වාහන_ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ දේශපාලකයොත් ඉන්නේ ඔය මතයේ . ජීවත්වෙනවා කියන්නේ නොමැරි ඉන්න එක කියලා එයාලා හිහන්නේ. ඔය මානසිකහ්වයහින්දා තමයි මාසෙට 2500ක් ඇති වගේ කතා කියන්නෙත්. මිනිසා මේ ශිෂ්ඨාචාරය පුරා සොයාගත්ත තාක්ෂණය බුක්තිවිදින එක , තමන්ට විනෝදය සදහා වැය කරන්න කාලය හා මුදල් හියෙන එක හැම මිනිසෙකුගේම අයිතිවාසිකමක්.:)

    අනිවාර්යෙන්ම අපි ආනයන වියදම අඩුකරගන්න ඕනේ.එත් ඒක මේ අගේ එකපාරටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.ප්ලැන් එකක් ඇතුව ලන්කාවේ නිෂ්පාදනවලට මුල්තැන දිලා කාලයක් හිස්සේ කරන්න ඕන දෙයක්. මේ ආණ්ඩුවම තමයි ඉන්දියන් සපත්තු කම්පැනියකට ලන්කාවේ වෙලදපලට සපත්තු නිෂ්පාදනය කරන කම්හලක් මෙහෙ දාන්න අවසර දුන්නේ, ජාතික වෙලද්ප්‍රතිපත්තියක් හදන්නේ නැතුව දෙතුන් දෙනෙක් විතරක් එකතුවෙලා සින්ගප්පුරු ගිවිසුමගැහුවේ, හම්බන්හොට වරායේ තෙල් විකිණිමේ අයිතිය විකුනුවේ.. ඒ හැම දෙයක්ම මෙකට ප්‍රතිවිරුද්ද වැඩ . කිසිම සැලැසමක් නැතුව අපිට ඩොලර් හම්බවෙන හැම මාර්ගයක්ම විකුනන් කාලා දැන් ඒ පවුත් මිනිස්සුන්ගේ කරෙන්ම යවන්න හදනවා.

    මෙන්න මේ කෑල්ලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි :no: මේකට තමා පරිභෝජනවාදය කියන්නෙ. මේක තමා මුලු මනුස්ස ශිෂ්ඨාචාරෙ පුරාවටම නිර්මාණය කරගත්තු හානිකරම ආගම. ජීවිතේ කියන්නෙ, ජීවිතේ සතුට තියෙන්නෙ, ජීවත් වෙන්නෙ, ජීවිතේ තේරුම තියෙන්නෙ ද්‍රව්‍ය පරිභෝජනයේ කියල විශ්වාස කරන එක. ජනමාධ්‍ය වලිං, කලාවෙන් සාහිත්‍යයෙන් හැම දේකිංම ප්‍රවර්ධනය කරන්නෙ මේක. පුලුවන් තරම් සම්පත් නාස්ති කර කර සම්පත් අහක දාන්න පුලුවන් කෙනා සමාජයේ ඉහල අයෙක් කියල සලකනව. පුලුවන් තරං අරපිරිමැස්මෙන් පාවිච්චි කරන කෙනා සමාජයේ පහල තලයේ අයෙක් කියල සලකනව. විනෝද වෙන්න කරන්න පුලුවන් දේවල් තව ගොඩක් තියෙනව. ට්‍රිප් ගියහැකි, කලාව රසවින්දෑකි, ආගමික යැයි ලේබල් කරල තියෙන පූජාවිධි වලට සහභාගී වුනහැකි. මේ සේරම අභිබවා වර්තමාන සංස්කෘතිය සතුට ලබාගන්න තියෙන එකම සහ උසස්ම මාර්ගය විදිහට දකින්නෙ ද්‍රව්‍ය පරිභෝජනය.

    නිකං මිනිස්සු කරන දේවල් දිහා බලන්න. සමහර මිනිස්සුන්ට හරියට ඉන්න ගේවත් නෑ වහලෙ හිල් වෙලා තෙමෙනව. ඒ වුනාට ටික ටික ගෙවන්න ලක්ශ ගණං ෆෝන්, ටීවී ගන්නව. ඒ මිනිස්සුන්ගෙ කැමැත්තද ? මිනිස්සුන්ට වැඩියෙන් ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ මොකේටද කියල අමතක වෙලා. එහෙම අමතක වෙන තවත් දෙයක් මේ සමාජෙ තියෙනව දකිනව ඇති. අසනීප වෙලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙකට යන්නැතුව පූජා විධි කර කර ඉන්න මිනිස්සු ඉන්නෙ. එතකොට ඒවට කියන්නෙ මිථ්‍යා ආගමික විශ්වාස කියල. ද්‍රව්‍යවාදය මත පදනම් වුන පරිභෝජනවාදයත් ඒ වගේම ආගමක්. අපිට ආගම් කියල බෞද්ධ, කතෝලික, හින්දු වගේ කිහිපයක් ලේබල් කල්ල අපි ඒ ලේබල් වලට අදාලයි කියල හිතුවට අපි හැමෝම අපි නොදැනුවත්ව මේ සමාජය විසින් අපි මත පටවල තියෙන අපේ සැබෑ ආගම පරිභෝජනවාදය. අපිට අවශ්‍ය දේ අඳුනගන්න බැරිවෙන්න අපිව අන්ධ කරල, අපේ ජීවිතේ ප්‍රමුඛස්ථානය දෙන්න ඕනෙ දේ දකින්න බැරි වෙන්න අපිව අන්ධ කරල, ජීවිතේ කියන්නෙ මේ දේ තමන් සතු කරගන්න එක, සතුට කියන්නෙ මේ භාණ්ඩය පාවිච්චි කරන එක, දුකෙන් ඉන්නෙ තමන් මේ දේ මිලදී අරගෙන නැති නිසා කියල සීමාවක් නැතුව අපිව පරිභෝජනවාදයේ සැදැහැවත් අනුගාමිකයො කරල.

    අල්කයිඩා වගේ අන්තවාදියො හැම ගැටලුවකදිම අවධානය යොමු කරන්නෙ මේ දෙයිං තමන්ගෙ ආගමික විශ්වාසෙට වෙන හානිය මොකක්ද කියන දේට වගේ, අපිව පරිභෝජනවාදයෙන් අන්ධ කරල හැම ප්‍රශ්නෙකදිම අපේ අවධානය යොමු වෙන්නෙ මේ දෙයිං අපේ පරිභෝජන රටාවෙ කොතනටද හානි වෙන්නෙ කියන දේට. මනුස්ස ගුණදම්, පරාර්ථකාමීත්වය, පරිසරේ සත්තුන්ගෙ පැවැත්ම, විනය මේ හැමදේටම උඩිං පරිභෝජනය ඉස්මතු වෙලා. ගුණදම් වල වටිනාකම මනින්නෙත් ඒක නැතිවුනොත් ආර්ථිකේට වෙන හානියෙන්. ඩොලර් රුපියල් වලිං. ශාක විශේෂයක් වඳ වෙලා යන එකේ දරුණු බව තීරණය වෙන්නෙ ඒකෙන් වෙන ආර්ථික පාඩුවෙන්. අපි මුලිංම කරන්න ඕනෙ මෙන්න මේ අපි නොදැනුවත්ව, අපේ අනුදැනුමක් නැතුව, බලහත්කාරෙන් නූතන සංස්කෘතිය විසින් අපේ ඔලුවට ඔබල තියෙන මේ පරිභෝජනවාදය කියන ආගම අතාරින එක. ජිවිතය කියන්නෙ ද්‍රව්‍ය පරිභෝජනයට එහා ගිය දෙයක් කියල තේරුම් ගන්න එක. දෙයක් හරි වැරදි කියල තීරණය කරන්න අපේ පරිභෝජන රටාවට ඒකෙන් කරන බලපෑම හැර වෙනත් වැදගත් සාධක තියෙනව කියල තේරුම් ගන්න එක. ජීවිතේ සතුට තියෙන්නෙ ද්‍රව්‍ය මිලදීගැනීමේවත් ශොපිං යෑමේවත් නෙමේ කියල අවබෝධ කරගන්න එක. මනුස්සයෙක් උසස් හෝ පහත් වෙන්නෙ ඒ මනුස්සය පරිභෝජනය කරන ප්‍රමාණය සහ ද්‍රව්‍ය අපතේ හරින ප්‍රමාණයෙන් නෙමේ කියල තේරුම් ගන්න එක. මනුස්ස අයිතිවාසිකම් රැකෙන්න නං පරිසරේ රැකෙන්න ඕනෙ කියල තේරුම් ගන්න එක.

    මේකට එක පාරට මාරු වෙන්න බෑ. මුලු ලෝකෙම දුවන්නෙ පරිභෝජනවාදය මත. මිනිහ ආත්මාර්ථකාමී පරිභෝජනවාදී සත්වයෙක් කියල සලකල හදල තියෙන මොඩලයෙන්ම මිනිස්සු පරිභෝජනවාදී ආත්මාර්ථකාමී සත්වයෙක් කරල තියෙන්නෙ. ලෝකය පරිමිතයි. ස්වභාවික සම්පත් පරිමිතයි. පරිමිත ස්වභාවික සම්පත්වත් සියල්ල පාවිච්චි කරන්න බෑ බලාපොරොත්තු විරහිත පලවිපාක වලට මුහුණ දෙන්න සිද්ද වෙනව. පරිමිත ලෝකය අපරිමිත ආර්ථික වර්ධන වේගයක් ඉතා භක්තියෙන් අදහාගෙන අපි යන මේ වන්දනාගමන අපි ටික ටික නතර කරල අසීමිත වර්ධනය වෙනුවට ස්ථාවර පැවැත්මට මූලිකත්වය දෙන, පරිභෝජනය හුදෙක් පැවැත්ම වෙනුවෙන් කරන තවත් එක ක්‍රියාවක් පමණක් වෙන ජීවිතේ තේරුම සතුට හොයන්න පරිසරේට හානිකර නොවන ක්‍රමයක් භාවිත වෙන ගමනකට අපි අවතීර්ණ වුනේ නැත්තං මේ වන්ධනාගමනෙ අවසානය අපෙත් අවසානය, අපිත් එක්ක පරිසරයෙත් අවසානය.

    දේශපාලඥයො මොන මොන අදහස් වලිං මේක කරනවද දන්නෑ. ඒත් මේ කරල තියෙන දේ පරිභෝජනවාදයට වැදුන දරුණු පහරක් කියල තේරෙනව. මං වැඩියම මේ තීරණේට කැමති ඒ නිසා. ඔව් මාත් පරිභෝජනවාදයෙන් ප්‍රතිලාභ ලබනව තමා. ඒබ්‍රහම් ලින්කන් වහල් මෙහෙයට විරුද්ධව දේශණ තියන්න ඕනෙ තරම් වහල්ලු හදපු රේල් පාරවල් වල යන්න ඇති. ඕනෙ තරම් වහල් මෙහෙය නිසා නිර්මාණය කෙරුන දේවල් පාවිච්චි කරන්න ඇති. පරිභෝජනවාදය ප්‍රධාන දර්ශණය වුන සමාජයක සියල්ල නිර්මාණය වෙන්නෙ ඒ වටා. ඒකෙන් මිදිල ජීවත් වෙන්න කාටවත් බෑ. ඒත් ඒකෙන් කියන්නෙ මේ ක්‍රමේ දිගටම පවත්වගෙන යන්න සහය දියයුතුයි කියල නම් ලින්කන් කල දේත් වැරදි වෙන්න ඕනෙ.

    රෙප් කපන අය මෙතනිං රෙප් කපන්න :yes:
     
    • Like
    Reactions: other guy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම කියන්නේ ඔයාගේ මෝඩ කමට. private sector එකේ ගෙවන salary ඒකෙන බාගයක් වගේ තමයි එකම ජොබ් එක government කරන අයට ලැබෙන්නේ. රජයට private sector එකේ වගේ තරගකාරී විදියට salary දෙන්නන බැරි නිසා තමයි car permit, pension වගේ දේවල් දෙන්නේ. ඉතින් එකත් නැති උනාම ජොබ් වල සමතුලිතතාවය නැති වෙනවා. හිතපන් මිනිහෙක් අමාරුවෙන් ඉගනගෙන කට්ට කාල තැනකට ඇවිල්ල මැරෙනකන්ම වාහනයක් වත් ගන්න බෑ කියන්නේ ඉතින්...

    koheda ban ehema wenne?

    widayaka shereni wala ayata hoda padi labenawa gvt da pvt da kiyala na.
    mama danne doc, eng witarai. eyalata nan gvt. pahasukam wadi pvt walata wada.

    anika....
    ehema na kiyala hitamu..

    ehenam karanna ona hariyata salary ekak dena ekai. salary eka adukarala eeta wada paduwak/ asadaranayak ne wenne ratata/rate anith ayata.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes::yes::yes:

    wikunana ekath nawattanna ona.
    permit aithikarayata arenna wena katawath wahanayak ganna bariwena widiyatat aragattata passe awurudu 2k wath yanakan wikunanna bariwena widiyatat.

    ඔය පර්මිට් එක විකුණලා තමයි බහුතරයක් රජයේ සේවකයන් ගේ හදාගන්නේ.අද වෙලා තියෙන්නේ රජයේ සේවකයන් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩී.ඉන්න පිරිස අඩුකරන්න පුලුවන් නම් රජයේ සේවකයන්ට ඔයිට වඩා හොඳ වැටුපක් ගෙවන්න පුලුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දඩයි බදුයි නඩුයි දාල රටක් හදන්ඩ බැ .. ලුණු කැටෙයි හාල් මිටයි පිටින් ගෙනල්ල ගිලින රටක් අපි අද.. ''අපි වවමු-රට නගමු'' අලුතෙන් පටන් ගන්ඩ කාලෙ හරි..කරන විදිහ නොදනී නම් බැසිල්ගෙන් හරි, රනිලට ඉගෙන ගන්ඩම වෙනව.. ඕක නොකර රට හදන්ඩ දෙයියන් වහන්සේටවත් බැ..කොටින්ම කියනවනම් ''මහින්ද චින්තන'' ජාතික වැඩපිලිවෙල නැවත අවශ්යයි..ඒකෙන් තොර නැකීටීමක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරුවට ඇහැරවන්න දෙයක් නෑ.අපිත් ඒ කාලේ රජයේ ආයතන වලට ගියා.තාමත් යනවා.අද වෙනකම් ගිය කිසිම රජයේ ආයතනයකින් වැඩක් කරගන්න පුලුවන් පොසිටිව් විදියේ ප්‍රතිචාරයක් හම්බවෙලා නෑ.ඕක කරන්න බෑ කියන ප්‍රතිචාරය තමා හම්බවෙලා තියෙන්නේ

    පුද්ගලික කාරනා වලින් ජාතික ප්‍රශ්න විසදන්ඩ බැ, මම කියුවෙ රජයේ පුද්ගලික සේවා ගැන නෙමේ රජය සේවය සහ රජය යන්ත්‍රනය ගැන..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් ඔය බදු වැඩි කිරීමවත් විද්‍යාත්මක ක්‍රමයකට කරලා තියෙනවද

    බදු වැඩි කරලා තියෙන්නේ ආනයනය වැඩි භාන්ඩ වලටද?
    ඒවා රට ඇතුලේ දැනට නිශ්පාදනය වෙන භාන්ඩද?
    රට ඇතුලේ නිශ්පාදනය වෙන්නේ නැත්නම් ඉදිරියේදී ඒවා නිශ්පාදනය කරන්න පුලුවන් තත්වයක් තියෙනවද?

    හරියට කළමනාකරනය කලොත් මේක රටට ලොකු ආශිර්වාදයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පර්මිට් එක විකුණලා තමයි බහුතරයක් රජයේ සේවකයන් ගේ හදාගන්නේ.අද වෙලා තියෙන්නේ රජයේ සේවකයන් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩී.ඉන්න පිරිස අඩුකරන්න පුලුවන් නම් රජයේ සේවකයන්ට ඔයිට වඩා හොඳ වැටුපක් ගෙවන්න පුලුවන්

    ''යලි පුබුදමු ශ්‍රි ලoකා'' හරි යන්නෙ නැ, මේ රට අමුතුයි.. ඇමරිකාවෙ විදිහට මේ රට හදන්ඩ බැ තියෙන ටිකත් නැතිවෙන එක විතරමයි වෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය බදු වැඩි කිරීමවත් විද්‍යාත්මක ක්‍රමයකට කරලා තියෙනවද

    බදු වැඩි කරලා තියෙන්නේ ආනයනය වැඩි භාන්ඩ වලටද?
    ඒවා රට ඇතුලේ දැනට නිශ්පාදනය වෙන භාන්ඩද?
    රට ඇතුලේ නිශ්පාදනය වෙන්නේ නැත්නම් ඉදිරියේදී ඒවා නිශ්පාදනය කරන්න පුලුවන් තත්වයක් තියෙනවද?

    හරියට කළමනාකරනය කලොත් මේක රටට ලොකු ආශිර්වාදයක්.

    2015 ජනවාරි 8 උන එකේ අනික වෙන්නෙ, බලාගෙන ඉදපල්ලකො හැමෝම ඉන්නෙ මේ රටේනෙ, අශිර්වාදයද එහෙමත් නැත්තo ශාපයක්ද කියල..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුද්ගලික කාරනා වලින් ජාතික ප්‍රශ්න විසදන්ඩ බැ, මම කියුවෙ රජයේ පුද්ගලික සේවා ගැන නෙමේ රජය සේවය සහ රජය යන්ත්‍රනය ගැන..

    කවුද පෞද්ගලික කාරනා කිවුවේ?මමත් කථා කලේ රජයේ සේවය ගැන තමා.හෝටලයක් හදන්න ප්ලෑන් එකක් දාලා බලපන් ඇපෲ එක ගන්න කොච්චර කල් යනවද කියලා.ඒක ඇපෲ වෙලා එනකොට ආයෝජකයා ලංකාව අතෑරලා වෙන කොහේ හරි ආයෝජනය කරලා.ඉතින් කොහොමද රටක් හදන්නේ.රටට එන ආයෝජකයෝ හැරිලා යන එක ජාතික ප්‍රස්නයක් නෙමෙයිද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ඔය පර්මිට් එක විකුණලා තමයි බහුතරයක් රජයේ සේවකයන් ගේ හදාගන්නේ.අද වෙලා තියෙන්නේ රජයේ සේවකයන් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩී.ඉන්න පිරිස අඩුකරන්න පුලුවන් නම් රජයේ සේවකයන්ට ඔයිට වඩා හොඳ වැටුපක් ගෙවන්න පුලුවන්

    minissuma tamai wagakiyanna ona me tatweta.
    un tamai deshapalakayo passen gihin anduwe job walata paninna dagalanne.

    godak rajya ayathana wala sewakayo wadiy. efficiency eka adui e nisa.
    CTB ekema eka bus ekakata sewakayo 10 k witara innawalu.

    koheda itin e inna ganata sewayak wenne?
    adugane maintenance wat hodata tiyenawada. nane. bus tika kadila hamadama.

    inna pirisa adukaranna kramayak tiyenawa nam hodai. eth eka karanna lesi nane dan. inna ayata karanna tiyena wadak athi weda pramanaya wadi karanna puluwan nam hodai.

    hama anduwakama inna un balanna deshapalakayonta p*ka dena unta job denna. e widiya wenas karanna ona minissumai.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    දඩයි බදුයි නඩුයි දාල රටක් හදන්ඩ බැ .. ලුණු කැටෙයි හාල් මිටයි පිටින් ගෙනල්ල ගිලින රටක් අපි අද.. ''අපි වවමු-රට නගමු'' අලුතෙන් පටන් ගන්ඩ කාලෙ හරි..කරන විදිහ නොදනී නම් බැසිල්ගෙන් හරි, රනිලට ඉගෙන ගන්ඩම වෙනව.. ඕක නොකර රට හදන්ඩ දෙයියන් වහන්සේටවත් බැ..කොටින්ම කියනවනම් ''මහින්ද චින්තන'' ජාතික වැඩපිලිවෙල නැවත අවශ්යයි..ඒකෙන් තොර නැකීටීමක් නැ..

    rathu karapu tika nam piliganne na. rata hadanna nam law and order hariyata tiyennama ona. katawat wensak natiwa. eka karanakan mona wahanse awath wenasak wenne na. madya sandarshana pamanai. :) e wagema basil wage horu onath na apahu :frown:

    anith tikata nam ekagai. hadanna puluwan dewal rate hadanna ona. rata yawanna newei adugane ape paribojanayatawat. molayak kiyaganna ponnaya karanne hamadema wikuna wikuna pitarata unta mehe business karanna ida hadala dena ekane.. :dull:
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අහ්හ් ඔය තියෙන්නේ. කවුරු හරි ඔහොම කතාවක් කියනකන් බලාගෙන හිටියේ. ඔව් මහින්දගේ කාලේ හොරකන් උනා. මහින්ද හොරා, එකේ තර්කයක් නෑ. හැබැයි අඩුම ගානේ උන්ගේ කාලේ හොරකනුත් කරගෙන රටත් shape එකේ කරගෙන ගියා. කොමිස් ගහල හරි හදපු දේවල් පේන්න තියනවා. unp නපුංසකයෝ සෙට් එක කරපු වැඩකුත් නෑ, හොරකම එහෙන්මමයි. උන්ගේ හොරකම් වලින් වෙන පාඩුව රටේ මිනිස්සුන්ගේ පිටින් යවනවා.
    දැන් මෙතන මහලොකුවට talks දෙන කට්ටියක් ඉන්නවා නේ. මොකටද රජයේ රැකියා කරන්නේ කියල. private sector ඔබතුමාලටත්(මමත් ඇතුළුව) ලගදීම රිදෙයි etf epf වලට ෂොට් එක දෙනකොට.

    Mahindage kale horakan karanna gaththu naya thinawa billion ganan ewa gewanna wela thiyenne Ranil lata. Lankawe meeta kalin hitapu kisima anduwak gaththe nethi short term loans commercial rates walata aran thienne.

    MR ge kale EPF/ETF stock exchange eke dala kotas mila pahala gihin wuna paduwa mathaka nedda?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    minissuma tamai wagakiyanna ona me tatweta.
    un tamai deshapalakayo passen gihin anduwe job walata paninna dagalanne.

    godak rajya ayathana wala sewakayo wadiy. efficiency eka adui e nisa.
    CTB ekema eka bus ekakata sewakayo 10 k witara innawalu.

    koheda itin e inna ganata sewayak wenne?
    adugane maintenance wat hodata tiyenawada. nane. bus tika kadila hamadama.

    inna pirisa adukaranna kramayak tiyenawa nam hodai. eth eka karanna lesi nane dan. inna ayata karanna tiyena wadak athi weda pramanaya wadi karanna puluwan nam hodai.

    hama anduwakama inna un balanna deshapalakayonta p*ka dena unta job denna. e widiya wenas karanna ona minissumai.

    ආණ්ඩුවේ ජොබ් තමයි තාම ලංකාවේ හොඳ.

    උඹ සෙනසුරාදාට හෝ රජයේ නිවාඩු දවසකට ස්ටේශන් එකකට ගිහින් බලපන් කොච්චි කීයක් වැඩද කියලා.

    පෞද්ගලික අංශයේ සේවකයෙක් නම් බැංකුවකට ගිහින් බලන්න ලෝන් එකක් ගන්න කොච්චර අමාරුද කියලා.පෞද්ගලික අංශයේ විධායක ශේණියේ නිළදාරියෙක්ට වඩා ඉක්මනට ඊට වඩා ලොකු ගානක් රජයේ කම්කරුවෙකුට ගන්න පුලුවන්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මෙන්න මේ කෑල්ලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි :no: මේකට තමා පරිභෝජනවාදය කියන්නෙ. මේක තමා මුලු මනුස්ස ශිෂ්ඨාචාරෙ පුරාවටම නිර්මාණය කරගත්තු හානිකරම ආගම. ජීවිතේ කියන්නෙ, ජීවිතේ සතුට තියෙන්නෙ, ජීවත් වෙන්නෙ, ජීවිතේ තේරුම තියෙන්නෙ ද්‍රව්‍ය පරිභෝජනයේ කියල විශ්වාස කරන එක. ජනමාධ්‍ය වලිං, කලාවෙන් සාහිත්‍යයෙන් හැම දේකිංම ප්‍රවර්ධනය කරන්නෙ මේක. පුලුවන් තරම් සම්පත් නාස්ති කර කර සම්පත් අහක දාන්න පුලුවන් කෙනා සමාජයේ ඉහල අයෙක් කියල සලකනව. පුලුවන් තරං අරපිරිමැස්මෙන් පාවිච්චි කරන කෙනා සමාජයේ පහල තලයේ අයෙක් කියල සලකනව. විනෝද වෙන්න කරන්න පුලුවන් දේවල් තව ගොඩක් තියෙනව. ට්‍රිප් ගියහැකි, කලාව රසවින්දෑකි, ආගමික යැයි ලේබල් කරල තියෙන පූජාවිධි වලට සහභාගී වුනහැකි. මේ සේරම අභිබවා වර්තමාන සංස්කෘතිය සතුට ලබාගන්න තියෙන එකම සහ උසස්ම මාර්ගය විදිහට දකින්නෙ ද්‍රව්‍ය පරිභෝජනය.

    නිකං මිනිස්සු කරන දේවල් දිහා බලන්න. සමහර මිනිස්සුන්ට හරියට ඉන්න ගේවත් නෑ වහලෙ හිල් වෙලා තෙමෙනව. ඒ වුනාට ටික ටික ගෙවන්න ලක්ශ ගණං ෆෝන්, ටීවී ගන්නව. ඒ මිනිස්සුන්ගෙ කැමැත්තද ? මිනිස්සුන්ට වැඩියෙන් ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ මොකේටද කියල අමතක වෙලා. එහෙම අමතක වෙන තවත් දෙයක් මේ සමාජෙ තියෙනව දකිනව ඇති. අසනීප වෙලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙකට යන්නැතුව පූජා විධි කර කර ඉන්න මිනිස්සු ඉන්නෙ. එතකොට ඒවට කියන්නෙ මිථ්‍යා ආගමික විශ්වාස කියල. ද්‍රව්‍යවාදය මත පදනම් වුන පරිභෝජනවාදයත් ඒ වගේම ආගමක්. අපිට ආගම් කියල බෞද්ධ, කතෝලික, හින්දු වගේ කිහිපයක් ලේබල් කල්ල අපි ඒ ලේබල් වලට අදාලයි කියල හිතුවට අපි හැමෝම අපි නොදැනුවත්ව මේ සමාජය විසින් අපි මත පටවල තියෙන අපේ සැබෑ ආගම පරිභෝජනවාදය. අපිට අවශ්‍ය දේ අඳුනගන්න බැරිවෙන්න අපිව අන්ධ කරල, අපේ ජීවිතේ ප්‍රමුඛස්ථානය දෙන්න ඕනෙ දේ දකින්න බැරි වෙන්න අපිව අන්ධ කරල, ජීවිතේ කියන්නෙ මේ දේ තමන් සතු කරගන්න එක, සතුට කියන්නෙ මේ භාණ්ඩය පාවිච්චි කරන එක, දුකෙන් ඉන්නෙ තමන් මේ දේ මිලදී අරගෙන නැති නිසා කියල සීමාවක් නැතුව අපිව පරිභෝජනවාදයේ සැදැහැවත් අනුගාමිකයො කරල.

    අල්කයිඩා වගේ අන්තවාදියො හැම ගැටලුවකදිම අවධානය යොමු කරන්නෙ මේ දෙයිං තමන්ගෙ ආගමික විශ්වාසෙට වෙන හානිය මොකක්ද කියන දේට වගේ, අපිව පරිභෝජනවාදයෙන් අන්ධ කරල හැම ප්‍රශ්නෙකදිම අපේ අවධානය යොමු වෙන්නෙ මේ දෙයිං අපේ පරිභෝජන රටාවෙ කොතනටද හානි වෙන්නෙ කියන දේට. මනුස්ස ගුණදම්, පරාර්ථකාමීත්වය, පරිසරේ සත්තුන්ගෙ පැවැත්ම, විනය මේ හැමදේටම උඩිං පරිභෝජනය ඉස්මතු වෙලා. ගුණදම් වල වටිනාකම මනින්නෙත් ඒක නැතිවුනොත් ආර්ථිකේට වෙන හානියෙන්. ඩොලර් රුපියල් වලිං. ශාක විශේෂයක් වඳ වෙලා යන එකේ දරුණු බව තීරණය වෙන්නෙ ඒකෙන් වෙන ආර්ථික පාඩුවෙන්. අපි මුලිංම කරන්න ඕනෙ මෙන්න මේ අපි නොදැනුවත්ව, අපේ අනුදැනුමක් නැතුව, බලහත්කාරෙන් නූතන සංස්කෘතිය විසින් අපේ ඔලුවට ඔබල තියෙන මේ පරිභෝජනවාදය කියන ආගම අතාරින එක. ජිවිතය කියන්නෙ ද්‍රව්‍ය පරිභෝජනයට එහා ගිය දෙයක් කියල තේරුම් ගන්න එක. දෙයක් හරි වැරදි කියල තීරණය කරන්න අපේ පරිභෝජන රටාවට ඒකෙන් කරන බලපෑම හැර වෙනත් වැදගත් සාධක තියෙනව කියල තේරුම් ගන්න එක. ජීවිතේ සතුට තියෙන්නෙ ද්‍රව්‍ය මිලදීගැනීමේවත් ශොපිං යෑමේවත් නෙමේ කියල අවබෝධ කරගන්න එක. මනුස්සයෙක් උසස් හෝ පහත් වෙන්නෙ ඒ මනුස්සය පරිභෝජනය කරන ප්‍රමාණය සහ ද්‍රව්‍ය අපතේ හරින ප්‍රමාණයෙන් නෙමේ කියල තේරුම් ගන්න එක. මනුස්ස අයිතිවාසිකම් රැකෙන්න නං පරිසරේ රැකෙන්න ඕනෙ කියල තේරුම් ගන්න එක.

    මේකට එක පාරට මාරු වෙන්න බෑ. මුලු ලෝකෙම දුවන්නෙ පරිභෝජනවාදය මත. මිනිහ ආත්මාර්ථකාමී පරිභෝජනවාදී සත්වයෙක් කියල සලකල හදල තියෙන මොඩලයෙන්ම මිනිස්සු පරිභෝජනවාදී ආත්මාර්ථකාමී සත්වයෙක් කරල තියෙන්නෙ. ලෝකය පරිමිතයි. ස්වභාවික සම්පත් පරිමිතයි. පරිමිත ස්වභාවික සම්පත්වත් සියල්ල පාවිච්චි කරන්න බෑ බලාපොරොත්තු විරහිත පලවිපාක වලට මුහුණ දෙන්න සිද්ද වෙනව. පරිමිත ලෝකය අපරිමිත ආර්ථික වර්ධන වේගයක් ඉතා භක්තියෙන් අදහාගෙන අපි යන මේ වන්දනාගමන අපි ටික ටික නතර කරල අසීමිත වර්ධනය වෙනුවට ස්ථාවර පැවැත්මට මූලිකත්වය දෙන, පරිභෝජනය හුදෙක් පැවැත්ම වෙනුවෙන් කරන තවත් එක ක්‍රියාවක් පමණක් වෙන ජීවිතේ තේරුම සතුට හොයන්න පරිසරේට හානිකර නොවන ක්‍රමයක් භාවිත වෙන ගමනකට අපි අවතීර්ණ වුනේ නැත්තං මේ වන්ධනාගමනෙ අවසානය අපෙත් අවසානය, අපිත් එක්ක පරිසරයෙත් අවසානය.

    දේශපාලඥයො මොන මොන අදහස් වලිං මේක කරනවද දන්නෑ. ඒත් මේ කරල තියෙන දේ පරිභෝජනවාදයට වැදුන දරුණු පහරක් කියල තේරෙනව. මං වැඩියම මේ තීරණේට කැමති ඒ නිසා. ඔව් මාත් පරිභෝජනවාදයෙන් ප්‍රතිලාභ ලබනව තමා. ඒබ්‍රහම් ලින්කන් වහල් මෙහෙයට විරුද්ධව දේශණ තියන්න ඕනෙ තරම් වහල්ලු හදපු රේල් පාරවල් වල යන්න ඇති. ඕනෙ තරම් වහල් මෙහෙය නිසා නිර්මාණය කෙරුන දේවල් පාවිච්චි කරන්න ඇති. පරිභෝජනවාදය ප්‍රධාන දර්ශණය වුන සමාජයක සියල්ල නිර්මාණය වෙන්නෙ ඒ වටා. ඒකෙන් මිදිල ජීවත් වෙන්න කාටවත් බෑ. ඒත් ඒකෙන් කියන්නෙ මේ ක්‍රමේ දිගටම පවත්වගෙන යන්න සහය දියයුතුයි කියල නම් ලින්කන් කල දේත් වැරදි වෙන්න ඕනෙ.

    රෙප් කපන අය මෙතනිං රෙප් කපන්න :yes:

    ලියලා තියෙන එකේ දිග :rolleyes::rolleyes: මම හිතුවා ඔයා පරිභෝජනවාදය ගැනලියයිකියලා .එත් මෙච්චර දිග එක කියලා හිතුවේ නෑ.
    මමකියන්නේ ඕක නෙවෙයි. මමත් සම්පත් අනවශ්‍ය ලෙස පාරිභොජනය කරනවට විරුද්දයි .පරිසරයට වෙන හානියට වඩා ආදායම ගැන හිහනවටත් විරුද්දයි.
    ඒක ගැන නෙවෙයිමම කියන්නේ . වාහනයක් තියෙන එක, මාසෙකා සැරයක්වත් ෆිල්ම් එකක් බලලා හොද රෙසුරන්ට් එකකින් කන එක වගේ දේවල් තවදුරටත් සුඛෝපභෝගි දේවල් නෙවෙයි ඒවා දැන්කාලේ හරිනම් අයිතිවාසිකම්.
    අපිට පරිසරයට බලපෑමක් නොකරම ජීවත්වෙන්න අමාරුයි ඒක අවම කරන එක විතරයි කරන්න පුලුවන්. අපිට වාහනයක නැතුව පයින් යන්න බෑ.එත් අපි යන්නේ ප්‍රෙටල් ලීටරයට කිලෝමිටර් 3-4ක් යන වාහනයක නම් එකට එකග වෙන්න බෑ.

    එඩිට්-රෙප් කපන්න බැලුවා.දැන්ම රෙප් කපන්න බැරිලු
    You must spread some Reputation around before giving it to Pessimist again.
     
    Last edited:

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ප්‍රයිවට් සෙක්ටර් එකේ මිනිහෙක් කරන වැඩ වලින් 1/4ක් වත් ගවර්මන්ට් අය කරන්නේ නෑ.ඉතින් ඔය ගෙවන ගානත් වැඩියි එහෙම බැලුවාම.කට්ට කාලා ඉගෙනගත්තට වැඩක් නෑ ඒක හරි තැනට යොදවන්නේ නැතුව කම්මැලි කමට ඉන්නවනම්.
    ඔයා ඔය කියන්නේ ජනප්‍රිය පරණ කතාවක්. කවුරු හරි කියනවා ඇහිලා එක එක්කෙනාගේ කටින් කට ගිහින් හැදුනා මතයක් නේ. ඔය කතාව ඇත්ත වෙන පිරිසක් ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පලාත්සබා, ප්‍රාදේශීය සභා වගේ ආයතනවල ඉන්න පියන් ලිපිකරු driver සංවර්දන සහකාර වගේ අයට. උන්ට නම් ගෙවනවා වැඩි. කරන වැඩකුත් නෑ. එත් අමතක කරන්න එපා රාජ්‍ය සේවය කියන්නේ ඔය ටික නෙමෙයි. කොච්චර අමාත්‍යංශ තියනවද. මාණ්ඩලික නිලදාරීන් කියල පිරිසක් ඉන්නවා වගකීම වැඩි. එත් සාපේක්ෂව salary ලොකු වෙනසක් නැ, OT නෑ, එත් වගකීම නිසා රෑ නිවාඩු දවස් නොබලා වැඩ කරනව. රජයේ ආයතන වල driver කෙනෙක් හම්බ කරනවා සමහර මාණ්ඩලික නිලදාරින්ට වැඩිය.
    ඔය ඉන්න වැඩ බැරි සෙට් එක එලවල දාල වැඩක් කරන්න පුළුවන් සුදුසුකම් තියන මිනිස්සුන්ට හරියට පඩි ගෙවල තියාගනන එකයි කරන්න ඕන.
     
    • Like
    Reactions: other guy

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    932
    658
    113
    ප්‍රයිවට් සෙක්ටර් එකේ මිනිහෙක් කරන වැඩ වලින් 1/4ක් වත් ගවර්මන්ට් අය කරන්නේ නෑ.ඉතින් ඔය ගෙවන ගානත් වැඩියි එහෙම බැලුවාම.කට්ට කාලා ඉගෙනගත්තට වැඩක් නෑ ඒක හරි තැනට යොදවන්නේ නැතුව කම්මැලි කමට ඉන්නවනම්.

    Hammo eheme na machan :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rathu karapu tika nam piliganne na. rata hadanna nam law and order hariyata tiyennama ona. katawat wensak natiwa. eka karanakan mona wahanse awath wenasak wenne na. madya sandarshana pamanai. :) e wagema basil wage horu onath na apahu :frown:

    anith tikata nam ekagai. hadanna puluwan dewal rate hadanna ona. rata yawanna newei adugane ape paribojanayatawat.

    ඒක මෙහෙමනෙ බන් ඔය දඩේ වදින්නෙ සාමන්ය මිනිහට විතරනෙ, නඩුව වැටෙන්නෙත් සාමන්යම මිනිහට විතරයි..බඩගින්නට අඹ වල්ලක් හොරෙන් කැඩුවට අනුරාධපුරේ සිරියාවතී අම්ම හිරේ ගියාට, මහ බැකුව කැඩුවට අගමැති රනිල් හිරේ දැම්මෙ නැනෙ..

    ඔය දඩ සහ නඩු කියන්නෙ හොද සකල්ප තමයි ඒත් අපේ රටට ප්‍රයෝගික නැ, බයික් එක නතර කරල උප්පැන්නෙ හිටන් හොයල දඩ ගැහුවට ලොකු ලොකු කාර බාර දැක්කම අහක බලා ගන්නව..ඒක හින්ද ඕව මේ වචන විතරයි වචන වලට අපේ රට හදන්ඩ බැ..
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    932
    658
    113
    ඔයා ඔය කියන්නේ ජනප්‍රිය පරණ කතාවක්. කවුරු හරි කියනවා ඇහිලා එක එක්කෙනාගේ කටින් කට ගිහින් හැදුනා මතයක් නේ. ඔය කතාව ඇත්ත වෙන පිරිසක් ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පලාත්සබා, ප්‍රාදේශීය සභා වගේ ආයතනවල ඉන්න පියන් ලිපිකරු driver සංවර්දන සහකාර වගේ අයට. උන්ට නම් ගෙවනවා වැඩි. කරන වැඩකුත් නෑ. එත් අමතක කරන්න එපා රාජ්‍ය සේවය කියන්නේ ඔය ටික නෙමෙයි. කොච්චර අමාත්‍යංශ තියනවද. මාණ්ඩලික නිලදාරීන් කියල පිරිසක් ඉන්නවා වගකීම වැඩි. එත් සාපේක්ෂව salary ලොකු වෙනසක් නැ, OT නෑ, එත් වගකීම නිසා රෑ නිවාඩු දවස් නොබලා වැඩ කරනව. රජයේ ආයතන වල driver කෙනෙක් හම්බ කරනවා සමහර මාණ්ඩලික නිලදාරින්ට වැඩිය.
    ඔය ඉන්න වැඩ බැරි සෙට් එක එලවල දාල වැඩක් කරන්න පුළුවන් සුදුසුකම් තියන මිනිස්සුන්ට හරියට පඩි ගෙවල තියාගනන එකයි කරන්න ඕන.

    :yes::yes::yes::yes:True
     
    :yes::yes:රජයේ සේවකයෝ කියන්නේ ඔෆිස්වල වාඩි වෙලා වැඩ කරන අය විතරක් නෙවෙයි.