අපි මෙතන කතා කරපු හැමදේම ගැන බැලුවම තේරෙනවා අපි හැමදේම ගැන හිතන්නේ අපේ ස්වභාවයෙන්.
උදා:- ඔක්සිජන්, දේශගුනය වගේ පැරාමීටර්ස් වලට යට වෙලා.
අර කලින් සහෝ කෙනෙක් කිව්වා වගේ ජීවය හොයන්න ජලය හොයන තැන් සෙවීම උත්තරයක් නොවිය හැකියි.
තව එකක්. අපෙ තව සහෝ කෙනෙක් ලියල තිබ්බ ජීවයේ උපතට කලින් තිබුනු දේවල් අපිට කවදාවත් දකින්න බෑ----> සහ දකින්න නම් ආලෝකයෙ වෙගයට වැඩියෙන් යා යුතුයි කියලා.
ඇයි අපි මේ ආලෝකයම ගන්නේ උදාහරනෙට? හේතුව අපි දන්නෙ නෑ ආලෝකයට වඩා වේගයෙන් යන දෙයක්. අපි දන්නවා ආලෝකයේ තරංගමය ස්වභාවයක්-----> ශක්තිය රැගෙන යාමක්.
ඇපි නොදන්නා ද්‍රව්‍යක් තිබිය නොහැකිද? එය ශක්තිය ගෙනයන්නේ නැතිනම් ?(ශක්තිය ගෙනියන නිසානෙ ශක්තිය වෙනත් දෙයකට පරිවර්තනය වෙලා ආලෝකය කියන දේ ඉවර වෙන්නේ) එහෙම දෙයක් තිබෙනව නම් ඔය කලු කුහර හරහා එනවනේ. අපි අත්විඳින සමහර අද්භූත දේවල් එවන් වූ ස්වරූපයක් විය නොහැකිද?
E=MC^2 කියලානෙ අද තියෙන භෞතික විද්‍යාව අවසානෙට ගොඩ නගලා තියෙන්නේ.
E - ශක්තිය
M - ස්කන්දය
C - ආලෝකයෙ වේගය
අපිට ඔය සූත්‍රය හදන්න ගත් මූලික සංකල්ප අභියෝගයට ලක් කල හැකියි C කියන එක තව දුරත් අති ප්‍රභලම ධාවකයා නොවුනොත්. යම් හෙයකින් එසේ උව හොත් ස්කන්දය මැවීමක් දක්වා වෙනස් වේවි.
ඒ කියන්නෙ අපි අද මේ පරික්ශාකරන නරඹන වස්තූන්ද තව දුරටත් සත්‍ය නොවේ.
අර කලින් සහෝ කෙනෙක් කිව්වනෙ අපි මේ දකින තරුව වසර මිලියන ගනනකට පෙර විනාශ ඌවක් විය හැකියි කියලා. එතකොට දැන් මට කියන්න තියෙන්නේ අපෙ ඇස ගැටෙන වස්තුව, ඇල්ලුවොත් අතට දැනෙන වස්තුව කලින් නොතිබුනු එකක් බවයි.
ස්කන්දය මැවීම ගැන තව හිතන්න ගියොත් මටත් විකාර වේවි.