වික්ටෝරියා ජලාශය හා වේල්ල නිර්මාණය කිරීම සදහා එංගලන්තය ප්‍රමුක රටවලින් ඉංජිනේරුවන් හා වෘත්තීයවේදින් විශාල සංඛ්‍යාවක් පැමිණි අතර ඔවුන් ගේ භාවිතයට Ford Escort 2/4 door, Ford Cortina වැනි කාර් රථ එරටින්ම ගෙන ආවේය. සරළවම කිව්වොත් Fast Ford... තවද පෙට්‍රල්/ඩීසල් Mitsubishi J series Jeep, Jeep CJ හා වෙනත් වාහනත් ව්‍යාපෘතියේ භාවිතයට ගැනුණි. මීට අමතරව වැඩබිමේ භාවිතයට අවශ්‍ය කරන සියලු රථ වාහනත් ගෙනඑන ලදී.
වැඩ නිමවා අවසන් කිරීමෙන් පසු සිය ගණන් වූ මෙම වාහන සියල්ලම වික්ටෝරියා ජලාශය පතුලේ ගිල්වා දමන ලදී.
එයට ප්‍රථම ඇතැම් වාහන හොරෙන් පිටකෙරිණි. මේ පිටුපස බලවතෙක් සිටි බව කියැවෙයි. වර්තමානයේ ලංකාවේ තිබෙන Fast Ford බහුතරයක්ම එසේ කරළියට පැමිණි ඒවායි.
වාහන පමණක් නොව GI පයිප්ප, යකඩ බට වැනි දෑ ද මෙසේ පිටකෙරිණි. මීට පෙර හා පසු ලංකාවට ආනයනය කළ බොහෝ බට වලට වඩා මේවා වල ගුණත්වය ඉහළ වූ අතර එකල අඩු මිලට විකුණන ලදී. මෙම ඉතාම ඉහළ ගුණත්වය නිසා බොහෝ අය මේවා ලබාගැනීමට උත්සුකවිය. වර්තමානය වන විටත් මේවා කිසිදු ගැටලුවක් නොමැතිව පවතින්නේ එබැවිනි.
අද මෙම මතකයන් දිය කද තුල සැගව ගොසිනි. දිය කද සිපගනිමින් විටින් විට හමා එන මද සුළඟ එය සිහිපත් කරවයි.


