මෛත‍්‍රී රනිල් ගැටුම නිමයි… අගමැතිගේ සාම නියෝජිතයෝ ජනපති හමුවේ.. බාරකාර ආණ්ඩු අවසන්
ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර බාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නේ යයි දිගින් දිගටම වාර්තා පලවෙමින් තිබියදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර වූ යම් මතබේදකාරී තත්වය අවසන් වී ඇති බවට වාර්තා පල වෙයි.
අගමැතිවරයා නියෝජනය කරමින් ඇමති මංගල සමරවීර හා ඇමති මලික් සමරවික‍්‍රම ජනාධිපතිවරයා හමුවී සිදු කරන ලද සාකච්චාවකින් පසු මෙම තත්වය ඇතිව තිබෙන බවද පැවසෙයි.
පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමටද එක්සත් ජාතික පක්‍ස පාර්ශවයෙන් එකගතාවය පල කර ඇති බවද සදහන්ය.
එමෙන්ම මීලග අගවිනිසුරු ලෙස තවත් මාස තුනකින් විශ‍්‍රාම ගැනීමට නියමිත ඊවා වනසුන්දර මහත්මිය පත් කිරීමටද එකගතාවයකට පැමිණ ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.
ඒ අනුව මෙතෙන් පැවති මෛත‍්‍රී-රනිල් ගැටුම්කාරී තත්වය සමනය වීමත් සමගින් බාරකාර ආණ්ඩු පිහිටුවීම ප‍්‍රශ්නකාරී තැනකට පත්ව ඇති බවද වැඩි දුරටත් සදහන්ය.