විදීම සහ විදවීම

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    අද මම කියන්න යන්නේ 18 + කතාවක් වගේ දෙයක්.

    මගේ හොදම යාළුවා මට වඩා ටිකක් වැඩිමල් අයියා කෙනෙක්, එයාට දැන් වයස 28ක් විතර වෙනවා. එයා වැඩ කලේ පෞද්ගලික බැංකුවක.
    එයා යාළුවෙලා හිටිය ගෑනු ලමයා වැඩ කලෙත් එයා වැඩ කරපු බැංකුවෙම තමා.
    මගේ යාළුවා මේ bank එකට appointment ගන්නත් කලින් ඉදන්ම එයගෙ GF මේ bank එකේ වැඩ කලා.
    කොහොම හරි මගේ යාළුවා මේ branch එකට ආවට පස්සේ මේ දෙන්නා bank එකේ අයටත් හොරෙන් affair එකක් පටන්ගත්තා.
    මේ affair එක මේ දෙන්නා අවුරුද්දක් විතර කරගෙන ගියා. ඒ කලේ මේ දෙන්නා අතර sexual relation එකකුත් තිබිලා තියනවා :shocked:
    ප්‍රශ්නේ පටන් ගන්නේ අවුරුද්කට පස්සේ, ඒ කියන්නේ මගේ යාළුවගේ GF කාටවත් විශ්වාස කරන්නවත් බැරි විදියට එයාට වයස අවුරුදු 26ක් වෙන්නත් කලින් හොයාගන්න බැරි රෝගයක් හැදිලා අපි අතරින් සදහටම සමුගත්තා :(
    මේක මගේ යාළුවට අදහගන්නත් බැරි උනා. ඌ හොදටම කඩා වැටුනා.. හිත හදාගන්න මාස ගානක් ගියා. කොහොම හරි අමාරුවෙන් හිත හදාගෙන ඉන්නකොට තමා ලොකුම ප්‍රශ්නේ ආවේ....
    යාළුවගේ staff එකේ අය මේ දෙන්නගේ සම්බන්ධය දැනගෙන හිටියෙ නෑනේ. ඉතින් මේ අය අතර කතාවක් ගිහින් අර මියගිය ගෑනුලමයා මියගියේ සමාජ රෝගයක් නිසා කියලා (කිසිම පදනමක් නැති කතාවක්)
    මේක දැනගත්ත මගේ යාළුවා ගොඩාක් කලබල වෙනවා. කාටවත් මොකුත් කියන්නත් බෑ.
    මගේ යාළුවට එයාගෙ GF ව ගොඩාක් විශ්වාස උනත් එහෙම දෙයක් මතක් වෙනකොට හිත කීරි ගැහිල යනවලු.
    ඇත්තටම එහෙම දෙයක් වෙලා තියනවානම් අනිවාර්යෙන්ම මෙයාටත් ඒක බලපාන බව මගේ යාළුවට නිතරම මතක් වුනා. අනාගතය අදුරු වුනා වගේ එයාට දැනිලා.
    කරන්න පුළුවන් එකම දේ Test එකක් කරගන්න එක තමා.. ඒත් ඇත්තටම එහෙම ලෙඩක් තියනවා කියල ඔප්පු උනොත් ඒට පස්සේ ඇතිවන දේවල්...??? ගෙදරට මුහුණ දෙන්නේ කොහොමද කියල මෙයාට මතක් වෙලා. කන්න ගියත් නාන්න ගියත් වැඩට ගියත් මතක් වෙන්නේම මේ දේමලු.
    අවසානෙ මගේ යාළුවා තීරණයක් අරන්,
    එයා ගිහින් Doctor කෙනෙක් හම්බෙලා එයාගෙ ප්‍රශ්නේ කීවට පස්සේ Doctor කියලා ලගම තියන රජයේ රෝහල ගිහින් HIV Test එකක් කරගන්න කියලා.
    ඉතින් එයා එක දවසක් නිමාඩු දාලා ලගම තිබුනු රජයේ ශික්ෂණ රෝහලට ගිහින් එකේ තිබුන යොවුන් මිතුරු සායනයට ඇතුලත් වෙලා ප්‍රශ්නේ කීවාම එතන හිටපු Doctors, Nurse ලා විතරක් නෙමෙයි සුළු සේවකයින් පවා ඉතාමත් හොදින් සහ කරුණාවෙන් කතාකරලා, හොද සේවයක් මෙයාට සපයලා.
    Blood Test එකක් කරලා ප්‍රශ්නාවලියකුත් අහලා සති 2කින් ආපහු එන්න කියලා report අරන් යන්න.
    මේ සති දෙක පොරට නින්ද ගියෙත් නෑලු.. :no::no:
    ඒ කාලේ ගෙවුනේ හරිම හිමින්ලු.. :eek::eek:
    කොහොම හරි අවසානේ දවස අවාට පස්සේ මෙයා හිත හදාගෙන එහෙම hospital එකට ගියාලු වෙන ඕනම දෙයක් බාරගන්නවා කියල හිතාගෙන.
    .
    .
    .
    .
    .
    .
    මෙයාට එදා Test එක කරපු වෙලාවේ දුන්නු තුන්ඩු කෑල්ල reception එකට දුන්නට පස්සේ සුළු සේවකයෙක් ගිහින් එයාගේ Report එක අරන් ඇවිත් Doctor කෙනෙක්ට දීලා මගේ යාළුවවත් Doctor ගාවට දැම්මලු.
    ඒ වෙලාවේ මගේ යාළුවට හීන් දාඩිය විතරක් නෙමෙයි මහ දාඩියත් දැම්මලු...
    ඊට පස්සේ doctor හරිම කරුණාවෙන් මෙයාට කතා කරලා. "ඔයගෙ Report එකේ කිසිම ප්‍රශ්නයක් නෑ, HIV විතරක් නෙමෙයි අනිත් හැමදේම Negative" කීවාම මගේ යාළුවට ආයේම ජීවත් වෙනවා කියලා දැනුනලු.
    ඒ වගේම යාළුවා එද්දී Doctor හොද Lecture එකකුත් දුන්නලු....

    ඇත්තටම මම අද ඔයාලට මේ ගැන කීවේ අපේ තියන පොඩි පොඩි අතපසුවීම්, ඉක්මන් තීරණ, හැගීම් වලට වහල්වී තීරණ ගැනීම නිසා පසුකාලීනව අපි කොයි තරම් විදවනවද..???? භාහිර පරිසරයෙන් අපේ ඔළුවට දාන හැමදේම ඇත්ත කියල නිවැරදියි කියලා හිතලා අපි මොන තරම් රැවටීම් වලට ලක්වෙනවද..????
    අපි දෙයක් කරන්න කලියෙන් දෙපාරක් ඒ ගැන හිතන්න ඕනේ. ප්‍රශ්නයක් ගැටළුවක් ආවාම හිතේ තියාගෙන විදව විදව ඉන්නේ නැතිව ඒ සදහා ගන්න පුළුවන් හොදම තීරණය ඉක්මනින්ම ගන්න ඕනේ.
    බලන්න මගේ යාළුවාගෙ හදිසි තීරණයක් නිසා එයා විදවපු තරම්.....

    Aththa kathawa machan ................. kalabala wena hnda na oya wage dewal waladi
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉතින් ඒ කොල්ල ඒ කෙල්ල ගැන ඇත්ත කියල නැද්ද? පව් නේ ඒ ගෑනු ළමය...
    උන්ගේ ස්ටාෆ් එකේ කිසිකෙනෙක් ඒ අෆයාර් එක ගැන දැනගෙන හිටියෙ නෑ බන්. මේ සීන් එකෙන් පස්සේ යාළුවත් ට්‍රාන්ස්ෆර් එකක් අරන් වෙන බ්‍රාන්ච් එකකට ගියා. ඒ හැමදේම ටික කාලෙකට පස්සේ හැමෝටම අමතක වෙලා යන්න ඇති.
     

    ashwin1

    Member
    Oct 7, 2015
    50
    3
    0
    පව් බන් ඒ කෙල්ලට ඇත්තටම මොකද වෙලා තිබුනේ?