විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නියමයි අයියේ.. දිගටම මේක කරගෙන යමු..
ජය වේවා !!

ඔව් මල්ලී තරුණ පරපුර නාම මාත්‍රයෙන් පමණක් දන්නා මේ සා විසල් සැබෑ විප්ලවීය පපුවක් තිබුණු නායකයෙක් ගැන ඇත්ත ඇති සැටියෙන් එලි කිරීම මගේ වෑයමයි...
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    issuespic-3-a.jpg
    '
    0.jpg
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඇත්තටම වටිනා ලිපි පෙලක් මම ජ වි පේ 88 කාලයේ ඉතිහාසය විජේවීර,ගමනායකල මරපු හැටි ගැන ඉස්සර ලංකාදීපයේ ගියපු ලිපි පෙලක් කියෙවුවා
    ඒකෙ හැබැයි භීෂනය ඒ විදිහටම තිබ්බේ නෑ
    ඒත් හිතද්දි දුක හිතෙන කාරණය තමා විජේවීර සහෝදරයව මරපු විදිහටම අදත් ලංකාවට ඕනේ කරන වීර චරිතයක් නොමරා මරන්න හදන එක පක්ෂෙ පිහිටපු නැකතෙ වැරැද්ද එහෙමත් නැත්නම් ලංකාවේ ඉන්න අදූර දර්ශී පාලකයොන්ගේ ක්‍රියා කලාපයද කියල හිතා ගන්න අමාරුයි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නියම ලිපි පෙළක් වගෙයි රොන් සහෝදරයා. ඉස්සරහට යමු.

    විජේවීර ලා, උපතිස්ස ගමනායක ලා, බන්දු ලා වගේ අය හිටියා නම් අද දේශපාලනේ මීට වඩා ඉස්සරහින් තියෙන්න ඉඩ තිබුනා. එය දන්න නිසාම තමයි පුලුවන් කාලේදීම එයාලව මර්දනය කලේ. දැන් ඉතින් එවැනි නායකත්වයක් රට තුල කොහොමටවත් ගොඩනැගෙන්න ඉඩක් තියලා නැහැ වර්තමානය විසින්.

    1992 දී ෂෙල්ටන් පයාගල මහතා කියපු කථාවක් මතක් වුනා. විජේවීර සහෝදරයා ස්වර්ගය පෙන්නලා නෙවෙයි මිනිස්සු නම්මගත්තේ. ඇත්ත ඇති සැටියෙන් විග්‍රහා කරලා, ඉදිරිය කරදර බව වටහා දීලායි.

    නමුත් අද දේශපාලකයො මිනිස්සුන්ගෙන් ඡන්දේ ගන්නේ අසීමිතව ස්වර්ගයක් මවා දීලායි.

    කෙසේ හෝ වේවා, රටට සිටිය යුතු අද්විතීය නායකයෙක් හැටියට තමයි මම පෞද්ගලීකව විජේවීරව සළකන්නේ...

    තවමත් එතුමාගේ ළමයි සහා බිරිඳ මහබාගේ/වැලිසර නාවික හමුදා මූලස්ථානයේ (නා.නෞ. ගැමුණු හි ) නිවාස අඩස්සියේ පසු වෙනවා මම දන්න පරිදි. (පසුගිය වසර 3 තුල ඔවුන් මිය ගොස් නැති නම්.)

    නැවතත්, ස්තූතියි ලිපි වලට.

    විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව විජේවීර සහෝදරයාගේ බිරිඳ හා දරුවන් සය දෙනා ත්‍රිකුණාමලයේ නාවික කඳවුරක රඳවා තිබෙන බවයි දැනගන්න ලැබෙන්නේ...

    මෑතකදී විජේවීර සහෝදරයාගේ එක් දුවක් ඉවසා දරාගත නොවුණු ආතතියෙන් හා කම්පනය හේතු කොටගෙන ජීවිතය නැති කර ගැනීමේ අරමුණින් වස පානය කිරීමෙන් අනතුරුව ඇයට ඉක්මන් ප්‍රතිකාර ලබාදීමෙන් ඇගේ ජිවිතයට වෙන්න තිබු හානිය වලක්වා ගෙන තිබෙනවා..

    එයින්ම හිතාගන්න පුලුවන් නේද ඔවුන් කාලයක පටන් මොන වගේ මානසික ආතතියක ඉන්නවා ඇද්ද හා එය සැනෙකින් පුපුරා ගිය මොහොතක් වෙන්න ඇති ඔය සිද්ධිය කියල...

    ඔවුන් සමාජයට නිරාවරණය කිරීම තුල විජේවීර සහෝදරයාගේ බිරිඳ දන්නා දේ රටට ප්‍රකාශ කලොත් කියනා බියෙන් තමයි හැමෝම ඔවුන්ව මෙසේ සමාජයෙන් හිර කොට තබා සිටින්නේ..එය ඇත්තටම දැඩි මානුෂික නිති උල්ලංඝනය කිරීමක්...


    මරණ පරීක්ෂණයක්වත් නොතබා මෙලොවින් තුරන් කල ඇගේ සැමියා ගැන නීතිමය කටයුතු කරන්නට ඇය පෙලඹිම වලක්වා ගැනීමක් හැටියටත් මේ රඳවා තැබීම ගැන හිතන්න පුලුවන්..


    කල යුත්තේ හා විය යුත්තේ ඔවුනට ආරක්ෂාකාරී රටක දේශපාලන රැකවරණ ලබා දී අඩු තරමේ ඒ උදාර විප්ලවවාදීයාගේ දූ දරුවන්ට උසස් අධ්‍යාපනයක් හෝ ලබා ගැනීමට ඉඩ සැලැස්වීමයි..


    ඒත් මේ අසාධාරණයම රජයන ලොවේ කාගෙන්ද අපි ඒ සාධාරණය ඉල්ලන්නේ හා බලාපොරොත්තු වෙන්නේ???


    ඒ එක්කම මට මතක් වෙනවා ඒ මාක්ස්වාදී සිනමාකරුවාගේ නික්ම යාම..ෂෙල්ටන් පයාගල නම් වූ ජනතාවාදී සිනමාකරුවා අපට අහිමිවීම සැබෑ සිනමාවට පිරවිය නොහැකි වූ ඉමහත් පාඩුවක්..

    බොහොමත්ම ස්තුතියි සහෝදරයා සටහන අගය කලාට හා ඔබේ අදහස් එකතු කලාට...
     
    Last edited:
    • Like
    Reactions: prasadana2

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    අවශ්‍යම කරල තිබුනු දෙයක්. තව දිගටම ලියන්න කියල ආයාචනා කරනවා. මායාවෙන් වැසී ඇති සත්‍ය නැවතත් ඉස්මතු කිරීමට කාලයයි මේ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්තටම වටිනා ලිපි පෙලක් මම ජ වි පේ 88 කාලයේ ඉතිහාසය විජේවීර,ගමනායකල මරපු හැටි ගැන ඉස්සර ලංකාදීපයේ ගියපු ලිපි පෙලක් කියෙවුවා
    ඒකෙ හැබැයි භීෂනය ඒ විදිහටම තිබ්බේ නෑ
    ඒත් හිතද්දි දුක හිතෙන කාරණය තමා විජේවීර සහෝදරයව මරපු විදිහටම අදත් ලංකාවට ඕනේ කරන වීර චරිතයක් නොමරා මරන්න හදන එක පක්ෂෙ පිහිටපු නැකතෙ වැරැද්ද එහෙමත් නැත්නම් ලංකාවේ ඉන්න අදූර දර්ශී පාලකයොන්ගේ ක්‍රියා කලාපයද කියල හිතා ගන්න අමාරුයි

    බොහොම ස්තුතියි මල්ලියා අදහස් දැක්වීම ගැන....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අවශ්‍යම කරල තිබුනු දෙයක්. තව දිගටම ලියන්න කියල ආයාචනා කරනවා. මායාවෙන් වැසී ඇති සත්‍ය නැවතත් ඉස්මතු කිරීමට කාලයයි මේ

    ඉදිරියට තව විස්තර ගෙනෙන්නම්..ඔබට ස්තුතියි..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අවශ්‍යම කරල තිබුනු දෙයක්. තව දිගටම ලියන්න කියල ආයාචනා කරනවා. මායාවෙන් වැසී ඇති සත්‍ය නැවතත් ඉස්මතු කිරීමට කාලයයි මේ

    තව විස්තර ලඟඳීම ගෙන එන්නම්...ඔබට ස්තුතියි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    [FONT=&quot]විජේවීර හා ඛ්‍රිතාන්‍ය දොස්තර මයිකල් පෙච් හමුව:[/FONT]

    [FONT=&quot]1848 ලාංකික ඉතිහාසයේ අවසන් කැරැල්ල සිදුවිය..

    ඉන් වසර 123 කට පසුව 1971 මර්ධනයට හා පීඩනයට එරෙහිව කැරැල්ලක් දියත් විය.. ඒ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් පිබිදුණූ අප්‍රියෙල් නැගිටීමයි….
    [/FONT]

    [FONT=&quot]71 කැරැල්ලේ වැරදිකරුවන් ලෙස නම් කල අයට නඩු පැවරුණේ හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රැජිණගේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසීමේ වරදට යැයි කියමිනි…

    ඒ අතීතයට බලපාන සේ නීති සම්මත කල “අපරාධ යුක්ති විනිශ්චය කොමිසම” හරහාය..
    [/FONT]

    [FONT=&quot]අදටත් කප්පරක් සමාජ ආර්ථික දේශපාලන මඩ ගොහොරුවේ ගිලෙමින් තවමත් දිනා ගත යුතු යථාර්ථයක් බවට පත්ව තිබෙන අධිරාජ්‍යවාදය හා නව යටත්විජිතවාදයට එරෙහි සටන් පාඨයේ ශ්‍රීලාංකික නිර්මාණකරුවා රෝහණ විජේවීර සහෝදරයාය…[/FONT]

    [FONT=&quot]මතකද මං මීට ඉහත සඳහන් කලා විජේවීර සහෝදරයාට හදවත් සැත්කමක් කර ගන්න එංගලන්තයට ගෙන්න ගන්නයි අපි යුරෝපා සංචාරය ලෑස්ති කලේ කියලා…අපිට ඕනෙ වුනේ අපේ රටට වඩාත් ඕනෙ කරපු මේ විප්ලවවාදියා හදවත් රෝගයකින් අකාලයේ මැරෙන්න නොදී රැක ගන්න..[/FONT]

    [FONT=&quot]විජේවීරට ප්‍රංශයෙන් ඛ්‍රිතාන්‍යයට ඇතුළු වීම සඳහා වීසා නිකුත් නොකිරීමට ඛ්‍රිතාන්‍ය ආණ්ඩුව මෙහිදී වග බලා ගන්නවා..[/FONT]

    [FONT=&quot]මෙතැනදී විජේවීර වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ හදවත් රෝග පිලිබඳ ලෝක ප්‍රකට ඛ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු වන එකල කේම්ඛ්‍රිජ් සරසවියේ වෛද්‍ය පීඨයේ සිටි දොස්තර මයිකල් පෙච්ය.. [/FONT]

    [FONT=&quot]මා පෙර කිව් පරිදි ප්‍රංශ සංචාරයෙන් පසු එංගලන්තයට පැමිණීමට නියමිත විජේවීරට “ගිනිපුපුර” සහෘදයෝ මේ වෙනකොටත් සියලු කටයුතු එංගලන්තය තුල සංවිධානය කොට තිබුණා…[/FONT]

    [FONT=&quot]මෙහිදී දොස්තර පෙච් ඛ්‍රිතාන්‍ය රජයට කරුණු ඉදිරිපත් කරන්නේ තමන්ගෙන් වෛද්‍ය උපදෙස් පතා එන විජේවීරට වීසා ලබා දෙන ලෙසත් ඔහුට ප්‍රතිකාර සඳහා වෙනත් රටකට යා නොහැකි බවත් අවධාරණය කරමින්…[/FONT]

    [FONT=&quot]විජේවීරට තම දේශපාලන ජීවිතයේ තම රටේ පාලකයින්ගෙන් නොලැබුණු සාධාරණය එදා ඛ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඔහුට ලැබුණි.. විජේවීරට රටට ඇතුලුවීමට වීසා ලැබුණී…[/FONT]

    [FONT=&quot]එය අපට මහත් වු සතුටක් හා අස්වැසිල්ලක් ගෙන දුන් පණිවිඩයක් වුනා..…[/FONT]

    [FONT=&quot]මේ අතරතුර තවත් රසබර සිද්ධියක් වෙනවා..කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ඒ දිනවල එංගලන්තයේ සිටි නිසා ඔහු ලොකු කැමැත්තක් හා මහන්සියක් දරනවා විජේවීර සහෝදරයාව මුණ ගැසෙන්න.. බාලසිංහම් අප ගිනිපුපුර සංවිධානයට ඇවිටිලි කරනවා කොහොම හරි විජේවීර සහෝදරයා හා කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා..අපි මේ බව විජේවීර සහෝදරයට දැන්වුවාම ඔහු ලංකාවේ ඔහුගේ අනිත් ඉහල පෙලේ දේශපාලන මංඩල සාමාජිකයින්ට මේ යෝජනාව ටැලිපෝන් මගින් දන්වා ඔවුන්ගේ කැමැත්ත විමසනවා..කවුරුත් කැමති වෙන්නේ නෑ විජේවිර සහෝදරයා බාලසිංහම් මුණ ගැහෙනවට ඒක ඉදිරියේදී විප්ලවවාදී දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති හා ගැටුම් ඇතිවිය හැකි නිසා..විජේවීර සහෝදරයා ඔවුන්ට ඇහුම් කන්දී බාලසිංහම්ට හමුවිය නොහැකි බව පවසනවා…..[/FONT]

    [FONT=&quot]ඊට පහුවදා හදිසියේම අපිට දොස්තර පෙච්ව හමුවෙන්න කියල ඔහුගෙන් දින ලැබෙනවා….[/FONT]

    [FONT=&quot]අපි කීපදෙනෙක් විජේවීර සහෝදරයා කාරෙකේ දමාගෙන කේම්ඛ්‍රිජ් හදවත් සායනයට ගියා…[/FONT]

    [FONT=&quot]ඒක ලෝකයේ විශේෂයෙන්ම යුරෝපයේ විශාල ධනවත් හදවත් රෝගීන් දොස්තර පෙච් හමුවෙන්න එන තැන..[/FONT]

    [FONT=&quot]කොහොම හරි විජේවීර සහෝදරයයි අපේ තවත් සහෝදරයෙකුයි දොස්තර පෙච්ගේ කාමරයට ගියා.. දැන් මම එලියේ සැටියේ වාඩිවෙලා ඉන්නවා.. විශ්වාස කරන්න දැන් පැය දෙකකුත් ගෙවිලා තවම විජේවීර සහෝදරයා එලියට ආවේ නැහැ…[/FONT]

    [FONT=&quot]**ඉතිරි කොටස ඊලඟට බලාපොරොත්තු වෙන්න**……..[/FONT]
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මේක දිට්ටම කරගෙන යන්න අයියේ.. සැබෑ නායකයින් බිහි වෙන්නෙ මේ චරිත ගැන අවබෝධයෙන් තමයි..මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය දෛර්යය ලැබේවා.. :)
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    niamai sahodaraya......wijeweera sahodaraya ape mahagedara dawas 3k hitiya puthgalayek....meyage nangi thawamath tangalle poduweladasale ethamath dukkithalesa weladam karan jeewath wenawa.....ape siyage kade thamai JVP tangalle pradana karyalayathibbe thekkawaththa udapare....

    digatama lianna......api oya ekka......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    niamai sahodaraya......wijeweera sahodaraya ape mahagedara dawas 3k hitiya puthgalayek....meyage nangi thawamath tangalle poduweladasale ethamath dukkithalesa weladam karan jeewath wenawa.....ape siyage kade thamai JVP tangalle pradana karyalayathibbe thekkawaththa udapare....

    digatama lianna......api oya ekka......

    තංගල්ල කියන්නේ ජනතා විමුක්ති පෙරමූණේ ප්‍රබලම හයිය තිබුන තැන ..කොඳු නාරටිය කීවොත් වඩා නිවැරදියි..

    ඔබ කියන්නේ විජේවීර සහෝදරයාට හිටිය බාල නංගී චිත්‍රානී ගැන වෙන්න ඕනෙ..

    විජේවීර සහෝදරයාගේ මල්ලී ආනන්දට මොකද වුනේ කියල තොරතුරක් හෙම දන්නවද??

    ඔබට බොහොමත්ම ස්තුතියි මේ සත්‍ය තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට......