වික්ටෝරියා

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93

    වික්ටෝරියා ජලාශය හා වේල්ල නිර්මාණය කිරීම සදහා එංගලන්තය ප්‍රමුක රටවලින් ඉංජිනේරුවන් හා වෘත්තීයවේදින් විශාල සංඛ්‍යාවක් පැමිණි අතර ඔවුන් ගේ භාවිතයට Ford Escort 2/4 door, Ford Cortina වැනි කාර් රථ එරටින්ම ගෙන ආවේය. සරළවම කිව්වොත් Fast Ford... තවද පෙට්‍රල්/ඩීසල් Mitsubishi J series Jeep, Jeep CJ හා වෙනත් වාහනත් ව්‍යාපෘතියේ භාවිතයට ගැනුණි. මීට අමතරව වැඩබිමේ භාවිතයට අවශ්‍ය කරන සියලු රථ වාහනත් ගෙනඑන ලදී.

    වැඩ නිමවා අවසන් කිරීමෙන් පසු සිය ගණන් වූ මෙම වාහන සියල්ලම වික්ටෝරියා ජලාශය පතුලේ ගිල්වා දමන ලදී.

    එයට ප්‍රථම ඇතැම් වාහන හොරෙන් පිටකෙරිණි. මේ පිටුපස බලවතෙක් සිටි බව කියැවෙයි. වර්තමානයේ ලංකාවේ තිබෙන Fast Ford බහුතරයක්ම එසේ කරළියට පැමිණි ඒවායි.

    වාහන පමණක් නොව GI පයිප්ප, යකඩ බට වැනි දෑ ද මෙසේ පිටකෙරිණි. මීට පෙර හා පසු ලංකාවට ආනයනය කළ බොහෝ බට වලට වඩා මේවා වල ගුණත්වය ඉහළ වූ අතර එකල අඩු මිලට විකුණන ලදී. මෙම ඉතාම ඉහළ ගුණත්වය නිසා බොහෝ අය මේවා ලබාගැනීමට උත්සුකවිය. වර්තමානය වන විටත් මේවා කිසිදු ගැටලුවක් නොමැතිව පවතින්නේ එබැවිනි.

    අද මෙම මතකයන් දිය කද තුල සැගව ගොසිනි. දිය කද සිපගනිමින් විටින් විට හමා එන මද සුළඟ එය සිහිපත් කරවයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113

    under water cam ekak yawala balamu
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ප්‍රොජෙක්ට් එකෙකින් හොරාකන එක සාමන්‍ය දෙයක් මෙහෙ.
    එක පාරක් වරායේ ප්‍රොජෙක්ට් එකෙක JCB එකක් නැති උනේ😂😡