විජය කුවෙණි.

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala



මාතා,කුස පබා ගැන කතා නොකරම විජය කුවෙණි ගැන කතා කරන්න හිතුවා.ඒකට හේතු කීපයක් තියෙනවා.පළමු කරුණ තමයි කුස පබා ගැන කතා කරන්න දෙයක් නැති එක.අනෙක තමයි මේ චිත්‍රපටය රූගත කරන්න කලින් ඉදන්ම මේ සමග ලගින් ඇසුරු කරන්න මට අවස්තාව හිමි වීම.ඉතින් අද මම හිතුවා එලකිරි යාලුවොත් එක්ක ඒ ගැන තොරතුරු ටිකක් බෙදාහදා ගන්න.

මුලින්ම කියන්න ඕනෙ මේකෙ ඇත්තටම තියෙන්නෙ අපි මෙතෙක් මහාවන්සයෙන් දැනගෙන හිටපු කතාවම නෙවෙයි.ඇත්තටම මේ ප්ලොට් එක ගොඩක් ශක්තිමත් කියලා මට හිතෙනවා.හරියට කල්පනා කරලා බැලුවොත් අපිට මෙතෙක් නැතිවෙලා තිබුන රට ගැන අය්තියක් මේ හරහා ලබා දීල තියෙනවා.ඒ අනුව කතාව ලියපු සුගත් සමරකොන් මහත්තයා ඒකට හො
සාධාරණයක් කරලා තියෙනවා.

ඊ ළගට කැමරාකරණය ගනිමු.සිනමාවෙ ශක්තිය තියෙන්නෙ දුර රූපයෙ.(long shot)කුස පබා එකෙ මේක පාවිච්චි කරල නැති උනාට මේකෙ නම් ටිකක් දුර රූප භාවිතා කරලා තියෙනවා.දැන් ඉතින් අහයි දහදෙනෙක් එකතු වෙලා කරපු,ගොඩාක් වියදම් කලා කියපු,සුනිල් ආරියරත්න මහත්තයගෙ මැණිකයි කියපු කුස පබා එකේ ඇයි දුර රූප නැත්තෙ කියලා.මහා සේනාවක් තුන් හතරදෙනෙකුගෙන් පෙන්නල ශේප් වෙනකොට දුර රූප වලට යන්න බැහැ බොලව්.එතකොට බොරුව මාට්ටු වෙනවා.විජය කුවෙණි පටන් ගන්න ෂොට් එකේ ඉදන් අන්තිම ෂොට් ට්ක දක්වාම හොදට කැමරාව හසුරුවලා තියෙනවා.ඇත්තටම ලොකු නලුනිළි පිරිසක් ඉන්න නිසා බය නැතුව දුර රූප වලටත් ගිහින් තියෙනවා.

මේ ගැන කතාකරනකොට සටන් ශිල්ප ගැනත් කතා නොකරම බෑ.සටන් ශිල්ප ටිකක් තාත්වික මට්ටමේ තියෙනවා විතරක් නෙවෙයි,ඒව හොදට අද්යයනය කරලා තියෙන බවත් පේනවා.සංගීතය නම් ඉතින් ලොවෙත් නෑ.අහන්න දෙයක් නෑ ඉතින්.එව්ව කොරල තියෙන්නෙ නදීක ගුරුගෙ කියන මහ එකානෙ.චිත්‍රපටයෙ රගපෑම හොදයි.විශේෂයෙන්ම විජය රජතුමගෙයි කුවණ්ණාගෙයි රගපෑම ඉතාම හොදයි කියල කියල කියන්න පුලුවනි.මේකෙ සිද්ධි ගලපල තියෙන විදියට අපිට අන්තිමේදි කිසිම කෙනෙක් ගැන තරහක් ඇති නොවෙන එකයි කතාවේ රචකයාගෙ ශක්තිය පෙන්නන හොදම නිදසුන.අනික ජාතක පොතේ මනමේ කුමරිය ගැන අපට ඇති වෙනවා වගෙ හැගීමක් මේ කතාවෙන් අපට කුවණ්ණා ගැන ඇති වෙන්නෙ නෑ.

මේ හැම දෙයක්ම අස්සෙ ඉතින් පොඩි පොඩි අවුල් එහෙමත් නැතුවා නොවෙයි.කතාව කොයි තරම් හොද උණත් සමහර දෙබස් නම් අවුල්.සමහර තැන්වල වියාකරණ එහෙමත් වැරදියි.එක තැනකදි උපතිස්ස පඩියා කියනවා "අප ඊට එකග නොවන්නෙමු" කියලා.කලා අධ්යක්ෂනය එතරම් හොදයි කියන්න බෑ.කුවණ්ණාගේ කුටිය නම් හොදට හදලා තියෙනවා.ඒත් රජතුමාගෙ මළිගය නම් බෝඩ් වලින් හදපු බව හොදට පේන තැන් තියෙනවා.අනික කුවණ්ණාගෙ උඩ ඇදුම් බොහොම සරළව පිටකොටුවෙන් අඩුවට ගත්තු බ්‍රෂියර් වගේ තමයි පේන්නේ.හැබැයි මේකෙ කලා අධ්යක්ෂවරයා බොහොම වයසින් අඩු කොල්ලෙක්.මේ මිනිහගෙ පළමු වැඩේ.අනිත් එක තමයි බෝසත් පිළිමය.ඒ කාලෙ ඒ තරම් සියුම් කෑටයම් කළාවක් මෙහෙ තිබුනද කියල ගෑටලුවක් එනවා.


වේශ නිරූපණය සමස්තයක් විදියට හොදයි කියලා හිතෙනවා.ඒත් කුවණ්ණාගේ කොණ්ඩෙ නම් අවුල්.ඒක කුවණ්ණා ගගට පැනල බෙරෙන්න හදන වෙලාවෙ ගැලවෙනව.හැබැයි එතනින් යාන්තම් කට් එකක් දාල තිබුනත් ඒක ටිකක් හොදින් පේනවා.අනිත් වේශනිරූපණ කටයුතු අපි කලින් දැකපු චිත්‍රපටවලට වඩා දහස්ගුණයක් හොදයි.

කොහොම උණත් ඉතිහාස කතාවක් මුලුමනින්ම වෙනස් කරන්න නිර්මාණකරුවා ගොඩක් එඩිතර වෙන්න ඕනේ.ඒ නිසා සුගත් සමරකොන් මහත්තයගෙ වැඩෙ අපි අගය කරන්න ඕන.ඒ වගේ අයට දිරි දීමක් විදියට ඔයාලත් ගිහින් ඒක බලන්න කියලා තමයි ඉල්ලන්නේ.හැබැයි මේකෙ ශබ්ද පරිපාලනය ඒ තරම් හොද නැති නිසා හොදට ස්වුන්ඩ්ස් තියෙන සැවොයි වගේ එකකින්ම බලන්න.නැත්නම් කණ් දෙක වහගෙන තමයි ඉන්න වෙන්නේ.එහෙනම් ඉතින් දැනට ඔය ඇති. කට්ටියට බලාගන්නත් එක්ක සුගත් මහත්තය මට දීපු ෆොටෝස් ටිකකුත් දානව ඔන්න.කොමෙන්ටුවක් දාල යන්න.අකුරු වැරදි ඇති.ඒවට සමා වෙන්න.ජය!























































 
Last edited:

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන් මේක ABA එකට වඩා හොදද?:)
    කුස පබා නම් chater බන්
    :baffled:
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    man me danne nathi nisai ahuwe vijaya lankawata enakota kuweni adan hitiye silk redden mahapu adumak da ban

    Ah deepallako uttara dan iti hoyahallako Wijaya enakota Kuweni andan hitiye monawada kiyala. Ane machan meka film ekak Kuweni andan hitiya eka hoyanna epa ban film eka balala la umbata hondai kiyala hitenawanam hondai kiyapan hari nathnam hari naha kiyapan ekane wenna oni.