වාහන_ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවය

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    වාහන බලපත්‍ර දෙන එක නවත්තලම දැම්ම නම් හරි. හැමෝම ජොබ් කරන්නේ මහන්සි වෙලා තමයි. එක කට්ටියකට විතරක් permit දෙන එක අසාදාරණයි මම නම් කියන්නේ

    Lokuma Sean eka permit wikunana pukuwan ekan slli enna car sale karayanta.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..මේ අලුත පනවපු නීති වලින් රටේ අභ්‍යන්තර මුදල් සන්සරනය අවුල් වෙලා බැන්කු සහ මූල්‍ය ආයතන කඩා වැටීමේ අවදානමක් තියනවා කියන්නේ ඇත්තද???
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එහෙම කියන්නේ ඔයාගේ මෝඩ කමට. private sector එකේ ගෙවන salary ඒකෙන බාගයක් වගේ තමයි එකම ජොබ් එක government කරන අයට ලැබෙන්නේ. රජයට private sector එකේ වගේ තරගකාරී විදියට salary දෙන්නන බැරි නිසා තමයි car permit, pension වගේ දේවල් දෙන්නේ. ඉතින් එකත් නැති උනාම ජොබ් වල සමතුලිතතාවය නැති වෙනවා. හිතපන් මිනිහෙක් අමාරුවෙන් ඉගනගෙන කට්ට කාල තැනකට ඇවිල්ල මැරෙනකන්ම වාහනයක් වත් ගන්න බෑ කියන්නේ ඉතින්...

    ඉතිං කවුරුත් බලෙන් උස්සං ගිහිං රජයේ රැකියා වලට ඒබුවෙ නෑනේ. පර්මිට් ඔ්න නෑ කාටවත්. පර්මිට් ‌ෙදෙනවා නම් ‌ෙදෙන්න ඔ්න රටට විදේශ විනිමය ‌ෙගේන මිනිස්සුන්ට විතරයි.
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    මචන්..මේ අලුත පනවපු නීති වලින් රටේ අභ්‍යන්තර මුදල් සන්සරනය අවුල් වෙලා බැන්කු සහ මූල්‍ය ආයතන කඩා වැටීමේ අවදානමක් තියනවා කියන්නේ ඇත්තද???

    :yes::yes:
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0


    මෙන්න මේ කෑල්ලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි :no: මේකට තමා පරිභෝජනවාදය කියන්නෙ. මේක තමා මුලු මනුස්ස ශිෂ්ඨාචාරෙ පුරාවටම නිර්මාණය කරගත්තු හානිකරම ආගම. ජීවිතේ කියන්නෙ, ජීවිතේ සතුට තියෙන්නෙ, ජීවත් වෙන්නෙ, ජීවිතේ තේරුම තියෙන්නෙ ද්‍රව්‍ය පරිභෝජනයේ කියල විශ්වාස කරන එක. ජනමාධ්‍ය වලිං, කලාවෙන් සාහිත්‍යයෙන් හැම දේකිංම ප්‍රවර්ධනය කරන්නෙ මේක. පුලුවන් තරම් සම්පත් නාස්ති කර කර සම්පත් අහක දාන්න පුලුවන් කෙනා සමාජයේ ඉහල අයෙක් කියල සලකනව. පුලුවන් තරං අරපිරිමැස්මෙන් පාවිච්චි කරන කෙනා සමාජයේ පහල තලයේ අයෙක් කියල සලකනව. විනෝද වෙන්න කරන්න පුලුවන් දේවල් තව ගොඩක් තියෙනව. ට්‍රිප් ගියහැකි, කලාව රසවින්දෑකි, ආගමික යැයි ලේබල් කරල තියෙන පූජාවිධි වලට සහභාගී වුනහැකි. මේ සේරම අභිබවා වර්තමාන සංස්කෘතිය සතුට ලබාගන්න තියෙන එකම සහ උසස්ම මාර්ගය විදිහට දකින්නෙ ද්‍රව්‍ය පරිභෝජනය.

    නිකං මිනිස්සු කරන දේවල් දිහා බලන්න. සමහර මිනිස්සුන්ට හරියට ඉන්න ගේවත් නෑ වහලෙ හිල් වෙලා තෙමෙනව. ඒ වුනාට ටික ටික ගෙවන්න ලක්ශ ගණං ෆෝන්, ටීවී ගන්නව. ඒ මිනිස්සුන්ගෙ කැමැත්තද ? මිනිස්සුන්ට වැඩියෙන් ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ මොකේටද කියල අමතක වෙලා. එහෙම අමතක වෙන තවත් දෙයක් මේ සමාජෙ තියෙනව දකිනව ඇති. අසනීප වෙලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙකට යන්නැතුව පූජා විධි කර කර ඉන්න මිනිස්සු ඉන්නෙ. එතකොට ඒවට කියන්නෙ මිථ්‍යා ආගමික විශ්වාස කියල. ද්‍රව්‍යවාදය මත පදනම් වුන පරිභෝජනවාදයත් ඒ වගේම ආගමක්. අපිට ආගම් කියල බෞද්ධ, කතෝලික, හින්දු වගේ කිහිපයක් ලේබල් කල්ල අපි ඒ ලේබල් වලට අදාලයි කියල හිතුවට අපි හැමෝම අපි නොදැනුවත්ව මේ සමාජය විසින් අපි මත පටවල තියෙන අපේ සැබෑ ආගම පරිභෝජනවාදය. අපිට අවශ්‍ය දේ අඳුනගන්න බැරිවෙන්න අපිව අන්ධ කරල, අපේ ජීවිතේ ප්‍රමුඛස්ථානය දෙන්න ඕනෙ දේ දකින්න බැරි වෙන්න අපිව අන්ධ කරල, ජීවිතේ කියන්නෙ මේ දේ තමන් සතු කරගන්න එක, සතුට කියන්නෙ මේ භාණ්ඩය පාවිච්චි කරන එක, දුකෙන් ඉන්නෙ තමන් මේ දේ මිලදී අරගෙන නැති නිසා කියල සීමාවක් නැතුව අපිව පරිභෝජනවාදයේ සැදැහැවත් අනුගාමිකයො කරල.

    අල්කයිඩා වගේ අන්තවාදියො හැම ගැටලුවකදිම අවධානය යොමු කරන්නෙ මේ දෙයිං තමන්ගෙ ආගමික විශ්වාසෙට වෙන හානිය මොකක්ද කියන දේට වගේ, අපිව පරිභෝජනවාදයෙන් අන්ධ කරල හැම ප්‍රශ්නෙකදිම අපේ අවධානය යොමු වෙන්නෙ මේ දෙයිං අපේ පරිභෝජන රටාවෙ කොතනටද හානි වෙන්නෙ කියන දේට. මනුස්ස ගුණදම්, පරාර්ථකාමීත්වය, පරිසරේ සත්තුන්ගෙ පැවැත්ම, විනය මේ හැමදේටම උඩිං පරිභෝජනය ඉස්මතු වෙලා. ගුණදම් වල වටිනාකම මනින්නෙත් ඒක නැතිවුනොත් ආර්ථිකේට වෙන හානියෙන්. ඩොලර් රුපියල් වලිං. ශාක විශේෂයක් වඳ වෙලා යන එකේ දරුණු බව තීරණය වෙන්නෙ ඒකෙන් වෙන ආර්ථික පාඩුවෙන්. අපි මුලිංම කරන්න ඕනෙ මෙන්න මේ අපි නොදැනුවත්ව, අපේ අනුදැනුමක් නැතුව, බලහත්කාරෙන් නූතන සංස්කෘතිය විසින් අපේ ඔලුවට ඔබල තියෙන මේ පරිභෝජනවාදය කියන ආගම අතාරින එක. ජිවිතය කියන්නෙ ද්‍රව්‍ය පරිභෝජනයට එහා ගිය දෙයක් කියල තේරුම් ගන්න එක. දෙයක් හරි වැරදි කියල තීරණය කරන්න අපේ පරිභෝජන රටාවට ඒකෙන් කරන බලපෑම හැර වෙනත් වැදගත් සාධක තියෙනව කියල තේරුම් ගන්න එක. ජීවිතේ සතුට තියෙන්නෙ ද්‍රව්‍ය මිලදීගැනීමේවත් ශොපිං යෑමේවත් නෙමේ කියල අවබෝධ කරගන්න එක. මනුස්සයෙක් උසස් හෝ පහත් වෙන්නෙ ඒ මනුස්සය පරිභෝජනය කරන ප්‍රමාණය සහ ද්‍රව්‍ය අපතේ හරින ප්‍රමාණයෙන් නෙමේ කියල තේරුම් ගන්න එක. මනුස්ස අයිතිවාසිකම් රැකෙන්න නං පරිසරේ රැකෙන්න ඕනෙ කියල තේරුම් ගන්න එක.

    මේකට එක පාරට මාරු වෙන්න බෑ. මුලු ලෝකෙම දුවන්නෙ පරිභෝජනවාදය මත. මිනිහ ආත්මාර්ථකාමී පරිභෝජනවාදී සත්වයෙක් කියල සලකල හදල තියෙන මොඩලයෙන්ම මිනිස්සු පරිභෝජනවාදී ආත්මාර්ථකාමී සත්වයෙක් කරල තියෙන්නෙ. ලෝකය පරිමිතයි. ස්වභාවික සම්පත් පරිමිතයි. පරිමිත ස්වභාවික සම්පත්වත් සියල්ල පාවිච්චි කරන්න බෑ බලාපොරොත්තු විරහිත පලවිපාක වලට මුහුණ දෙන්න සිද්ද වෙනව. පරිමිත ලෝකය අපරිමිත ආර්ථික වර්ධන වේගයක් ඉතා භක්තියෙන් අදහාගෙන අපි යන මේ වන්දනාගමන අපි ටික ටික නතර කරල අසීමිත වර්ධනය වෙනුවට ස්ථාවර පැවැත්මට මූලිකත්වය දෙන, පරිභෝජනය හුදෙක් පැවැත්ම වෙනුවෙන් කරන තවත් එක ක්‍රියාවක් පමණක් වෙන ජීවිතේ තේරුම සතුට හොයන්න පරිසරේට හානිකර නොවන ක්‍රමයක් භාවිත වෙන ගමනකට අපි අවතීර්ණ වුනේ නැත්තං මේ වන්ධනාගමනෙ අවසානය අපෙත් අවසානය, අපිත් එක්ක පරිසරයෙත් අවසානය.

    දේශපාලඥයො මොන මොන අදහස් වලිං මේක කරනවද දන්නෑ. ඒත් මේ කරල තියෙන දේ පරිභෝජනවාදයට වැදුන දරුණු පහරක් කියල තේරෙනව. මං වැඩියම මේ තීරණේට කැමති ඒ නිසා. ඔව් මාත් පරිභෝජනවාදයෙන් ප්‍රතිලාභ ලබනව තමා. ඒබ්‍රහම් ලින්කන් වහල් මෙහෙයට විරුද්ධව දේශණ තියන්න ඕනෙ තරම් වහල්ලු හදපු රේල් පාරවල් වල යන්න ඇති. ඕනෙ තරම් වහල් මෙහෙය නිසා නිර්මාණය කෙරුන දේවල් පාවිච්චි කරන්න ඇති. පරිභෝජනවාදය ප්‍රධාන දර්ශණය වුන සමාජයක සියල්ල නිර්මාණය වෙන්නෙ ඒ වටා. ඒකෙන් මිදිල ජීවත් වෙන්න කාටවත් බෑ. ඒත් ඒකෙන් කියන්නෙ මේ ක්‍රමේ දිගටම පවත්වගෙන යන්න සහය දියයුතුයි කියල නම් ලින්කන් කල දේත් වැරදි වෙන්න ඕනෙ.



    රෙප් කපන අය මෙතනිං රෙප් කපන්න :yes:

    පරිබෝජනය නිසා නේද මිනිස්සු අලුත් දේවල්, තක්ශනයන් සොයාගන ජිවත් වෙන එක සුකොපභොගි කරගන්නෙ.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන්..මේ අලුත පනවපු නීති වලින් රටේ අභ්‍යන්තර මුදල් සන්සරනය අවුල් වෙලා බැන්කු සහ මූල්‍ය ආයතන කඩා වැටීමේ අවදානමක් තියනවා කියන්නේ ඇත්තද???



    බැන්කු වලට නම් අවුලක් නැ මචන්.. bank වල Risk management එක හොද නිසා අවුලක් නැ.. හැබැයි පොඩි මූල්‍ය ආයතන (Finance companies , investment companies) නම් sure නැ බන්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    IMG_20180929_WA0008.jpg
     
    • Like
    Reactions: LazyLizard

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මචන්..මේ අලුත පනවපු නීති වලින් රටේ අභ්‍යන්තර මුදල් සන්සරනය අවුල් වෙලා බැන්කු සහ මූල්‍ය ආයතන කඩා වැටීමේ අවදානමක් තියනවා කියන්නේ ඇත්තද???

    :shocked::(
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    පවතින ආර්ථික අර්බුදය හමුවේ රථ වාහන ආනයනකරුවන් ඉදිරියේදී දැඩි අර්බුදයකට මුහුණපානු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

    මේ හේතුවෙන් මෙරටට වාහන ආනයනය කිරීම සීමාවී ඒවායේ මිළ ගණන්ද ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චි සඳහන් කළේ වාහන ලීසිං ලබා ගැනීමේ සියයට 70ක් තිබූ ප්‍රතිශතය දැන් 50% දක්වා අඩු කිරීම තුළ එක් පැත්තකින් වාහන මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවත් අනෙක් පැත්තෙන් වාහන අලෙවි සමාගම් කඩා වැටීමේ හැකියාවක් ඇති බවයි.

    හයිබි‍්‍රඞ් වාහන සඳහා කල් බදු පහසුකම් ලබා ගත හැක්කේ වාහනයේ වටිනාකමින් සියයට 50කට පමණක් බව මුදල් අමාත්‍යාංශය ඊයේ (29) නිවේනය කළා. මේ සම්බන්ධයෙන්ද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චි මෙලෙස අදහස් පළ කළා.

    එහිදී රටේ අභ්‍යන්තර වෙළඳාම අවහිර කිරීම නිසා රට තුළ මුදල් සංසරණය තවදුරටත් පහළ වැටී ආර්ථිකයට දැඩි හානි ඇති විය හැකි බවයි පෙන්වා දුන්නේ. ආනයන සීමා කිරීම අත්‍යාවශ්‍ය කටයුතුත්තක් වුවත් ලීසිං ලබාදීමේ 70%ව 50% ලෙස නියම කිරීම අනව්‍යශ ක්‍රියාවක් බවයි වැඩි දුරටත් සඳහන් කළේ.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    Ashwaya giyata passe isthale wahala wadak naha. Anduwe money management hariyata 2015 Jan idan kala nam me widihata natanna one naha.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වාහන ඉම්පෝට් එක සෑහෙනට වැඩි වෙලානෙ



    ඔතනින් 30% ක් විතරම Wagon r බන්.. wagon r දැන් japan වලතියනවට වඩා ලංකාවෙ තියනවනෙ බන්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    fuel walata passe tiyenne wahana neda? fuel pawichchiya adu karanna amaru nisa anith ewayin karannama ona. wahana genweema meetat wada adu karanna ona dan.

    මීලග අර්බුදය එන්නෙ විදුලි බල සැපයුමේ, 2019 වගේ වෙද්දි විදුලි කැපීමකට සූදානම් වෙනු..
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    මීලග අර්බුදය එන්නෙ විදුලි බල සැපයුමේ, 2019 වගේ වෙද්දි විදුලි කැපීමකට සූදානම් වෙනු..

    කොහොමත් ඉන්දියාව ශේප් කරගෙන කච්චතිව් වල nuclear පවර් ස්ටේෂන් එක ගැහැව්වේ නැත්තම් හරි කුඩන්කුලම් එකත් එක්ක සෙට් නොවුනොත් හරි විදුලිය කපන්න තමයි වෙන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොහොමත් ඉන්දියාව ශේප් කරගෙන කච්චතිව් වල nuclear පවර් ස්ටේෂන් එක ගැහැව්වේ නැත්තම් හරි කුඩන්කුලම් එකත් එක්ක සෙට් නොවුනොත් හරි විදුලිය කපන්න තමයි වෙන්නේ.

    නියුක්ලියර් පවර් කෙසේ වෙතත්, මහින්ද ගහන්ඩ උන්න ගල් අගුරු බලාගාරෙවත් එදා නතර නොකරනම් උබලගෙ පාන්ඩුව ,අද මෙහෙම ප්‍රශ්නයක් එන්නෙ නැ.. කරන්ඩ දෙයක් නැ අදුරේ ඉමු කරපු ගොන්කම් වල රිටන් හම්බෙනව.. :dull::dull: