දැන් නම් විදුලිබල මන්ඩලය ඉස්සර වගේ හොඳ තැනක් නෙමෙයි. අදික නිලධාරීවාදයක් තියෙන්නේ. මේකේ ඉන්න ලොක්කො හිතෙන් හිතෙන විදිහර පඩි දීමනා වැඩිකරගන්නව. ඒකට සමානුපාතව අනික් සේවකයොත් පඩි ඉල්ලනව. දූශන වංචා විශේෂයෙන් ඉංජිනේරු වරු නාස්තිකරන මුදල ගනන් කල නොහැකියි. ඒ මේ අස්සේ ඇමතිවරු හිතු මනාපෙට තමුන්ගේ ගෝලයන්ට පත්වීම් දෙනව. දැනටම සේවක අතිරිත්තකයක් පටන් අරගෙන තියෙන්නේ කොච්චර සේවකයෝ හිටියත් සමහර වැඩ කොන්ත්රාත් කරුවන් ලවා කරවනව.
2012 කාලේ ඉහල නිලධාරීන් 100% කට වැඩි පඩි වැඩිකිරීමක් නීති විරෝදී විදිහට කරගත්ත. අවසානයේ ඒකට විරුද්ධව වෘතීය ක්රියාමාර්ග ගත්තාම ලොක්කො ඒ දවස් වල වැඩට ආව කියල ආසන්නව මසක වැටුපක් ගන්නව උසාවියෙන් නියෝගයක්වත් මේකෙ ඉන්න නිලධාරීන් ගනන් ගන්නේ නෑ.