වික්ටෝරියා සි‍‍ඳෙයි ද?...

aru21atnet

Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    වික්ටෝරියා සි‍‍ඳෙයි ද?...

    679572388MM.jpg

    මේවන විට රටේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දැඩි නියඟයෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිති. මිනිසුන් මෙන්ම තිරිසන් සතුන් ද නියඟය නිසා දිනෙන් දින විඳින පීඩා උග්‍ර අතට හැරෙමින් පවතියි. මේ වික්ටෝරියා ජලාශයේ ඡායා රූපයකි. එම ජලාශයේ ජල මට්ටම සරලවම කිවහොත් අඩියටම බැස ඇතැයි යන්න අප වාර්තාකරු පවසයි. එසේම මධ්‍යම පළාතේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ ගණනාවක ජනතාව මේවන විට උග්‍ර ජල අර්බුදයකට මුහුණ පා සිටින අතර ගම්මිරිස්, කොකෝවා, පොල් වැනි වගා සම්පූර්ණයෙන්ම විනාශ වීමෙන් ජනතාවගේ ආර්ථිකයට ද එය බරපතළ ඛේදවාචකයක් නිර්මාණය කර තිබේ.

    ඡායා රූ - චන්දන උඩුවාවල

    උපුටා ගැනීම - http://www.adaderana.lk/ (කමක් නැත්ද මන්දා----epa nam kiyapanla.. lankawe site ekakne)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් එච්චර හොඳ විදිහට තියෙන්නේ නෑ. ලොකු අවුලකට රටම මුහුන දෙනවා.
    මේ අවුරුද්දේ මහ කන්නයත් වගා කරන්න එපා කියලා ගොවියොන්ට කියලා තියෙනවා වාරිමාර්ග එක. ලයිටුත් නෑ අපි කාලත් ඉවරයි :(