විඥානය යනු කුමක්ද ?

326

Active member
  • Aug 12, 2017
    247
    126
    43
    පඨවි ආපෝ තේජෝ වායෝ ආකාස විඥ්ඥාණ ධාතු කියන ගුණ තමයි සියල්ලටම ඇති ගුණ.

    විඥ්ඥාණය එක්තරා ගුණයක් , සත්වයින්ට තියෙනවා .

    හැබැයි මට හිතන්නෙ කොහොම ගුණයක්ද කියල කියන්න භාශාවෙන් කරන්න බැරි දෙයක්.
    භාශාවටත් කරන්න බැරි ලිමිට් එකක් තියෙන්න එපැයි, මේ ඒවගේ තැනක්.
     
    • Like
    Reactions: hodakolla

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,877
    28,779
    113
    no it belongs to everyone.It is just a question of how much of consciousness you capture.animals capure it by 0.01% humans caputure it by 10% like that.consiousness is unlimited.The more you capture the more you become intelligent
    how long can your vijanana go without heading over to a spa? :unsure:
     
    • Like
    Reactions: hodakolla

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    විඥ්ඥාණයක් ගැන කතා කරනවට වඩා පැහැදිලියි "විඥ්ඥාණ" ගැන කතා කරන එක. මොකද විඥ්ඥාණ"යක්" ගැන කතාකරනකොට සියුම් ආත්ම දෘශ්ටිය කට වැටෙන්න පුළුවන්.

    එහෙම විඥ්ඥාණ හයක් පෙන්වන්න පුළුවන්.

    චක්කු විඥ්ඥාණය
    සෝත විඥ්ඥාණය
    ඝාන විඥ්ඥාණය
    ජිව්හා විඥ්ඥාණය
    කාය විඥ්ඥාණ
    මනෝ විඥ්ඥාණය

    ඔය තමා විඥ්ඥානය නාමපදයක් ලෙස නිර්වචනය කරන්න පුලුවන් ක්‍රමය.

    සතෙක් කියලා ගන්න දෙයක සම්ටෝටල් එක්ස්පීරියන්ස් එකට ඔය හය වැදගත්. ඔතනදි ඉංග්‍රීසියෙන් Discernment කියන එක තමා මම ෆේවර් කරන වචනය. සමහරු consciousness භාවිත කරනවා නමුත් ඒ වචනය තුල තියන ඉම්ප්ලිකේශන් වලින් ආත්ම දෘශ්ටියකට යන්න තියන ඉඩ වැඩියි. ඒ ගැන නිවැරදි දැනුමක් තියනවානම් consciousness භාවිතා කලාට කමක් නෑ.


    තවත් ආකාරයකට බැලුවොත්, කජ්ජනිය සූත්‍රයෙදි තථාගතයන් වහන්සේ විඥ්ඥානයේ ක්‍රියාකාරීත්වය මුල්කරගෙන එහි නිර්වචනය දෙනවා.

    And why do you call it consciousness?
    Kiñca, bhikkhave, viññāṇaṃ vadetha?

    It cognizes; that’s why it’s called ‘consciousness’.
    Vijānātīti kho, bhikkhave, tasmā ‘viññāṇan’ti vuccati.

    මෙම සූත්‍රයට අනුව, බෙදා වෙන්කොට දැනගැනීම විඥ්ඥානයේ ක්‍රත්‍යය යයි. විඥ්ඥානයක්, විඥ්ඥානයක් වෙන්නෙ බෙදා වෙන් කිරීම නිසයි.

    ඔහොම තමා විඥාන සහ එහි ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නෙ මම.
    මතකය සහ සබැඳි අත්දැකීම් කියන දේවල් විඥ්ඥාණයට වඩා සංස්කාරවලට ලඟ දේවල්...
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන් කවුරුහරි "විඥානය " යනු කුමක්ද කියලා හරියම පැහැදිලි කරලා දෙන්නකෝ ... එය මතකයද ? මතකය හා සබැදී අද්දැකීම් ද ?
    රූප ⁣වේදනා සංඥා යන දේවල් සංස්කරණය කලාට පසු හදුනාගැනීමේ ක්‍රියාවලිය...
     
    • Like
    Reactions: hodakolla

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    " ඇතැමෙක්‌ විඤ්ඤාණය හඳුන්වන්නේ දැනෙනවා යනුවෙනි. නමුත් ඒ අදහස නිවැරැදි යෑයි කිව නොහැකියි. දැනෙන්නේ විඤ්ඤාණයට නොවේ. විඤ්ඤාණය වේගයක්‌ පමණයි. විඤ්ඤාණ වේගය විසින් නාම සහ රූප එක්‌කර සකස්‌ කළ සංස්‌කරණය කළ සිතටයි දැනෙන්නේ. විඤ්ඤාණයට නොවේ. 'විඤ්ඤාණ පච්චයා නාම රූපං'. ඔය කාර්යයේදී විඤ්ඤාණය නිරත වන්නේ සලායතනවලයි. මායාකාරී ආධ්‍යාත්මික ආයතන හෙවත් ආධ්‍යාත්මික රූප කරා ඇදී ඒම ස්‌වභාවදහමයි. මෙය කෙනෙක්‌ කරන දෙයක්‌ නම් නෙමේ, හේතු ඵල දහමකි. හේතුව වන්නේ ආයතනවල ඔපයයි. ඵලය වන්නේ රූපය ඇදී ඒමයි. මෙසේ ක්‍රියාවන් තිබුණාට කරන කෙනෙක්‌ නම් නැත. "
    Source : https://si.wikipedia.org/wiki/විඤ්ඤාණය

    " විඤ්ඤාණය යනු දැනුවත්වීමේ ශක්‌තියයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ ලෙස ධාතු හයකි. එනම් විඤ්ඤාණය ද ධාතුවකි. ස්‌වභාවික ශක්‌තියකි. එය ආධ්‍යාත්මික රූපත් බාහිර රූපත් එකතු වන තැන හට ගනී. "
    Source: https://www.divaina.com/images/bud03may/bud22.html

    " නාම-රූප හටගැනීමේ හේතු වශයෙන් පටිච්චසමුප්පාද විග්‍රහයෙහි දැක්වෙන්නේ විඤ්ඤාණයයි. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම-රූපවල පහළ වීම වේ. එසේ ම විඤ්ඤාණ සහ නාම-රූප යන කරුණු ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන බව ද දත යුතු ය. "
    Source : http://www.silumina.lk/2018/02/24/විශේෂාංග/විඤ්ඤාණ-පච්චයා-නාමරූපං
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    බුද්ධාගම ඉන්ග්ලිස් කරන්න හදන්න නම් එපා එය තමන් ට වල කපා අනුන්ටත් දහම් රසය නැතිකිරීමකි
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    විඥ්ඥාණයට තිපරිවට්ටයක් තියෙනවා. මේක උදව් වෙයි වටහා ගන්න.

    ඥාන - Albert Einstien වගේ අයට මේක බහුල වශයෙන් ඇත. නමුත් මේක නිවනට උපකාර වෙන්නේ නැහැ. (පිං කරන, දිවිය ලෝක වලට අරගෙන යන)
    විඥ්ඥාන - විෂම වූ, විකුර්ති වූ ඥානය. මෝඩයෝ, පවු කාරයෝ වැඩ කරන්නේ මේකෙන්. (පවු කරන, නිර වලට අරගෙන යන)
    ප්‍රඥ්ඥාන - ප්‍රකෘති වූ, පිරිසිදු වූ ඥානය. නිවනට උපකාර වෙන එක. නැතිනම් "යෝනිසෝ මනසිකාරය" තියෙන්නේ මෙතැන. (පිං / පවු නොකර, නිවනට අරගෙන යන)
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    විඤ්ඤාණය යනු මොලය සහ ස්නායු පද්ධතිය යි.

    මිනිසාගේ විඤ්ඤාණය සතුන්ගේ විඤ්ඤාණය ට වඩා වැඩි වන්නේ ඇයි .

    ඊට හේතු දෙකකි ,
    මිනිස් මොලයේ ධාරිතාව වැඩි වීම පළමුවැන්නයි . මිනිස් මොළයට, සතුනට වඩා , වැඩි තොරතුරු (මතකයන් ) ප්‍රමාණයක්, ගබඩා කරගත හැකිය .

    දෙවැන්න එම තොරතුරු (මතකයන්) භාවිතා කර තීරණ වලට එළඹීමේ හැකියාවයි.

    මේ දෙකටම හේතුව මිනිස් මොළය සහ ස්නායු පද්ධතියයි . ඒවායේ කාර්යක්ෂමතාවය මිනිසාගෙන් මිනිසාට වෙනස් වේ. මිනිසාගෙන් මිනිසාට විඤ්ඤානය වෙනස් වෙන්නේ එබැවිනි.

    යම් පුද්ගලයෙක් වයසට යන විට ස්නායු පද්ධතිය දුර්වල වේ . ඊට අනුරූපව ඔහුගේ විඥානය ද දුර්වල වෙයි. මොලේ ආබාධිත මන්දබුද්ධික යෙකුගේ විඤ්ඤාණය තීරණය වන්නේ ද ඒ අනුවයි .

    කුඩා දරුවෙකුට සීනි බෝල පහක් ඇති ලොකු පෙට්ටියක් සහ සීනි බෝල දහයක් ඇති කුඩා පෙට්ටියක් දිගු කළ විට දරුවා ඉල්ලන්නේ ලොකු පෙට්ටියයි. සීනි බෝල ප්‍රමාණය තේරුම් ගැනීමට දරුවාට විඥානයක් නැත .

    මිනිසා නැවත නැවත ඉපදෙන්නේ නම් විඤ්ඤාණය ද ඒ අනුව ගමන් කරයි නම් , පෙර ආත්මයෙ විඥානය මේ ආත්මයේ ළදරු වයසේදිද, එලෙසම අඩු නොවී පැවතිය යුතුය .
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    බුද්ධාගම ඉන්ග්ලිස් කරන්න හදන්න නම් එපා එය තමන් ට වල කපා අනුන්ටත් දහම් රසය නැතිකිරීමකි

    Viya nohaki. Bauddha potha patha, teachings thiyenna one Sinhala witarai kiyala hithanawa nam, sinhala wada ewa thiyenna one hindi walin. INdian language walin.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Viya nohaki. Bauddha potha patha, teachings thiyenna one Sinhala witarai kiyala hithanawa nam, sinhala wada ewa thiyenna one hindi walin. INdian language walin.
    නැ නෑ ඔය PALI/// සිංහල වචන වල හරි තේරුම් english වලින් එන්නේ නෑ
    ප්‍රකාශයක් දිහා බාගෙට බලන්න එපා

    ප්‍රාණ යාම කියන වචනෙට english තේරුම මොකක් ද
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    බුදු දහමේ එන විඥ්ඥාණය කියන්නෙ සිතට නේද.