විදර්ශනා කරන අයට...

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    විදර්ශනා කරන අයට...

    විදර්ශනා කරන අයට, කරන්න කැමති අයටයි කියන්නෙ.මම මෙක ලියන්නෙ, මේකෙ සමහරු සෝවාන් උනා කියල එහෙම ත්‍රෙඩ් දාන නිසා..
    හුගක් අයට විදර්ශනා භාවනාව කරද්දි එන දැනුවත් භාවය නිසා අධික මානයක් ඇතිවෙන්න පුලුවන්. ඒ විදිහට මානය ඇති නොකරගෙන මේක කරන හැටියි මේ.. මේක තමයි උසස්ම කුසලය. විදර්ශනාව උසස්ම කුසලය වෙන හැටි පහදන්න පුලුවන්, ඒත් ඒකට ගොඩාක් කරුනු ලියන්න වෙනව. අභිධර්මය දන්න අය ඒක දන්නව ඇති. :nerd:
    විදර්ශනා භාවනාව තමා තියන උසස්ම කුසලය. කෙනෙක් තත්පරයක් විදර්ශනා භාවනව කරත් ඒක ඉතාමත් වටිනව. මේක කරන්න ඕනෙ මෙහෙමයි. :)

    මේක ව්ශුද්දි මාර්ගයෙන් ගත්ත එකක්. :rolleyes:

    අපි ඉස්සෙල්ලම ශරීරය අනිත්‍යයි කියල බලනවනෙ. එහෙම ටික වෙලාවක් කරනකොට ඒක අපිට හොදට තේරෙන්න ගන්නව. ඊට පස්සෙ තව දුරටත් ශරිරියම අනිත්‍යය් කියල බලන්න ඕනෙ නෑ.. දැන් බලන්න. ඒ ශරීරය අනිත්‍යයි කියල බලපු සිත දිහා. එතකොට ඔය සිතත් හේතූන්ගෙන් හට ගත්ත එකක් කියල තේරෙනව. එතකොට ප්‍රඥව එනව. දැන් ඒ ප්‍රඥාවත් විමර්ශනය කරල අනිත්‍ය ලෙස දකින්න. ඊට පස්සෙ ඒ ප්‍රඥාව විදර්ශනා කරපු සිත විදර්ශනා කරන්න. එහෙම එහෙම උඩ උඩ සිත් වලින් පහල පහල සිත් බල බල විදර්ශනා කරන්න ඕනෙ. ඔහොම කරගන යද්දි එක වෙලාවක ප්‍රීතිය, මානය වගේ චෛත්සික ඇති වෙනව. එතකොට ඒව විදින්න යන්න එපා. ඒ ප්‍රීතියත් හේතූන්ගෙන් හටගත්ත එකක් අනිත්‍යයි කියල දකින්න. මේ ආකාරයට සිතට අහුවෙන හැම දෙයක්ම අනිත්‍ය ලෙස දකින්න..

    හැම වෙලේම " සබ්බේ සංඛාරා අනිච්චා" කියල මතක තියා ගන්න..
     
    • Like
    Reactions: XibitZ and sanoka

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    අහල තියනව ඕන වැඩක් කරන අතර විදර්ශනාව කරන්න පුළුවන් කියල
     

    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    ඔබ දැනගෙන සිටියාද!,
    කුසල් යනු පින් නොවන වග...!!!(කුසල් != පින්)
    පින් = පුඤ්ඤ
    කුසල් = කෞශල්‍යයන්/ කුසලතා

    :shocked::shocked::shocked:
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඔබ දැනගෙන සිටියාද!,
    කුසල් යනු පින් නොවන වග...!!!(කුසල් != පින්)
    පින් = පුඤ්ඤ
    කුසල් = කෞශල්‍යයන්/ කුසලතා

    :shocked::shocked::shocked:

    ඔය හැම ක්‍රියාවක්ම අයිති වෙන්නෙ කර්මයටනේ... කර්මය අයිති වෙන්නෙ චේතනාවට. චේතනාව අයිති වෙන්නේ ක්‍රියාවකට. ඔය කුසල් උනත් පිං උනත් ඔක්කොම අයිති වෙන්නෙ සංඛාරස්කන්දයටනේ..:rolleyes:
     

    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    ඔය හැම ක්‍රියාවක්ම අයිති වෙන්නෙ කර්මයටනේ... කර්මය අයිති වෙන්නෙ චේතනාවට. චේතනාව අයිති වෙන්නේ ක්‍රියාවකට. ඔය කුසල් උනත් පිං උනත් ඔක්කොම අයිති වෙන්නෙ සංඛාරස්කන්දයටනේ..:rolleyes:

    Ethakota, kusalatha wardanaya karanawa wenuwata, pin raes kalaama niwaradidha?:baffled::baffled::baffled::baffled:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Ethakota, kusalatha wardanaya karanawa wenuwata, pin raes kalaama niwaradidha?:baffled::baffled::baffled::baffled:

    උබ ඔය කියන්නෙ විදර්ශනාව කුසලයක් කියලනෙ. විදර්ශනාව කරද්දි අති විශාල පිනක් සිද්ද වෙනව.චේතනාවයි කර්මය වෙන්නෙ.විදර්ශනාව කරද්දි ඉතා විශාල වශයෙන් ත්‍රිහේතුක මහා කුසල් ජවන සිත් ඇති වෙනවා. දානයක් දෙද්දිවත් එච්චර පිරිසිදු සිත් ඇති වෙන්නෙ නෑ..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ow ban sathipattanaya thama.. :)
    එකායනො අයං, භික්‌ඛවෙ, මග්‌ගො සත්‌තානං විසුද්‌ධියා, සොකපරිදෙවානං සමතික්‌කමාය දුක්‌ඛදොමනස්‌සානං අත්‌ථඞ්‌ගමාය ඤායස්‌ස අධිගමාය නිබ්‌බානස්‌ස සච්‌ඡිකිරියාය, යදිදං චත්‌තාරො සතිපට්‌ඨානා.