විජය…විජය… කියා කතා කරද්දී මුහුණ දිහා බලපු &#3

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    විජය…විජය… කියා කතා කරද්දී මුහුණ දිහා බලපු &#3

    විජය…විජය… කියා කතා කරද්දී මාගේ මුහුණ දිහා බලපු විජය ඇස්‌දෙක පියා ගත්තා – බිරිඳ දේවිකා

    vije1.jpg

    “මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මම විජය… විජය… කියලා ඔහුට කතා කළත් ඔහු කතා කළේ නැහැ. විජය මගේ මූණ දිහා බලලා ඇස්‌ දෙක පියා ගත්තා…”

    ප්‍රවීණ රංගන ශිල්පි විජය නන්දසිරි මහතාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (8 වැනිදා) කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි දුන් බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිණී දේවිකා මිහිරානි මහත්මිය (60) එසේ පැවසුවාය.

    ගල්කිස්‌ස, ටෙම්පල්ස්‌ පාරේ, කලාපුර, අංක 156/01 දරන නිවසේ පදිංචිව සිටි ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා මිය යන විට 69 හැවිරිදි වියේ පසුවිය.

    මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක විපුල මාරසිංහ මහතා හමුවේ පැවැති අතර එහිදී තවදුරටත් සාක්‍ෂි දුන් ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි මහත්මිය මෙසේ ද කීවාය.

    මියගොස්‌ සිටින්නේ මගේ සැමියා. විවාහයෙන් අපට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. මහත්තයා දැනට අවුරුදු 25 ක කාලයක ඉඳලා දියවැඩියා රෝගයෙන් පෙළුණා. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. 2000 වසරේදී විජයට බයිපාස්‌ සැත්කමකුත් කළා. අද (08 වැනිදා) උදේ විජය කිරිබත් හදලා දෙන්න කිව්වා. ඒ අනුව මම කිරිබත් හදලා ඉවරවෙලා බාත් රූම් එකට ගියා. ඒ වෙලාවේ විජය පපුව දැවිල්ලයි ඉක්‌මනට බෙහෙත් ස්‌ප්‍රේ එක ගේන්න කියලා කෑගහනවා ඇහුණා. පස්‌සේ පුතා බෙහෙත් ස්‌ප්‍රේ එක රැගෙන විත් විජයට දුන්නා. මමත් එතැනට ගියා. මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මං ඔහුට විජය… විජය… කියලා කතා කළත් ඔහු කතා කළේ නැහැ. මගේ මූණ දිහා බලාගෙන ඔහු දැස්‌ දෙක පියාගත්තා. පසුව මා ඉක්‌මනටම ගිලන් රථයක්‌ ගෙන්වා ගත්තා. පසුව නංගිලාත් එක්‌ක ගිලන් රථයෙන් විජය රෝහලට පිටත් කර හැරියා. මම මගේ පුතා සමඟ මෝටර් රථයෙන් කළුබෝවිල රෝහලට ගියා. රෝහලට ඇතුළත් කිරීමේදීත් විජය මියගොස්‌ ඇති බව වෛද්‍යවරුන් පැවසුවා.”

    කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. කේ. ආර්. සංජීව මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක විපුල මාරසිංහ මහතා මෙම මරණය හෘද රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් වූ ස්‌වාභාවික මරණයක්‌ බවට නිගමනය කළේය.

    ගල්කිස්‌ස පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් සුමනකුමාර මහතා (42877) සාක්‍ෂි මෙහෙයවීය.

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
    උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20524155 said:
    පේනවා නේද රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණ වලට විතරක් පැලැස්තර ඇලෙව්වාම වෙන දේ ?

    ඒ අස්සෙත් වෙළද දැන්වීම් මුට :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,213
    17,179
    113
    ඉදිරියේ රාළ;20524155 said:
    පේනවා නේද රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණ වලට විතරක් පැලැස්තර ඇලෙව්වාම වෙන දේ ?

    Bypass eka kohomath karanna wenawane ban.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඉදිරියේ රාළ;20524155 said:
    පේනවා නේද රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණ වලට විතරක් පැලැස්තර ඇලෙව්වාම වෙන දේ ?

    Mona magulata beheth karath marena welawata marenawane ban... :growl:
    mehema marena eka hodai widawanne nathuwa... balapan samahara minissu awrudu ganan ekathan wela ne marenne... :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20524155 said:
    පේනවා නේද රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණ වලට විතරක් පැලැස්තර ඇලෙව්වාම වෙන දේ ?

    රාලල දන්නා දේවල් ගුරු මුෂ්ටි කියල පෙට්ටගමේ දාගෙන ඉන්න එකේ ප්‍රතිපල තමා ඔය. :(
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඉදිරියේ රාළ;20524155 said:
    පේනවා නේද රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණ වලට විතරක් පැලැස්තර ඇලෙව්වාම වෙන දේ ?
    ::baffled:
    pissuda ooyi
     
    ඒ අස්සෙත් වෙළද දැන්වීම් මුට :(
    ඇත්ත දකිද්දි රිදෙනව නේ.
    Bypass eka kohomath karanna wenawane ban.
    ඉතිං සිංහල වෙදකමෙන් බයිපාස් නවත්තන්නේ. එහෙම නම් බයිපාස් එක කොහොමත් කරන්න වෙනව කියල සීන් එකක් නෑනේ.
    Mona magulata beheth karath marena welawata marenawane ban... :growl:
    mehema marena eka hodai widawanne nathuwa... balapan samahara minissu awrudu ganan ekathan wela ne marenne... :(
    හෙළ වෙදකමේ අරමුණ ආයු සැප බල වර්ණ ප්‍රඥා පහම වැඩි දියුණු කරන්න. ඒ කියන්නෙ මරණය පමා කරවීම. ඒකට සාක්ෂි ඕනෑ තරම් දැනටමත් තියෙනවා. ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවෙන් තමා උගන්නන්නේ මැරෙන වෙලාවට මැරෙනවා කියලා. එහෙම එකක් නෑ. බුදු හාමුදුරුවො පවා මැරෙන එක පමා කරවන ක්‍රම උගන්වලා තියෙනවා.
    රාලල දන්නා දේවල් ගුරු මුෂ්ටි කියල පෙට්ටගමේ දාගෙන ඉන්න එකේ ප්‍රතිපල තමා ඔය. :(
    උඹ එහෙනම් මගෙ නූල් හරියට කියවලා නෑ. දැක්කෙ නැද්ද ගාඛසාර ඉන්සියුලින් කියල නූලක් මීට කලින් ?
    ::baffled:
    pissuda ooyi
    නවීන විද්‍යානුකූල විද්‍යාත්මක ප්‍රෝඩාව අල්ලගෙන ඉන්න බොලාලට නෙ පිස්සු
     
    විජයගෙ දියවැඩියාවෙන් හම්බු කරගත්තු ගාණ ද

    මම මේ නූල දාන්නේ පහල කුජීත වැඩේ කරපු එකාටයි.

    විජය නන්දසිරි නම් අසහාය කලාකරුවාණන්ට දියවැඩියාව අවුරුදු 20ක් පමණ තිබිලා තියෙනවාලු.

    එතකොට ඒ කියන්නෙ දින 7300 යි. දවසකට මෙට්ෆොමින් පෙති 6 යි. එතකොට දළ වශයෙන් විජයට විතරක් විකුණලා තිබුණ පෙති ගාණ 43800 යි.

    එතකොට එක පෙත්තක මිළෙන් වැඩි කරලා ගාණ හදාගන්න.

    මේ වියදම් වුණ සල්ලි වලට අන්තිමේදි මොකද වුණේ ?

    මේක නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියන්නේ ?
     
    • Like
    Reactions: djnick

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඉදිරියේ රාළ;20524742 said:
    මම මේ නූල දාන්නේ පහල කුජීත වැඩේ කරපු එකාටයි.

    විජය නන්දසිරි නම් අසහාය කලාකරුවාණන්ට දියවැඩියාව අවුරුදු 20ක් පමණ තිබිලා තියෙනවාලු.

    එතකොට ඒ කියන්නෙ දින 7300 යි. දවසකට මෙට්ෆොමින් පෙති 6 යි. එතකොට දළ වශයෙන් විජයට විතරක් විකුණලා තිබුණ පෙති ගාණ 43800 යි.

    එතකොට එක පෙත්තක මිළෙන් වැඩි කරලා ගාණ හදාගන්න.

    මේ වියදම් වුණ සල්ලි වලට අන්තිමේදි මොකද වුණේ ?

    මේක නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියන්නේ ?

    ඔය දියවැඩියා සීන් එක නම් ඇත්ත. ඔය මනුස්සයට දියවැඩියාව තිබුනා
    කකුලත් කපලා ඉන්නේ කියල කතාවක් තිබුනා. ඇත්තද බොරුද දන්නේ නැ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,305
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉදිරියේ රාළ;20524742 said:
    මම මේ නූල දාන්නේ පහල කුජීත වැඩේ කරපු එකාටයි.

    විජය නන්දසිරි නම් අසහාය කලාකරුවාණන්ට දියවැඩියාව අවුරුදු 20ක් පමණ තිබිලා තියෙනවාලු.

    එතකොට ඒ කියන්නෙ දින 7300 යි. දවසකට මෙට්ෆොමින් පෙති 6 යි. එතකොට දළ වශයෙන් විජයට විතරක් විකුණලා තිබුණ පෙති ගාණ 43800 යි.

    එතකොට එක පෙත්තක මිළෙන් වැඩි කරලා ගාණ හදාගන්න.

    මේ වියදම් වුණ සල්ලි වලට අන්තිමේදි මොකද වුණේ ?

    මේක නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියන්නේ ?

    අවුරුදු 20ක් මිනිහ ජීවත් උනේ ඒ බීපු බෙහෙත් නිසා කියල තේරෙන්නෙ නැද්ද?
    :dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20524742 said:

    මේ වියදම් වුණ සල්ලි වලට අන්තිමේදි මොකද වුණේ ?

    මේක නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියන්නේ ?

    මාර පුකක්නේ බං උබ කියන්නේ
    ඔය සල්ලි බෙහෙත හදපු එවුන් ගත්තනේ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20524703 said:
    උඹ එහෙනම් මගෙ නූල් හරියට කියවලා නෑ. දැක්කෙ නැද්ද ගාඛසාර ඉන්සියුලින් කියල නූලක් මීට කලින් ?

    විජය නන්දසිරි එලකිරියට ඇවිත් නූල් කියවන්න එන්නේ නෑ නෙ. දැන් තියෙන වෙදකමට වඩා හොඳ ප්‍රතිපල දෙන දෙයක් දන්නව නං පේටන්ට් එක අරගෙන හදල දාන්නකෝ මිනිස්සුන්ට ගන්න පුළුවන් වෙන විදිහට. එතකොට මිනිස්සු ගනී. :yes: බහුලව තියෙන දේ තමා මිනිස්සු ගන්නේ, එකට අපිට වැරද්දක් කියන්න බෑ නෙ
     
    Last edited: