වයසත් එක්ක දැන් මට ඉන්නවා අදුරන අයගේ, නෑදෑයන්ගේ පොඩි එවුන් සෙට් එකක්. තවම වයස 40ක් නොවුනට ඒ පොඩි එවුන්ගේ දෙමව්පියන් කියනවා මටත් වදින්න කියලා. සමහර ළමයි මගේ උසටම ඉන්න අය . මම කරන්නේ එතකොට මට වදින්න දෙන්නේ නැතුව ඔවුන්ව ආදරෙන් වැලදගන්න එක. එක ඔවුන්ට ආදරය දැක්වීමක් සහ මාත් සමග බය නැතුව කතා කරන්න ඔවුන් පෙලබෙනවා. හැබැයි මට වැන්දේ නැහැ කියලා කවදාවත් මගේ තත්වය පහත් කරලා නැහැ. හැබැයි අනිත් අයට වඩා මාත් එක්ක ඒ හැමකෙනාම කතා කරන්වා
මගේ ළමයි දෙන්නව වත් මට වදින තත්වයක් ඇති කරලා නැහැ. එතකොට පොඩි කාලේ ඉදන්ම යටත් මානසිකත්වය ඔලුවට වෙනවා කියන එකයි මගේ මතය. වයස වැඩි උන මෝඩයොත් ඉන්නවා. උන්ට වදිනවට නම් කොහොමත් මම කැමති නැහැ.
ඊට වැඩිය මම ළමයින්ට කියලා දීලා තියෙනවා respect කරන්න සහ ඇහුම්කන් දෙන්න. මුලදී අමාරු උනත් ඇහුම්කන් දෙන වැඩේ දැනට නම් යම් සාර්ථකත්වයක් තියෙනවා.