ප්‍රථමයෙන් කියන්ඩ ඕනෙ මට කිසිම පක්ෂයක් අදාලම නැත. ඒ උනාට විජේවීර කියන්නෙ සුපිරි මොලකාරයෙක්, ඒ වගෙම මොකක්ද මන්ද ලෙඩකට බෙහෙත් හොයාගත්තෙත් මෙයාලු. මං ඒද්වස් වලනම් හිටියෙ නෑ. ඒ උනාට වයසක අයගෙන් දැනගත්ත දේවල් බැලුවම, මෙයා කරල තියෙන්නෙ කොටින්ගෙන් මහින්ද රට බේර ගන්ඩ දුන්න නායකත්වයටත් වඩා වැඩි දෙයක්. ටික දෙනෙක් මෙයාගෙ අරගලයට හැංගිල ඒ අයගෙ උවමනා එපාකම් වල්කම් එහෙමත් ඉටුකරගෙන තියෙනව. ඒ ටික දෙනා කියන්නෙ මෙයාගෙ පක්ශෙ හිටපු අයම නෙවෙයි, ඒ දවස් වල බලයෙ හිටපු අයගෙ අයත් ඒ අතරෙ ඉදල තියෙනව කියලනම් ගොඩ දෙනෙක් කිව්ව. තව කවුද කියල තිබ්බ ආණ්ඩු දෙකක් ගැන කියල ඒ අය නියමෙට රට හදන් ආව කියල. අපේ පළාතෙ තිබුන සමහර වැසිකිලි වලවල්නම් හොදට දන්නව ඇති කරපු දේවල්. ඒ වැසිකිලි වලවල්වලට හොදට පුරුදුයි කොල්ලොන්ගෙ අදෝනා එහෙම. ඒව කරපු එකෙක් මැරුනෙ පනුවො ගහල. සලකන්ඩ එකෙක්වත් නැතිව. අන්තිමට ළ්ගෙදර අඩල තියෙන්නෙ කුලියට දාපු මිනිස්සු. ඒ තරම් මිනිස්සු ආදරෙයි.
දැන්වත් හැදියල්ල බන්. ඔය එක දේශපාලකයෙක්වත් මිනිස්සුන්ට ආදරේ නෑ, මිනිස්සු ගැන හිතන්නෙ නෑ. පක්ශ වලට බෙදිල අපේ එකා හොදයි කියන්නෙ නැතුව රටට, අපේ ඊලග පරම්පරාවට හොදක් කරන, කරන්ඩ පුලුවන්, හොද දැක්මක් තියෙන නායකයො පත් කරගනිල්ල. උන් නියෝජනය කරන්නෙ උබලව. ගමේ ක්‍රිකට් ටීම් එකේ සුපිරි පොරක් ඉද්දි උබල ටොස් එක දාද්දි කබ්බො යවන්නෙ නෑනෙ උබලගෙ ටීම් එක වෙනුවෙන්.