මචන්ලා මට මොකක් හරි වැඩක් කරන්න ගියාම හිතන්නකෝ අසයිමන්ට් එකක් දෙන්න තියෙනවා කියලා එක්කෝ ඔෆිස් එකේ වැඩක් තියෙනවා කියලා.මම කරන්නේ අය්යෝ දැන් මේ වැඩේ කරන්න ඕනි නේ කියලා හිතට ලොකු බරක් දාගෙන .ඒ අදාල වැඩේ කරන් නැ එක්කෝ එළකිරි එනවා එක්කෝ ෆේස්බුක් යනවා යුටියුබ් එකේ වීඩියෝ බලනවා.ඌ කාලකන්නි කම අයින් කරගන්න විදිහක් කියන්නකෝ .එක්කෝ ඒ වැඩේ කරන ගමන් ටයිම් ටු ටයිම් ඔය විදිහටම කරනවා .ඔබගේ උපදෙස් බොහෝ වටි
ඕක උඹට විතරක් නෙමෙ .
ඉන්ටර්නෙට් සුලභ වෙච්ච සහ ඒකට පුරුදු වෙච්ච පරපුරක පුරුක් වෙච්ච අපි හැමොටම තියෙනවා .
කතාවක් අහලා තියෙනවා ඔනිම පුරුද්දක් අත අරින්න පුළුවන් ලු දවස් 21 ක් එකදිගට ඒ පුරුද්දෙන් මඟ ඇරලා හිටියොත්.
උඹ ටාගට් එකක් තියාගනින් අද ඉඳන් දවස් 21 ක් ඔය සොශල් මීඩියාස් ,යු ටියුබ් වගෙ දෙවල් වලට යන්නෙ නැහැ කියලා .
උඹට නිතරම යැවෙන සයිට්ස් බ්ලොක් කරන්න එක්ටෙන්ෂන් එකක් පාවිච්චි කරපන් .
අදාල සයිට්ස් වල ඇඩ්‍රස් එක දීපන් ඒ එක්ස්ටෙන්ශන් එකට.
එතකොට උඹට පුරුද්දට යැවුණත් සයිට් එක බ්ලොක් වෙනවා.
එතකොට උඹට මතක් වෙනවා උඹ තියාගත්ත අර දවස් 21 ටාගට් එක.
කඩා ගන්න බැරි නැහැ පුළුවන් .
මාත් එහෙම කරා .මන් ෆේස්බුක් දැන් යන්නෙම නැහැ.
එළකිරියත් මාස එකහමාරක් නෑවිත් ඉඳලා ඔන්න ආයෙ පොඩ්ඩක් ලොග් උනා.
ආයෙත් මන් එළකිරි එන්නෙත් නැහැ තව ටික දවසකින් .