විග්නේෂ්වරන් ජාතිවාදියෙක් නෙමේ

FCB

Well-known member
  • Jul 18, 2009
    3,124
    753
    113
    විග්නේෂ්වරන් ජාතිවාදියෙක් නෙමේ

    mahinda_rajapaksa_press.jpg

    මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් පරාජය වන්නට හේතුවූ අඩුවූ ඡන්ද දෙමළ ජනතාව ඔහුට විරුද්ධව ප්‍රකාශ කළ ඒවා බව ප්‍රකට කරුණකි. ඔහුගේ පාලන සමයේ කොටි ත්‍රස්තවාදය පරාජයවීම මත ඇතිවූ විරසකවීම් ඔහුගේ පරාජයට හේතුවූ බව ඇතැමුන්ගේ අදහසයි.
    කෙසේ නමුත් මහින්ද වරින්වර පසුගිය කාලයේ දෙමළ අයගේ සිත් දිනාගන්නට කටයුතු කළේය. ගිය සතියේ ලෝක ළමා දිනය වෙනුවෙන් දෙමළ දරුවන්ට තෑගි බෙදන්නටද ගිය ඔහු ව්ග්නේශ්වරන් ජාතිවාදී නොවන බවද කියූ අතර ඊයේ දෙමළ මාධ්‍ය වේදීන්ගේ සැකසංකා තුරන් කරන්නට විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වූයේය.
    එහිදී කියූ ඇතැම් කරුණු මේ දක්වා ඔහු හෙළි නොකළ ඒවාය. පහත පළවන්නේ
    එහිදී ඇසූ ප්‍රශ්න වලට ඔහු දුන් පිළිතුරුය.

    යුද්ධය අවසන් වූ වෙලාවෙ එල්.ටී.ටී.ඊ. නායකයගෙ මළ සිරුර ඔබ දැක්කද?

    මම හීනෙන්වත් දැක්කෙ නෑ.

    සේනාධිපති විදියට ඔබතුමා ඒක දැකල සතුටුවුණා කියන්නෙ ඇයි එහෙනම්?
    ඒක සම්පූර්ණ බොරු කතාවක්. මළ කඳන් දැකල සන්තෝස වෙන, වේදනා විඳින මිනිස්සු දැකල සන්තෝස වෙන මානසිකත්වයක් මට නෑ. අපිට ප්‍රභාකරන්ද වෙනත් කෙනෙක්ද කියල වෙනසක් නෑ. මොකද අපි කළේ ලොකු සටනක්නෙ. පුද්ගලයොත් එක්ක නෙවෙයි, ත්‍රස්තවාදයට එරෙහි සටනකුයි අපි කළේ. ඒක හින්ද ඒක අමු බොරුවක් කියලයි කියන්න තියෙන්නෙ.

    අවසාන යුද සමයේදී හිටපු සටන්කරුවො බොහොමයක් ඔබතුමාගෙ රාජ්‍ය සමයේ පුනරුත්ථාපනය කරල නිදහස් කළා නේද?
    ඔව්. බොහෝම ඉක්මනින් අපි ඒක කළා. ලෝකෙ කවුරුවත් නොකළ තරම් ඉක්මනින් අපි ඒ අයව යථා තත්ත්වයට ගෙනාවා.

    නමුත් දේශපාලන සිරකරුවන්ව නිදහස් කරනවට ඔබතුමාල විරුද්ධ වෙනවනෙ?

    නෑ. අපේ කිසිම විරුද්ධත්වයක් නෑ දේශපාලන සිරකරුවන්ව නිදහස් කරනවට. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය අපේ කාලෙදි අපි ඒ අයව පුනරුත්ථාපනය කරන්න සූදානම් වෙනකොට ඔය දැන් එයාල වෙනුවෙන් කෑගහන අය සමහර නීතිඥ මහත්වරු ඒ අයව ඇතුළෙ තියාගෙන ප්‍රශ්න කරන්නෙ නැතිව උසාවියට ඉදිරිපත් කරන්න කියල හඬ නැඟුවා. ඒ අනුව අපි ඒ ඒ නඩුවලට උසාවියට ඉදිරිපත් කළා. නැත්නම් අපි එදාම පුනරුත්ථාපන කඳවුරකට යවනවා. ඔය නීතිඥ මහත්වරුන්ගෙ ඉල්ලීමට තමයි මේ අයව උසාවි දැම්මෙ.

    ඒත් ඒකාබද්ධ විපක්‍ෂය නම් කියන්නෙ මේ අය නිදහස් කරන්න බෑ කියලා?

    මෙහෙමනෙ. දැන් තියෙන්නෙ දේශපාලන වශයෙන් ප්‍රශ්නයක් නෙවෙයිනෙ. අපරාධ චෝදනානෙ. දේශපාලන චෝදනා සහ අපරාධ චෝදනා කියන්නෙ දෙකක්. කෙනෙක්ට අපරාධ චෝදනා තියෙනව නම් ඒකට ඒ විදියට කටයුතු කළ යුතුයි. මොකද ඒව තියෙන්නෙ අධිකරණය ඉදිරියෙනෙ. අධිකරණ කටයුතුවලට කාටවත් ඇඟිලි ගහන්න බෑනෙ. දේශපාලන වශයෙන් රජයක් ඒකට ඇඟිලි ගහනව නම් ඒක කරන්න ඉඩදෙන්න බෑ. ඒක වැරැදියි. අපේ ස්ථාවරය තියෙන්නෙ දේශපාලනමය වශයෙන් ඇඟිලි ගහන්න බෑ කියලයි. ඒක අධිකරණයත් ඉදිරිපත් කරල තියෙනවා. ඒක අපේ වැඩක් නෙවෙයි. ඇයි දැන් අපි කියන දේමද ආණ්ඩුව අහන්නෙ නෑනෙ.

    විදෙස් විනිසුරුවන් ගෙන්වන්නෙ නෑ කියල ආණ්ඩුව දිගින් දිගටම කියද්දි ඔබ කියන්නෙ ඒක සිදුවෙනව කියලා. කොහොමද ඒක ඔප්පු කරන්නෙ?

    විදේශ අමාත්‍යවරයා පැහැදිලිවම ලෝකෙට ගිහින් එකක් කියනවා. කිහිප වතාවක්ම එයා කියල තියෙනවා විදෙස් විනිසුරුවන් ගේනවා කියලා. හැබැයි ජනාධිපති එකක් කියනවා. රනිල් තවත් එකක් කියනවා. මේ තුන්දෙනාගෙන් කවුද ඇත්ත කියන්නෙ කියන එක අපිටත් ප්‍රශ්නයක්. විදෙස් ඇමැති නම් හැමතැනම කිය කිය යන්නෙ ගේනව කියලයි.

    ජිනීවා යෝජනාවලත් ඒක තියෙනව නේද?

    ඔව්. මෙයා ගිහින් ඒකට එකඟවුණානෙ. රටක් වශයෙන් එහෙම විදෙස් ඇමැතිට තනිවම ගිහින් අස්සන් කරන්න බෑ. හැබැයි මෙයා ගිහින් ඒකට අස්සන් කරනවා.

    අවසන් යුද්ධයේදී යුද අපරාධ විශාල වශයෙන් සිදුවුණා කියල චෝදනා තියෙනවා. අනෙක යුද්ධයෙන් අතුරුදන් වූවත් සම්බන්ධවත් යම් යම් චෝදනා එල්ල වෙනවා. එහෙම තියෙද්දි මේ පරීක්ෂණවලට ඔබතුමාල විරුද්ධ වෙන්නෙ ඇයි?

    මම එකක් කියන්නම්. ඔය 'යුද අපරාධ' කියන වචනය නම් පාවිච්චි කරන්න එපා. ඒක මහ භයානක වචනයක්. යුද අපරාධ නම් සිදුවුණේ නෑ. අපේ කාලෙ ඒවා වුණේ නෑ. යම් යම් සිද්ධි ඇතිවුණා. ඒවට පරීක්‍ෂණ ඒ කාලෙම කළා. කිහිප දෙනෙක්ම ඒවට කටඋත්තර දෙන්න ගියානෙ. හිට්ලර්ගෙ යුද්ධයෙ නම් යුද අපරාධ සිදුවුණා. මේකෙදි ඒව වුණේ නෑ. අතුරුදන් වූවන් ගැන සොයා බලන්නත් අපි කොමිසමක් පත් කළා. ඒකෙ අය ගමක් ගමක් ගාණෙ ගියා. ඒක නිකන් කන්තෝරුවක් ඇතුළට වෙලා කරපු දේවල් නෙවෙයි. පරණගම ගමක් ගමක් ගාණෙ ගිහින් සාක්ෂි විමසලා ලස්සනට ඒක විසදා ගෙන ආවා. තව පියවර කිහිපයක් කරන්න තිබුණා. නමුත් මේ ආණ්ඩුව ඇවිත් ඒක නවත්තල කියනවා විදෙස් විනිසුරුවන් ගේන්න ඕනෑ කියලා. ඒක මහ භයානක තත්ත්වයක්. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයක් නෑ. අපි හිතන්නෙ ලංකාවෙ ප්‍රශ්න ලංකාවෙම විසඳ ගත යුතුයි. පරණගම වාර්තාව ගැන කිව්වම සමහරු හොඳයි කිව්වා. කොමිසමට මුලින් විරුද්ධ වුණා. එල්.එල්.ආර්.සී. වාර්තාවත් එහෙමයි. මේකයි තියෙන ප්‍රශ්නෙ. මේ අයට මේකෙ ඇත්ත කතාව තේරෙන්නෙ නෑ. ඇත්ත තමයි මේවට ඩයස්පෝරාවෙන් බලපෑම් එනවා. මම කියන්නෙ මේවා මීට වඩා සුහදව බලන්න ඕන ප්‍රශ්නයි. මෙහෙම විසඳුම් හොයන්න බෑ. මම ප්‍රශ්න නෑ කියල කියන්නෙ නෑ. අපේ කාලෙත් එහෙම දේවල් කළා. නැත්නම් අවුරුදු 12ක් යුද්ධ කරපු තරුණයව මාස 6න් එළියට දාන්න පුළුවන්ද. ඒක ලොකු වගකීමක්.

    ඔබතුමා යුද්දෙ දිනුවට උතුරෙ ජනතාවගෙ හිත් දිනාගන්නවත්, උතුරු - දකුණු ජනතාව යාකරන්නවත් ඔබතුමාට බැරි වුණා කියල මේ ආණ්ඩුව චෝදනා කරනවා.

    ඇත්තටම යුද්ධය දිනල ඉවර වුණාම මම හිතුවෙ, මගෙ වගකීම වුණේ අනෙක් පැතිවල වගේ උතුරේ ආර්ථිකය ගොඩනඟන එක. බිම්බෝම්බ ඉවත් කරන එක. ඊළඟට සිද්ධ වුණා කඳවුරුවල ඉන්න අයව පදිංචි කරන්න. එතකොට ඒ අයගෙ මූලික අවශ්‍යතා දෙන හැටි හිතන්න වුණා. විදුලිය, ගෙවල්, පාරවල්, පාසල්, රෝහල් දෙන හැටි මම හිතුවා. බලන්න දැන් යාපනේට ගිහින් දියුණු වෙලා තියෙන හැටි. මම මුලින්ම කළේ දකුණට කලින් යාපනේට දුම්රිය පහසුකම් දෙන එක. මට කියන්න මම කළාට පස්සෙ එක පාරක් කාපට් කළාද කියලා. මිනිසුන්ට බඩගින්නෙ බණ කියල වැඩක් නෑ. අපි ඒව කළා. හැබැයි අපේ වැරැද්ද දේශපාලන නායකයො විදියට අපි දේශපාලනමය වශයෙන් ඒ අය එක්ක සාකච්ඡා කළේ නෑ. එතනදී අපෙන් පොඩි අඩුවක් වුණා. දැන් මේ අය කරන්නෙ සාකච්ඡා කර කර හමුදාව ඉවත් කර කර ඉන්න එකයි. හැබැයි එක දමිළ කඳවුරක් වැහුවද කියන්න. නෑ. ඒකෙන් පේන්නෙ මේ අය දමිළ ජනතාව ගැන නැතිව තමන්ගෙ වැඩි ඡන්ද ටික, දේශපාලන අරමුණු ටික ගැන හිතනව කියලයි. සුමන්තිරන්ව සම්බන්දන්ව සන්තෝෂ කර කර ඉන්න එකයි මේ කරන්නෙ. මම බය නැතිව කියනව දෙමළ ජනතාව වෙනුවෙන් තාම මුකුත් කරල නෑ. මම කරපුව තමයි විවෘත කරන්නෙ. අපිටත් තිබුණා දේශපාලන වාසි ගන්න යුද්ධය තව තවත් ඇදගෙන යන්න. මේක දේශපාලනීකරණය කරල ඔය කියන හිත් දිනීම් ගැන කතා කර කර ඉන්න තිබුණා. ඒත් අපි ඒවා කළේ නෑ. දැන් වරද වෙලා තියෙන්නෙ ඒක.

    උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වුවෙ ඔබ. දැන් උතුරු පළාත් සභාවෙ ක්‍රියාකලාපය සහ උතුරු පළාත් සභා මහ ඇමැතිගෙ ප්‍රකාශය සම්බන්ධයෙන් විශාල විවේචනයක් එල්ල වෙනවා. ඉතින් මේ ඡන්දය පැවැත්වීම ගැන කනගාටුවට පත් වෙනවද දැන්?

    නෑ. පිස්සුද. කිසිම කනගාටුවක් නෑ. මම බොහොම සන්තෝෂ වෙනවා. මටත් ඕක හුඟක් අය දෙන්න එපා කියලා කියද්දී මම දන්නව මම පැරදෙනවා කියලා. ඒත් ඒ අයට ඒ අයිතිය දිය යුතුයි. ඒකයි දුන්නෙ. ජනතාවට පාලනය ගැන අවබෝධයක් ලැබිය යුතුයිනෙ. මම දන්න මහ ඇමැති නම් ජාතිවාදියා නෙවෙයි. එයා කරන්නෙ දේශපාලනය. එයාට මේ ආණ්ඩුවට සහාය දෙන්න බෑ. මොකද දමිළ ජනතාවට මුකුත් කරල නැති නිසා. ඒකයි එයා මේව කරන්නෙ. මේවට උත්තර දෙන්න වෙන්නෙ මහ ඇමැතිතුමාට. එයා කතා කළාම මේ ආණ්ඩුව ජාතිවාදය පිටින් දාල මේ ප්‍රශ්න අමතක කරවනවා. සාමාන්‍ය විදියට තියෙන ප්‍රශ්න වහන්න ඔළුව වෙන පැත්තකට හරවනවා. මහ ඇමැති ආණ්ඩුව එක්ක හවුල් වෙලා කළේ ඒක. මේව ඉතා භයානක කතා වුණාට මම හිතන්නෙ නෑ එයා ජාතිවාදියෙක් කියලා.

    ඔබේ කාලෙ නැති නිදහසක් දැන් උතුරෙ තියෙන නිසයි විග්නේශ්වරන් මෙවැනි උද්ඝෝෂණ කරන්නෙ කියල ඇතැමුන් කියනවා. ඔබ මෙවැනි දේකට ඉඩ දෙනවද?

    රටේ නීතිය එකක් වෙන්න ඕන. රටේ ජාතිවාදය ඇවිස්සීම හරි කියල හිතෙන අයට මේක හරි. නැත්නම් ඒක වැරැදියි. මගේ කාලෙ මේක ජාතිවාදී විදියට ආව නම් මම බෑ කියනවා. මෙතැනදීත් විග්නේශ්වරන් මේක වෙන පැත්තකට ගෙනිච්චට ජනතාව කළේ වෙන අරමුණකින්. සටන් පාඨය ජාතිවාදී කළේ විග්නේශ්වරන් සහ මේ ආණ්ඩුව.

    උතුරේ ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙනව කියල ඔබ පිළිගන්නවද? ඒකට තියෙන විසඳුම මොකක්ද?

    මේ ප්‍රශ්න ගැන ජාතීන් වෙන්කරල කරන්න බෑ. ප්‍රශ්නයක් තියෙනව නම් සියලු දෙනා එක්වෙලයි කළ යුත්තේ. එක ජාතියක් සතුටින් හිටියට වැඩක් නෑ. සමහරු උතුරු නැඟෙනහිර එක් කරන්න කියද්දී ඒකෙ ඇතුළෙ ඉන්නා මුස්ලිම් අය ඒකට විරුද්ධ වෙනවා. ඒ විදියට කවදාවත් දියුණු වෙන්න බෑ.

    මේ රජයේ අලුත් ව්‍යවස්ථාවෙන් මේ ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කළොත් ඔබලා එකඟ වෙනවද?

    ඒ විසඳුම් මොනවද කියල අපි දැනගන්න ඕන. ඒව දන්නෙ නැතිව උත්තර දෙන්න අමාරුයි.
    වීරවංශ වගේ මන්ත්‍රිවරු මේ යෝජනා එන්නත් කලින් ඒක නරකයි කියල කියන්න පටන් අරගෙනනෙ.
    මේක වෙලා තියෙන්නෙ මේ ව්‍යවස්ථාව හදන්න එයාලගෙන් දාපු කණ්ඩායමේ ලාල් විජේනායකගෙ කතාවලට කාටවත් එකඟ වෙන්න බෑ. ඒකෙන් තවත් ප්‍රශ්න ඇතිවෙනවා. මගෙ නම් අදහස ව්‍යවස්ථා සංශෝධනයෙන් මේව කරන්න පුළුවන්.

    ඔබතුමා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න එපා කියලද කියන්නෙ?

    මම එහෙම කියන්නෙ නෑ. ඒත් අලුත් ව්‍යවස්ථාවක් වශයෙන් ගේනවට වඩා හොඳ සංශෝධන ගේන එකයි. මම දන්නෙ නෑ මොකද වෙන්නෙ කියලා. අපි බලාගෙන ඉන්නවා. රට බෙදල නම් මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ.

    ඔබතුමාල ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයක් කරනව කියන චෝදනාවට දෙන උත්තරේ මොකක්ද?

    මම කුමන්ත්‍රණය කළා නම් තාම මම එතනනෙ. ඒව අමු බොරු දේශපාලන කතා.

    අරලියගහ මන්දිරයේදී එදා ඔබ රනිල් වික්‍රමසිංහ විපක්‍ෂ නායකතුමා එක්ක රහස් සංවාදයක් පැවැත්වූවා කියන්නෙ ඇත්තද? මොනවද එදා කතා වුණේ?
    නෑ. එහෙම සංවාදයක් නෑ. එතැන මම දන්නවා පරදිනව කියල එතකොට. මොකද අපි දේශපාලනය කරපු උදවියනෙ. එතකොට අපි කව්වා ඔයාල ඇවිත් මේක භාරගෙන ආණ්ඩුව හදාගන්න කියලා. ප්‍රතිඵල එන්නත් කලින් උදේ 6ට මම අරලියගහ මන්දිරයෙන් පිටත් වුණේ මට කට්ටිය යන්නත් එපා කියද්දී.

    ඔබතුමා ඡන්දෙ පරාදවෙන්න ප්‍රබලම හේතුව මොකක් කියලද හිතන්නෙ?

    ප්‍රබලම හේතුව බොරු ප්‍රචාර කියලයි මම විශ්වාස කරන්නෙ. ඒ බොරු ප්‍රචාරවලින් මිනිස්සු, ජාතීන් අපි කෙරෙන් බිඳෙව්වා. ගොබෙල්ස් න්‍යායෙන් ඒ අය කළේ ඒක.

    සටහන - චාමිකා මුණසිංහ

    :lol::lol::lol::lol::lol::lol:

    Dan Api wenna athi LTTE ekata kade yanne

    Mahindage tiyonge kata tika dan ahamu :lol:
    :lol::lol::lol:
     
    gepa

    Well-known member
  • චන්ද බලාපොරොත්තුවෙන් වෙන්ට ඕනි මෙහෙම කිව්වේ..අනේ මන්දා.. මුන් හැම එකාම එකයි චන්දෙ හම්බෙනවා නම්.. විග්නෙශ්වරන් අමු ජාතිවාදියෙක් මහින්ද යකෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔබතුමා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න එපා කියලද කියන්නෙ?

    මම එහෙම කියන්නෙ නෑ. ඒත් අලුත් ව්‍යවස්ථාවක් වශයෙන් ගේනවට වඩා හොඳ සංශෝධන ගේන එකයි. මම දන්නෙ නෑ මොකද වෙන්නෙ කියලා. අපි බලාගෙන ඉන්නවා. රට බෙදල නම් මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,124
    753
    113
    ඔබතුමා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න එපා කියලද කියන්නෙ?

    මම එහෙම කියන්නෙ නෑ. ඒත් අලුත් ව්‍යවස්ථාවක් වශයෙන් ගේනවට වඩා හොඳ සංශෝධන ගේන එකයි. මම දන්නෙ නෑ මොකද වෙන්නෙ කියලා. අපි බලාගෙන ඉන්නවා. රට බෙදල නම් මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ.

    uba wage gothayek e article eke tiyena eka witharai gatte.prasne tiyenne oka oya wayawastaawa wenas nokarpu ekakne 2/3 tibilath
    Anith kiyapu okkoma amataka kala ane gono

    mokada itin war eka dinnane machan neda? :lol::lol::lol::lol:
     
    Last edited:
    Feb 20, 2015
    588
    203
    0

    මචං ඔය වචන පාවිච්චි කරන්න එපා. උබලා වගේ ඒවුනත් බෝම්බෙකට අහුවෙලා මැරෙන්නේ නැතුව ඉන්නේ war එක දිනපු හින්දා තමයි.
     
    • Like
    Reactions: Miami-Vice

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    Dan Api wenna athi LTTE ekata kade yanne

    Mahindage tiyonge kata tika dan ahamu :lol:
    :lol::lol::lol:
    [/COLOR]

    ඔව් බන් මහින්ද කොටියා.රනිල් තමා අපේ රට කොටියගෙන් බේරගත්තේ.:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    uba wage gothayek e article eke tiyena eka witharai gatte.prasne tiyenne oka oya wayawastaawa wenas nokarpu ekakne 2/3 tibilath
    Anith kiyapu okkoma amataka kala ane gono

    mokada itin war eka dinnane machan neda? :lol::lol::lol::lol:
    නිකන් මොඩ කතා කියන්ඩ එපා, කිසිම ප්‍රශ්නයක් නැ, තියෙන එකම ප්‍රශ්නෙ පාන්ඩුවට කොන්ද පන නැති කම. විවස්තාව වෙනස් කරා කියල උබට කන්ඩ හම්බෙනවද.. කොහොමත් රටේ ඒකීය බාවය වෙනස් කරන්ඩ අපි ඉඩ තියන් නැ.

    විග්නේශ්වරන්ගෙ දුවල දෙන්න බන්දල දීල තියෙන්නෙ සිoහල කොල්ලො දෙන්නෙක්ට, යාපනේ මීහරක් රැවටුනාට අපි රැවටෙන්ඩ හොද නැ සතා මොකාද කියල දැනගෙන හැසිරෙන්ඩයි ඔනෙ. මහින්ද කියල තියෙන්නෙ ඒක , ඔලුව අතගාල ටොකු ඇනල .උබල වගේ රට හරක්ට ඔව තේරෙන නැ , උඩින් බලල උම්බෑ ගානව.:lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    චන්ද බලාපොරොත්තුවෙන් වෙන්ට ඕනි මෙහෙම කිව්වේ..අනේ මන්දා.. මුන් හැම එකාම එකයි චන්දෙ හම්බෙනවා නම්.. විග්නෙශ්වරන් අමු ජාතිවාදියෙක් මහින්ද යකෝ

    මහින්ද කියන්නේ මම දන්න මිනිහා නම් ජාතිවාදියෙක් නෙවෙයි..දැන් දේශපාලන බලය වෙනුවෙන් ජාතිවාදය අවුස්සනවා කියලා..මිනිහා ජාතිවාදියෙක් වෙලා හිටියනම් ලමයි දෙන්නට සිංහළ එවුන් බඳින්න දෙන්නේ නෑනේ...හැබැයි දැන් දේශපාලන බලය වෙනුවෙන් ඒක කරනවා - fb

    විග්නේශ්වරන් කියන්නේ දකුණේ සිහල මිනිස්සුත් එක්ක එකට මුසුවෙලා ජීවත්වෙච්චි , කුරැණෑගල අනුරාධපුර කුඩා කාලේ කාලයක් සහ ඊට පසු කොළඹ ජීවත් උන කෙනෙක්.
    ඔහු සිංහල අය සමග තමා සුප්රිම් කොට් ජස්ටිස් කෙනෙක් වෙන්නෙත්.
    තව දරැවෝ දෙන්නම බන්දලා දෙන්නේ සිංහල අයට.
    ඉතින් කොහොමද විග්නේශ්වරන් ජාතිවාද වෙන්න?
    දැන් මිනිහා කරන්නේ සෙල්ලමක් මිනිහා උතුරට කරපු දෙයක් නෑ
    කොටි හිතවාද ජාතිවාදින්ගේ කඳවුරේ නායකයෙක් උනහම උන්ව සතුටු කරන්න යමක් කරන්න වෙනවා වෙන මගුලක් දන්නැති නිසා ඔය කරන්නේ ඒ වගේ චූන් කිරිල්ලක්.
    මේක ගැන නොදන්න අය කාලෙන් ආපු චුයින්ගමේ හපන්නේ බිබිසි ජඩ මාද්‍ය අමීන් කාරයා කපලා දාපු වැරදි කොටහ නිසා.
    ඒවට අහුවෙන්නැතිව ටිකක් විපරමින් අවට බලමු - fb
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,124
    753
    113
    ow ow mahinda kivowth okkoma hari ne ubala wage godayonta.
    Gothaya dan LTTE ekata kade yanawa.Ranil tamil un wa kotawanawa.
    anna ekak oluwa ata gaala tokka aninawa kiyanne.
    ubala wage unta tokkak anniawat oluwak tiyenne epai :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ow ow mahinda kivowth okkoma hari ne ubala wage godayonta.
    Gothaya dan LTTE ekata kade yanawa.Ranil tamil un wa kotawanawa.
    anna ekak oluwa ata gaala tokka aninawa kiyanne.
    ubala wage unta tokkak anniawat oluwak tiyenne epai :lol::lol::lol:
    දැන් වද පොනිලද උතුරෙ චන්දෙ තිබ්බෙ ??? විග්නේශ්වරන් ආවෙ මහින්ද නිසා, දන්න දෙයක් කියපන්,:lol::lol: උබලගෙ වද *න්ස්ද එතකොට කදුකරේ දෙමලුත් කෙටෙවුවෙ අන්න 1000 දිපන් කියල දවස් ගානක් ස්ටයික්, රටට අබ සරණ තමා.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,892
    1,073
    113
    Hamilton, NZ
    gossip site එකකින්ද අර ගත්තේ? :lol: තෝ ගොනා උනාට කියවන උන් ගොන්නු නේමේනේ except ගුnp ගෙබ්බයො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද කියන්නේ මම දන්න මිනිහා නම් ජාතිවාදියෙක් නෙවෙයි..දැන් දේශපාලන බලය වෙනුවෙන් ජාතිවාදය අවුස්සනවා කියලා..මිනිහා ජාතිවාදියෙක් වෙලා හිටියනම් ලමයි දෙන්නට සිංහළ එවුන් බඳින්න දෙන්නේ නෑනේ...හැබැයි දැන් දේශපාලන බලය වෙනුවෙන් ඒක කරනවා - fb

    විග්නේශ්වරන් කියන්නේ දකුණේ සිහල මිනිස්සුත් එක්ක එකට මුසුවෙලා ජීවත්වෙච්චි , කුරැණෑගල අනුරාධපුර කුඩා කාලේ කාලයක් සහ ඊට පසු කොළඹ ජීවත් උන කෙනෙක්.
    ඔහු සිංහල අය සමග තමා සුප්රිම් කොට් ජස්ටිස් කෙනෙක් වෙන්නෙත්.
    තව දරැවෝ දෙන්නම බන්දලා දෙන්නේ සිංහල අයට.
    ඉතින් කොහොමද විග්නේශ්වරන් ජාතිවාද වෙන්න?
    දැන් මිනිහා කරන්නේ සෙල්ලමක් මිනිහා උතුරට කරපු දෙයක් නෑ
    කොටි හිතවාද ජාතිවාදින්ගේ කඳවුරේ නායකයෙක් උනහම උන්ව සතුටු කරන්න යමක් කරන්න වෙනවා වෙන මගුලක් දන්නැති නිසා ඔය කරන්නේ ඒ වගේ චූන් කිරිල්ලක්.
    මේක ගැන නොදන්න අය කාලෙන් ආපු චුයින්ගමේ හපන්නේ බිබිසි ජඩ මාද්‍ය අමීන් කාරයා කපලා දාපු වැරදි කොටහ නිසා.
    ඒවට අහුවෙන්නැතිව ටිකක් විපරමින් අවට බලමු - fb
    :yes::yes: යෙප් යෙප් සතා මොකාද කියල දැන ගෙන හැසිරෙන්ඩයි තියෙන්නෙ. අන්න විග්නේශ්වරන් නටනවො බයේ බෑ රට පෙඩරල් කරන්ඩ ඔනෙ කියල ඉල්ලන් නාගෑනිම නොකල යුත්තක්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    ow ow mahinda kivowth okkoma hari ne ubala wage godayonta.
    Gothaya dan LTTE ekata kade yanawa.Ranil tamil un wa kotawanawa.
    anna ekak oluwa ata gaala tokka aninawa kiyanne.
    ubala wage unta tokkak anniawat oluwak tiyenne epai :lol::lol::lol:

    උබ අනුන්ට බණ කියන්නේ උබත් රනිල්ගේ පුක ලොවනවනේ .:lol::lol::lol:

    http://www.elakiri.com/forum/search.php?searchid=23096174

    :lol:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :yes::yes: යෙප් යෙප් සතා මොකාද කියල දැන ගෙන හැසිරෙන්ඩයි තියෙන්නෙ. අන්න විග්නේශ්වරන් නටනවො බයේ බෑ රට පෙඩරල් කරන්ඩ ඔනෙ කියල ඉල්ලන් නාගෑනිම නොකල යුත්තක්.

    kattiya uthurra balan iddi
    ranila etca sign karanawa,wiwasthawa wenas karanawa,vat gahanawa
    minissunge awadanaya wena pattakata ddapuwama wada karaganna lesine
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    kattiya uthurra balan iddi
    ranila etca sign karanawa,wiwasthawa wenas karanawa,vat gahanawa
    minissunge awadanaya wena pattakata ddapuwama wada karaganna lesine
    :yes::yes: ඔව් යන්නෙ වෙනම ගේමක්, ඔව නිවරදිව අවබොධ කරගන්ඩ ඔනෙ, ඔය උතුරෙ විග්නිශ්වරන්ට වඩා දකුනෙ රනිල බයානකයි.මොකර උතුරෙ එකා ඔනෙ නම් උඩු බුරල උඩු බුරල ඇති උනාම කොලබ 7 ගෙදරට ඇවිත් a/c එකත් දාන් සපාන් එකේ ඉදි, එකෙන් රටට වෙන බලපෑමක් නැ.

    ඒත් වද &න්නය 49% වැට් ගහපුවම, ඉන්දියාවෙ පරයො එක්ක එට්කා ගැහුවම,රටම ඉවරයි.