විජිත් විජයමුණි සොයිසා අත්අඩංගුවට🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    විජිත් විජයමුණි සොයිසා අත්අඩංගුවට


    හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.

    නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස් භාවිතා කර ලොරි රථයක් එකලස්කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස්කරගැනීමේ වරද මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි.

    ඒ අනුව අත්අඩංගුවට ගත් විජිත් විජයමුණි ද සොයිසා, හෙට (20) බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉතිරිපත් කිරීමට නියමිතව ඇත.

    එමෙන්ම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් විජිත් විජයමුණි ද සොයිසා විසින් මෙලෙස වෙනත් වාහනද එකලස් කිරීමක් සිදුකර ඇත්දැයි සොයා තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බවද පොලීසිය පවසයි.

    එකලස් කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.

    එහිදී ඔහු ඔහු පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

    Ada derana
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස් භාවිතා කර ලොරි රථයක් එකලස්කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස්කරගැනීමේ වරද
    :ROFLMAO::ROFLMAO::ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: kasun090354t

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තත්වය ආරංචි උනා... පොහොට්ටුවේ නීති කර්‍යාලය මේ පිලිබඳ සීරුවෙන්..

    දේශපාලන පලිගැනීම් පිලිබඳ විමර්ශන කමිටුව මේ පිලිබඳව වැඩිදුර විමර්ශනය කරල ඉදිරියෙදි මාධ්‍ය සාකඡාවක් තියයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මෙහෙමයි මචන් මෙයා වනජීවි ඇමති ඉන්න කාලේ හරි හමන් ලොරියක් තිබ්බෙ නෑ අලි ඇතුන් ප්‍රවාහනය කරන්ඩ. අර මතකනේ එක ලොරියක තට්ටුව කඩන් වැටිලා අලියෙක් මැරුනා. අන්න ඒ ගැන හිතලා තමයි ලොරියක් මූට්ටු කරලා හැදුවේ. හදලා ඉවර වෙද්දි අමාත්‍යාංශේ වෙන කෙනෙක්ට දීලානේ. ඒකයි අවුල උනේ කියගෙන දායක සභාව එයි දැන්.
     
    • Haha
    Reactions: snm1990

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ඔය ලොරියේ වෙන්න ඕන උගන්ඩාවට යවපු සල්ලි airport එකට ඇදල තියෙන්නේ , ජෙප්පෙක් වගේ හිතමු 🤔