විද්‍යාඥයන් මවිත කළ ජෙලිෆිෂ් ‘ඩම්බෝ’, අඳුර&#35

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    විද්‍යාඥයන් මවිත කළ ජෙලිෆිෂ් ‘ඩම්බෝ’, අඳුර&#35

    විද්‍යාඥයන් මවිත කළ ජෙලිෆිෂ් ‘ඩම්බෝ’, අඳුරු මූදු පතුලේ අමුතු අපූරු ජීවීන් දහස් ගණනක්



    ඇමෙරිකාව අසල ගැඹුරු මූදු පතුලේ ජීවත් වෙන අලූත් ජීවී විශේෂ 17,650 ක් සොයා ගැනීමට හැකිවූ බව ලෝක සාගර ජීව විද්‍යාඥයන් පිරිසක් හෙළිකළා. ඔවුන්ට මේ ජීවීන් හමුවුණේ හිරු එළිය නොවැටෙන අඩි 656 කට වඩා ගැඹුරු අන්ධකාර මූදු පතුලෙනුයි. මේ අමුතු අපූරු ජීවීන් සොයාගන්න වසර 10 ක් ගත වී තියෙනවා.


    1.jpg


    මේ ජීවීන් සොයා සාගර පතුළ පිරික්සූ ගවේෂණ කණ්ඩායමට නායකත්වය දුන්නේ ඇමෙරිකාවේ ලූසියානා ජනපද සරසවියේ රොබට් ඇස්. කානී නම් සාගර ජීව විද්‍යාඥයායි. සොයාගත් ජීවී විශේෂ අතරින් 5,600 ක් මීට කලින් කිසිදාක් හඳුනාගෙන තිබුණේ නැහැ. විද්‍යාඥයන් කියන්නේ තවත් නව ජීවීන් මිලියන ගණනක් අඳුරු මූදු පතුලේ ජීවත් වෙනවා කියලයි. මේ ජීවීන් අතුරින් විද්‍යාඥයන්ගේ සිත් වඩාත් ඇදගත්තේ ‘ඩම්බෝ’ නමින් නම් කර ඇති ජෙලිෆිෂ් වර්ගයයි. මෙයාට ඩම්බෝ කියලා නම දැම්මේ මෙයා දැක්කාම වෝල්ට් ඩිස්නි කාටූන් චරිතයක් වන ලොකු කන් පෙති ඇති පියාඹන්න පුළුවන් ඩම්බෝ අලි පැංචා මතක් වෙන හින්දා කියලයි, විද්‍යාඥයන් කියන්නේ. ඊට අමතරව තවත් ජෙලි ෆිෂ් විශේෂ, මූදු හතු, කොරල් විශේෂ, පණුවෝ, පසැඟිල්ලෝ (ස්ටාර් ෆිෂ්) ආදී ජීවීන් ගණනාවක් හමුවුණා.

    ගොඩබිම වෙසෙන ශාක හා සත්ත්ව විශේෂ අතරින් අපට මේ වනවිට සොයා ගැනීමට හැකිවී ඇත්තේ මිලියන 1.5 ක් පමණයි. ”අඳුරු මූදු පතුල නිසරු කාන්තාරයක් වගේ කියලයි, කාලයක් අප විශ්වාස කළේ. ඒත් විද්‍යාවේ දියුණුවත් තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසාට යාමට බැරි තරම් මූදු පතුල පවා ගවේෂණය කරන්න අපට හැකි වී තියෙනවා. නිසරු සාගර යැයි අප මුලින් විශ්වාස කළ ප‍්‍රදේශවලින් මේ වනවිට ජීව විශේෂ 20,000 ක් සොයා ගැනීමට හැකිවීම ඇත්තෙන්ම හරිම පුදුමාකාරයි. තාමත් සම්පූර්ණයෙන්ම ගවේෂණයට ලක් නොවූ පෘථිවියේ එකම තැන තමයි, සාගර පත්ල.” මෙම සාගර ගවේෂණ මෙහෙයුමට අරමුදල් සැපයූ ඇල්ෆ‍්‍රඞ් පී. ස්ලෝවන් පදනමේ ජෙස් අවුෂ්බෙල් කියනවා. මේ ගවේෂණය සිදුකරනු ලැබුවේ ඇමෙරිකාවේ ලූසියානා ජනපදයට ඔබ්බෙන් ගැඹුරු මුහුදේයි.

    1.jpg

    හමුවූ මේ නව ආගාධවාසී ජීවීන් අතර කොරල් විශේෂ 40 ක් සිටිනවා. මේ කොරල් පර අඳුරු සාගර පතුලේ කඳු මෙන් සැකැසී තිබෙනවා. ඒක සෛල ජීවී විශේෂ 500 ක් පමණ මේ විද්‍යාඥයන්ට හමුවුණා. නව ජීවීන් සොයමින් සිදු කළ මේ දීර්ඝ ගවේෂණයට රටවල් 80 කින් පමණ විද්‍යාඥයන් 2,000 කට වැඩි පිරිසක් සම්බන්ධ වී සිටිනවා. කානී කියන විධියට නම් අඳුරු මූදු පතුල ගවේෂණය කිරීම පහසු නැහැ.

    දුරස්ථ පාලනයෙන් කි‍්‍රයාත්මක කළ ‘නේරියස්’ නම් වූ කහ පැහැති කුඩා ගවේෂණ රොබෝ සබ්මැරීනය එක් දිනක මෙහෙයුම්වල යෙදවීමට යන වියදම ඇමෙරිකානු ඩොලර් 50,000 කි. නව ජීවීන් සොයමින් සිදුකෙරන මේ ගවේෂණය තවමත් අවසන් වී නැහැ.

    Source