වැඩකල්දාන නරක පුරුද්ද තියෙන්නේ වෙන කාටද .
වැඩකල්දාපු නිසා ගොඩක් chances miss වෙලා තියෙන්නේ මට විතරද ?
exam එහෙම කටලගට එනකන් ඉදල syllabus cover කරගන්න බැරුව සම්පුර්ණයෙන්ම අතෑරලා දාල තියෙනවද ?
ගෙදර light එකක් මාරු කරන්නත් සති ගණන් කල් දදා ඉදල තියෙන්නේ මම විතරද ?
procrastination කියන නරක පුරුද්ද නැති කරගන්න internet එකේ article බරගානක් කියෙව්වත්
කිසිම ප්‍රතිපලයක් ලගාකරගන්න බැරිඋනේ මට විතරද ?
Fail වෙන්න තියෙන බය නිසා පටන්ගන්නේ නැතුව ඉන්නේ මම විතරද ?
මේ ලෙඩේ තියෙන කෙනෙක්ම තමයි දන්නේ ඒකෙ තියෙන අමාරුව .
මම o/l කාලෙ ඉදන්ම මේ නරක පුරුද්ද නවත්ත ගන්න try කරනවා . එත් තාම මේකෙන් මිදෙන්න මට බැරිඋනා .
හෙට අලුත් අව්රුද්දෙ මම මේ නරක පුරුද්ද සදහටම නවත්තල දානවා .
සිගරට් බොන එකත් නවත්තනවා . ආයේ සිගරට් බොන්නෙ drinks ගන්නවානම් විතරයි .
මාත් එක්ක තව කව්ද මේ වැඩේට එකතු වෙන්නේ ?
මේ නරක පුරුද්දෙන් මිදුනොත් අපි හැමෝටම පුළුවන් අපේ true potential එකට ලගාවෙන්න .
මටත් ඔහොම තමයි බන් දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ වැඩ කල් යනවා. මොනා කරලවත් නවත්තන්න බෑ ඒක. දැනුත් මේ අවුරුද්ද ලබන වෙලාවෙ පුක ඉරාගෙන අසයින්මන්ට් එකක් කරනවා.
වැඩ කල දාලා කිසිම සතුටක් ලැබෙන්නෙ නෑ. කල් දැම්මට හිතෙන් ඒවා ගැන වොරි වෙන හින්දා හිතට කිසිම සැනසීමක් නෑ.
මමත් ප්ලෑන් හදන්න නම් මාර දක්ෂයි. ඒත් හැබෑ ලෝකෙ වැඩ කරන්න ගියාම තමයි කෙළවෙන්නෙ. මම මොකක් හරි දෙයක් නැවැත්තුවොත් ඒකට වෙන මොකක් හරි අලුගුත්තේරු වැඩක් සෙට් වෙනවමයි.
බුකිය නැවැත්තුවොත් එළකිරි එනවා. ඒක නැවැත්තුවොත් ගේම් එකක් නැත්නම් යූටියුබ්. ඔහොම ඔහොම මොකක් හරි සෙට් වෙනවා කාලකන්නි වෙන්න.
මටම මම් ගැන දුකයි. මිදෙන්න බෑ. කිසිම අලුත් දෙයක් පටන් ගන්න බෑ පොතේ ප්ලෑන් විතරයි.
දැන් එග්සෑම් එකක් අවුරුදු දෙකක් විතර මාස දෙකෙන් දෙකට කල් දාගන්න්නවා. තාම කරේ නෑ. මම අත්හදා බලපු නැති ක්‍රමයක් නෑ බන්. ඒත් ටික දවසයි. වැඩිම උනොත් සතියක් යයි.
ඊටපස්සෙ පරණ පුරුදු මිනිහම තමයි.
මට හරිම දුකයි මම් ගැන.
Dophine detox කියන්නෙ මොකක්ද බන්?