විඥ්ඥාණයක් ගැන කතා කරනවට වඩා පැහැදිලියි "විඥ්ඥාණ" ගැන කතා කරන එක. මොකද විඥ්ඥාණ"යක්" ගැන කතාකරනකොට සියුම් ආත්ම දෘශ්ටිය කට වැටෙන්න පුළුවන්.
එහෙම විඥ්ඥාණ හයක් පෙන්වන්න පුළුවන්.
චක්කු විඥ්ඥාණය
සෝත විඥ්ඥාණය
ඝාන විඥ්ඥාණය
ජිව්හා විඥ්ඥාණය
කාය විඥ්ඥාණ
මනෝ විඥ්ඥාණය
ඔය තමා විඥ්ඥානය නාමපදයක් ලෙස නිර්වචනය කරන්න පුලුවන් ක්‍රමය.
සතෙක් කියලා ගන්න දෙයක සම්ටෝටල් එක්ස්පීරියන්ස් එකට ඔය හය වැදගත්. ඔතනදි ඉංග්‍රීසියෙන් Discernment කියන එක තමා මම ෆේවර් කරන වචනය. සමහරු consciousness භාවිත කරනවා නමුත් ඒ වචනය තුල තියන ඉම්ප්ලිකේශන් වලින් ආත්ම දෘශ්ටියකට යන්න තියන ඉඩ වැඩියි. ඒ ගැන නිවැරදි දැනුමක් තියනවානම් consciousness භාවිතා කලාට කමක් නෑ.
තවත් ආකාරයකට බැලුවොත්, කජ්ජනිය සූත්‍රයෙදි තථාගතයන් වහන්සේ විඥ්ඥානයේ ක්‍රියාකාරීත්වය මුල්කරගෙන එහි නිර්වචනය දෙනවා.
And why do you call it consciousness?
Kiñca, bhikkhave, viññāṇaṃ vadetha?
It cognizes; that’s why it’s called ‘consciousness’.
Vijānātīti kho, bhikkhave, tasmā ‘viññāṇan’ti vuccati.
මෙම සූත්‍රයට අනුව, බෙදා වෙන්කොට දැනගැනීම විඥ්ඥානයේ ක්‍රත්‍යය යයි. විඥ්ඥානයක්, විඥ්ඥානයක් වෙන්නෙ බෙදා වෙන් කිරීම නිසයි.
ඔහොම තමා විඥාන සහ එහි ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නෙ මම.
මතකය සහ සබැඳි අත්දැකීම් කියන දේවල් විඥ්ඥාණයට වඩා සංස්කාරවලට ලඟ දේවල්...