුලින්ම ලියලා බ්ලොග් පාඨකයින්ගේ කුතුහලය කියන මෙව්වා එක කඩලා දාන්න ගොඩයා උත්සහා කරන්නේ නැහැ.

    ඇසංකොටේ ගොඩයට හමුවෙන්නේ දෙදහස් දොළහ අවුරුද්දේ. එදා හිටං අද වෙනකල්ම ඇසංකොටේට තියන ආදරේ අංශු මාත්‍රයක් අඩුවෙලා නැහැ කියමුකෝ. ආදරේ කියන්නේ පුදුමාකාර හැඟීමක් උනත් ඒ ආදරේ කාලාන්තරයක් තිස්සේ එක හා සමානව අඩුත් නැතිව වැඩිත් නැතුව පවත්වාගෙන යන්න හැම ප්‍රේමවන්තයාටම බැරි කාරණයක්. ඒත් ගොඩයා ඇසංකොටේට තියන ආදරේනම් දෙදහස් දොළහ අවුරුද්දේ අප්‍රියෙල් දහතුන් වෙනිදා ඉඳන් අද වෙනකල්ම එකහා සමානවම එහෙමමයි. ඇසංකොටේ හමුවෙන්න කලින් ආදරවන්තියෝ සෑහෙන ප්‍රමාණයක් හිටියට ඇසංකොටේ තරම් ගොඩයාව බලාකියාගත්තු සහ ගොඩයාගෙන් අඩම්තේට්ටම් විදපු ආදර වන්තියෙක් මේ මිහිපිට නැති තරම්. ඒ හින්දම තමයි ඇසංකොටේ ගැන තනිකර බ්ලොග් පොස්ට් එකක්ම ලියන්න ඕන කියලා ගොඩයා තීරණය කරන්නේ.

    ගොඩයා ඉන්නේ ලංකාවේ නෙවෙයි කියල බ්ලොග් පාඨකයින් දන්නවනේ. ඉතින් ඕන ගොඩයා මේ රට ඇවිත් රස්සාවක් කරන්න ගත්ත කියමුකෝ. ඒ රස්සාවේ ගොඩයාට ලැබෙන්නේ සුදුසුකමට සරිලන වැටුපක් නෙවෙයි. ඉතින් ගොඩයා හොයලා බලනවා ගොඩයාට තියෙන සුදුසුකම් වලට සරිලන රැකියාවක්. ඔහොම රැකියාවක් සොයමින් ඉන්න අල්ලපනල්ලේ ගොඩයා අර්ධකාලීන රැකියාවක් විදිහට අවන්හලක සේවය කරනවා සුදුසුකමට සරිලන රැකියාවක් ලැබෙනතුරු. ලෝකේ දියුණුයි කියන රටවලට එන අපේ ලංකාවේ අයියලා මල්ලිලා තම තමුන්ගේ යාලු හිතමිත්‍රාදීන් එක්ක පසුකාලීනව කියන්නේ රටට පය ගහපු ගමන් තරු පහේ රස්සාවක් සෙට් වෙලා කිසිම අඩුවක් පාඩුවක් නැතුව සියල්ලම දහමෙන් සෙමෙන් විසඳුනා කියලා උනාට ඔය කියන අයියලාගේ මල්ලිලාගේ බහුතරයකගේ පටන්ගැනීම බොහොම සෝචනීයයි. ඒත් සමහරක් මිනිස්සු තමුන් සුදුසුකමට සරිලන්නේ නැති රැකියාවක නිරතවුනා කියල කියන්න අකමැතියි ස්ටේටස් කුඩුවෙන නිසා. හැබැයි ගොඩයා එහෙම නෑ.. ගොඩයා ලංකාව් ඉද්දි මල් හතට තරු පහේ ජීවිතයක් ගත කරත් රට ඇවිත් ජීවිතේ මහපොළොවේ තියාගත්තේ බින්දුවෙන්. රැකියාවක් නොකර සුදුසුකමට රැකියාවක් ලැබෙනකල් පිටකොටුවේ ස්ටේෂන් එක ගාව පිකට් කරන අය්යලා අක්කලා නංගිලා මල්ලිලා වගේ ගොඩයා කාලය කා දමන්න කැමති උනේ නැහැ. ඒ නිසා අහුවෙන ජොබ් එකේ එල්ලිලා දවසේ වියදම ශේප් කරගන්න ගමන් ගොඩයා උපරිම ට්‍රයි එක සුදුසුකමට ජොබක් සොයාගන්න. ඔන්න ඔය අතරේ තමා ගොඩයාට දෙවැනි රැකියාව සැට් වෙන්නේ.

    රැකියාව සුදුසුකම් වලට හරි වගේම වැටුපත් හොඳයි කියමුකෝ. ඒත් පොඩි පරහකට තිබ්බ කාරණය නම් ගොඩයාට ලැබෙන්නේ නයිට් ශිෆ්ට් එකක්. ලැබිච්ච අවස්ථාව අතාරිනත් බැරි නිසා ගොඩයා ජොබ් ඔෆර් එක ගන්නවා. ඒත් ප්‍රශනය නම් රෑ දෙකට ඕෆ් වෙලා ගෙදර එන්න විදිහක් නැතිකම. මොකද කියනවනම් ඔය කියන රැකියාව කරපු ප්‍රදේශයේ ඉඳන් ගොඩයා ඉන්න පලාතට එන අන්තිම බස් රථය එහෙන් පිටත් වෙන්නේ රෑ දහයට. එතනින් එහා පාරවල් ෆුල් හින්දුස්තාන්.. ආයේ වාහනයක් තියා මිනිස් පුළුටක් නෑ රෑ දෙක වෙද්දී. ජොබ් එක අතාරින්නම බැරි නිසා ගොඩයා දැන් දහ අතේ කල්පනාව විකල්පයක් ගැන. ගොඩයා ඊට කලින් හිටපු පළාතේ නම් ෆුටාර් එකකින් ගමන් පහසුව සලසාගත්තත් අලුත් පළාතේ රෑ දෙකට ෆුටාර් එකෙන් දිල්තෝ පාගල් හේ කරගෙන ගෙදර එන එක ටිකක් නෙවෙයි සෑහෙන්න අවදානම්. දන්න දන්නා එකාගේ අවවාදය නම් බුදු මල්ලියේ රෑ දෙකට නෙවෙයි රෑ දහයෙන් පස්සේ ඔය පාරවල්වල ෆුටාර් එකකින් යන එක බෙල්ල අතේ අරං පෙට්ටියක දිගෑදිලා ලංකාවට යන්න වෙන වැඩක් කියලයි. ගොඩයා ඔය කියන තරම් ඔව්වට භයක් නැතිවුනත් නොදන්නා රටක අවදානමක් අරං ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න බැරි නිසා ෆුටාර් විකල්පය හිතෙන අතෑරලා දාන්න ගොඩයාට සිද්ද වෙනවා. ඊළඟට තියන විකල්පය නම් කාර් කටුවක් ගන්න එක උනාට ඒකට හරහට හිටපු එකම කාරනාව නම් ගොඩයාට ඒ රටේ රියදුරු බලපත්‍රය නොමැතිකම. ඒක එහෙම වෙන්න හේතුව නම් රියදුරු බලපත්‍රය ගැනීමට ගොඩයාට අවශ්‍යතාවයක් එතෙක් ඇතිවී නොමැති වීම. ඊට ප්‍රධානම හේතුව නම් ගොඩයා ඊට කලින් හිටපු පළාතේ පැය විසි හතරේම බස් කොච්චි ධාවනය වීමත් මෝටර් රථයක් පුද්ගලික පාවිච්චියට තබාගෙන ඒ වෙනුවෙන් රක්ෂණ මුදල්, නඩත්තු, නැවතුම් ගාස්තු ගෙවීම අනවශ්‍ය කාරණයක් නිසාත් තමා.

    ඒ කියන්නේ දැන් ගොඩයාට ලැයිසමක් නෑ.. ලැයිසමක් ගන්න ගතවෙන කාලය බැලුවොත් අවම මාස හයකට එහා ගතවෙන කාලයක්. මාර්ග නීති සහ සඥ්ඥා සඳහා පවත්වන පරිඝනක පරීක්ෂණය සඳහා පෙනීසිටීමට ලැබෙන දිනය මාස තුනකින් එහා එකක් වීමත්, එම පරීක්ෂණය සමත්වීමෙන් පසුව මාර්ග පරීක්ෂණය සඳහා ලැබෙන දිනය මාස තුනත් හයත් අතර කාලයකින් එහා එකක් වීමත් නිසා ක්ෂණිකවම ලැයිසමක් ගැනීම හීනයක්. ඒ නිසා ගොඩයාට සිද්දවෙනවා වෙනත් විකල්පයක පිහිට පතන්න. ඔන්න ඔය අතරේ තමයි ගොඩයාට සිහිවෙන්නේ අන්තර්ජාතික රියදුරු බලපත්‍රයෙන් රථයක් පදවන්නට හැකියි කියන කතාව. ඉන් පස්සේ තමා ගොඩයා ගූගල් දෙවියන්ගෙන් අහල බලලා හොයාගන්නේ අන්තර්ජාතික රියදුරු බලපත්‍රයෙන් වසරක කාලයක් රථය පදවන්නට පුළුවන්ය කියන කාරනාව. ගොඩයා ලංකාවෙන් එද්දිත් අන්තර්ජාතික රියදුරු බලපත්‍රය රැගෙන ආවත් ඒක ඒ වෙද්දී කල් ඉකුත්වී තිබීම නිසා ගොඩයා හනික ලංකාවෙන් අන්තර්ජාතික රියදුරු බලපත්‍රය අලුත් කරලා කුරියර් එකේ ගෙන්නාගෙන ඊළඟට බහිනවා කාර් කටුවක් ගන්න වැඩේට.

    කාර් කටුවක් ගන්න වැඩේ ටිකක් විතර ඇඩ්වාන්ස් කියලා ගොඩයාට වැටහෙන්නේ කාර් ගන්න ගියාම තමා ඉතින්. අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිව් කාර් කටුවක් ගන්න ගොඩයා අතේ හල්ලි නෑ..

    අපේ තඩියා ඒ කාලේ කොයියම් ගමනක් යන්න හැදුවත් ඩ්‍රින්ක් එකකට සෙට් වෙන්න හැදුවත් ඕක තමා උගේ කටේ තිබ්බ පලවෙනි වචන දෙක.. හල්ලි නෑ.. මොකද ඌ හම්බු කරපු සල්ලි ඔක්කොම වගේ වියදම් කරේ පෙම්බරිය හමුවෙන්න යන්න, ලියුං ලියන්න පිටු එකසිය අසූවේ පොත් ගන්න වගේ එව්වට තමා... ඔව් හත් ඉලව්වේ ඔව්... ඒ කාලේ අපේ තඩියා පෙම්බරියට යැව්වේ ලියුං නෙවෙයි ලියුං ලියපු පොත්.. ඒ එක ලියුමක් සාමාන්යෙන් පිටු එකසිය අසූවක් විතර දිගයි. තඩියාගේ එවකට පෙම්වතිය ඔය ලියුං කියවලා අපේ තඩියාටත් පිටු එකසිය අසූවක විතර ලියුං පොතක් එවනවා ඉතින්. බොලා අපේ තඩි එකාට අපහාස කරනවා නෙවෙයි ඔන්න.. ඌ ඒ කාලේ හිටං හෙන ප්‍රේමවන්තයා බොක්කෙන්ම.. තඩියා ඒ කාලේ බෝඩිමට ඇවිත් උදේට ලියුමක් ලියන්න ගත්තාම අපි රෑට කාලා නිදාගන්න යද්දිත් තඩියා ලියුම ලියල ඉවර නෑ.. ඔය ලියුං ලිවිල්ලේ තිබ්බ වාසිය නම් ගෙවල්වල වැඩිහිටියන් ලියුං හොයන්නේ අහුමුලුවල නිසා තඩියාගේ ලියුං ගෙදරට මාට්ටු උනේ නෑ කවදාවත්. මොකද කොයි වැඩිහිටියද හත් ඉලව්වේ හිතන්නේ ලියුං වෙනුවට එන්නේ පොත් කියල. ඉතින් පොතක් පෙරලලා බැලුවත් ඇතුලේ ලියුං නෑ.. ඒත් පෙරලලා බලන්නේ ලියුමම තමා කියල වැඩිහිටි පාර්ශවය දන්නේ නෑ.. කොහොමද තඩියාගේ මොලේ. ... හැක්..

    තඩියා ගැන ලියන්න ගිහින් ගොඩයා කැලේ පැන්නා උනාට ගොඩයා ලංකාවේ ඉද්දි ඇතිවෙන්න වාහන පැදලා තියෙන නිසාත් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරගන්න ගොඩයාට ඕනකමකුත් නෑ. තුට්ටු දෙකට ගන්න ඕනෑතරම් වාහන තිබ්බත් එව්වයේ අයිති කාරයෝ ට්‍රයල් එකක් බලන්නවත් ගොඩයා අතට යතුර දෙන්නේ නෑ ගොඩයා අතේ ලැයිසමක් වෙනුවට තියෙන්නේ කාර්බෝර්ඩ් පොතක් නිසා. ඔන්න ඔය විදිහට කාර් කටුවක් ගන්න සිහිනයත් දවසින් දවස පස්සට ගියා කියමුකෝ.. ඔය අතරේ ගොඩයා අර්ධකාලීන රැකියාව කරපු අවන්හලේ එකට වැඩකරපු චන්දන ( අනවර්ථ නාමයක් ) කියන පොරගෙන් ගොඩයා විමසනවා කාර් කටුවක් ගන්න විදිහක් ගැන.

    ඒ වෙද්දී ගොඩයා ලංකාවේ උදවිය යම්තාක් ප්‍රමාණයක් අඳුනාගෙන හිටියත් කාර් එකක් ගැනීම සම්භන්ධව ඇහුවාම උන්ගේ දෙන්නේ හෙන ලොරි ටෝක්. උන් කියන්නෙම ඔය ඉන්ටර්නැෂනල් ලැයිසන් වලින් වාහන පැදලා හිරේ විලංගුවේ වැටෙන්න එපා කියලයි. ඒ අතරේ කියන්නේ ලංකාවේ වගේ නෙවේ මෙහේ වාහන එලවන්න හෙන අමාරුයි ඔව්ව කරන්න ගිහින් අමාරුවේ වටෙන්න එපා කියන එක. ඒ කියන උදවියගේ ලංකාවේ ඉතිහාසය නිකමට වගේ ඇහුවාම උන් ලංකාවේදී රෝද හතරේ වාහනේක තියා ත්‍රීවීල් කටුවකවත් රියදුරු ආසනේ වාඩිවෙච්ච නැති එවුන්. කොළඹ රටේ හැම අස්සක මුල්ලකයි ලංකාවේ වටෙමයි ඇතිවෙන්න වාහන එලවපු ගොඩයාට එව්වා ඇහෙද්දී නම් පස්සපැත්තෙනුත් හිනා. වාහන එළවිල්ලේ ගොඩයාට තිබ්බ ලොකුම අභියෝගය නම් රියදුරු ආසනය වම් පැත්තට මාරුවුනාම තියන වෙනස විතරමයි. ඔය ලොරි ටෝක් දෙන උදවියගෙන් බහුතරයක්ම, මලාට දන්නා කියන පයින් යන එකෙකුට රයිඩ් එකක් ඔෆර් කරන්නේම නැති තරම්. ඔන්න ඔය වගේ වාතාවරණයක් යටතේ තමා ගොඩයා චන්දනයාගෙන් කාර් කටුවක් ගැන අහන්නේ.

    චන්දන ලංකාවේ රැකියාව කරලා තියෙන්නේ සුප්‍රසිද්ධ අමාත්‍යංශයක. ඔය කියන අමාත්‍යංශයේ චන්දනයා කරපු රැකියාව ඒ තරම් ලොකු එකක් නොවුනත් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වලදී චන්දනයා ටිකක් විතර ප්‍රසිද්ධ පොරක්. ඒ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් නිසාද කොහේ චන්දනයා දවසේ පැය විසිහතරේම ඉන්නේ මොකක්දෝ ලොකු අවිස්වාසෙකින්. කොටින්ම කියනවනම් චන්දනයා හෙවනල්ලවත් විශ්වාස කරපු එකෙක් නෙවෙයි. කොයිදේ ඇහුවත් චන්දනයා දැක්කේ ඒකෙ සෘණාත්මක පැත්ත මිසක් ධනාත්මක පැත්ත නෙවෙයි. චන්දනයා සහ ගොඩයා දෙදෙනාම රැකියාව අහවර වෙන්නේ රාත්‍රී දහයාමාරට වුනත් චන්දනයා කවදාවත් ගොඩයාව අඩුම තරමේ මගට ඇරලන්නවත් ඉදිරිපත් වුනේ නැහැ. චන්දන උන්දෑගේ ටොයෝටා කොරොල්ලාවේ නැගීලා ඉගිලෙන්නේ ගොඩයා දිහා නිකමටවත් හැරිලා බලන්නේ නැතුව. ගොඩයා රෑ දහයාමාරට ඕෆ් වෙලා රාත්‍රී එකොළහට එතනින් යන අන්තිම බසයෙන් තවත් බස් නැවතුමක් වෙත ගොහිං එතනිනුත් තවත් බස් රථයකට ගොඩ වෙලා නවාතැනට යද්දී හැමදාම රෑ දොළහමාරයි. ඒත් චන්දනයා යන පාරේ ගොඩයාව දෙවැනි බස් නැවතුමට ඇරලුවානම් ගොඩයා රාත්‍රී එකොළහයි කාල වෙද්දී ගෙදර. ඒත් චන්දනයා කවදාවත් ගොඩයාට ඒ උදව්ව කරේ නෑ.

    ගොඩයා ඒ කියන අවන්හලේ අර්ධකාලීන රැකියාවක් කලේ ගොඩයා ඉගෙනගත් වෘත්තියකට අදාලව රැකියාව ලැබෙනතුරු නිසා චන්දනයා ඇතුළු අනික් උන් ගොඩයා අවතක්සේරුවට ගැනීම ගැන ගොඩයාට ඒ තරම් තැකීමක් තිබුනේ නෑ. සමහර වෙලාවල් වලදී දෙතුන් දෙනෙකුගේ වැඩ ගොඩයා තනියම ඇද්දත් එව්වා ගැන වැඩි තැකීමක් නොකළේ ඒ රැකියාව ගොඩයාගේ අවසන් නවාතැන නොවෙන නිසා. අවන්හල් සහ හෝටල් කරුමාන්තය ඇතුලේ චන්දනයා සෑහෙන්න පළපුරුදු පොරක් උනත් ඒ අවන්හල ඇතුලේ චන්දනයා ගොඩයාට වඩා ජූනියර්. ඒත් චන්දනයා නිතර ඉන්නේ පරිසරය ගැන බොහොම අවිස්වාසෙන් නිසා උන්නැහේට නියමිත වැඩ ඇරුනාම අල්පෙනෙත්තක වැඩක් උන්දෑ කරේ නැතිම තරම්. ගොඩයාට වඩා සීනියර් සේවක තැන ඕඩර්ස් දීමට පමණක් උපන් හපනෙකු වීමත් අවාසියට හිටියේ ගොඩයාටම තමා. ජීවත් වීමට රැකියාව කරන සහ රැකියාව කිරීමට ජීවත්වෙන පුද්ගලයන් දෙපිරිස අතරේ ගොඩයා වනාහි ජීවත්වීම පිණිසම පමණක් රැකියාව කරන්නෙක් නිසා ඕනෑම අදාළ හෝ අදාළ නොවෙන වැඩක් කර දමා සංතෝසෙන් ගෙදර යාම ගොඩයාට සිම්පල්. ඒ නිසා චන්දනගේ ලේබර් ලෝ සහ අනික් එකාගේ හාර්ඩ් ටයිම් ගොදයාට මෙලෝ වගක් නෑ. ඒ වගේම රැකියා ස්ථානයේ චන්දනයා ගොඩයාට වඩා ජූනියර් උනත් ඉහ නිකට පැහුණ වයසක පොරක් වෙච්ච චන්දනයාට ගොඩයා කවදාවත් හාර්ඩ් ටයිම් දෙන්න උත්සහ කරෙත් නෑ. අවන්හල වසා ගෙදර යන අවසන් සේවකයින් දෙදෙනා වශයෙන් කරන්නට සෑහෙන්න වැඩ රාජකාරී තිබුනත් චන්දනයාට බර වැඩ නොදෙන්න ගොඩයා නිරන්තරයෙන් උත්සහ කළා. ඔය වගේ වාතාවරණයක් යටතේ ගොඩයාට සමීපම ශ්‍රී ලාංකිකයා වශයෙන් කාර් කටුවක් හොයාගන්නා මාර්ගය දැනගන්න ගොඩයා චන්දනයාගෙන් උපදෙස් පතනවා අලුතෙන් යෑමට යෙදෙන රැකියාවට යන්න එන්න කාර් කටුවක් ගැනීමේ අවශ්‍යතාවය ඉතාමත්ම දැඩි එකක් නිසා. ඔන්න ඒ දෙබස මෙහෙමයි..

    චන්දන අය්යෙ.. උඹ දන්න කාර් එකක් නැද්ද මට ගන්න..

    කාර් ගන්න කෝ උඹට ලයිසන්..

    හරි බං.. උඹට ලයිසන් වැඩක් නෑනේ.. මට දන්න කියන තැනකින් කාර් එකක් ගණන් විදිහක් සෙට් කරහන්..

    ඉතින් ඔය තියෙන්නේ බං ඔනතරන්.. ඔන්ලයින් ගිහින් සර්ච් කරලා බලහන්කො..

    හරි බන්.. තියෙනව තමයි.. මට තියෙන්නේ ඉන්ටර්නැෂනල් ලැයිසන් එක නිසා මිනිස්සු ට්‍රයල් එකක් යන්න වාහනේ දෙන්න බයයි බන්..

    හරි.. දැන් උඹ දන්නවද ඔය ඉන්ටර්නැෂනල් එකෙන් වාහනේ එලවන්න පුළුවන් කියල..

    ඔව්.. හරියටම අවුරුද්දක් පුළුවන්..

    කාර් එකක් තියෙනව.. හැබැයි ලංකාවේ එවුන්ට විකුනන්නේ නෑ..

    ඒ මොකෝ බං ඒ.. ඇයි ලංකාවේ එවුන්ගේ සල්ලි නීත්‍යානුකුල සල්ලි නෙවෙයිද..

    එහෙම නෙවේ.. ලංකාවේ දන්න කියන එවුන්ට ඔව්ව වික්කාම උන් මාසෙන් දෙකෙන් ඔව්ව කඩාගෙන අපේ පස්සේ එනව.. ඒ නිසා ලංකාවේ එවුන්ට විකුනන්නේ නෑ..

    හරි බං.. මම උඹෙන් කාර් එක අරං ආයේ උඹ පස්සේ එන්නේ නෑ.. මට ඔය කාර් එකේ ගාන කියහන්කෝ..

    ගාන දෙදාහයි... සතයක්වත් අඩු නෑ.. ඒත් උඹට දෙන්නේ නෑ.. උඹ ඕක කැඩුනොත් උඹ මං පස්සේ එනව..

    නෑ බං නෑ.. උඹ හිතුවද මම මේ ජීවිතේට ගන්න පලවෙනි වාහනේ කියල.. යකෝ මම ලංකාවේ ඇතිවෙන්න වාහන පැදලා ආපු එකෙක්.. මං ඕක ඉල්ලන්නේ යන්න එන්න විදිහක් නැති නිසා මිසක් කසාද බඳින්න නෙවෙයි බන්.. ඕක මට දියන්..

    බෑ බෑ බෑ.. උඹල ඔය කිව්වට ඔව්ව කැඩුනාම අපිට මල වදේ..

    පිස්සුද බං චන්දන අයියේ.. වාහනේ දියන්.. උඹලෑ ගෙදරින් අරං යදිදී කැඩුනත් මම ආයේ උඹ පස්සේ එන්නේ නැහැ බන්. අනික උඹලාට ඔව්ව හදන්න කරන්න ලොකු සල්ලි ගියාට මට ඕක ගලවලා රෙපෙයාර් එකක් කරගන්න එක සිම්පල්..

    හරි බලමු.. මම අපේ වයිෆ්ගෙන් අහල බලන්නම්.. වාහනේ අපේ වයිෆ් පැදපු කාර් එක.. ඊයේ පෙරේදා පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් හදලා ගෙදර ගෙනල්ල තියෙන්නේ. වයිෆ් ලංකාවේ කෙනෙකුට විකුනන්න කැමති උනොත් උඹට මම කෝල් එකක් දෙන්නම්..

    ෂුවර් නේද..

    හරි ෂුවර්..

    ඔන්න ඔය වගේ තමයි ඒ සන්වාදය ඉවරවුනේ. චන්දනයා කොහොමෙන් කොහොමහරි ගොඩයාට දුරකථන ඇමතුමක් දෙනවා වාහනේ දෙන්න කැමතියි කියල. ඔන්න ගොඩයා යනවා ඊට පහුවදා උදේක වාහනේ බලන්න..

    අප්පට සිරි.. ගනුදෙනුව කතා කරාට වාහනේ ජාතියක් ජම්මයක්වත් ගොඩයා ඇහුවේ නැත්තේ ඒ වෙලාවේ ගොඩයාගේ අවශ්‍යතාවය රෝද හතරක් තියන වාහනයක් මිසක් බ්‍රෑන්ඩ් නේම් එකක් නොවෙන නිසා. ඒ නිසා ජාතිය පිටසක්වල එකක් උනත් ගොඩයා වාහනේ අනිවා ගන්නවා ගන්නවා ගන්නවාමයි. ඔන්න ගොඩයා චන්දනගේ ගෙදරට සැපත් උනා කියමුකෝ.. මෙන්න තියෙනවා නහය මුක්කන් වෙන්න හැප්පිච්ච හුන්ඩායි ඇසන්ට් කාර් එකක්. හැදුවා කිව්වට ඉස්සරහා ඇද ඇරලා නෑ. චන්දනගේ වයිපරේ කොහේ හරි ඉස්සරහින් ගිහිපු පින්වතෙකුගේ වාහනේක පස්සපැත්තෙන් ඇනපු තාලයක් තමා පෙනුමට තිබ්බේ. වාහනේ එක පැත්තක හෙඩ් ලයිට් එක අලුතෙන් දාල තියෙන විත්තිය පැහැදිලිව පේන්න තිබ්බ. හැප්පුනා උනත් පාරේ දුවන්න පුලුවනිනම් ගොඩයාට ජාතකේ අනවශ්‍ය නිසාත්, ගොඩයාගේ රියදුරු බලපත්‍රයේ ප්‍රශ්නය නිසා නොදන්නා කෙනෙක් වාහනයක් නොදෙන නිසාත් ඔය කියන කාර් කොටේ ගොඩයාට මසුරන් පහයි. ගොඩයාට ඕන කොහොම හරි සුන්දරී ගෙදර අරං යන්න. ඔන්න ගොඩයා චන්දනයාගෙන් යතුර හෙම ඉල්ලගෙන ගොඩවෙනවා රියදුරු අසුනට. ගොඩයා ජීවිතේ පලවෙනි වතාවට වම් පැත්තෙන් එළවන්නයි දැන් මේ හදන්නේ.. ඒ අතරේ චන්දනයා සුපුරුදු විදිහට ආයෙත් නාහෙන් අඬනවා.

    උඹට ෂුවර් එකකට ඩ්‍රයිවින් පුළුවන් නේද..

    චන්දන්යෝ.. උඹ මගෙන් කුණුහරුප නාහ නැගහන් ට්‍රයල් එකක් යන්න..

    මොන ට්‍රයල්ද දෙයියෝ.. චන්දනයා ඩ්‍රයිවින් සීට් එකේ එල්ලිලා.. ඔන්න ගොඩයාට මල පැන්න..

    චන්දනයෝ.. උඹ ඉස්සෙල්ලම වාහනයක් එලෙව්වේ කොයි අවුරුද්දේද..

    දෙදාස් හතරේ..

    එතකොට උඹ ලයිසන් ගත්තේ කොයි අවුරුද්දේද..

    දෙදාස් හතරේ තමා බන්..

    ඒ කියන්නේ මේ රටට ඇවිත්..

    නැතුව ඉතින්..

    එහෙනං XXX උඹ දැනගනින් මං ඉස්සෙල්ලම වාහනක් එලවද්දී තෝ වාහනේක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙලාවත් නෑ.. උඹ දැන් තීරණය කරහන් මම ට්‍රයල් එකක් බලන්න යනකොට උඹ එනවද නැද්ද කියන එක විතරක්..

    ගොඩයා එහෙම කියාගෙන කාර් එක රිවස් එකට දැම්ම.. ඔන්න චන්දනයා කාර් එකේ බොනට් එක උඩින් පැනල ඇවිත් පැසෙන්ජර් සීට් එකේ වාඩිවුනා.. මොකද එහෙම නොකරොත් ඒ වෙද්දී ස්ටාර්ට් කරලා රිවස් එකට දාල තිබ්බ වාහනේ චන්දනයා එතන දාල යන විත්තිය උන්නැහේට තේරුනා.. දැන් කාර් කොටේ චන්දනගේ නෙබර්හුඩ් එකෙන් එලියට දැම්ම කියමුකෝ.. මෙන්න මූ ආයෙත් නාහෙන් අඬනව..

    හරෝපන්.. දැන් ඇති.. හරෝපන් ගෙදර යන්න.. ඔය ඇති.. ට්‍රයල් බලන්න මීටර් සීයක් ගියාම ඇති..

    ඒ මොකෝ බන්..

    උඹේ ඔය කාර්ඩ්බෝර්ඩ් ලයිසන් එකෙන් මේක එළවලා පොලිසියට අහුවුනොත් මාත් ගස්.. උඹ මේක සල්ලි දීල අරං ගිහින් ඕන මගුලක් කරගනිං.. දැන් හරෝපත් ඔතනින් ආපහු..

    ඔන්න ඔය වගේ දාහක් දුක් අදෝනා අහං ඉන්න බැරි තැනම ගොඩයා කාර් කටුව ආපහු හරෝගෙන එනවා චන්දනයාගේ ගෙදරට. ට්‍රයල් බලන්න තියා කාර් එක පාරේ හරියට යන්න පුලුවන්ද කියල හොයාගන්නවත් දුරක් චන්දනයා ගොඩයාට යන්න දුන්නේ නැහැ කියමුකෝ. ඔන්න ඊළඟ සංවාදය..

    චන්දනයෝ.. උඹලා මේක හප්පුනාට හරියට හදල නැහැනේ...

    පී......ස්සුද...බං.. ඔය තියෙන්නේ ෂෝක් එකට..

    කෝ උඹල ලයිට් එක අලුතෙන් දාලා විතරනේ.. ඉස්සරහ ඇද ඇරලා නැහැනේ..

    උඹට ඔකේ ඇද පෙනුනට මටනම් ඔකේ ඇදයක් පෙන්නේ නෑ.. ඕකනේ මම කිව්වේ ලංකාවේ එවුන්ට මේක දෙන්න බෑ කියල..

    හරි හරි බං.. මේකේ ඉස්සරහ හදාගන්නත් ඕන නිසා කීයක් හරි අඩු කරලා ඕක දියන් මට..

    මම කිව්වනේ.. සතපහක් අඩු නෑ.. ඕනෙනම් අරං පලයන්..නැත්තම් නිකා හිටහන්..

    ඔන්න ඔහොම වදෙන් පොරෙන් තමා චන්දනයාට මුදල් දීල ආදරණීය ඇසංකොටේට අයිති උප්පැන්නේ අරං ඇවිත් රක්ෂණ ආවරණයක් හදාගෙන ආණ්ඩුවේ කන්තෝරුවෙන් නොම්මර තහඩුව ගොඩයා විසින් ලබාගන්නේ. ඊට දවස් දෙකකට පස්සේ තමයි නීත්‍යානුකූලව විවාහ වෙච්චි ආදරණීය ඇසංකොටේ ගොඩයා එක්ක ආදරේ බෙදාගන්න හිතාගෙන හාහාපුරා කියල හනිමුන් යන්න ගොඩයාගේ ගෙදර එන්නේ.

    ගොඩයා ආදරණීය ඇසංකොටේ ස්ටාර්ට් කරගෙන චන්දනයාගේ ගෙදරින් පිටත් වෙලා හැතැක්මක් එන්න ලැබුනේ නැහැ කියහන්කෝ ඇසංකොටේ ගොඩයාට CEL කියන ලාම්පුව, ඒ කිව්වේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු කරලා පෙන්වනවා ඔහේ මාව හනිමුන් යන්න අරං ගියාට ඔහේ හිතන තරම් සුපිරිසිදු චරිතයක් මා ගාව නෑ.. හදවත ටිකක් ලෙඩ සහිතයි කියන එක. ඒ කියන්නේ චන්දනයා උපරිමේටම ගොඩයාව අන්දා ඇතිබව විතරක් ගොඩයාට සක්සුදක් දේ පැහැදිලි වෙනව.

    කාර් කොටේ කුමක් නමුත් ලෙඩක් තියෙන වග චෙක් එන්ජින් ලයිට් එකෙන් පෙන්නුම් කලත් නැවත චන්දනයා හොයාගෙන යාම තේරුමක් නැති කාර්යක් වෙන්නේ ගොඩයාට එන්ජිම ස්ටාර්ට් වෙන රෝද හතරක අවශ්‍යතාවය චන්දනයාගේ වංචාව අභිභවා යන්නක් නිසා. ඒ වගේම පාවිච්චි කරන ලද වාගනයක් මිලදී ගත් පසුව මතුවෙන රෝගාභාධ වෙනුවෙන් පරණ අයිතිකරුවන් සොයා යාම පටන් ගත්තොත් පරණ වාහන ගන්න එවුන්ට වෙන්නේ පරණ අයිතිකාරයාගේ ගෙදර පදිංචි වෙන්න නිසා ගොඩයා සියල්ල විඳ දරාගැනීමට බලාපොරොත්තුවෙන් ඇසං කොටේ පැදගෙන ගෙදර එනවා.

    එදා පටන් 2018 දෙසැම්බර් මාසේ වෙනකල් ඇසං කොටේ ගොඩයාට දීපු උදව් ලියන්න වචන නෑ. ඒ අතරේ ගොඩයාට තමුගේ ෆීල්ඩ් එකට අදාළ රැකියාව ලැබුන නිසා රැකියා කල ස්ථානයෙන් අලුත්ම අලුත් සීරෝ මයිලේජ් වෑන් රථයකුත් ලැබුනා. ඉන් අනතුරුව ගොඩයා අලුත්ම අලුත් ටෝයෝටාවක් ගත්ත හයිවේ වල දුර යන ගමන් වලට ඇසං කොටේ සැර මදි හින්ද. දෙදහස් දොළහ අවුරුද්දේ අප්‍රියෙල් දහතුන දා ඉඳන් දෙදහස් දහසය වගේ වෙනකල් ගොඩයාට අප්‍රමාන මෙහෙයක් ඉටුකරපු ඇසං කොටේ දෙදහස් දහසය අවුරුද්දේ ඉඳන් දෙදහස් දහ අට අවුරුද්දේ නොවැම්බර් මාසය වෙනකල්ම උන්නේ විවේක සුවයෙන්. ඒකට හේතුව උනේ ඒ වෙද්දී ගොඩයා සතුව වෙනත් රථ දෙකක් තිබීම. චන්දනගේ ගෙදරින් නික්මිලා හැතැක්ම භාගයක් එද්දී පත්තුවුන චෙක් එන්ජින් ලයිට් එක කිසිදාක නැවත නොපෙනී ගියේ නෑ. ගොඩයා මෝටර් රථ කාර්මික විද්‍යාව හදාරා තිබෙන නිසා ඔය කියන ලයිට් එක නිවා දමන්න ගොඩයාටත් වැඩි උවමනාවක් තිබ්බේ නෑ. වඩුවාගේ ගෙදර පුටුව නෑ වගේම කාර්මික ක්ෂේස්ත්‍රයේ සිටිනා අයවලුන්ගේ යන්ත්‍ර සූත්‍රවල ආභාධ යන්ත්‍රය නවතිනතෙක්ම අලුත්වැඩියා නොකෙරෙන ගනයේ එව්වා නිසා ඔය කියන ලයිට් එක පත්තු උනා කියන එක ගොඩයාට වගේ වගක් තිබ්බේ නෑ. වසර දෙකක්ම භාවිතයට නොගෙන ඔහේ ගාල් කර තිබුනාවූ ඇසං කොටේ තවදුරටත් ගොඩයාට අවශ්‍ය නොවුනත් ගොඩයාගේ හිත හදාගෙන ඇසං කොටේ විකුණා දමන්න ගොඩයාට පුළුවන්කමක් තිබුනේ නෑ. ඒ නිසා ඇසං කොටේ හොඳින් බලාගන්න පුළුවන් කෙනෙකුට දීල දාන්න ගොඩයා හිතනවා. ඔන්න ඔය අතරේ තමා ගොඩයාගේ මේ රටේ මිත්‍රයෙක් බෙන්ස් රථයක් අරගෙන අමාරුවේ වැටෙන්නේ..

    මොකෝ බෙන්ස් එකේ තත්වේ..

    කප්පරක් වියදම් කරා මල්ලි.. ආයේ චෙක් එංජින් එක පත්තු වෙනව ..

    හදන්න බැරිද..

    හදල වැඩක් නෑ මල්ලි.. දැනට ලංකාවේ සල්ලි වලින් ලක්ස පහකට වඩා වියදම් කරා.. ඒත් ලෙඩ..

    එහෙනං ඕක දීල දාල ඇසන්ට් එක අරන් යන්න ඇවිත්..

    ඇත්තමද..

    හ්ම්...

    කීයද ගාන..

    සල්ලි එපා.. අරන් ගිහින් ට්‍රාන්සර් කරගෙන පාවිච්චි කරන්න... හැබැයි කාටවත් විකුනන්න එපා..

    ෂුවර් නේද..

    ඔව් බන් ඔව්..

    එහෙනම් මං බෙන්ස් එක දෙන්නද ඉල්ලන ගානකට..

    ඕන එකක්.. කෝල් එකක් දීල එන්නකෝ.. මම කාර් එක ක්ලීන් කරලා තියන්නම්..

    ඔන්න ඔය සංවාදයෙන් පසුව දවසක හෙවත් දෙදහස් දහ අටේ නොවැම්බර් විසි එක දා ඇසං කොටේ අලුත් අයිතිකාරයා එක්ක පිටත්ව යනවා ගොඩයාගෙන් නීත්යානුකුලවම සෙපරේට් වෙලා. අද වෙද්දී ඇසං කොටේ වසර කීපයක විවේකය නිමවලා නැවත අලුත් ස්වාමියාට සේවය සලනවා. ඒ දකිද්දී ගොඩයාට හිතට දැනෙන සතුට නිම්හිම් නෑ.


    ගොඩයා ඊයේ පෙර්දාවක සංගීත සංදර්ශනයක ප්ලේ කරා කියමුකෝ. වේදිකාවෙන් පහල දඟර නැටුම් දාන එවුන් අතරේ දැකල පුරුදු මූණක් දැකල ගොඩයා පොඩ්ඩක් ඇහැ දැම්ම. බැලුවාම ගොඩයාට ඇහැ වහල ඇසං කොටේ විකුනපු චන්දනයා මද පමණට දෙක තුනක් දාගෙන දඟර නැටුම් දානවා සාරුක් ඛාන් පරාදයි. ගොඩයා වැඩේ අහවර වෙලා වේදිකාවෙන් බැහැල ගිහින් චන්දනට හලෝ කියන්න උත්සහ කරත් සුපුරුදු පරිදි උත්සාහය අසාර්ථක උනා. ඇසං කොටේ ගත්තු දවසේ හිටං චන්දනයා හමුවෙන හැම වතාවකම කතාකරන්න රැඳෙන්නේ තත්පර දෙකතුනයි. කාර් එක සම්භන්ධයෙන් ගොඩයා අද වෙනකල් චන්දනට වචනයක්වත් කියලා නැති උනාට චන්දනයා උන්නැහේ කරපු දේ දන්නා නිසාදෝ කොහේ අදටත් ගොඩයාට මූණ දෙන්නේ නෑ . ලෙඩේ වහලා දුන්නා උනත් චන්දනයාට අදටත් ගොඩයා දොසක් කියන්නේ නෑ වෙලාවේ හැටියට කරේ ලොකු උදව්වක් නිසා.


    යක්කු ගස්යන වෙලාවට බස් හෝල්ට් වල රස්තියාදු වෙච්ච එක්තරා කාලෙක, වාහන තියෙන එවුන් උන්ගේ වාහන වල උජාරුව පෙන්නලා ගොඩයාව මහමග දමා ගිය එක්තරා කාලෙක, හිම වැටෙන සීතලේ හැතැක්ම ගණන් පයින් කොටපු කාලෙක, ග්‍රොසරි ගිහිං පිස්සෝ පිහාට්ටෝ වගේ අතින් කටිං බඩු මලු උස්සං බස් දෙකතුනේ එල්ලිලා ගෙදර ආපු කාලෙක, ෆේක් යාළුකම් වලින් පරිපූර්ණ මිනිස්සු එක්ක කාත් කව්රුවත් නැති රටක තනි වෙච්ච කාලෙක ඒ යකඩ ගොඩ හිතට කොයිතරං හයියක් උනාද කියල දැනෙද්දී අදටත් ගොඩයාගේ ඇහැට කඳුලක් උනනවා. යකඩ ගොඩක් වෙනුවෙන් එහෙම සංවේදී වෙන එක විහිළුවක් වගේ උනත් ඒ සිදුවීම් ඒ හිත් අමාරු මතක් වෙද්දී ගොඩයාට තාමත් ඇසං කොටේ ඉඹින්න හිතෙනව. රට රටවල ගිහින් සක්සස් වෙච්ච මිනිස්සු හැමෝටම කියන්න කතාවක් තියෙනවා. ඒත් බහුතරක් මිනිස්සු කියන්නේ සැප ලයිෆ් එක ගැන මිසක් ඊට කලින් දුක් විඳපු කෑල්ල නෙවෙයි. ගොඩයාගේ රට ලයිෆ් එකේ ඇසං කොටේ කියන්නේ වසර දෙකක දුක්ඛිත කාලයක අවසානය සනිටුහන් කරපු සන්ධිස්ථානයක්. ඒ නිසා ගොඩයාගේ ජීවිතේ ඇසං කොටේ කියන්නේ අමතක කරන්න බැරි යකඩ ගොඩක්. කොයිතරම් නවීන වාහන පැද්දත් ගොඩයා ජීවත්ව ඉන්නාතුරු ඇසං කොටේ ගොඩයාගේ ඇස් මානයෙන් එහාට යන එක්ක නෑ. අලුත් අයිතිකාරයාටත් එපා වෙච්චි දවසක ආයෙත් ඇසං කොටේ ගොඩයාලඟට එන එක අනිවාර්යයි. ලංකාවේ ඉද්දිත්, පිටරට ඉද්දිත් ගොඩයාට අයිති වෙලා තිබ්බ වාහන වලින් මුදල්මය වටිනාකම අඩුම වාහනේ ඇසං කොටේ උනාට ඉමෝෂනල් වැලිව් එකෙන් ඇසං කොටේට ගහන්න වාහනයක් ගොඩයාට තිබිලත් නෑ තියෙන්නෙත් නෑ.... යකඩගොඩක් වෙනුවෙන් සංවේදී උනා වැඩිද මන්ද...
     
    • Like
    Reactions: rusiyanuwa

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හම්මේ, පොල් මාම දැක්ක කල්:D, බ්ලොග් එකේත් වැඩිය අප්ඩේට් එකක් තිබ්බෙ නැති හින්ද කාලෙකින් යැවුන්නැ ඒ පැත්තටත්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඇසෙන්ට් එක ගැන කලින් ලියල තියෙනව නේද ත්‍රෙඩ් එකේමද කොහෙද, ඒකෙ එන්ජින් මිස්ෆයර් එකක් තිබ්බ කියල කේස් එකක්, ඊට පස්සෙ පොඩි සූත්තරයක් දාල ටෙස්ට් එහෙම පාස් කරවගත්ත කියල:oo:
     

    rusiyanuwa

    Active member
  • බ්ලොග් එකට ලියපු එකක්.. ඒත් මේක අයිති හරිනම් මෙතනට..

    ආදරණීය ඇසංකොටේ



    ලංකාවෙ අපි තමන්ගෙ නෑදෑ හිතමිත්‍රයන් කියලා හිතාන ඉන්න ගොඩක් අය "බොක්කෙ දඩමස්" ඩයල්. එහෙමත් එකෙක් දෙන්නෙක් විතරයි ඇත්තටම බොක්කෙ ෆිට් යාලුවො , නෑදෑයො වෙන්නෙ.
    තමන්ගෙ වාහනයක් හරි ඉඩමක් හරි විකුණනවා නම් තමන්ගෙ අසල්වැසියාට හොරෙන් පිටගම්කාරයකුට විකුණනවා. මොකද තමන් විකුණපු දෙයින් තමන් දන්න කියන කෙනෙක් සැප විඳිනවට කැමති නැති නිසා. වාහනයක් නම් ලෙඩ ටික කියලා විකුණන්නෙ නැත්තෙ අපේ එකාලා රට පුරා අණබෙර ගහන්න ගන්නවා ලෙඩ තියෙන යකඩ ගොඩක් ඇ‍ගේ ගැහුවා කියලා. ඒ අතින් නොදන්න එකෙක්ට වාහනේ වික්කට කමක් නෑ හැබැයි ලෙඩ ටික කියලා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මාර කේස් එක සිංහලයෝ අද ගෙදර ඉන්න එකේ වාහන කටු ත්‍රෙඩ් එකේ පරණ පෝස්ට් මුල ඉදන් බලන්න පටන් ගත්තා ඔහොම ආතල් එකේ පෝස්ට් බල බල ඉන්නකොට ඒකෙ දාල තිබ්බ කටු දෙක තුනක් දැකලා ඇටදෙක කූල් වෙන්න ගත්තා.( අර ඕපන් පේපර්ස් වාහන විකුණලා වෙච්ච කේස් ගැන තිබ්බ පෝස්ට් )

    මගෙත් පරණ බයික් කට්ටක් තිබිලා හෙන අඩු ගානකට මම 2016 විතර විකුණලා දැම්මා ඕපන් පේපර්ස් ඒක එතනිං ඉවරයි මට හරියට මතකවත් තිබ්බෙ නෑ ඒක අර පෝස්ට් දකිනකං ඒක වික්කෙ පොඩි ගානකට උනාට මම බයික් එක වික්කා කියලා ගත්ත එකාගෙ විස්තරත් දාලා ලියුමක් ලියලා අරූගෙනුත් සයින් කරගත්තා අර පෝස්ට් දැකලා ඇට දෙක සීතල උනාට පස්සෙ පරණ කබඩ් ඇද ඇද පණ දාගෙන අර ලියාගත්ත ලියුම හෙව්වා හම්බුන්නෑ කියහන්කො පොඩි ගානකට වික්ක බයික් කට්ටක් හින්දා ඒ ලියාගත්ත ලියුම පරිස්සමට තියාගන්න එච්චර ඕනකමක් තිබ්බෙත් නෑ කොහොමහරි දැන් ඒ ලියාගත්ත ලියුම නෑ

    අර කටු වල කියලා තිබ්බා වගේ මොකක් හරි ජල්තර් කේස් එකකට ඒ බයික් එක හරි නම්බර් ප්ලේට් එක හරි අරං තිබ්බොත්, කටුවල තිබ්බා වගේ අයිතිකාරයො අනුපිලිවෙලින් මං ගාවට ආවොත් දැන් මට මගෙන් බයික් එක ගත්ත එකා ගැන කියන්න විස්තරයක් නෑ නමක් එඩ්‍රස් එකක් තියා ගත්ත එකාගෙ මූණක්වත් මතක නෑ :(

    දැන් මට වාහන කටු ත්‍රෙඩ් එකේ අයියලාගෙන් දැනගන්න ඕන මේ ටික

    1.එහෙම ජල්තර් කේස් එකකට බයික් එක හරි නම්බර් ප්ලේට් එක හරි අරං තිබිලා අයිතිකාරයො අනුපිලිවෙලින් මං ගාවට ආවොත් මං ගාව මගෙන් ගත්ත එකාගෙ විස්තරේකුත් නැති හින්දා මං කරන්න ඕනෙ මොකද්ද?කෙලින්ම ඇට දෙක ලාච්චුවෙද?:( ඒකෙ නීතිමය පසුබිම මොකද්ද?

    2.එහෙම කේස් එකක් ආවත් නැතත් මේ සීන් එක මට කිසිම නීතිමය ප්‍රශ්ණයක් එන්නැතිවෙන්නම සෙට්ල් කරගන්නකං හිතට අවුල් මේ රටේ වෙන සිද්ධිත් එක්ක.එහෙම මට 100%ක් කිසිම අවුලක් එන්නැතිවෙන්න මේක සෙට්ල් කරගන්නෙ කොහොමද?මගෙන් බයික් එක ගත්ත පොරව ආය හොයාගන්නෙ කොහොමද හොයාගත්තත් අවුරුදු ගානකට කලින් ගත්ත බයික් එක ගැන මට ආය ලියුමක් උට කියලා ලියාගන්න පුලුවන් වෙයිද?
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    කො යකෝ මේකෙ උන් දැන් එකෙක්වත් මේකට එන්නැද්ද??
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මාර කේස් එක සිංහලයෝ අද ගෙදර ඉන්න එකේ වාහන කටු ත්‍රෙඩ් එකේ පරණ පෝස්ට් මුල ඉදන් බලන්න පටන් ගත්තා ඔහොම ආතල් එකේ පෝස්ට් බල බල ඉන්නකොට ඒකෙ දාල තිබ්බ කටු දෙක තුනක් දැකලා ඇටදෙක කූල් වෙන්න ගත්තා.( අර ඕපන් පේපර්ස් වාහන විකුණලා වෙච්ච කේස් ගැන තිබ්බ පෝස්ට් )

    මගෙත් පරණ බයික් කට්ටක් තිබිලා හෙන අඩු ගානකට මම 2016 විතර විකුණලා දැම්මා ඕපන් පේපර්ස් ඒක එතනිං ඉවරයි මට හරියට මතකවත් තිබ්බෙ නෑ ඒක අර පෝස්ට් දකිනකං ඒක වික්කෙ පොඩි ගානකට උනාට මම බයික් එක වික්කා කියලා ගත්ත එකාගෙ විස්තරත් දාලා ලියුමක් ලියලා අරූගෙනුත් සයින් කරගත්තා අර පෝස්ට් දැකලා ඇට දෙක සීතල උනාට පස්සෙ පරණ කබඩ් ඇද ඇද පණ දාගෙන අර ලියාගත්ත ලියුම හෙව්වා හම්බුන්නෑ කියහන්කො පොඩි ගානකට වික්ක බයික් කට්ටක් හින්දා ඒ ලියාගත්ත ලියුම පරිස්සමට තියාගන්න එච්චර ඕනකමක් තිබ්බෙත් නෑ කොහොමහරි දැන් ඒ ලියාගත්ත ලියුම නෑ

    අර කටු වල කියලා තිබ්බා වගේ මොකක් හරි ජල්තර් කේස් එකකට ඒ බයික් එක හරි නම්බර් ප්ලේට් එක හරි අරං තිබ්බොත්, කටුවල තිබ්බා වගේ අයිතිකාරයො අනුපිලිවෙලින් මං ගාවට ආවොත් දැන් මට මගෙන් බයික් එක ගත්ත එකා ගැන කියන්න විස්තරයක් නෑ නමක් එඩ්‍රස් එකක් තියා ගත්ත එකාගෙ මූණක්වත් මතක නෑ :(

    දැන් මට වාහන කටු ත්‍රෙඩ් එකේ අයියලාගෙන් දැනගන්න ඕන මේ ටික

    1.එහෙම ජල්තර් කේස් එකකට බයික් එක හරි නම්බර් ප්ලේට් එක හරි අරං තිබිලා අයිතිකාරයො අනුපිලිවෙලින් මං ගාවට ආවොත් මං ගාව මගෙන් ගත්ත එකාගෙ විස්තරේකුත් නැති හින්දා මං කරන්න ඕනෙ මොකද්ද?කෙලින්ම ඇට දෙක ලාච්චුවෙද?:( ඒකෙ නීතිමය පසුබිම මොකද්ද?

    2.එහෙම කේස් එකක් ආවත් නැතත් මේ සීන් එක මට කිසිම නීතිමය ප්‍රශ්ණයක් එන්නැතිවෙන්නම සෙට්ල් කරගන්නකං හිතට අවුල් මේ රටේ වෙන සිද්ධිත් එක්ක.එහෙම මට 100%ක් කිසිම අවුලක් එන්නැතිවෙන්න මේක සෙට්ල් කරගන්නෙ කොහොමද?මගෙන් බයික් එක ගත්ත පොරව ආය හොයාගන්නෙ කොහොමද හොයාගත්තත් අවුරුදු ගානකට කලින් ගත්ත බයික් එක ගැන මට ආය ලියුමක් උට කියලා ලියාගන්න පුලුවන් වෙයිද?

    මේකට කරන්න දෙයක් කියපන්කො
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113

    හයනිඩානම් තැනින් තැන ඉන්නව දකිනව, අනිත් අයනම් ආගිය අතක් නෑ:baffled:

    උන් දකිනකං බම්ප්වත් කරන්නං එහෙනම් :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    අන්තිමට පොතේ අයිතිකාරයා විදිහට ඉන්නෙ උඹ නම් ඇට ලාච්චුවෙ

    කොහෙන් හරි දැන් අයිතිකාරයා හොයල MTA 6 ෆෝම් පුරවල යවල බයික්කේ ට්‍රාන්ස්ෆර් කරහන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    අන්තිමට පොතේ අයිතිකාරයා විදිහට ඉන්නෙ උඹ නම් ඇට ලාච්චුවෙ

    කොහෙන් හරි දැන් අයිතිකාරයා හොයල MTA 6 ෆෝම් පුරවල යවල බයික්කේ ට්‍රාන්ස්ෆර් කරහන්

    නෑ පොතේ නම නං තියෙන්නෙ මගෙ නෙවෙයි කලින් අයිතිකාරයෙක්ගෙ මමත් ඕපන් පේපර්ස් ගත්තෙ වික්කෙත් ඕපන් පේපර්ස්:sorry::sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    නෑ පොතේ නම නං තියෙන්නෙ මගෙ නෙවෙයි කලින් අයිතිකාරයෙක්ගෙ මමත් ඕපන් පේපර්ස් ගත්තෙ වික්කෙත් ඕපන් පේපර්ස්:sorry::sorry:

    එහෙනම් උඹට අවුලක් නෑ චිලැක්ස්

    පොතේ අන්තිම අයිතිකාරය තමයි අහුවෙන්නෙ :yes:
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    එහෙනම් උඹට අවුලක් නෑ චිලැක්ස්

    පොතේ අන්තිම අයිතිකාරය තමයි අහුවෙන්නෙ :yes:

    ෂුවර්ද බං?හැබැයි මම ගත්ත පොර ගාව තියනව මම උගෙන් බයික් එක ගත්තා කියලා ලියුම
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    ෂුවර්ද බං?හැබැයි මම ගත්ත පොර ගාව තියනව මම උගෙන් බයික් එක ගත්තා කියලා ලියුම

    ආ හුටා එහෙමද

    එහෙනං උඹල දෙන්නම අරං යනව ප්‍රශ්න කරන්න :sorry:

    සමහරවිට දැන් ඒක නැතිවෙලා ඇති. පුලුවන් නං උඹ වික්ක එකාගෙනුත් ලියුමක් ගනිම්