වැළඳගැනීමෙන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වැළඳගැනීමෙන් "ප්‍රසිද්ධියේ සෙනෙහස පෙන්වීමේ" වරදට පාසලෙන් නෙරපයි

_99334228_qfrq.jpg


එම වැළඳගැනීම ඇයට සුබ පැතීමේ අරමුණින් මිස වෙන යටි අරමුණකින් යුතුවුවක් නොවේ

පාසල් සිසුවෙකු සහ සිසුවියක එකිනෙකා වැළඳගැනීමෙන් "ප්‍රසිද්ධියේ සෙනෙහස පෙන්වා සිටීමේ" වරදට පාසලෙන් නෙරපීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.



බීබීසී ඉන්දියානු වාර්තාකරු අෂ්රෆ් පදන්නා මෙම සිද්ධියට මුහුණ දුන් දරුවන් සහ එයට අදාළ අනෙක් පාර්ශ්ව සමග කළ සාකච්ඡාව පහත දැක්වේ.
කේරලයේ, ශාන්ත තෝමස් මධ්‍යම විද්‍යාලයේ පැවැත්වූ ගායනා තරගයකට සහභාගී වූ 15 වියැති සිසුවිය, ඉන් අනතුරුව 16 හැවිරිදි පිරිමි යහළුවාගෙන් තම ගායනය කෙසේදැයි අසා සිටියාය. එයට ප්‍රතිචාර දක්වමින් ඔහු ඇය වැළදගෙන ඇත්තේ ඇයට සුභ පැතුම්ද එක් කරමිනි.



"මෙය (වැළඳගැනීම) තත්පරයක් හෝ දෙකක් ඇතුළත වුන දෙයක්" බව පවසා සිටි සිසුවිය, ඇයගේ ඡායාරූප ලබාදීමට අකමැති බව ද බීබීසී සමග පැවසුවාය.
"තව හුඟක් ළමයින් සහ ගුරුවරුන් අප වටේ හිටියා, මට තේරුණේ නැහැ මම වැරැද්දක් කළා කියලා"


නමුත් එක් ගුරුවරයෙක් දිගින් දිගටම මේ ක්‍රියාව පිළිබඳව විදුහල්පතිවරයාට පැමිණිලි කර ඇති අතර, සිසුවියගේ වචනයෙන් කියතොත් එය "සියලු අපාය බිදී ගියා වගේ".
සිද්ධියට පසුදා, එනම් ජුලි 22, මොවුන් දෙදෙනාගේම පාසල් ගමන දින නියමයකින් තොරව අත්හිටුවා ඇති අතර, නොවැම්බර් 22 වෙනිදා සිසුවා පාසලෙන් නෙරපා ඇත. මේ දෙදෙනාගේම නම් මාධ්‍යයට හෙළි කර නැත.

_99334231__99315872_stthomascentralschoolmukkolakkalthiruvananthapuramkerala-4-1.jpg


පාසලේ තීරණය දැඩි ලෙස විවේචනයට ලක්වී ඇත


"පාසල් යාමෙන් දරුවාගේ ගුණ ධර්ම ද වර්ධනය වෙන්න ඕනෙ", විදුහල්පති සෙබස්තියන් ටී. ජෝසෆ් බීබීසී සමග පැවසීය. "අපි එයාට සමාව ගන්න අවස්ථාවක් දුන්නා, හැබැයි ඔහුට හෝ ඔහුගේ දෙමව්පියන්ට කිසිදු කනස්සල්ලක් නැහැ", ඔහු තව දුරටත් පවසා සිටියා.



නමුත් සිසුවා කියා සිටියේ ඔහු "එසැනින්" සමාව අයැද සිටි බවය.
සිසුවිය පාසලට නැවත සම්බන්ධ වී නැති අතර, පාසලේ ඇති වාර්තා සහ ලේඛනවලට අනුව ඇය තවමත් පාසලේ ලියාපදිංචි වී නොමැත.
සිසුවිය මෑතකදී ඩුබායි සිට ඉන්දියාවට පැමිණ ඇති අතර, ඇයගේ පියා එහි රැකියාවක නිරත වේ. ඇය ශාන්ත තෝමස් විද්‍යාලයට පසුගිය ජූනි මස සම්බන්ධ වූ අතර, මෙම සිද්ධිය වන අවස්ථාව වන විට ද පාසලට ලියාපදිංචි වීමේ ලියකියවිලි සම්පූර්ණ කර තිබී නැත.



මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට පාසල විසින් පිහිටවනු ලැබූ විනය කමිටුවක් ඉදිරියේ සිසුවාට සහ සිසුවියට පෙනී සිටීමට දන්වා ඇත.
පාසලෙන් දුන් චෝදනා පත්‍රය බීබීසී සතුව ඇත. මෙම සිසුන්ට "අශෝබන, අසභ්‍ය සහ අවිනීත ලෙස ප්‍රසිද්ධියේ ස්නේහය පෑම" සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.



මෙම දරුවන්ගේ පෞද්ගලික සමාජ ජාල ගිණුම්වල ඇති පිංතූර සහ කතාබහ ද මෙම චෝදනා පත්‍රයෙන් දැඩි ලෙස විවේචනය කර ඇත්තේ, ඒවායින් මොවුන් දෙදෙනා අතර "කුලුපග, නිශ්චිත, අශ්ලීල, අශිෂ්ට සහ පිළිකුල් සහගත" සම්බන්ධයක් ඇති බව ඔප්පු වන බව පවසමිනි.



"මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පෞද්ගලික දෙයක් සහ ඒක බලන්න පුළුවන් මගේ අනුගාමිකයන්ට විතරයි" සිසුවා බීබීසී සමග පවසා සිටියේය. "චෝදනා පත්‍රයේ තිබෙනවා වගේ ඒකෙ කිසිම අශිෂ්ට හෝ පිළිකුල් සහගත දේවල් නැහැ", ඔහු තවදුරටත් පවසා සිටියේය.



සිසුවා මෙම චෝදනා පත්‍රයට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ එම වැළඳගැනීම ඇයට සුබ පැතීමේ අරමුණින් මිස වෙන යටි අරමුණකින් යුතු වුවක් නොවන බවය.



කමිටු සාමාජිකයින් සතුව තමාගේ හා අදාළ සිසුවාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඇති ඡායාරූපවල පිටපත් තිබූ අතර තමන්ට නොයෙක් අපවාදාත්මක නම් වලින් කතා කළ බව සිසුවිය ප්‍රකාශ කර සිටියාය.
"එක් සාමාජිකයෙක් මට බැල්ලි කියා ආමන්ත්‍රණය කළා" ඇය තවදුරටත් පැවසුවා.


_99334234__99315876_generalimagesofschoolkidsfromthiruvananthaputam-6.jpg


මෙම කමිටුව සිසුන් වැරදිකරුවන් බවට තීරණය කරන විට, ඔවුන්ට මාස 4 කට අධික කාලයක් පාසල් යාමට නොහැකි වී ඇත.



මේ අතරේදී සිසුවාගේ දෙමව්පියන් පාසලේ තීරණයට එරෙහිව කේරළ ළමා ආරක්ෂණ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සිසුවාගේ පාසල් තහනම ඉවත් කරන ලෙසට නියෝග කර ඇත.
එම නියෝගයට එරෙහිව පාසල කේරළ මහාධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලදී. පාසලට තම "තත්ත්වය සහ කීර්තිය" ආරක්ෂා කර ගැනීමට මෙවැනි තීරණයක් ගැනීමට අයිතියක් ඇති බවත්, ඒ හේතුවෙන් සිසුවා පාසලින් නෙරපීමට ගත් තීරණය තවදුරටත් බලාත්මක බවත් මහාධිකරණ නියෝගයේ සඳහන් වේ.



නත්තල් නිවාඩුවෙන් පසු අධිකරණය නැවත ආරම්භ කිරීමෙන් පසු මහාධිකරණ නියෝගයට එරෙහිව අභියාචනා කිරීමට සිසුවාගේ දෙමව්පියන් බලාපොරොත්තු වේ.


_99334235__99308803_boy.jpg


ඔවුන් මාස 4 කට අධික කාලයක් පාසල් ගොස් නැත.

"අපි අධිකරණය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ", සිසුවාගේ පියා පවසා සිටියේය. තම දරුවාගේ පාසල් ගමන නතර වූ දින සිට ඔහු රැකියාවට නොයා මෙම ප්‍රශ්නය විසඳීමට වෙහෙසෙන අතර, තම දරුවාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පාසලේ කිසිදු නිලධාරියෙකු නැති වුවත්, ඔවුන් එම ගිණුමේ පළ කල පෞද්ගලික ඡායාරූපවල පිටපත් අධිකරණයට පවා ඉදිරිපත් කර ඇති බවට ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.



මෙය සිසුවාගේ පාසලේ අවසන් වසර වන අතර මෙම සිද්ධිය හේතුවෙන් ඔහුට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා අහිමිවී යා හැකි බව මව පවසා සිටියාය.
පාසල් නිලධාරීන් බීබීසී සමග පවසා සිටියේ ඔවුන් සිසුවාට වෙනත් පාසලකට මාරුවීමට අවස්ථාව ලබා දී ඇති බවය. පසුගිය බ්‍රහස්පතින්දා සිසුවාට ලිපියක් එවමින් විදුහල්පතිතුමන් දන්වා ඇත්තේ ජනවාරි මස 3 වෙනිදා නැවත පරීක්ෂණයකට පැමිණෙන ලෙසය.



නමුත් සිසුවියගේ තත්ත්වය තවමත් පැහැදිලි නැති අතර ඇයගේ දෙමව්පියන් අධිකරණයේ පිහිටා පැතීමට තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැත.

ඇය වෙනත් පාසලකට අයැදුම් කර ඇතත්, මෙම සිද්ධිය හේතුවෙන් එම අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇත.

bbc-blocks-dark.png

 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දකුණු ආසියාව වැනි ගෝත්‍රික රටවල ඕව හරිම පොදු දෙයක්. ලංකාවෙත් ඔය තත්වෙම තමා තවම තියෙන්නේ.
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් එක ජන කණ්ඩායමට අනන්‍යය සංස්කෘතියක් හොයාගන්න බෑ..මේ ඔක්කොම කලං වෙච්ච අච්චාරු සංස්කෘතියක් තමා තියෙන්නේ..ඉන්දීය සංස්කෘතියට අනුව මේක වැරදි ඇති.මොකද අපි දන්නවනේ ඉන්දියාව කියන්නේ සිය දහස් ගණනක් පුරුෂාධිපත්‍යය යටතේ ගෑණූ ලිප් බොක්කටම දාපු රටක්නේ...ඉතිිං තාමත් හණ මිටි අදහස් තියෙන්නේ... අපේ රටේ වුනොත් මීට වඩා කේස් එනවා :lol:
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    දැන් එක ජන කණ්ඩායමට අනන්‍යය සංස්කෘතියක් හොයාගන්න බෑ..මේ ඔක්කොම කලං වෙච්ච අච්චාරු සංස්කෘතියක් තමා තියෙන්නේ..ඉන්දීය සංස්කෘතියට අනුව මේක වැරදි ඇති.මොකද අපි දන්නවනේ ඉන්දියාව කියන්නේ සිය දහස් ගණනක් පුරුෂාධිපත්‍යය යටතේ ගෑණූ ලිප් බොක්කටම දාපු රටක්නේ...ඉතිිං තාමත් හණ මිටි අදහස් තියෙන්නේ... අපේ රටේ වුනොත් මීට වඩා කේස් එනවා :lol:

    Some sinhalese also said aids spreads in air :lol::lol::lol::lol:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ape skoleth ohoma wedak una ban...
    kellawayi kollawai pinage office1ta genath thadin awawaada kala...
    mamath pina gaawa a welawe idiye wena scene1kata mattu wela gihin...
    palu yanna benna un dennnata.. but as kale nam na
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    mamath pina gaawa a welawe idiye wena scene1kata mattu wela gihin...
    අපේ ස්කෝලෙත් ඔහොම එකක් උනා
    ඔහොම කපල් එහෙකට ගෙනල්ලා බනින කොට ප්‍රින්සිපල් ගෙ ගල් ෂොට් එක ඕක අහන් ඉඳලා අපිට කිව්ව
    උඹගේ ස්කූල් එක මොකක්ද බන්?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ ස්කෝලෙත් ඔහොම එකක් උනා
    ඔහොම කපල් එහෙකට ගෙනල්ලා බනින කොට ප්‍රින්සිපල් ගෙ ගල් ෂොට් එක ඕක අහන් ඉඳලා අපිට කිව්ව
    උඹගේ ස්කූල් එක මොකක්ද බන්?
    :P:P
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    පිස්සු යක්කු බං.
    හුඟක් වෙලාවට ඔය ප්‍රින්සිපල් ගේ ගැන හොයල බැලුවොත් ඌ සුපිරි අණ්ඩපාල කෙනෙක් කියල හොයාගන්න පුළුවන්