උඹ හිතලා හරි යන්නේ නෑ..ඒක එයා තමා හිතන්න ඕන..මම මෙහෙම කියන එක හරි නෑ..ඒත් ඔයාට මෙහෙම කරන්න පුලුවන්..මොකද මේ ඔයා ආදරය කරන කෙනෙක්...ඒ දේ පොඩ්ඩක් පැත්තකින් තියලා..ඔයා එයත් එක්ක මේ ගැන කතා කරන්න..එයා සෑහෙන්නම වැඩේ ගොඩ දාගෙන ඉන්නේ.. විෂයන් 15න් 12ක් ම ගොඩ නේ..ඒ ගොඩ ගිය 12 ගැනම කතා කරහන් අර 3 ගැන එපා..එයා කොහොමද ඒ ගැන වැඩ කලේ..ඒකේ වටිනාකම එයාමට දැනෙන විදියට එයාට ආඩම්භරෙන් ඔයත් එක්ක ඒ ගැන කියන්න පුලුවන් විඩිහ්යට ප්‍රශ්නය යොමු කරන්න..මතක තියා ගන්න එයාට අවුලක් නැති 12 ගැනම විතරක් කතා කරන්න එයා බැරි ඒව ගැන කියන්න උත්සාහ කරත් ඒ ගැන එතන ප්‍රශ්න කරන්න එපා එයාගෙම හිතට එයා ගැන පුංචි ආඩම්භරයක් ඇතිවෙන විදියට (අභිමානයක් කියන්නත් පුලුවන්..) ඒ දේ වෙන්න ඕන..ඊට පස්සේ 12ක් ගොඩ දා ගෙන තුනක් බෑ කියලා අත අරින්න අදන එක අපරාදයක් කියලා එයාටම යටි හිතෙන් හිතෙන්න ගන්නවා.. පුලුවන් දේ ගැන තමා පෙන්නලා දෙන්න ඕන..අර අමාරුවෙන් O/L හෝ A/L ගොඩ දා ගන්න එයා මොනව්ද යොදා ගත්ත උපක්‍රම වගේ දේවල් ගැනත් අහලා ඒ දේවල් අගය කරන්න...ඊට පස්සේ ඔයා හරි විදියට වැඩේ කලා නම් එයාට හිතෙන්න ඕන යකෝ අච්චර අමාරු ඒ විභාග ගොඩ දාගත්ත මට මේක ගේමක් නෑනේ ද කියලා..ඔයාට හිතිලා වැඩක් නෑ එයාටම හිතෙන්න ඕන..එය කත කරන්න කැමති නැතිව ඇත්තේ..ඔක්කොම එයා මහ ගොන් වැඩක් කරන්නේ ඕවා මේවා කියන නිසා එහෙම කියන්න එපා..අගය කිරීම නිසි පරිදි සිදු විය යුතුයි..එයා එයාගේ පාර හදා ගනී..පුලුවන් නම් Fashion Design , Architecture, Archie design වගේ ප්‍රදර්ශන බලන්න එයාව එක්ක ගෙන යන්න..එයාගේ නිර්මාණ හොඳ ඇගියීමක් කරන්න..මුලු ලෝකෙම එයාව විශ්වාස නොකරත් ඔයාට ඒ විශ්වාසය තියෙනවා කියන එක අඟවන්න..වචනෙන් නොකියා...ඕක ගොඩ දාන්න පුලුවන්...ලොකු සීන් එකක් නෙමෙයි..බලන්න හරි ගියොත් ඇවිත් කියන්න නැති උනත් කමක් නෑ..
GOOD LUCK