වැරදිලා ගහපු එක මකා ගන්න පුළුවන්
වැරදි පුද්ගලයෙකුට වැරදි කෙටි පණිවිඩයක් (SMS) යැවීම නිසා ඔබත් අපහසුතාවයට පත්වූ අවස්ථා බොහෝ තිබෙන්නට ඇත.එයට පිළිමයක් ලෙස හඳුන්වාදී ඇති නව ඇප් මෘදුකාංගයක් හරහා ඔබට එලෙස වැරදීමකින් යැවුණු කෙටි පණිවිඩ මකා දැමීමේ හැකියාව පවතියි.
මෙම ඇප් මෘදුකාංගය 'ඉන්විසිබල් ටෙක්ස්ට්' (Invisible Text) ලෙස හඳුන්වන අතර කෙටි පණිවිඩය ලැබුණු තැනැත්තා එය විවෘත කර නොමැති නම් අදාළ කෙටි පණිවිඩය මකා දැමීමේ පහසුකම මෙම මෘදුකාංගය වෙතින් සපයයි.
එමෙන්ම යවන ලද කෙටි පණිවිඩයක් අදාළ පුද්ගලයා විසින් යම් කාල පරාසයක් තුල විවෘත නොකළහොත් එය ඉබේම මැකී යන ලෙස සකස් කිරීමේ පහසුවද මෙම මෘදුකාංගය හරහා සැපයෙයි.
ඉන්විසිබල් ටෙක්ස්ට් ඇන්ඩ්රොයිඩ්,iOS සහ බ්ලැක් බෙරි ස්මාට්ෆෝන් උපාංග සඳහා නිර්මාණය වී ඇත.
කෙසේවෙතත්,අදාළ පහසුකම් සැපයෙන්නේ යවන්නා සහ ලබන්නා යන දෙපාර්ශවයම සතුව අදාළ මෘදුකාංගය ඇත්නම් පමණයි.
source http://tinyurl.com/oxvyjfg