වැඩිමිලට හාල් විකුණූ ලාෆ් එකට මිලියනයක දඩයක්!🤩🤩👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    LAUGFS_Rice_1200px_25_01_27-1000x600.jpg


    කිරිබත්ගොඩ ලාෆ් සුපිරි වෙලද සැලකට අද (27) දින ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් රුපියල් මිලියනයක දඩයක් නියම කර ඇතැයි වාර්තා වේ.

    එසේ දඩ නියම කර ඇත්තේ දේශීය සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කට අලෙවි කිරීම සම්බන්ධව එම අධිකාරියේ නිලධාරීන් විසින් මහර අධිකරණයට නඩුවක් ගොනුකරමිනි.සුදු කැකුළු කිලෝවක රජයේ පාලන මිල රුපියල් 250 කි.

    කෙසේවුවද, රජයේ පාලන මිල ඉක්මවා භාණ්ඩ විකුණූ විට සමාගම් රුපියල් මිලියනයේ සිට මිලියන 5 දක්වා දඩයකට යටත් කිරීමට හැකියාව තිබේ.
    සහල් වැඩි මිලට අලෙවි කරනු ලැබූ වෙලදුන්ට එරෙහිව පසුගිය දිනවල පවරණු ලැබූ නඩු සඳහා අධිකරණ මගින් රුපියල් මිලියන තුනකට වැඩි දඩ මුදල් මේ වනවිට නියම කර ඇතැයි ද වාර්තා වේ.
    ඊට අමතරව සහල් වැඩිමිවලට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික අධිකාරිය මගින් පසුගිය දිනවල වැටලීම් එකසිය හතළිහකට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති අතර තවදුරටත් එම වැටලීම් දිවයින පුරා ක්‍රියාත්මක බවද පැවසේ.